"කෙහෙල් කැනක් ගහේ ඉදිලා කනවා වගේ නෑ අප්පා ."
"ඒ වුනාට කොහොමද හරියටම ඉදිලා කියලා දැනගන්නේ ?"
"ඒකට ක්‍රමයක් තියෙනවා "
"ඈ ?"
"ඔව් , කෙහෙල් කැන හරියටම ඉදිච්ච පොයින්ට් එක , ගහෙන් බාන්න ඕනේ පොයින්ට් එක හරියටම දන්නේ ...කෙහෙල් හොරු තමා ."
"ඒ කිව්වේ හොරෙක් ගෙන් අහලා දැන ගන්නවා "
"එහෙම ඇහුවට හොරු කියනවා යෑ "
"ඒකනේ "
කැන කෙහෙල් ගහේ තියලා බලන් ඉන්නවා . හරි දවසට හොරා කපා ගෙන යයි
ඊට පස්සේ ?
ඊට පස්සේ ඉතින් ළඟ කඩේකින් කෙහෙල් ඇවරියක් අරන් ඇවිත් කන්න තමා වෙන්නේ
පලි :
පුවතක් : ජනවාරියේ ලංකාවේ ආයෝජන සමුළුවේ ප්‍රධාන ආරාධිතයා , ජෝජ් සොරස් .
මිතුරෙකුගේ ප්‍රශ්නයක් : අපේ රටේ ඔච්චර ගන්න වටිනා දෙයක් තියෙනවා නම් ඔය විදේශීය කුමන්ත්‍රණ කරුවෝ මෙච්චර කාලයක් බලා උන්නේ මොකටද ?
පපලි : ජෝජ් සොරෝස් කියන්නේ කවුද කියලා පොඩ්ඩක් හොයලා බලන්න . මගේ දැනුමේ හැටියට නම් ඔහු ඇමෙරිකාවේ ආර්ථික කුලී හේවායෙක් (එහෙම අය සිටින බව තරයේ විශ්වාස කරමි ) . හැබැයි ඉතින් අපේ වගේ නිෂ්පාදන වියදම අතින් , යටිතළ පහසුකම් අතින් , මුල්‍ය අංශයේ දියුණුව අතින් , රාජ්‍ය අනුග්‍රහය අතින් , අඩුම ගන්නේ මිනිස්සු වැඩකරන්න ඇති කැමත්ත ඇතිරටක් හැටියට වත්, තරඟ කාරිත්වය අඩු රටවලට , ඔය දොර ඇරලා අත වනලා කතා කරපු ගමන් මුලින්ම එන්නේ නම් හොරු, කළු සල්ලි කාරයෝ , ත්‍රස්තවාදියෝ තමයි . ඒවායින් යම් දුරකට ප්‍රවේසම් වෙලා , කෙටි කාලීනව ඒ සල්ලි පාවිච්චි කරලා , පස්සේ හෙමින් සැරේ දොර වහන්නයි වෙන්නේ . එහෙම නැත්නම් ලොකු චන්ඩියෙකුට හේත්තු වෙන්න වෙනවා . හැබැයි වැදගත් වෙන්නේ අනාගතේ සල්ලි ආකර වෙන සම්පත් වලට ලංවෙන්න ඉඩ නොතියන එකයි ( සමහර විට ජලය එහෙමත් නැත්නම් වාතය !!, ).
කෙහෙල් කැනක් වගේ නෙමෙයි , කාලය කියන්නේ . ආයේ නැතිවුනොත් නැතිවුනාම තමයි . ඉතින් ඔන්න 2015ත් ඉවර වෙන අද දවසේ එහෙම පස්සට දාපු සියලු බලාපොරොත්තු ඉටුකරගන්න හැකි වෙන 2016ක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
31 December 2015
28 December 2015
එළ ද බ්‍රා ලෝ සහ ලංකට් ලෝ
ඔන්න ආයෙත් සමාන්තර විශ්වයේ කතාවක් . ලංකාවේ එහෙම කියලා වරදවා තේරුම් ගන්නවා එහෙම නෙමෙයි .
ආර්යාව සදා දුන් කළු කෝපි කෝප්පය ඉවර කරන්නවත් ලැබුනේ නැත, ගේට්ටුවේ සිටින ආරක්ෂක භටයින්ට ද සත්තමක් දමා ගෙන කෑගසාගෙන එන අයෙකු දුටු අයිසේ මහත්තයා කැළඹීමට පත්විය .
