17 November 2014

නක්ෂස්ත්‍ර ජනතා පෙරමුණද ජනපති සටනට බසී // Who wants to be an executive president ?

මාමේ 

ඕ 


පොද්දා කවුද දන්නේ නෑ  නේද 


එකනේ බං වැඩේ , රනිල් හොඳයි කිව්වත් වැරදියි , නෝනා හොඳයි කිවත් වැරදියි , සාදු හොඳයි කිව්වත් වැරදියි 


එතකොට මාමේ මෛත්‍රී 


බෝධි සත්වයෝද ? උන්නාන්සේ බුදු වෙන්න තව කල් තියෙනවනේ 


ඇත්තටම මාමේ කවුරු ආවත් පරද්දන්න ලේසි නෑ නේ 


ලේසි නෑ කියන්නේ ...ඔක්කොම එන්නේ ලොක්කව පරද්දන්න ඕනේ කියා ගෙන නේ . ඒ කියන්නේ ලොක්ක දිනුම් බව නිකම්ම වාගේ පිලිගෙන නේ  . ඉතින් ටොස් එක දාන්න ඉස්සෙල්ලම මැච් එක දිනලා


ඒත් මාමේ මේ කට්ටිය කියන දේවලත් ඇත්තක් නැත්තේම නෑ  නේ ?  අර ඉරේ , හටනේ , බලේ ...ගිරිය පුප්පන් කියන්නේ 


කොලුවෝ , කට්ටිය හදන්නේ ජනතාවගේ බුද්ධියට , හද ගැස්මට , තාර්කණ ඥානයට , හර්ද සාක්කියට කතා කරන්න  . අපේ ගොඩක් අයට ඒවා නෑ නේ  , ඉතින් වැඩක් නෑ 


එහෙනම් මොකටද මාමේ කතා කරන්න ඕනේ 


කතා කරන්න ඕනේ බඩට බං . දවසේ අවශ්‍යතාවය බඩමයි . . අනික ඔය  දේශපාලන කොමඩි බලන්නේ කී දෙනාද ... බැලුවත් ඒවායේ කියවන දේයි  හා රටේ දේශපාලනයයි අතර කඩ ඉරි සම්බන්ධ කර ගන්නේ කීයෙන්  කී දෙනාද


ඉතින් ක්‍රමයක් ඇත්තෙම නැද්ද මාමේ 


තියෙනවා 


මොකක්ද ?


මම පක්ෂයක් පිහිටුවාගෙන ඉදිරිපත් වෙන්න  ඉන්නේ .


පුහ්  ....මේ අපේ මාමා ?


ඔව්. අපේ පක්ෂය නක්ෂත්‍ර ජනතා පෙරමුණ . අපේ රටේ මිනිසුන්ට බඩට වැටෙන දේට වැඩියෙන් ඇඟට දැනෙන දෙයක් තියෙනවානම් ඔය නක්සස්තරේ අතේ වැඩ තමා . ....කරන්න ඕනේ ලොක්කා පැරදෙනවා කියලා බීජයක් මිනිසුන්ගේ හිත්වල පැල  කරන එක . ....එක කරන්න ඕනේ මිනිස්සු විශ්වාස  කරන කෙනෙක් ලවා 


එහෙනම් අපි වීරවංස මහත්තයට කියමු 


අනේ මේ උඹ මාව විහිලුවකට ගත්තද ? 


එහෙනම් නාථ  දෙයියෝ ?


බුදු හාමුදුරුවන්ටත් වඩා මිනිස්සු විස්වාශ කරන කෙනෙක් වෙන්න ඕනේ 


කවුද මාමේ එහෙනම් ?


සාස්තර කාරයෙක් ..ඉතින් අපි ඉස්සර වෙලා සාස්තර කාරයෙක් ගැන පොඩි හයිප්  එකක් හදනවා ... සාස්තර දෙකක් තුනක් කියලා . කතරගම දෙයියෝ කතා කරනවා .... පාරේ රහතුන් වහන්සේලා යනවා පේනවා වගේ කතා කියලා ...ඊට පස්සේ අසාධ්‍ය මරණාසන්න වගේ රෝගීන් දෙතුන් දෙනෙක් සුව කරනවා 


අපේ අගමැති තුමා වගේ ?


තුහ් උඹ කියන කතා ..


කොහොමද මාමේ එහෙම කරන්නේ 


ඇයි බං  ඔය රට වටේ පල්ලි වල පාදිලි ලා , විනාඩි දහයෙන් පිලිකා  නැති කරන්නේ 


අනේ මන්දා ...ඉතින් ඊට පස්සේ 


ඊට පස්සේ , ඉදිරිපත් වෙනවා ජනාධිපතිවරනෙට ...පෝස්ටරේ ගහන්නේ .."අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි  මීළඟ ජනාපයි  මන්ත්‍රා චාර්‍ය  හිටිවන කවිරත්න ".......ඉස්ටෙජ් වලට නැගලා කෑ  ගහන්නේ නෑ . මඩ  ගහන්නේ නෑ . ..කියනවා ,සිකුරු අතන රාහු මෙතන , ලොක්කා අනිවාර්යයෙන්ම පරදිනවා , මම දිනනවා ...අන්න බීජේ පැල කරනවා 


ඉතින් මාමේ දිනුවම මොනවද කරනවා කියන්නේ ...විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියනවද ...ජිවන වියදම අඩුකරනවා කියනවද ...දුෂණය නැතිකරනවා කියනවද ? යහපාලනය ?


