30 December 2014

ණයට ගත්ත සිංගප්පුරු හීනය හා සංවර්ධනයේ මිනුම් දඬු // Oh Development. Oh what a feeling to come home to .

 මේ වීඩියෝව මට හිතේ ගැඹුරටම වැදුනි . මෙහි මතුපිටින් ඇති දේශපාලන අදහස මදකට ඉවත ලා එහි යටි අරුත ගැන සිතන්නට මම ඔබට ආරාධනා කරමි . ඉන් පසු පහත කෙටි සටහන් කීපයත් කියවන්න . රටක සංවර්ධනය එහි  වෙසෙන මිනිසුන්ට බරක් නොවිය යුතු යැයි මම ඉදුරා විස්වාස කරමි 



ණයට ගත්ත සිංගප්පුරු හීනය 
 මේ ලඟදි මා මිතුරෙකු ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ස් (Arcade Independence) ගොස් මුහුණු පොතේ චායාරූප කීපයක් එල්ලා තිබුණි . එහි සටහනක් ලෙස ඔහු ලියා තිබුනේ , ඔබේ චින්තනය වෙනස් කර ගතහොත් සිංගප්පුරු ගියා වැනිය කියාය (If you change your perception it is like in Singapore).  අන්තර්ජාතික කුමන්ත්‍රණ ගැන දොඩවන අපිම , ලෝක බැංකුවෙන්ද (කොහෙද) ගත්  ණයකින් සැදු මේ  සංකීර්ණයට Arcade Independence යයි නම තැබීම එක අතකට නරුම විහිළුවකි . එය පැත්තකින් තබමු . කොළඹ ලස්සනය, දැන් උදේ බස් එකේ ගාල්ලේ චින්තනට ආස්චර්යයේ හයිවේ එක දිගේ , හයිවේ බස් එකක පුංචි රුපියල් පන්සීයක්  දී රූන්  ගා විත් , සිංගප්පුරුව බලා හවස ගෙදර යා හැක . ඇවිත් සිංගප්පුරුව වැනි ගොඩනැගිලි , උද්‍යාන බලා , කඩ සාප්පු වල ඇති දේ ෂෝ කේස් එකේ 
එළියෙන් බලා හුල්ලා , පරණ සයිවර් කඩයෙන්ම බනිසක් කා,  හවස ගෙදර යා හැක . ඒ චින්තනගේ නො හැකියාවයි  . එනමුදු ඒ කඩ සාප්පු වලින් බඩු  මිලදී ගන්නවුන්, ඒ කැෆේ වලින් කන බොන වුන්ද  සිටිති . ඒ උන්ගේ හැකියාවයි .නමුත් මේ සිංගප්පුරු තොරන් ගසන්නට ගත් ණය වාරිකයට , පොළි වාරිකයට නම් චින්තනත් සම්මාදම් වෙන්නේය . එයට නොහැකියාව හැකියාව අදාළ වන්නේ නැත්තේය


සංවර්ධනයේ මිනුම් දඬු #1 
සංවර්ධනය මැනීමේ එක් මිනුම් දඬුවක් නම් අවුරුද්දකට සැරයක් දෙකක් ලංකාවට එන ඩයස්පෝරිකයන්ට , කොළඹ  සිට ඩවුන් සවුත් , හබරණ , දඹුල්ල , නුවර , යාමට යන ගමන් කාළය වසරින් වසර  කෙතරම් අඩු වේද යන්නය . අලුතෙන් තාර ඇතිරු මං  තීරු දකින විට "Oh development is happening all around " යයි මුවගින් මුවඟට කියවේ 


සංවර්ධනයේ මිනුම් දඬු #2
උත්සව සමයෙහි කඩ සාප්පු වල සේල් දමති . ඒවාට ඇන්දෙන මිනිස්සු ණයට කඩ සාප්පු වලින් බඩු මිලදී ගනිති . අනවශ්‍ය විදුලි කේතලයක් වට්ටම නිසාම මිලදී ගන්නා අපිට නොමිලේ පීරිසි  කෝප්ප කට්ටලයක්ද ලැබේ . ඒවායේ වටිනාකමද කේතලයේ  මිළට  එකතු වී ඇති බව අපිට නොදැනේ .  අලුත් කේතලයක් ගෙදර ගෙන ගියාට , විදුලි බිල ගැන සිතා දර ලිපේම වතුර උණු කර ගන්නෙමු . අල්ලට සීනි අහුරක් ගෙන කහට උගුරක් බීමට පීරිසි කෝප්පද අනවශ්‍යය . එහෙත් දැන් අපේ ගෙදර , මාසේ ගානේ ගෙවන , විදුලි කේතලයක් ඇත . 
රටක සංවර්ධනය , විදුලි කේතල හිමිකරුවන් ගණනින්ද මැනිය හැකිය .