"අයිසේ මම බැලුවා කව්ද කියලා මේ ලෝකේ පෙරලගෙන එන්නේ ...තව පොඩ්ඩෙන් කෝපි කෝප්පෙත් හැලෙනවා "
"සර් සර් මෙහෙ කෝපි බීබී ඉන්නවා අන්න අරහේ , ජනාධිපති තුමා ..."
"ඇයි මොකෝ ?"
" අර එන්රිකේ .."
"ඇයි මිනිහටත් එංගලන්තේ මහකොමසාරිස්කම ගන්න කියලද ?"
" නෑ නෑ සර් ...ඊයේ කොහෙද ඉස්කෝලෙකට ගිහින් , අපේ හාන්දුරුවනේ කියලා පටන් අරන් , කියලා මීට පස්සේ සෝ වලට බ්‍රෙෂියර් ඇඳන් ගිහින් ගලවන එකියන්ට මඩු වලිගෙන් තලන්න නීතියක් ගේනවා කියලා ..."
"හාමුදුරුවන්ටද කියලා තියෙන්නේ ...?"
"ඔව් සර් .."
"අයිශේ මේ මිනිහත් එක්ක බෑනේ.... කතාවක් කලොත් ඉවරයි ..මට වඩා අන්තයි නේ ...දැන් එතකොට කෙල්ලෝ යටට අඳින්නේ නැතිව එයි ඕයි සංගීතයක් බලන්න , බ්‍රෙෂියර් අතේ අරන් ....කොහොමද ඕයි මෙහෙම මේ ආර්ථිකේ පළල් කරන්නේ.... "
"ඔව් සර් දැන් ඔය එලද බ්‍රා ලෝ එක අනුව ගලවලා විසි කරන එක විතරයි වැරදි කියලා තියෙන්නේ ...ඒක නෙමෙයි සර් අපි මේකට මොනවා හරි කරන්න ඕනේ .. නිකන් ඉන්න බෑ "
"ඒකත් ඇත්ත අයිසේ .. දැන් අර බජට් එකත් ආයෙත් වෙනස් කළා ..අර හයිබ්‍රිඩ් බද්දත් නැති කළා..දෙන්න ඕනේ තමා රිටන් එකක් "
" සර් අපි ගේමුද දෝසාබියෝගයක් "
"පිස්සුද ඕයි ..එහෙම නෙමෙයි ..මමත් ප්‍රකාශයක් කරන්නම් .."
" ඒ කතාවට විරුද්ධත්වය පාලා ?"
" නෑ අයිසේ ... මමත් යෝජනා කරනවා නීතියක් .. කොල්ලන්ට ලන්කට් ඇඳන් වැව් , ගඟේ , පොකුණේ නාන්න බැරි වෙන්න ... ලංකට් ඇඳන් නාන්න තහනම් .
එතකොට සර් , කොල්ලොත් අර කෙල්ලෝ වගේම එයිද ?
හෙහ් හෙහ් හෙහ් , තමුසෙටත් යමක් කමක් තේරෙනවා නේද ? ...නව ලිබරල් නේ .. අනික අපි පොරොන්දුත් උනානේ අයිශේ යටි තල පහසුකම් වර්ධනය කරනවා කියලා
අනේ සර් මට නම් ඔය නව ලිබරල් කුණුහරුප එච්චර තේරෙන්නේ නෑ ... ඒක නෙමෙයි සර් එතකොට ඔය ලංකට් ලෝ එකෙන් ගොයියන්ට අමුඩ ඇඳන් පාරේ යන එකත් තහනම් වෙනවද ?
ඔය ඔය තමුසෙටත් තේරෙන්නේ
පලි : මෙය මා පළ කරන විට , පට්ට ගැසූ මාතෘකාවක් වී තිබෙන්නට හැකිය . නමුත් හුදී ජන ආස්වාදය සඳහා පළ කළ යුතුයයි සිතුවෙමි

25 December 2015
ඉබාගාතේ යන යුදෙව්වා
මොකක් කිව්වා නම ?
ඒ වගේ නමක මතක
පෙරදා
ගොල්ගොත කන්දෙන් ඇහුන
ආත්මයක්
සැහැල්ලුවට පාවුන
සුසුමක එකම එක
කාගේ කවුරුන් කිව්වා ?
මේ ඇහෙන දේවලට
පිස්සු නැහැදුනොත් තමා පුදුම
ඒත් නරකද ගතොත් බෙහෙත්
ඊළඟ ඉස්ට්‍රයික් එකට පෙරාතුව
මොකක් කියන්න ලංවෙන්න කිව්වා ?
