18 December 2014

සිත මගේ මොකද වෙලා , චන්ද්‍රිකාගේ බණ්ඩා ගේ , සමන්මලිගේ සහ අපේ නිරුවත සහ වෙනත් කතා (ඔහේ හිතෙන දේ )

පෙ.ලි.
රසිකලොජිස්ට් ගේ දේශපාලනයෙන් තොර හැන්දෑවක් (මෙතනින් බලන්න )කියවූ මම සිතන්නට වුනෙමි . කාලයකට පෙර මා ලියු  මේ සටහනද  නැවත කියෙව්වෙමි . සුද්දන් කාලගුණය ගැන කතා කරනවා මෙන් , ඉන්දියානුවන් ක්‍රිකට් ගැන කතා කරනවා මෙන් , අප කතා කරන්නට දෙයක නැතිවූ කළ කතා කරන්නේ දේශපාලනය ගැන දැයි හිතන්නට වුනෙමි. එහෙත් "අපි දේශපාලනයට නැති වුනාට , දේශපාලනය ඇතුලේ අපි ඉන්නවා " යන්න මට නැවත සිහිවිය . පළ  කරන්නට පෙළ ගසා ඇති සටහන් නැවත කියෙව්වෙමි . තේමාව එකමය . ඒ සියල්ල පසෙක ලා , එක සටහනක් ලියන්නට ඉටා ගතිමි .  


මේවා කෙටි සටහන්ය . මට හිතුන දේය . ඇතැම් විට මුලක් අගක් නැති , මැදක්  පමණක් ඇති සටහන්ය .


සිත මගේ මොකද වෙලා 
නිමි නැති තගකට 
බයවී හිඳිනට 
හිත්  අපේ මොකද වෙලා 
රුපු යුද දිනනට 
උගසට තැබූ රට 
දැන් නම් සින්න වෙලා 


අට පාස් නැති ඇමතිලා සහ බුද්ධිමත් ජනතාව 
ජනතාව පත් කරන ඇමතිලා ගේ උගත් කම ගැන ජනතාව මැසිවිලි නගති . ඉන්න යක්කුන්ගෙන් කළු අඩුම යකා තෝරා ගන්නට වෙනවා යයි නිදහසට කරුණු කියති . අපේ රටේ සාක්ෂරතාව ගැන ඇමතිලා උදම් අනති .  එහෙත් මැතිවරණ වේදිකාවේ නෙක ගොන් කතා කියති . ඉන්පසු  "මැතිවරණ වේදිකාවේ කියන දේ ගණන් ගන්න එපා , සාමන්‍ය  ජනතාවටනේ අමතන්නේ " කියාද කියති . එමගින් රටේ ජනයාගේ උගත්කම ගැන තක්සේරුවක් දෙති .


 ලන්කට් එකේ භීෂනේ 
සුපර් මෑන් රතු ලංකට්  එකක් ඇන්දේ , නිකන් මෑන් ලා ගෙන් ඔහු වෙනස් බව පෙන්වීමටය . චොප්පේ අයියා සුදු සරමට යටින් කැමා  යට කලිසමක් ඇන්දේ ඔහුගේ චන්ඩිකම පෙන්වීමටය  . ඕනෑම වලියකදී ඔහු යන්තම් එය පෙනෙන්නට සරම ඔසවා ගත්තේය . ඔහුගේ ගෝලයෝද කැමා  ලන්කට් අඳින්නට පටන් ගත්තෝය . . පසුව පසුව ජනයා , චොප්පේ අයියාගේ හෙණ මෙන් දරුණු අඩි  පුඩි , ලන්කට් දර්ශනයට සම්බන්ධ කර ගත්හ . ලන්කට් එක දකින විටම බිය වුහ . කාලයේ ඇවෑමෙන්  චොප්පේ අයියාද ගෝලයෝද , සුදු සරම වැලේ වනා , ලන්කට් පිටින්ම ඔබ මොබ යන්නට පටන් ගත්හ . දැන් දැන් ජනයාට  මේ ලන්කට් හමුදාවේ  තුනී පට තිරයෙන් වැසුවද ,  උලුප්පා පෙනෙන නිරුවත පෙනෙමින් තිබේ . එහෙත් වැලේ වැනු  සුදු සරමද , දැන් වැලේ  නැත .


