07 December 2014

ජනාධිපතිවරණයේ අතුරු කතා #2 (කාලා වරෙන්කො )

ඔන්න පොඩි එකෙක් කන්න බෑ  කියලා මාර ගෝරියක් ය . ආතම්මා බත් පිඟානකුත් බෙදාගෙන ,  උගේ පස්සෙන් වත්ත වටේ දුවනවා .

"අනේ පුතේ මේ එක කටක් කාපන්කෝ "

"මත බෑලියෝ "

"ඔන්න පුතා කෑවේ  නැත්නම් ජිනීවා වලින් යම පල්ලෝ දෙන්නෙක් ඇවිත්... "

පොඩි එකා දුවන එක නවත්වා ආතම්මා ලඟට එන්නේය 

"ආතම්මේ යමපල්ලෝ ? ඊත පත්තේ උන් ඇවිත් ?"

"උන් ඇවිත් පුතේ , උඹව අල්ලාගෙන යනවා "

"ඊත පත්තේ ඊත පත්තේ ..."

"ගෙනිහින් උඹව විදුලි පුටුවේ ඉන්දනවා "

පොඩි එකා දෑස්  පීරිසි දෙකක් තරම් වී ය . කට ඇරිලා ය 

"ඒ නිසා දැන් මයේ පුතා මෙන්න මේ බත් ගෙඩිය කන්න "

ආතම්මා හොඳට ඇනු  බත් ගෙඩියක් කටේ එබුවාය . පොඩි එකාට එය ගිලීම මිස වෙන විකල්පයක් දැන්  නොමැත  .

_____________________________________________

දිනය ජනවාරි 8 වනදා . වේලාව  රාත්‍රී 8ට පමණ ඇත . ස්ථානය කොල්ලුපිටිය ප්‍රදේශයේ මන්දිරයක් ඉදිරිපිටය . මන්දිරයේ තාප්පයේ මීවන වර්ග වවා ඇත . ගේට්ටුව දෙපස නොසෙල්වී සිටගෙන සිටින නාවික භටයන් දෙදෙනෙකි . පමණට අනුමත වූ අයෙක් , වැනි වැනි එදෙසට එන්නේය . පැමිණ නාවික භටයෙක් ඉදිරියට විත් ඔහු අමතන්නේය 

මේ මල්ලි , මේ පිලාවූස්ද ?

නාවික භටයා නොසොල්මනේය .ගල්වූ සෙයකි .

මේ මල්ලි ..ආප්ප තියෙනවද ? මොකෝ තමුසෙට කතා කොරන්න බැරිද ? ආප්ප බාස් ඉන්නවද ඇතුලේ 

ඇයි  යකෝ මට රවන්නේ ? හරි හරි මට පොඩ්ඩක් වැඩි වුනා තමා . .. ඒත් ඉතින් අපේ සල්ලි වලින් නේ අපි බොන්නේ ...දැන් පැට්‍රොල් අඩු කරලා , හාල් මිළ පහල දාල අපේ අතේ සල්ලි තියෙනවනේ ...දානවකෝ මට ආප්ප  දහයයි බිත්තර ආප්ප හතරයි ටේක්  අ වේ ..... ටක් ගාලා 

ලුණු මිරිස් දෙනවනේ නිකන් .... හැබැයි ඉතින් මේ ලුණු මිරිස් එක්ක ආප්ප  ගිල්ල වගේ නෙමෙයි ,හෙට උදේට තමයි ඉතින් පුකේ ආඩම්බර බලන්න වෙන්නේ නේ ...

___________________________________________________


මෙයත් කොල්ලුපිටිය පැත්තේ මන්දිරයකින් ඇසෙන කතාවකි . දිනය ජනවාරි 10දා ය .

හෙට්ටි අයිසේ මට මේ ජාතික ගීය  වෙනස් කරන්න කියලා හිතුනා ඕයි 

හරි සර් එහෙනම් මම අමරදේව මාස්ටර්ට එන්න කියන්නද 

ඕනේ නෑ  අයිසේ මගේ හිතේ දැනටම සින්දුවක් තියෙනවා 

මරුනේ සර් , සර්ගේම  පද සංකල්පනාවක් ...