ලංවෙලා ඔහේ
කෙලින්නද හදන්නේ
පොකැට් එකට වත්
ඔය කියන විමුක්තිය
කන්නද තම්බලා,
මලවලා
සහෝ
පොඩියක් මගින්
අයින් වෙනවාකෝ
කෝච්චිය මිස්වෙලා
රතු ඉරට පහු උනොත්
දවස් බාගෙක පඩිත්
කැපෙනවා
පලි : මම දන්නා තරමට , ඉබාගාතේ යන යුදෙව්වා බයිබල් කතාවේ එන චරිතයක් . යේසුස් , මළවුන්ගෙන් නැගිට මග සරන විට පළමුව හමුවන්නේ ඔහු . ඔහු යේසුස් වහන්සේව වත් , ඔහු ගේ පණිවිඩය වත් බාර ගන්නේ නෑ . ඒ නිසාම සදාකාලිකවම ඉබාගාතේ යන්නට ඔහුට හිමිවූ බවත් මම අසා තිබේ . ආගම විශ්වාසය කුමක් වුවත් , අපිත් එක අතකට ඉබාගාතේ යන යුදෙව්වෝම නොවේදැයි විටෙක සිතේ .

22 December 2015
එන්රිකේ
ලාබ ලාබයි
නෝනා.. මේ
හංස කුමාරිට එකක්
නීල ජලාසේ රඟනා
ගැට දොඩම් වගේද නංගි
හොඳට පැහුණු වට්ටක්කා
ගොර හඬින්
කෑ ගහපු
තිසර පට
උඩ දදා
වැටෙන විට
අල්ලාපු
වෙළෙන්දෙක් උන්නා
ඔරලෝසු කනුව ළඟ
පේමන්ට් එකේ
ඉස්ටේසම පෙනෙන මානේ
සල්ලි සල්ලි නොබලා
අරන් කෑල්ලක් , දහදාහේ
ගිහින් වගේ
මිනිහත්
බලන්න නියා
එන්රිකේ
පලි : එක එක උන්ට , නෙක නෙක චූන් මය
නෝනා.. මේ
හංස කුමාරිට එකක්
නීල ජලාසේ රඟනා
ගැට දොඩම් වගේද නංගි
හොඳට පැහුණු වට්ටක්කා
ගොර හඬින්
කෑ ගහපු
තිසර පට
උඩ දදා
වැටෙන විට
අල්ලාපු
වෙළෙන්දෙක් උන්නා
ඔරලෝසු කනුව ළඟ
පේමන්ට් එකේ
ඉස්ටේසම පෙනෙන මානේ
සල්ලි සල්ලි නොබලා
අරන් කෑල්ලක් , දහදාහේ
ගිහින් වගේ
මිනිහත්
බලන්න නියා
එන්රිකේ
පලි : එක එක උන්ට , නෙක නෙක චූන් මය
20 December 2015
ඇස් වලින් ඇසු සිංදුව
ඔහු පරිස්සමට ඇඟිලි තුඩින් ස්වර හඬවන්නේය පියනෝවේ . යතුරු මත ඇඟිලි සක්මනේ , කළු සුදු සුදු කළු සුදු .
මුමුනන්නේය , ගීයේ තාලය රහසින් මෙන් .
ඈ , අසා සිටින්නී දෙනෙතින් , දෙ ඇස් දල්වා .
මිමිණුම , කාටත් හොරා වචන බවට පත් වේ
"සුදෝ ..... මම ආදරේ ....."
වචන නිමවී , සංගීතය ස්වර පණගැන්වෙන තෙක් පිරි නිහඬ තාවය , මහගෙදර ආලින්දයේ, ඔහේ වල් පල් කතා කරමින් කල් මරණ , තම ආගන්තුක සත්කාරය ඉක්මවා සිටින නෑයෙක් වැන්න .
ඔහු බලන්නේය, දෙඇස් ඔසවා ස්වර ප්‍රස්ථාරයෙන් .
ඇය , අසා හිඳින්නී නිහඬතාවයද, පද සේම. ස්වර සේම .
ස්වර පෙරහැර නැවත ඇරඹේ , ඈ විඳින්නී රිද්මය, තට්ටු කරමින් දණ හිසට දැඟිල්ලෙන් .
"පොඩ්ඩක් ඕෆ් ටියුන් ගියා ..කමක් නෑ එයාට දැනුනේ නෑ " ඔහු දිග හැරුණු සිතුවිලි වසා ස්වර කළාලයක් එළන්නේය .
අවසන් ස්වරයට පෙර ස්වරය ....
.....අවසන් ස්වරය ...