14 comments:

  1. ලස්සන කොළඹ ක් දැක්කට වැඩක් වෙන්නේ නැහැ ඒ කොළඹට ගිහින් ආපහු පරණ සයිවර් කඩෙන් තෝසයක් කාල ප්ලේන්ටියක් බීල්ල එන්න සිද්ද වෙනවා නම්.

    බුකියට ෆොටෝ දාන්න ආකේඩ් යන්න නෙමයි ආකේඩ් ගිහින් බදු ගන්න රටේ බහුතරයකට පුළුවන් වෙන ආර්ථිකයක් හැදුනොත් තමයි රට සංවර්ධනය වෙලා කියල දැනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හැමෝටම දැනෙන

      Delete
  2. නෑ නෑ නෑ..... කොහෙත්ම නෑ.. රටක සංවර්ධණය මනින්නේ ජංගම දුරකථනවලින්.. ආමර් වීදියෙන් නිවන් ගිය රජ්ජුරුවෝ මැන්නේ.. කුඩ වලින්.. ඒ කියන්නේ මේ වැස්සට ඉහලන ඇඹරැල්ලා වලින්..

    ReplyDelete
    Replies
    1. මෙයා දැන් මනින්න යන්නේ ඔරලෝසු වලින් හැක් හැක්..

      Delete
    2. ජනතාවට වේලාව සපයන්නෝ.. දින්නොත් නම් ජනතාවගේ වෙලාව ගැන නම් කුමන කතාද

      Delete
  3. සංවර්ධනය මැනීම ගැන පට්ටම කතාව මම දැක්ක බුකියෙ. ඒක පුද්ගල සුරස්කන්ධය සහ හන්දිවල ඇති පෙරේත ගොටු සංක්‍යාව ( ඒ අතරෙ නොතිබ්බ, මම එකතු කරන එක තමයි පිරිත් නූල් ඝනකම ). මේ තමයි දේශීය චින්තනය මත පදනම් නූතන ලාංකීය ඒකපුද්ගල සංවර්ධන මානක. මේව අනුව බැලුවම අපි මාර විදිහට සංවර්ධනය වෙලා.

    ReplyDelete
    Replies
    1. පිරිත් නූලේ ඝනකමින් මනින්නේ රටක බුද්ධිමත් බාවය නේද

      Delete
    2. තිස්ස අත්තනායකයි, සනත් ජයසූරියයි එහෙනම් ඉස්සරහින්ම.. හැක් හැක්..

      Delete
    3. පිරිත් නූලේ ඝනකමින් මනින්නේ " බුද්ධිමත් බාව" :D

      Delete
  4. ආකේඩ් එකේදී නාස් පුඩු වලට දැනෙන පාන් පුච්චන සුවඳයි මස් බඳින සුවඳයි ඉව කර කර බඩ තඩි ඉංග්‍රීසියෙන් කතා කරන ගෑනු මිනිස්සු ඒවා කකා වයින් බොන හැටි වීදුරු වලින් බල බල ගිහින් සිංහයාට හේත්තුවෙලා නැත්නම් මාලු පාග පාග චයිනීස් ෆෝන් කට්ටකින් පින්තූරයක් අරන් FB දාල ඈස්චර්ය ගැන උදම් අනන්න තරං අපේ උන්ගේ මානසිකත්වය කඩා වැටිච්චි එක ගැන අම්මපා පුදුම දුකක් දැනෙන්නේ..

    ReplyDelete
    Replies
    1. රුපියල් 500 ක් වත් නැතිව එතනට යන්න එපා.. ආස්චර්යෙ ටිකක් ගනන් තමයි.. ඒත් රහයී.. ඒ වගේම සැරයි..

      Delete
    2. FCUK එකක් වත් ගන්න පුලුවන් වෙයිද 500 යෙන්.. මං කිව්වෙ අර ටී සේට් ගැන..

      Delete
    3. ලොව දිනන මගේ තියෙන්නේ නැති බැරි උන් ඇති හැකි උන් ට ඊර්ෂ්‍යා නොකරන කලක් උදා වෙනවා කියලා.. අර එක්කෙනෙක් වගේ ඔක්කොම ගිහින් රිදීගම දායිද දන්නේ නෑ

      Delete

Have commented