කොහොමත් එහෙමනේ ඕයි .. මේක පරණ සින්දුවක් තමුසේ අහලත් ඇති 

මොකක්ද සර් " අර මාගේ දේශය අවදි කරනු මැන  පියාණෙනි .." කියන එකද 

නෑ  ඕයි  " මේක ගුනේ අයියා ගේ බජව් දාන කාමරේ " කියන එක 

________________________________

රජ පුරුෂයෙක් දිව ගෙන රජ තුමා ඉදිරියට පැමිණෙන්නේය .

රජතුමනි , පස්වාන් දහසකට සමා අවසර 

මොකද ඕයි  ඒ සැරේ , එක දවසක් මහා රෑක  ගොයියෙක් ආවා කියලා ආවා . මොකද මේ සැරේ 

රජතුමනි , රට වැසියාගෙන් රජවාසල ඉදිරිපිට අතුරු සිදුරු නැතිව පිරි ගොසින්ය 

අහා ප්‍රීති ප්‍රීති , මා විජයග්‍රහණය ගැන සුභ පැතීමටද ඔවුන් පැමිණ සිටින්නේ 

එහෙමමත් නොවේ රජ තුමනි , ඔබ තුමා කළගුණ  සලකන්න පෙළ ගැසී එන්න කියා කීවා  කියා ඔවුන් පවස්සන්නොය 

ආ පෙළ ගැහිලද ඇවිත් ඉන්නේ ...එහෙනම්  ඔහොමම පෝලිමේ හිටගෙන අංශක එකසිය අසුවක් හැරෙන්න කියනවා . ඊට පස්සේ ඔය ඉනපටි එහෙම පොඩ්ඩක් බුරුල් කරගන්න කියනවකෝ ... මම එන්නම් ....කෝ මේ .....ප්‍රීති ප්‍රීති 




16 comments:

  1. ලොක්ක පුක් කාරයෙක් කියල දන්නෙ අදනෙ අම්මප

    ReplyDelete
    Replies
    1. අත ගාලා බැලුවම තමයි අපිට තේරෙන්නේ ඔය කොයි කවුරුත් අපිට ඇරලා කියලා

      Delete
  2. පන්සිය පනස් ජාතකේ, අරාබි නිසොල්ලාසය, ගජබින්නාලංකාරය, නස්රුදීන්, ඊසොප් ඔක්කොම රිප්ලේස් වෙයි වගේ මේ අවුරුද්ද ඉවර වෙනකොට.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙයි වගෙ තමා

      Delete
  3. ප්‍රීතිද මැඩම්ගේ නම...

    ReplyDelete
    Replies
    1. මැඩම්ගේ නම නෙවෙයි..වෙන මොනවාද හොයනවා

      Delete
  4. එතකොට ගෑණු උදවිය බුරුල් කරගන්නේ තන පටියද..... හැක්...

    ReplyDelete
    Replies
    1. පරුසා වචනා වේරමනි මි :)

      Delete
  5. 2007 ඉඳන් මම ඔබව කියවනවා.
    අන්තිම කාලේ දේශපානය හා එකී නොකී විහිළු අතර ඔබ හා රාජ් ගේ සටහන් අනර්ඝයි. මඩ කෙලින්ම නැති හීන් නූලෙන් ගානට තිතට.
    නිතර කොමන්ට් නොකලට නොවැරදිම මේ සටහන් කියවෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. . කිව්වම මතක් උනේ අවුරුදු 7ක්නේ..
      රාජ්ට වඩා ගොඩක් පිටිපස්සේන් මම ඉන්නේ. ඒත් අපිත් ඔහොම යනවා

      Delete
  6. ඔහැක්...
    ඒකත් එහෙම වුණා එතකොට
    කව්ද දන්නෑ ලොක්කගෙ *** තෙල් ගාන්නෙ හිහි

    ReplyDelete
    Replies
    1. කියන්න දේවල් නම් එනවා. ඒත් පරුසා වාචා වේරමනි නේ

      Delete
  7. ඔය නෙලලා තියෙන්නේ අත ගගා ඉන්නම...................... අැරලා නැවතුනොත් ලොකු දෙයක්........

    ReplyDelete
    Replies
    1. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂකයි මෙදා පොටෙත් ඇරිලා තමා වැඩේ ඉවර වෙන්නේ

      Delete
  8. උපරිමයි ජේපී. ඇත්තටම අපිටත් ආප්ප ටේක් අ වේ බැරිවෙයිද?

    ReplyDelete
    Replies
    1. ලුනුමිරිස් කාපුවම උදේට තමා අමාරුව

      Delete

Have commented