අන්තිමම අන්තිම ස්වරය .
ඈ අත්පොලසන් දෙන්නී , ළදැරියක් මෙන් .
සිහින් ඇඟිලි කරකවා , මවන්නී වදනක් හස්ත මුද්‍රාවෙන් .
ඔහු කියවන්නේය එය
"ලස්සනයි .."
පලි : මේ කතාවට නිමිත්ත මා ඇසු කතාවකි . එනම් මරදාන ඉස්ටේසමේ සින්දු කියූ යාචක යුගලක් ගැනය . සැමියා වයලීනය ගැසූ බවද . ඔහුගේ පාදයේ රිද්මයට මියුරු හඬින් ගී ගැයූ බිරිඳ ශ්‍රවනාබාධිත බවද ඔහු කියූවේය .

18 December 2015
සැන්ටා ක්ලොස් සහ මුදලාලිගේ නත්තල් කරුණාව
"සේල් " "සේල්" බෝඩ් , සාප්පුව වටේට එල්ලා ඇත . සාප්පුව ඉදිරිපිට , ලවුස්ස්පීකරයේ සංගීතයට නටන නත්තල් සීයෙකි . බැලුම් තුනක් ගැට ගැසූ රිටක් එක අතකය . අනෙක් අතෙන් ඔහු මග යන්නවුන්ට අතවනයි , මල්ලෙන් ගෙන නිකන් බෙදා දෙන්න යයි කියූ , සබන් කෑලි බෙදයි , වෙස්මුහුණ පොඩ්ඩක් උඩට ඔසවා මුහුණ පිහිදා ගනියි, කඩේ ඇතුලට එන්න යයි පදිකයන්ට ආරාධනා කරයි .
" ආ ..කොහොමද වැඩේ හොඳට යනවද ? " කඩේ මුදලාලි ලඟට එනකන් සැන්ටා දැක්කේ නැත .
" ඔව් සර් ...ඒත් "
" හොඳට නටන්න ඕනේ ...තමුසේ අර සබන් කෑලි , ෂැම්පු පැකට් , බෙදනවා නේද ? "
" ඔව් සර් ඒවා නම් මල්ලෙන් අරන් බෙදුවා , මුන්ගෙන් බේරෙන්න බෑ සර් ඒත් ... මම , සර් කිවුවා වගේ එකාට එක කෑල්ලයි දුන්නේ .. මුන් වැඩිපුර ඉල්ලනවා .. ගිය සැරේ දෙක තුන දුන්නලු "
" තමුසේ කියුවද , අපි නිකන් දෙන්නේ නෑ ... ඇතුලේ බඩුවල සෑහෙන ඩිස්කවුන්ට් එකක් දාලා තියෙන්නේ ... ඇවිල්ලා බඩු ගන්න කියලා "
"කිවුවා සර් .. මුන් ඒ සැරේ අහනවා තමුසේ සැන්ටා ක්ලෝස් ද මුදල් ඇමතිද කියලා ."
" හැහ් ... ඉතින් , තමුසේ මොකද කිව්වේ "
"මම කිව්වා සර් .. එහෙම බිස්නස් කරන්න බෑ .. නිකන් බඩු දීලා දෙසැම්බර් වල, ජනවාරියේ ඉඳන් ගණන් වැඩි කරන්න වෙනවා .. එහෙමයි උච්චාවචන , ආර්ථික විජ්ජාව කියලා "
"තමුසේ මොකටද ඔය පණ්ඩිත කතා කියන්න ගියේ , තමුසෙට තියෙන්නේ ඔය සූට් එක දා ගෙන , පොඩ්ඩක් ඩාන්ස් එකක් දාලා , මම දුන්න ටික ඔය මල්ලට දාගෙන , තමුසේගේ වගේ බෙදන්න නේ "
" නෑ සර් මේ දවස් වල දේශපාලන ෂෝ බලලම ටීවී එකේ , අපේ බන්දු සර්ගේ කෑලි ටිකක් අල්ල ගත්තා "
" ඔය බන්දුගේ ටෙනිගේ ජෝක්ස් වලට දැන් හිනා යන්නෙත් නෑ ඕයි ... ඒවා ඕනේ නෑ , දැන් මොකද මිනිස්සු කියන්නේ ... මේවා මදි කියනවද "
" එහෙම තමා කියන්නේ , ඒත් මම තදින්ම කිව්වා සර් .. එහෙම නත්තල් සේල් කොරන්න බෑ කියලා , කඩේ බංකොලොත් වෙයි කියලා ... එදා සර් කිව්වේ "
" එක්කෝ , ඔන්න ඔය දෙක දෙක දෙනවා ... මම කියුවා කියලා "
" ඒත් සර් ..එතකොට ..."