 ගිලීමලෙත් ඇත ...
මේ මැතිවරණ සමයේ මා ඇසු අවංකම ප්‍රකාශ තුනකි 

3. අනුර කුමාර දිසානායක - කට්ටිය අහනවා ඉතුරු ටික ඇයි කියන්නේ නැත්තේ කියලා ..කොහොමද දෙයියනේ කවුරුවත් ගැන චරිත සහතික දෙන්නේ 
2 මහින්ද රාජපක්ෂ - ...අපේ ගොන් ජනතාව රැවටෙන්නේ නෑ ...
1. මර්වින් සිල්වා - (ඔබ තුමා පක්ෂ මාරු කරනවාද යයි අසු පැනයකට පිළිතුරු දෙමින් කියූ සුභාවිත වාග් සංගායනාව ) - මේ පනින සංකල්පය පිළිබඳව . මේ පහත් ගොසිප් ප්‍රොපගැන්ඩා ව්‍යාපාරය පිළිබඳව . ලංකාවේ දේශපාලනයේ ස්වභාවය පිළිබඳව කියන්නට සුදුසුම ආකාරය මෙයය 


චන්ද්‍රිකාගේ නිරුවත , බණ්ඩා ගේ නිරුවත , සහ සමන්මලිගේ නිරුවත 
චන්ද්‍රිකාගේ නිරුවත දකිනට බණ්ඩා  සිහින මැව්වේ කාලයක සිටය . සිතේ ඇති ෆැන්ටසි සියල්ල වදන් වලට පෙරලා දෙඩවීම නොමනාය . චන්ද්‍රිකා ගේ නිරුවත ඈ පාලන සමයේ රටටම දුටුවේය . එය ඇතැම් විට ජුගුස්ස්පා ජනක විය . ඊට වඩා ජුගුස්පාජනක වන්නේ එය මෙනෙහි කර කර රස විඳින බණ්ඩා ගේ හිතය. බණ්ඩා  චන්ද්‍රිකාගේ නිරුවත පෙන්වන විට , ඔහුගේ හෙළුව සැමටම පෙනෙන්නේය .

සමන්මලී , බණ්ඩා ගේ හෙළුව ලේන්සුවකින් වසන්නට ගියාය .  අහෝ ආ සුළඟකින් ඈ ඇඳි  දිය රෙද්ද ( නාන්න යනවිට කුල කාන්තාවෝ අඳින්නේ දිය රෙද්ද නොවේද ? ) කඩා හැලිනි . ඈ  උඝතෝකෝටිකයකට මුහුණ දුන්නාය . ලේන්සුව අත  හැර දිය රෙද්ද අල්ලා ගත්තොත්  බණ්ඩා  හෙලුවෙන්ය ...ලේන්සුව අල්ලා ගෙන සිටියොත් ඈ  නිරුවතින්ය . සුදර්සිනී නෝනා පැන  තුවායක් ඔතා ඈව  ආවරණය නොකරන්නට වැඩේ කිරිමිනෙල් වෙනවාය .

මෙතන තියන ප්‍රශ්නය සමන්මලී උගත් , සරසවි අධ්‍යාපනයද ලද්දියකි . එමෙන්ම ජනයා විසින් සියලු සුදුසුකම් සලකා ජනතා නියෝජිතවරියක් ලෙස පත් කළ  අයෙකි . බණ්ඩා උසස් අධ්‍යාපන ඇමති වරයාය .
අවසාන යේ පෙනෙන්නේ උන් කාගේවත් නොව අපේ නිරුවත නොවේදෝ යයි මට සිතේ  





17 comments:

  1. අපේ මොටෝ එක = “හොරු සමග හෙලුවෙන්“

    ReplyDelete
    Replies
    1. හොරු සමග නම් කම් නැත ...වැඩේ තියෙන්නේ හොරු එහෙ , අපි හෙළුවෙන්

      Delete
    2. අපි නම් හැමෝම සමග හෙළුවෙන්............ කොහොමද ලෝගෝ ඒකකුත් අැදගත්තා ම ෙගාඩනේද???

      Delete
  2. සමන්මලී නිරුවත් වෙනෙවනම් මමනම් කැමතියි

    ReplyDelete
    Replies
    1. කිව්වට මොකෝ මමත් කැමතියි ... :)
      සමහරු හෙළුවෙන් රඟා , සිල් රෙදි පොරවා දේශපාලනයට එති ...ඇතැමෙක් සිල්රෙදි පොරවා විත් හෙළුවෙන් රඟති .

      Delete
  3. ඔක්කොම සුපිරි.. ලංකට් එකේ භීශණේ සුපිරිම සුපිරි.. ජය ශ්‍රී!

    ReplyDelete
  4. බණ්ඩාද උගත් සරසවි අධ්‍යාපනය ලැබූ එකෙකි , සොරි ..උතුමෙකි

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නොවේ - පොර විද්‍යෝදය සරසවියේ ශිෂ්‍ය සභාවේ නිලධාරියෙකි. ඒ මදිවාට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමංඩලය ඇරඹූ වසරේ ම එහි විද්‍යෝදය සරසවියේ නියෝජිතයා වී ද සිට ඇත.