ඒවා මොකුත් මිනිස්සුන්ට වැඩක් නෑ බං  ... 

වෙන් වූ අඹු සැමියන් ලං කර දෙමි ...හැරගිය සැමියා නැවත ගෙන්වා දෙමි ....සිත් ගත්  යුවතිය ලං කර දෙමි , ක්ෂණික මෝචනය , බෙලහීනතාවය  සුව කරදෙමි ...අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ...මුද්දර ඇලවූ ලියුම් කවරයක් සමග විමසන්න .. ජය නියතයි කොලුවෝ  

21 comments:

  1. ඇත්තටම එහෙම ගේමක් ගෙනිච්චා නම් ලොක්කා අම්බානක බය වෙනවා.. ඕනම ලොක්කා ගෙන් හොඳ ගානක් අරගෙන අනික් පැත්තටත් කියන්න පුළුවන් නේ..

    ReplyDelete
    Replies
    1. ලොක්කා බය වෙන කිහිපයක් දේ වලින් එකක් මම හිතන්නේ

      Delete
  2. පට්ට පෝස්ට් එක....තිත්ත ඇත්ත......
    ජය වේවා....

    ReplyDelete
  3. ලොක්කගෙ එකට වඩා ලොකු වසී බෝලයකුත් හදා ගත්තා නම් වැඩේ ගොඩ....

    ReplyDelete
    Replies
    1. අමතක උනා වශී බෝලේ

      Delete
  4. ඒක නං සිරා කතාව...
    අපේ උංට බොරු ආතල් එකක් දීල පෙන්නන්න පුලුවන්නං ලොක්ක කැලේ තමා හිහි

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ජෝතිශ ආතල් එකක් දීලා ටොක්ක අනින්නයි ඕනේ. රාවණාවත් ගාව ගත්තනම් මරේ මරු

      Delete
  5. අර මහ බැංකුවෙත් ඉන්නවනේද අනාවැකි කියන කෙනෙක්?

    ReplyDelete
    Replies
    1. මහ බැංකුවේ එක්කෙනා කිව්වේ පුංචි බණ්ඩා ගුරුන්නාසේද?

      Delete
  6. මේක හොඳ තියරියක්.. ඔය මහ හුඟක් දේශපාලුවෝ මිත්‍යා දෘෂ්ඨිකයෝ බොරුවට මල් වට්ටි අරං පන්සල් ගියාට.. ලොක්කත් ඇතුළුව.. කතාවක් ඇරියනම් අනිවා බය වෙනවා.. සමහර විට පොද්දට නිතරඟයන්ම දිනන්නත් බැරි වෙන එකක් නෑ.. හාට් කේස් එකක් වගේ එකකින් ඕන වැඩේ සිද්ද වෙන්නත් ඉඩ තියෙනවා..
    \\\ ...ඊට පස්සේ අසාධ්‍ය මරණාසන්න වගේ රෝගීන් දෙතුන් දෙනෙක් සුව කරනවා

    අපේ අගමැති තුමා වගේ ?

    තුහ් උඹ කියන කතා ..///

    මේ ටිකනම් පට්ට.. ජයශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔක්කොම චන්ඩි මෙහෙ,ඉන්දියාවට ගිහින් කෝවිල්වල කන් දෙක අල්ලන් උඩ පනිනවා බාර ඔප්පු කරන්න

      Delete
  7. හෙහ් හෙහ් මේ තියෙන්නේ අදහස් ..

    ReplyDelete
    Replies
    1. ඔබේ ඡන්දය කාටද ? :)

      Delete
  8. අන්න නියම ඡන්ද පොරොන්දු ටික..

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක උනා ඔබේ දු දරුවන්ගේ විභාග ජය,රැකියාවේ උසස්වීම්..

      Delete
  9. මෙන්න වැඩේ...කන්න වඩේ කියලා දැන්ම පටන් ගන්නයි තියෙන්නේ. පරක්කු නැහැ. කවිරත්නලා වගේ පොරවල්වලට සතියක් වගේ කාලයක් වැඩිත් එක්ක. තුන් ලෝකෙම පේන එවුන්නේ.

    ReplyDelete
    Replies
    1. අරූ ඔය ගොඩක් සිංහල බෞද්ධ කොඩිය උස්සගත්ත අයගේ බඩේත් වඩේ වටලප්පන් තමා.
      "දේව වරම් ලත් නායකයාට, ඔබේ වරම ලබාදෙන්න..එසේ නොකර දේව කෝපයට ලක් නොවන්න"

      Delete

Have commented