" දෙනවා අයිසේ ... තමුසේ නත්තල් පප්පා වුනාට කඩේ මගේ නේ ..."

12 December 2015
නිවනට ගඩොල්
"හම්මේ බස් වල ඇවිල්ලා , මගේ හොඳ පන ගියා . ඒ මදිවට මේ ගඩොල් දෙකේ බරට උරහිස්ස කකියනවා "
ආතම්මා , හෙමින් උඩු තොල පහතට හරවා , පපුවට හුලන් පිම්බේය . ඉන්පසු ඔසරි පොට ගෙන පවන් සලන්නට විය . තවම රෙදි මල්ල කරේය .
"අම්මේ ඔය මල්ල පැත්තකින් තියලා ඉන්න ඉතින් . " මා සිතිවිලි, වචන බවට හැරවුයේ අම්මාය .
"ඔන්න උඹලා දන්න බුද්දාගමේ තරම ...ඒක , බිම තියන්න පව් .... බුදු පිළිමේ ගාවින්ම තියනවා එක පාරම "
"මොනාද ආතම්මේ මල්ලේ , නයෙක්ද ?".....පවුලේ පුංචි ඕපා දූප සොයන්නී හෙවත් නංගි, ආතම්මාට ලංවිය .
"මේකේ තියෙන්නේ බොහොම වටින දෙයක් දුවේ ..." ආත්තම්මා බොහොම පරිස්සමෙන් මල්ලට අත දැම්මාය
"ආතම්මේ සීනි බනිසක් ද ..."
"සීනි බනිස් නෙමේ ආත්ම ගණනාවකට වටිනා දෙයක් "
"නාග මානික්‍යයක්ද ?"
ආතම්මා අත දමා , මහගු වස්තුව එලියට ගත්තාය
"අයියෝ ගඩොලක් .."
"උඹ ලෑ මහා එවුන්ට වගේම , උඹලාටත් ...."
"සෙනඟ හිටියද අම්මේ පන්සලේ ?..." ඒ කතාව දුරදිග යා නොදී අම්මා වෙනතකට හැරවුවාය
'"මං කලින් ගිය හින්දා හොඳට ගියා , සුටුස් ගාලා ගිහින් පැන්සොන් එක අර ගෙන , දුවලා ගියා පන්සලට . ... හොඳ වෙලාවට යහපාලන ආණ්ඩුවෙන් පෙන්සෝන් වැඩිකොලේ ....රුපියල් තුන්සිය පනහක්ම වැඩියෙන් හම්බුවුනා ....එක්කෙනුකුට එක ගඩොලයි කියලා බෝඩ් එකක් ගහලා තිබ්බා ... සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව ...මම එතන කොල්ලට කියලා , මුන්ගේ සීයටයි මටයි ගඩොල් දෙකකටම සල්ලි බැන්ඳා ... අවුරුදු පනහක් එකට පවුල් කාපු මනුස්සයා නැතිව තනිවම කොහොමෙයි නිවන් දකින්නේ ?.."
***
"ග්ර්ර් , ෆුෆුෆු "පත්තරේ පපුව උඩ තබා ගෙන හාන්සි පුටුවේ නිදා සිටි ආතා , එක වරම ගෙරෙව්වේය
***
"ආතම්මේ මොනවද මේ ගඩොල් ...." පුංචි ඕපාදුප කාරී ගඩොල අතට ගෙන ඒ මේ අත කරකවමින් බලන්නීය
"හා හා පරිස්සමෙන් ... අපේ රජමහවිහාරේ දාගැබ හදනවනේ දුවේ ... මේ ඒක හදන්න ගඩොල් .... අපේ ඇමතිතුමා , යහපාලන ආණ්ඩුවෙනුත් ලස්ස ගානක් වෙන්කරගෙනලු මේ වැඩේට .."
"හි හි ඉතින් ආතම්මා ගඩොල් ගෙදර ගෙනාපුවහම , දාගැබ හදන්නේ කොහොමද ?"
ආතම්මා වදනින් නොකීවත් , දහසක් දේ බැල්මේ ලියවුනි
"නෑ දුවේ ආතම්මා මේ ගඩොල් ගෙදර ගෙනාවේ , හැමෝටම අත ගස්සලා , ආපහු ගෙනියන්න ..." ආතම්මා ගේ වතේ පිළිඹි කුසල් සිතුවිලි සම්මා වාචා බවට පෙරලීමට කලින් අම්මා උත්තර බැන්දාය .
