08 December 2014

එකමත් එක කළක , සමාන්තර විශ්වයක // once upon a time in a parallel universe

ඔන්න එකමත් එක සමාන්තර විශ්වයක 

කතා #1

හලෝ 

තිස්ස තිස්ස 

ඔව් තිස්ස තමා 

මම මහින්ද 

ආ ඇත්තද ...මේ මුවත් ඇවිත් ගියා විතරයි ..ගිහින් කියපන් ඕක උඹේ අ .

නෑ  තිස්ස මම මේ ජනමුල නායක  

ආ සර් 

මොකෝ කරන්නේ අද හවස ?

එහෙම කියල මොකුත් වැඩක් නෑ  සර් මට දැන් 

එහෙනම් එනවකො මේ පැත්තේ ...අද අපේ දිහා පාටියක් . තමුසේ එනවා අපේ පාටියට 

පාටියක් ? කොහෙද සර් ඔය පාටිය 

අපේ දිහා ... අර බජව් දාන කාමරේ ..සැලුන් දොරෙන් ඇතුළු වෙලා කෙලින්ම එනවා ....තමුසේ එනවා ඇඳුම් , පැදුරු කොට්ට අරං , ටික දවසක් ඉන්න බලාගෙනම . මම ගමන් වියදම දෙන්නම් 

අනේ සර් එහෙම හරි නෑ නේ ..මාව පත් කලේ අපේ පක්ෂයෙන් නේ ... අනික ජනතාව ඉල්ලා සිටින්නේත් වෙනසක් නේ ...අපිට චන්දෙ දුන්න ජනතාව අපෙන් ඉල්ලා සිටින්නේ ඒ වෙනසට නායකත්වය දෙන්න කියලා නේ . ඒ නිසා අනේ තරහ වෙන්න නම් එපා , ඔය පාටියට නම් එන්න වෙන්නේ නෑ 


කතා #2 

මගේ නම මාතර සුනිල් ....මට කියන්න තියෙන්නේ  ඔතන ඉන්නවා ලෝක හොරෙක් 

අඩෝ මේ ...අපිට සීයාගේ කාලේ ඉඳන් සල්ලි තියෙන මිනිස්සු . අපේ තාත්තට සල්ලි තිබුනා . රෝයල් එකට ගිය මටත් තියෙනවා සල්ලි වැක්කෙරෙන්න  

මහත්මයා  එහෙනම් මොන රෙද්දට ද ඔය හිඟන  මන්ත්‍රී වැටුප ගන්නේ  , දුප්පත් මිනිස්සුන්ගේ බදු වලින් ගන්න වාහන පාවිච්චි කරන්නේ .? දෙනවකො ඕක අපි වෙනුවෙන් අපි අරමුදලට ..



පලි :ඇතැම් සමාන්තර විශ්වයන්ගේ , සිදුවන්නේ යතාර්ථය බොහෝ වෙනස් දේය  . ඒත්  ඒ සමාන්තර විශ්වයන්ගේ නේ ...

13 comments:

  1. කතා අංක 1: අදහස් නැත. පංචස්කන්දයක් පමණි.
    කතා අංක 2: ඔහොම කලා එක පාරක් ජෙප්පො. දැන්නම් කරනවද මන්ද. ඔන්න පුලුවන්නම් නියම ජනාතා සේවය.

    ReplyDelete
    Replies
    1. ජෙප්පෝ තාම කරනවා මම හිතන්නේ

      Delete
  2. නොම්මර 3,4,5 කියලා දිගටම ලියන්න වෙයි.. රහයි... පට්ටයි... ඇත්තයි...

    ReplyDelete
    Replies
    1. දැන් මේක සර්කස් එකක් වෙලා

      Delete
  3. හිහි
    හිරු අක්ක ගැනත් ලියන්ටකො මෙයා
    හිහි

    ReplyDelete
    Replies
    1. එය ගැන නම් ලියන්නට දෙයක් නැත . අංකල්ලා කියූ නිසා පැමිණියෙමි කියලනේ කිව්වේ

      Delete
  4. වෙලාවට සමාන්තර විශ්වයක එකක උනේ.. මං බැලුවා අපේවත්ද කියලා..

    ReplyDelete
  5. අපිට සමාන්තරව නෙමේ හරහට

    ReplyDelete
  6. Replies

    1. අවාසනාවකට සත්‍ය සිදුවීම්

      Delete
  7. Excellent...

    වෙන මොන කමෙන්ට් ද?

    ReplyDelete

Have commented