01 October 2014

කුඩ විප්ලවය

කුඩ ඉහලන්
තාර පාරේ
කොල්ලෝ කෙල්ලෝ
බිම ඉඳගෙන
විසිල් හඬින් ෆෝම් වෙලා
මර්දනයෙන් කෙනිත්තිලා
සාධාරන යහපත් සමාජයක්
ගැන දකිත් හීන
ප්රජාතාන්තරවාදය
සැම ප්රශ්න විසදන දිව ඔසුව
ඒ ගැන නම් ඉතින්
අහන්න වෙන්නේ 
මාමාගෙන් තමයි

14 comments:

  1. එයාලත් කයිද....?

    ReplyDelete
    Replies
    1. ඔවුන්ගේ සටන් පාඨ "අපිට දියව් නිදහස.චීනය අපේ නගරයට අත නොතබනු " ඒවා.මගේ අදහස "ඔබ ඉල්ලන දේ ගැන පරිස්සම් වන්න.." යන්න පමනි.

      Delete
  2. මම එකපාරටම දැක්කේ 'කුඩා විප්ලවය' කියලා...:D

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නත් පුලුවන්

      Delete
  3. මහා විනාශයක් වෙන්නත් ඉඩ තියෙනවා!

    ReplyDelete
    Replies
    1. වටේට හිටගෙන විසිල් ගහන උන්ට තේරෙන්නේ නෑ

      Delete
  4. "අපිට ඕනේ ප්‍රජාතන්ත්‍රවාදයයි සහෝදරවරුනි .." කියලා ලස්සනට කියනවා අර එම්.ජී. හිස් ටින් එකක් වගෙයි අපේ මේ ජීවිතේ මල්ලි සින්දුවේ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ගැලපෙනම කතාව මම හිතන්නේ

      Delete
  5. (ජේපී මෙ ගැන ලිව්ව මදී
    මට හිතෙන්නෙ චීන්නුන්ට අච්චර ලොකු රටක් තියෙද්දිමොන මගුලකට මේවට අන්ගිලි ගහනවද කියල.

    ReplyDelete
    Replies
    1. රාජ් කියන එකෙත් මෙව්වා එකක් තියෙනවා.
      ඒත් චීනය කියන්නේ ඉතිහාසයේ වැඩි කාලයක් අධිරාජයයක් නේද? වර්තමානය ගැන ඔබම සිතා ගන්න. ඒ වගේම මේක වෙනම ස්වය්රී රටක් නෙමෙයි. නගරයක්.හරි අපි ප්‍රාන්තයක් කියමු. වතුර පවා යම් දුරකට එන්නේ චීනෙන්. හමුදාවක් නෑ.ඉතින් සමාජවාදී වගේ දුවන චීනයට ගව් ගානක් ඉස්සරහින් ප්රාජාතන්තරවාදය පැත්තට දුවන්න කිසිම ප්‍රාන්තයකට ඉඩ දෙන එකක් නෑ කියලයි මම හිතන්නේ. ඒ අතින් බලනකොට ස්වය්රී ටිබෙටය ආක්‍රමනය කරලා දැන් අවුරුදු කීයක්ද? බුකියේ කැම්පේන් නොයන නිසා වැඩිය කවුරුත් කතා කරන්නේ නෑ නේද?
      මේ ගැටව් ,අපේ වුනා වගෙම,ගැම්මට දුවනවා...හැබැයි අපේ වගේ නෙමෙයි ගොඩක් උන් තව ටික දවසකින් පිටරට විශ්ව විදයාල වලට යයි සමහර විට ඒ රටවලමඒත් කවුද අකමැති ජීවිතේ පොඩි ත්‍රිල් එකකට.
      මම දේශපාලනය ගැන දන්නේ බොහොම පොඩ්ඩයි. කොහොමත් විප්ලව ගැන දන්නේ ඊටත් අඩුවෙන්.නමුත් මිනිස්සු හිතන හැටි ගැන ටිකක් හිතනවා. මම වැරදි ඇති, ඒත් මේ මට හිතෙන දේ (දැනට) පදිංචි වෙයි.උන්ට මෙතනින් එහාලෝකයක් තියෙනවා.