***
"...විදුලිය සම්ප්‍රේෂණය වෙන්න සන්නායකයක් අවශ්‍යයි . නිමල් විදුලි පේනුවට ඇඟිල්ල දැම්මහම , ඔහු ගේ ශරීරය විද්‍යුත් සන්නායකයක් ලෙස ක්‍රියා කරලා ..."
සිරිසේන සර් , පන්ති බාර ගුරුතුමා ,
***
කොල්ලෝ මේ පත්තරේ එලාපන් , ගඩොල් දෙක වේලෙන්න තියන්න
ආතම්මා දිය පිරි පනිට්ටුවෙන් ගඩොල ගත්තේ පරිස්සමටය . මා අත දිගු කලද , ඈ එය නොදැක්කා සේ ගඩොල ඈ විසින්ම ගෙන ගොස් පත්තර පිටුව මත තැබුවාය .
"අම්මේ මේ රෙද්ද හොඳද ගඩොල ඔතන්න ?.." අම්මා පැමිණ සුදු රෙදි කඩක් දිග හැරියාය . උදැහැනැක්කේ සිට ආතම්මා පිං ගඩොල් රාජයන් ඔතන්නට සුදු රෙදි කඩක් හොයන්නේ , අද අද මරු එන බවක් කියමිනි
අපෝ ඕක එපා , ඕක ගිය චන්දෙට දුන්න සිල් රෙද්ද . අර යටින් සුභ අනාගතයක් කියලා ගහලත් තියෙනවා. මේ යහපාලන ආණ්ඩුවේ දාගැබට ඕක හරියන්නේ නෑ ... ආතම්මා කුසළ කර්ම ගැන ගැඹුරු ධර්ම කරුණක් අපට කියා දුන්නාය
***
"සබ්බ දානං ධම්ම දානං ජිනාති "
බුදු හාමුදුරුවෝ උපුටා දක්වමින් , රජමහා විහාරයේ නායක ලොකු හාමුදුරුවන් වහන්සේ
***
කවුරුත් පෙනෙන්නට නැත . මම හෙමින් සැරේ ගඩොලට ලංවීමි . ගඩොල දෙඅතට ගතිමි . දිය පෙඟුණු ගඩොලේ , කර්කශ පොළොවට , මුල් වැස්ස වැටෙන විට නැගෙන සුවඳ නැගේ . මම දිගු හුස්මක් ඇද්දෙමි . ඒත් මේ පිං ගඩොලත් ඉස්සරහ තාප්පය හදන්න ගෙන ගඩොල් වැනිමය . මම එය මුවට ලංකර දිව ගෑවේ , රසයේ වත් වෙනසක් ඇත්දැයි බැලීමටය ... එකෙනෙහිම
" මොකක්ද ඒ කරපු අලගේත්තෙරු වැඩේ ?..."
ඒ මොර ගෑම ආතම්මා ය . ඉන්පසු වූ සිද්ධීන් මට හරියටම මතකයක් නැතත් , මා බිය වෙන්නට ඇති බවත් , ගඩොල අත හැරෙන්නට ඇති බවත් , එය බිම වැටි කුඩු වී ඇති බවත් මට අනුමාන කළ හැකි විය
***
"මාත්‍රාව වැරදියට අනපුවහම , ගඩොල් වතුරට දිය වෙනවා පුංචි මහත්තයෝ . කුඩු වෙනවා . මෝඩ ගඩොල් "
- ඉස්සරහ තාප්පය බැඳී සීමන් බාස්

"පව් කාර කම , පව් කාර කම ... දැන් එක ගඩොලක් කුඩු ... කොහොමෙයි දෙන්නම නිවන් දකින්නේ ?.. හ්ම්ම්ම් මොනවා කරන්නද ? උන්දැගේ පෙන්සෝන් එකෙන් උන්දැට නිවන් දකින්න කියනවා ...."
පලි : නිමිත්ත :චාමි මුහුණු පොතේ ලියු කෙටිම කෙටි ඕපා දූපයක් ඇසුරෙන් මෙය ලියවුනි .
09 December 2015
ලේසියටත් පහසුවටත් කරන දේ , සිතකින් නොවේ කරන දේ සහ ගුටි කන්න බැරි කමට කරන දේ // Of being wrong
ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරන බව කිව්වේ , සුනිල් පෙරේරාය . නමුත් කැතරින් ශුල්ස් "වැරදි වීම" (Katharin Shulz - Being Wrong ) පොතේ කියන පරිදි , දැන දැන වැරදි කරන්නට නොහැකිය . ඒ කියන්නේ තමන් වැරදි බව වටහා ගත වහාම එක්කෝ එය අපි නිවැරදි කර ගනිමු . නැතිනම් ඒ ක්‍රියාවට නිදහසට කරුණක් සදා ගන්නෙමු . එවිටත් අපි නිවැරදිය .
