19 October 2014

මං නම් පොලිටික්ස් වලට නෑ // But politics needs you

පෙලි :සමහර වෙලාවට සමහරෙක් කියන කතාවක් තමයි, අපි නම් පොලිටික්ස් වලට නෑ කියන එක. ඒත්...

ඔන්න මං නම් 
පොලිටික්ස් වලට නෑ
ඒ උනාට
එහෙම බෑ
පොලිටික්ස් වලට 
මා 
ඕනෑ

බේගල් තර්ක ගුලි ගිලින්න
සිල් රෙදි, උදලු තල ,ටකරන් 
සහන හිරිපොද වරුසාවට 
තෙමෙන්න
මහා බල ජනතා පරමාධිපත්‍ය
දන්සල් දොරෙහි 
පෙළ ගැහෙන්න
එ මහතුන් හිත් පිරෙන්න
මහජන කැමෑත්ත මලු පිරෙන්න

දසන් පෙන්වා සවන් දක්වා
ඇලවුනු මුහුනු පවුරු පුරා
සිහි කරත් මට
මේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්ජේ
මගේ කැමැත්තට ඉඩක් නෑ
මං පොලිටික්ස් වලට නැති උනාට
එහෙම බෑ

24 comments:

  1. මේ රටේ කතා කරන්න තියෙන්නේ පොලිටික්ස් විතරනේ.. ඒක හැම තැනම අරක්ගෙන..

    ReplyDelete
    Replies
    1. රටේ විතරක් නෙමෙයි කියලයි මට හිතේන්නේ

      Delete
  2. මමත් ආසම නැති දෙයක්...:D

    ReplyDelete
    Replies
    1. පොලිටික්ස් කියනවා
      "මං කැමතියි පොඩ්ඩිට,පොඩ්ඩි කැමති නෑ මට"

      Delete
  3. මිනිසා යනු දේශපාලනික සත්වයෙකි ලු

    ReplyDelete
    Replies
    1. සත්ත්වයෙක් කියන එක නම් හරි ද කොහෙද....

      Delete
    2. මටත් හිතෙනවා එහෙම

      Delete
  4. Replies
    1. But.. Is there such a thing as a life without politics

      Delete
  5. හුස්ම පොදෙත්
    වතුර ටිකෙත්
    කන බොන
    යන එන
    හැමතැනමත්
    ගෑවී වණ වී ඇති
    එබෝලා වයිරසය
    පොලිටික්ස්
    නම් වෙයි
    කතා කරන්න
    කතා කරන්න
    වඩා වේගෙන්
    පැතිරෙන

    ReplyDelete
    Replies
    1. ඌවෙන් පස්සේ නම් වැසිකිලි පෝච්චියෙත්

      Delete
  6. දේශපාලනය හරියට භාවිතා නොවීමයි මේ හැම දේකට ම අවුල... නැතිනම් අැරිස්ටෝටල්, ප්ලේටෝලා ගොඩනගපු දේ වැරැද්දක් නැහැ............. අපියි වරද්දන් ඉන්නේ.............

    ReplyDelete
    Replies
    1. දේශපාලනයේ හරි වැරැද්දක් නැත..අපේ හැමදෙයකම දේශපාලනයක් ඇත.ඔබ පවුලේ පාලන ක්‍රමය..ඔබ හිතන, ජීවත් වන දේශපාලන දර්ශනය කුමක්ද?.
      මේ මට මේ මාතෘකාව ගැන නැගුනු ප්‍රශ්නයන්ය

      Delete
  7. පොලිටික්කන්ට අපිව ඕන...

    ReplyDelete
    Replies
    1. පොලිටික්ස් යනු බොහෝ ටික්කන් (මැක්කන්)යන්න නේද? උන් පරපෝශිතයන්ය

      Delete
  8. ඔන්න මං නම්
    පොලිටික්ස් වලට නෑ

    ReplyDelete
  9. මං පොලිටික්ස්වලට නෑ කියන එකත් පොලිටිකල් ස්ටේට්මන්ට් එකක්, අර ඒතියස්ට්ලාත් එක්තරා ආගමක් වෙනවා වගේ!

    ReplyDelete
    Replies
    1. කකා.මමත් හිතන්නේ එහෙම තමා.නිර් ආගමිකයන් ,ආගමක් අදහන්නවුන්ට වැඩියෙන් හෝ අඩුවෙන් පව් නොකරන්නා සේම..

      Delete
  10. අපිට එපා ඒත් අපිව ඕන...
    තොපිව එපා ඒත් තොපිට ඕන..
    අලේ මංදල්ලෑ අලේ

    ReplyDelete
    Replies
    1. ඔය කොච්චර "උන්ව" එපා කිව්වත් උන් පුරවන්නෙත් අපේ සමාජයේ අවශයතාවයක් , අපේ ජීවිත වල අවශයතාවයක් නේද?

      Delete
  11. වෙන මොනවා කියන්නද.....

    //////Little Jhonny goes to his dad and asks, "What is politics?" Dad says, "Well son, let me try to explain it this way. I’m the breadwinner of the family, so let’s call me Capitalism. Mommy is the administrator of the money, so we’ll call her the Government. We’re here to take care of your needs, so we’ll call you The People. The nanny, well, consider her The Working Class. Your baby brother, we’ll call him The Future. Now go think about this and see if it makes sense." So the little boy goes off to bed thinking about what Dad has said. Later that night, he hears his baby brother crying and runs to his room only to find that his diapers are very soiled. So the little boy goes to his parents’ room. Mom is sound asleep. Not wanting to wake her, he goes to the nanny’s room. Finding the door locked, he looks through the peephole and sees his father in bed with the nanny. He gives up and goes back to bed. The next morning, the little boy says to his father, "Dad, I think I understand what politics is now." "Good son, tell me in your own words then what politics are." The little boy replies, "Well, while Capitalism is screwing the Working Class, the Government is sound asleep, the People are being ignored and the Future is in deep shit." ////////////

    source: http://www.jokes4us.com/dirtyjokes/youngpoliticsjokes.html

    ReplyDelete
    Replies
    1. මගේ සටහනට ඌණපූර්ණය !!
      මරු අරූ

      Delete
  12. පොලිටික්ස් දැන් මිනිස්සුන්ට විහිලුවක් වෙලා. මේ දවස් වල ජාතිකේ, නයි.ටී.එන් එකේ ප්‍රවෘත්ති බැලුවත් නිකන් මිස් බීන් ගේ කොමඩියක් බලනවා වගේ. අනිත් ආතල්ම වැඩේ ඔය වාද පිටිය, සටන අනම් මනම් වලට ඇවිල්ලා ආණ්ඩු පක්ෂේ අයයි විපක්ෂේ අයයි මරාගන්නවා නේ. ඕක බලන් ඉන්න අපේ සිරිපාලලා, සිරිසේනලා, සෝමවතීලා, කමළක්කලා හුරේ කියලා හෝයියා දානවා අද නම් දුවන්න දුන්නා කියලා. ඒත් ඉතින් අර මද විරාමයක් කියලා යන අතර තුරේදී මරා ගත්ත උන් උන්ගෙම්න අහගන්නවලු තරහා ගියාද මචන් කියලා. මේවට ඉතින් මොනවා කියන්නද මන්දා..

    ReplyDelete

Have commented