      Delete
    2. අශ්වයා දියට ගෙන යා හැකි වුවද ඌට දිය පෙවිය නොහැක නේද.
      වෙනස සතා අස්වයා නොව පුත්තලමේ ප්‍රකට සත්ව වර්ගයක් වීමයි. මෙය බඩේ දේශපාලනය නම් එය නඩත්තු කරන්නේ, මිලදී ගන්නේ අපිම නොවෙමුද?

      Delete
  5. //චන්ද්‍රිකාගේ නිරුවත දකිනට බණ්ඩා සිහින මැව්වේ කාලයක සිටය . සිතේ ඇති ෆැන්ටසි සියල්ල වදන් වලට පෙරලා දෙඩවීම නොමනාය . චන්ද්‍රිකා ගේ නිරුවත ඈ පාලන සමයේ රටටම දුටුවේය . එය ඇතැම් විට ජුගුස්ස්පා ජනක විය . ඊට වඩා ජුගුස්පාජනක වන්නේ එය මෙනෙහි කර කර රස විඳින බණ්ඩා ගේ හිතය. බණ්ඩා චන්ද්‍රිකාගේ නිරුවත පෙන්වන විට , ඔහුගේ හෙළුව සැමටම පෙනෙන්නේය .//
    අම්මප ඇත්ත.

    ReplyDelete
    Replies
    1. බන්ඩා ගෝස් ටු පාර්ලිමෙන්ට්

      Delete
  6. ඔය සරම තියෙනවා නේද...? ඔක්කෝටම කලින් ඕන් ඕක ගලවන්න ඕන. ඕක තමයි ලංකාවේ තියෙන ළොකුම බොරුව. සරම් අඳින හැම එකාම අමු හෙළයන් කියලා හිතුවට. උන් ඔක්කෝම අමු හෙළුවෙන් ඉන්න උන්.

    ReplyDelete
    Replies
    1. /* අමු හෙළයන් කියලා හිතුවට. උන් ඔක්කෝම අමු හෙළුවෙන් */

      නියම කතාව මේක නම්! Hats off.

      නමුත් ඒ සමගම කිව යුත්තේ මේ කතාව අදාල අපේ තාත්තලා, මාමලා ගේ පරම්පරාවේ සාමාන්‍ය ජනතාවට නොව අද කාලේ ඉන්නා දේශපාලුවන් බවයි. ඇත්තටම ජේ.ආර්., බණ්ඩාරනායක ලා පවා ජාතික ඇඳුම ඇන්දේ අවංකවම ජාතික චින්තයකින් කියායි මගේ හැඟීම.

      Delete
    2. මාතා ..සරම අවැසිය. අයින් කල යුත්තේ උඩට අදින ආරිය සින්හල කමිසය, දෙමළ කුර්තාව. ඔලුවට දාන තම්බි තොප්පිය, කරේ එල්ලපු කුරුසය, කොල පාට නිල්පාට රතු පාට කමිස බවයි මගේ අදහස.

      රසික- බන්ඩාරනායක හා ජයවර්ධන ගේ සරමට බැහිම වෙනත් විදියකටයි මම කියවන්නේ. මම නිවැරදි නම් ඔවුන් දෙදෙනාම රෑට නිදාගන්න ඇන්දේ පිජාමා සූට්.

      Delete
  7. මං තාම ඇස්බී ගේ කතාව දැකලා නෑ, ඒත් සමන්මලී සහ සුදර්ශනී ගේ කතා දැක්කා.

    සමන්මලී ලා වගේ අය විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුණත් මොලයට වඩා බඩ ලොකු අය. අර ඉස්සර පොරක් කිව්වේ එතුමා ගේ සෙරෙප්පුව දාලා සුප් හැදුවත් බොනවා කියලාත්!

    බඩ වෙනුවෙන් අපි!

    ඕස්ටේ‍ර්ලියාව වගේ රටක ඔය වගේ ගොන් කතාවක් කීවා නම් එවැන්නෙකු ගේ දේශපාලනය ජීවිතය සොරි ඩොට් කොම්. ඉස්සෙල්ලාම යන්න වෙන්නේ ඇස්බීටයි. පසුගිය කාලයේ මෙහේ කීප දෙනෙකුටම ඒක වුනා!

    ReplyDelete
    Replies
    1. බණ්ඩා එක්කෝ විකෘති ආසාවකින් පෙලෙනවා. නැත්නම් එහෙම පෙලෙන චන්ද පදනමකට කතා කරනවා.

      ඒත් ඒක සාදාරනීකරනය කරන්න හදපු සමන්මලි එක්කෝ ලජ්ජා නැතුව ගොට්ට අල්ලන්න හදනවා. එහෙම නැත්නම් දේශපාලනය පත්වී ඇති විසුලු. කුණු වූ, බොලද තත්ත්වය මතක් කරලා දෙනවා

      Delete

Have commented