අපි වැරදි කළ බව දැන ගැනීමට , ඇසීමට , වටහා ගැනීමට අකමැත්තෙමු . එය අපට පීඩාවක් ගෙන දෙයි . නමුත් අපි වැරදි හොයන්න ඉතා කැමතිය . ඒ අනුන්ගේ වැරදිය . ඇතැම් විට හඳ පෙන්නන විට , ඇඟිල්ලේ ඇදය සොයන්නේ එබැවිනි . අර උක්ත පොතේම (කවුදෝ දාර්ශනිකයෙක් උපුටා ) දක්වන පරිදි , අනුන්ගේ වැරදි පෙන්වීමේදී තමන්ගේ නිවැරදි බව පෙනීම , ඒත්තු ගැන්වීම වැලකිය නොහැක . නමුත් වැරැද්ද නිවැරැද්ද සාපේක්ෂමය .
පහුගිය සටහනේ මට වැරදීමක් විය . ඉන් පසු මට ඒ ගැන ගත හැකි චොයිස් කිහිපයක් තිබුණි . එක්කෝ වැරැද්ද නොවුනා සේ සිටීමය , එක්කෝ සමාව අයැදීමය , එක්කෝ නිදහසට කරුණු කියා මා නිවැරදි බව ඔප්පු කිරීමය , එක්කෝ සමාව අයැද නිදහසට කාරණා කීමය .
මරණයට කැපවුණු අර නම් නැති ගැහැණියගේ ඉරණම මා සිත කම්පනයට පත් කළේය . ඉතින ඒ කව ලියවුනි . ඇනෝ මිත්‍රයෙක් ඊට ප්‍රතිචාර ලෙස කියා තිබුනේ , ඒ ගැහැණිය තවම මරා නැති බවත් මට වැරදුනු බවකුත්ය . නමුත් මා දත්ත නැවත පරීකෂා කලෙමි .
සීමිත දත්ත උඩ , ඒ වනවිට ඇගේ දිවි තොර වී ඇතැයි මාගේ සිතුවිල්ල තවම නිවැරදිය . නමුත් මට වරදක් වී ඇත .
වැඩේ මට ෂුවර් වුනත් , සීමා සහිත දත්ත උඩ මෙවැනි සටහනක් වැරදීමේ සම්භාවිතාවක් ද ඇත . ඒ අනුව මේ සටහන කියවීමෙන් , ඇතැමෙක් තුළ ඇති වන නිගමනය වැරදි වීමේ අනුමානයක් ඇත. ඒ නිසා ඈ වෙනුවෙන් කරන්නට තිබු යමක් සිදු නොවීමට ඉඩක් ඇත ( ඉතා සුළු සම්භාවිතාවයක් වුව , සම්භාවිතාවයක් ඇත ) . ඒ අනුව මා වරදක් කර ඇත . ඉන්පසු මා ඉනික්බිති පියවර තෝරා ගත යුතුය .
මෙවැනි අවස්ථා වලදී මා උතුරු තරුව ලෙස යොදා ගන්නේ , "මාගේ දරුවා පැමිණ ඔහු/ඈ අතින් මෙවැනි දෙයක් වුනා , දැන් මක් කොරන්න ද " කියා ඇසුවොත් මගේ උපදෙස කුමක් දැයි කියා සිතීමය . පැත්ත ගියත් වරද පිළිගැනීම හැම විටම මා උපදෙසයි ( ඉන්, මා පරහට ඔවා දෙන්නේ , හැම විට සම්මතයේ පිහිටා යයි, වරදවා තේරුම් නොගන්න ) . නමුත් මා නිදහසට කරුණු නොකියන්නේ , සමාව නො අයැදින්නේ මා නිවැරදි නිසා නොව ඉන් පලක් නැති බැවිනි
මා මේ ටික ලියුවේ , ඇනෝ ප්‍රතිචාරයෙන් මා අධික කම්පනයට පත් වුන නිසා නොව , එයින් මා තව ටිකක් හිතන්නට යොමු වූ බැවිනි . ඒ සිතුනු දේත් පහතින් සඳහන් කරමි . පහත දක්වන්නේ සංසිද්ධි කිහිපයකි ..පුද්ගලත්වය පොඩ්ඩක් පැත්තකින් තියා සංසිද්ධිය ගැන පමණක් මොහොතකට හිතන්න .. මට සිතුන දේ වරහන් අතරය .

