14 October 2014

ලොක්කාගේ ටිකිරි මොළේ

ඔන්න එකමත් එක රටක බොස් කෙනෙක් හිටියාලු.( සත්තයි අපේ කන්තෝරුවේ නම් නෙමෙයි). ඉතින් එයා යටතේ වැඩ කරන ව්‍යාපෘති කලමනා කරුවන්ට පොඩි ( කිව්වට ටිකක් විතර ලොකු) ප්‍රශ්නයක් තිබුනා. කොහෙත් වගේ චුටි එලකිරිස් ගෑනු ලමයෙක් ලොක්කව අන්දගෙන , අනික් කට්ටියටත් ගෑස් පෙන්නගෙන, වැඩෙත් නාගෙන .. දැන් ඔබට තේරෙනවා ඇතිනේ. ඔන්න මේ කට්ටියත් අපේ කන්තෝරුවේ නෙමෙයි.

ඉතින් මේ පලපුරුදු කලමනාකරුවෝ ආයතනයට තියෙන ලැදි කම නිසාම ලොක්කට ගිහින් වටින් ගොඩින් ප්‍රශ්නේ කිව්වා. ඒත් කිසිම ප්‍රතිචාරයක් නෑ. දෙවෙනි සැරේ කතාකරන්න ගියාම ඔන්න ලොක්කා , මග ඇරලා වැසිකිලියට ගියා.
කට්ටියේ රතු කට්ට පැන්නා. මොවුන් රැස්වීමක් සංවිධානය කලා. ලොක්කටත් ආරාධනා කලා,රැස්වීම කල් ගියා කිහිප සැරයක් reschedule උනා. කොහොම හරි එක් ඉරණම්කාරී දවසක
ලොක්කා ආරාධනාව පිලිගත්තා. දැන් කට්ටිය ඉන්නවා දත මැදගෙන ලොක්කට කණ පිරෙන්න දෙන්න. ලොක්කා ආවා, කට්ටිය පටන් ගත්තා විවේචනය. ලොක්කා කිව්වා

"අයිසේ මේවා මෙහෙම කතා කරන්න බෑ .යමු උඩ mess එකට මොනවා හරි බීලා කතාකරන්න"

කට්ටිය ගියා . ලොක්කා බීම කෑම ඇනවුම් කලා.කට්ටිය ආයේත් පටන් ගන්න කොටම ලොක්කා කියුවා." 

"කන බොන වෙලාවටවත් වැඩ ගැන කතා කරන්න එපා අයිසේ" 

කට්ටිය ඉතින් වෙන දේවල් ගැන කතා කලා.ඊට පස්සේ විසිර ගියා.

ඊලග දවසේ උදේ ලොක්කා අහනවා කට්ටියගෙන්
" දැන් ඔක්කොම ප්‍රශ්න හරි නේ"

මොකෝ දැන් කට්ටිය නෑ කියන්න යෑ?

පලි: මැදමුලානට සබඳතා ඇති සුද්දොද සිටිති

22 comments:

  1. සුවර් ද අපේ කන්තරුවේ නෙමේ කියල ?

    ReplyDelete
    Replies
    1. අපේ කන්තෝරුවේ මෙහෙම දේ වෙනවා යෑ :)

      Delete
  2. ලොක්ක හරි . ඕවා මෙහෙම කතා කරන්න බෑ. අනිත් එක මේ වගේ වෙලාවට ඕව කතා කරන්න පුළුවන් ද බන් පිස්සු ද ?

    ReplyDelete
    Replies
    1. ලොක්කෝ හැමවිට හරිය

      Delete
  3. ආත්මෙට හදන්න බැරි කන්තෝරුවක්.

    ReplyDelete
    Replies
    1. කන්තෝරුව කන්තෝරුව මා වැඩ කරන
      එතන තමයි මා හට ඇති විනෝද උයන

      Delete
  4. අපේ කන්තෝරුව ගැන වද්ද මේ කිව්වේ?

    ReplyDelete
    Replies
    1. එහෙත් එහෙමද ? මෙහෙත් එහෙමයි

      Delete
  5. දැන් ඉතින් ඔක්කොම ප්‍රශ්න හරිනේ...:P

    ReplyDelete
    Replies
    1. මොනවට කියනවද

      Delete
  6. හික් හික් ..මෙහෙම කන්තෝරු ලංකාවෙනම් ඇත්තෙම නෑ ..

    ReplyDelete
    Replies
    1. අර උඩින් අරූට කිව්වා වගේ.

      Delete
  7. අම්මපා ඕකම තමයි වෙන්නේ.. හෙට අනිද්දට රතනෙටත් ගිලන්පස ටිකක් දන් දුන්නම බඩු බනිස්...

    ReplyDelete
    Replies
    1. ආයේත් අහලා. වෙලාවකට පව් කියලත් හිතෙනවා ඒ ලොක්කා. විරෝධතාත් එයාටම හදාගන්න වෙලා

      Delete
  8. මරු කන්තෝරුව එකත් එකටම අර කියන්නැහෙ රාජපස්ස ලට සම්බන්ධ එකෙද්ද කොහෙදගාණට වැඩේ බැලන්ස්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්

      Delete
  9. හැ මෙ අපෙ ඔපිසියද?

    ReplyDelete
    Replies
    1. එහෙනම් , අර චූටි නංගිව මතක් කලා කියන්න

      Delete
  10. කොහෙම බැලුවත් ලොක්කා හරි...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්

      Delete
  11. ලංකාවේ අපේ ලංකාවේ....

    ReplyDelete
    Replies
    1. ලෝකේ කොහේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ...

      Delete

Have commented