      Delete
  6. මේක ලොකු ලේ වැගිරීමකින් කෙළවර වෙයි.චීන පාලකයන් කියන්නෙ චීන ජනතාව තෝරාපත් කරගත් පිරිසක් නොවෙයි.තියනන්මෙන් චතුරස්‍රයෙ සාමකාමී උද්ඝෝෂන අවසන් වුනේ ලේ ගංගා ගලායාමෙන්.චීනය ටිබෙට් දේශය ආක්‍රමනය කරල ලොකු විනාශයක් තවමත් කරනවා.හොංකොං චීනයට පැවරීම ලොකු වරදක්.
    මේ මිනිස්සු බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය,මානව හිමිකම් භුක්ති විදල පුරුදු අය.ඒ අය එක පාරටම චීන සත්තුවත්තට දාපුවම ඒක දරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. දන්නේ නැති නිසා අහන්නේ. මේ රටේ මානව හිමිකම් , බහු පක්ශ තිබුනේ කොයි කාලේද? මම දන්න තරමින් දන්න අතිතයේ පාලනය මුහුදු කොල්ලකරුවන් හෝ ප්‍රාන්ත රජෙක් යටතේ. ඊට පස්සේ විදේශිකයින්

      Delete
    2. හොංකොං මුහුදු මංකොල්ලකරුවන්ගෙ නවාතැනක් තමයි.ඔය ප්‍රදේශය ශිෂ්ටාචාරවත් කළේ බ්‍රිතාන්‍යයන්.එහෙම බැලුවොත් හොංකොං වල මිනිස්සුත් චීන්නු තමයි.තායිවාන් වල වගේ.ඒත් හොංකොං ජනතාව බ්‍රිතාන්‍ය පාලනය යටතෙ මනුෂ්‍ය ගෞරවය ඇතිව ජීවත් වුනා.ඒ මානව හිමිකම් චීන මොඩලයේ තනි පක්ෂ දාමරිකත්වයක් තුල ලැබෙන්නෙ නෑ.හොංකොං මිනිස්සු නිදහසට ඇබ්බැහි වුන නිදහස කියන්නෙ මොකක්ද කියල දන්න අය.චීන්නු වගෙ පක්ෂ නිලධාරීන්ගෙ නියෝග බලා සිටින පිරිසක් නොවේ.නිදහසේ හිටපු පිරිසක් හිරේ දැම්මම ඇතිවන හැඟීමයි ඇතිවෙන්නෙ.
      හොංකොං වලට නම් චීනය කවදාවත් ඉඩ දෙන්නෙ නෑ.කොමියුනිස්ට් පීඩනය යටතේ ඉන්න චීන්නුන්ට හොංකොංවල ප්‍රජාතන්ත්‍රවාදය උත්තේජනයක් විය හැකි නිසා.

      Delete
    3. ඔබ සමග එකග නොවීම ගැන උරණ නොවන්න. සුද්දෝ යටතේ මේ මිනිස්සු නිදහසේ හිටියා කියන එකටනම් එකග වෙන්න බෑ. ඒ දවස් වල මේ මිනිස්සුන්ට ලැබුනේ සුලු රැකියා විතරයිලූ කරන්න. ගොඩක් අය ජීවත් වුනේ පැල්පත්වල.
      ඔච්චර වටින ප්‍රජාතන්ත්‍රවාදය බ්‍රිතාන්‍ය පාලනය කරන කොට නොදුන්නේ ඇයි කියලත් හිතෙනවා. චීනය කියන්නේ වැයික්කියක චන්ඩියෙක්. අනක් ගුනක් නැති. උගෙන් නයට ගන්න නිසා අනෙක් උනුත් සද්ද නෑ. ඒත් නැතිතැන කුනුහරපෙන් බනිනවා

      Delete

Have commented