28 December 2014

නත්තල් සීයා සමග විනාඩියක්

නත්තල් සීයා ... ඔව් එයා තමයි ..එහෙම කිව්වට ඔරිජිනල් කෙනා නෙමෙයි . මේ මනුස්සයා මට මුණ ගැහුනේ කෝට්ටේ පාරේ හරියටම සිරිකොත ඉස්සරහ විදුලි උපකරණ අලෙවි කරන ආයතනයක් ඉදිරිපිට නට නටා ඉන්නකොට . අව්වට පිච්චුන සූට්  එකක් ඇඳලා , වෙස් මුණ කුත් දා ගෙන කෝටුවක බැලුම් බෝල දෙකක් එල්ල ගෙන , මහා බෆර් රාජයෙක් ගෙන් පිට වෙන වේග රිද්මයට ඔහු නටනවා කැපිච්ච පණුවෙක් වගේ .ආයතනයේ ප්‍රධානින් බණියි යයි මුලින් අදිමදි කලත් , රුපියල් සීයක් දෙන පොරොන්දුවට ඔහු මා කතාවට එක්  වුනේය .

මේක විතරද රස්සාවකට කරන්නේ 

නත්තල් කාලේට නත්තල් පප්පට අඳිනවා . වෙසක් කාලේට ඔලු බක්කෝ නටනවා ..අනෙක් කාලේට  කුළි  වැඩ මහත්තයෝ 

කොහොමද මේ වැඩේ  ?

 මේක පොරවා ගත්තම හුස්ම ගන්නත් බෑ , මහා කාස්ටකේ . අනික මේ කොල්ලෝ දාන්නෙත් පණ  යන මියුසික් , හොඳ පණ  යනවා නටලම . නැටුවේ  නැත්නම් මැනේජර් මහත්තයා බනිනවා නත්තල් අසිරිය නෑ  කියලා .

ඒ වුනාට වාසිද  

මේක නම් ඉතින් දවසටම බත් එකයි හාරසීයයි . එහෙම කියලා වාසියක් නෑ  . ඔන්න ඊයේ ආවා කට්ටියක් , කළගුණ දන්න ජනතාව කියලා බෝඩ් වගයකුත් උස්සගෙන 

මම  කෝකටත් කියලා අර මහින්ද මහත්තයා බණ අහන බෝඩ් එකට මුවා උනා . කොල්ලෝ දෙන්නෙක් එතනටම ඇවිල්ලා , කළ ගුණ අමතක කරන්න එපා කියලා මෙන්න මේ බැලුම් බෝලේ දීලා ගියා මහත්තයෝ .
හවස් වෙන කොට තව කට්ටියක් ආවා ඇවිත් මගෙන් අහපි ලොක්කා මොකද කියන්නේ  යහ පාලනය ඕනේද කියලා

ඉතින් 

නිකන් දෙන එකනේ මහත්තයෝ මම කිව්වා හා එහෙනම් දෙන්න කියලා . 

ඉතින් 

ඒ කට්ටියත් මෙන්න මේ බැලුම දීලා ගියා මහත්තයෝ . ඊට පස්සේ තමා මට වැඩේ උනේ 

ඒ මොකෝ 

ඔන්න අදත් කට්ටියක් ආවා , ආස්චාර්යයේ ආස්වාදය කියලා බෝඩ් වගයක් උස්සගෙන මම හිතුවා අද නම් වාසියක් වෙයිමයි කියලා 

මොකෝ උනේ 

ඇවිත් අර සිරිකොතේ බුදුපිළිමෙට ගල් ගහන්න ගත්තනේ .. ගහපු ගලක් බම්ප් වෙලා ඇවිල්ලා වැදුනේ නැතැයි මගේ ඔලුවේ 

ඔහු වෙස් මුහුණ ගලවා ගෙඩි ගැසුණු නළල පෙන්වන්නේය 

ඉතින් මේ සියා දැන් මේ බැලුම් දෙකෙන් මොකද කරන්නේ 

අනේ මහත්තයෝ මේ ඇඳුම උනා දාලා , බැලුම් බෝක්කුවට විසිකරළා  , මගේ වියදමෙන් හවසට ගුණේ  අයියාගේ පොට් එකෙන් දෙකක් දා ගෙන ගෙදර යනවා 

පලි :අන්තිමේදී අපිට සිදුවන්නේ බොහෝ විට බැලුම් බෝල වල හුලං  ගොස් හැකිළුණු පසු , ඒවා විසිකර , අපේ වියදමෙන් දෙකක් දමා ගෙන හිත හදා ගැනීමටය .
මෙදා සැරේ අඩුම ගණනේ ලොකු බලාපොරොත්තු වත් ඉටු වේවායි පතමි . ඒත් අනේ මන්දා ය .



9 comments:

  1. ඇත්ත හරි තිත්තයි මල්ලී...!!!!!

    බයිදවේ ලියන ඒවට ඉහලින් මනාපය...

    ReplyDelete
  2. තිත්ත ඇත්ත කිව්වම මම බැලුවා මේ සන්ජන් සාමනායකද කියලා :).
    ස්තුතියි

    ReplyDelete
  3. නත්තල් සීය ගැන මාත් ලිව්ව හරියටම අවුරුද්දකට කලින් මේං බලන්න.

    ReplyDelete
    Replies
    1. අඩේ මෙයාමද දන්නේ නෑ ..අහයි මේ දවස් වල නම් නත්තල් සීයාට ගොඩක් අය ඇඳලා නේද

      Delete
  4. 'හයියෙන් නැටුවෙ' නැත්නම් අපිටත් නත්තල් නෑ.. දුක තමයි..

    ReplyDelete
    Replies
    1. නැටවෙන තරමට නත්තල්

      Delete
  5. අන්න කතාව..
    එල ද බ්‍රා

    ReplyDelete
  6. නටන විදියට හිතුවෙ නෑ සීයට මේ තරම් කරදර ඇති කියලා.

    ReplyDelete

Have commented