- "මට දැන් හිතෙනවා , අපේ කාලේ වැරදි කලා , වැරදි වුනා කියලා , ඒත් ඒ කාලේ අපි ඒවා දැනන් හිටියේ නෑ
(මෙහිදී සිදුවී ඇත්තේ , වරද ට්‍රාන්ස්ෆර් කිරීමකි . "හරකෙක් නෑනේ මා ළඟ , කඹයනේ අල්ලන් ඉන්නේ" කියා සුනිල් කීවේ මෙවැනි දේකට දෝ ) - " පොලීසියෙන් ගුටි කන්න බැරි කමට මම වරද පිලි ගත්තා "
(මෙවැනි විටෙක වරද ඉතුරු වී , වරද කරුවෙක් නැතිවේ . දැන් හිතන්න , අපිට වැරදි කරුවෙක් නැතිව , වරදක් තිබුනාට වැඩක් නැත . ඒ අපේ ප්‍රමුඛතාවය වැරදි නිවැරදි කර ගැනීමට වඩා වරදට දඬුවම වෙන නිසාද , නැතිනම් වරද කරුවෙක් නැතිව , වරදට හේතුවක් , වරදක් , වරද නිවැරදි කිරීමක් , වරද නිවැරදි කිරීමේ මගක් නැති නිසාදෝ කියා විටෙක සිතේ . එහෙමත් නැතිනම් මෙය අර සාපේක්ෂතාවය පිලිබඳ ප්‍රශ්නයක්දෝ ( අයෙක් නැති තැන සාපේක්ෂතාවය සදා ගත නොහැකිය ) කියා සිතේ.) - "දැන් ඇමති තුමා කියන්නේ , රජයේ සේවකයෙක් මේ පඩි පත අරන් රජයේ බැංකුවකට හෙට ගියොත් , මේ මුලික වැටුප විතරක් නෙවේ මේ අයවැයෙන් එල්ලපු දීමනාත් සලකලා බලලා ණයක් දෙනවා කියලාද ?"
"නෑ හෙට ඉරිදානේ බැංකු වහලා "
(වරද + වරද = නිවැරැද්ද ) - "අපේ දහමේ ප්‍රශ්නයක් නෙමෙයි මේක . මොකද අපේ ආගමේ තියෙන්නේ මේ වගේ වරදකදී , අයෙක් දඬුවම් ලැබීම අවම කරන්න . මොකද හතර සැරයක් වරද පිළිගන්න ඕනේ . ..."
(කරද්දී වරදක් බව නොසිතුනු, දඬුවමද මරණය බව දත් , වරදක්, අයෙක් පිළිගන්නේ අදෘශ්‍යමාන දෙවියෙක් පිලිබඳ ඇති මාරාන්තික බය නිසාම නොවේද ?.
මිනිසා බය වෙන්නට මිනිසාම සදා ගත් , බය නිසාම පැවතෙන කිසිම දෙයක් මිනිසාට අවශ්‍යද ?)
07 December 2015
උන්න හැටියට මලා මදැයි
නිහඬ අඳෝනාවේ ,
තුනී පට ඉරා
වැස්සා ,
මුරුගසන් ගල් වරුසා
ගිය සිකුරාදා
උඹේ සුසුමේ වේදනාව
සප්ත සයුර පසුකර විත්
හීරුවා
පපු කැනත්තත්
ගැඹුරට
ඒත්
තුවාල වේලෙනවා
කැළැල් තිබුනත්
මූණු අමතක වෙනවා
උපන්දා සිට විඳි දුක්
නිමා කරන නියා
කබලෙන් ලිපට පැන්න
නමක් නැත්ති
නුඹ
සැතපෙන් සමාදානෙන්
දැන්
උන්න හැටියට
මලා මදැයි
සිතා
තුනී පට ඉරා
වැස්සා ,
මුරුගසන් ගල් වරුසා
ගිය සිකුරාදා
උඹේ සුසුමේ වේදනාව
සප්ත සයුර පසුකර විත්
හීරුවා
පපු කැනත්තත්
ගැඹුරට
ඒත්
තුවාල වේලෙනවා
කැළැල් තිබුනත්
මූණු අමතක වෙනවා
උපන්දා සිට විඳි දුක්
නිමා කරන නියා
කබලෙන් ලිපට පැන්න
නමක් නැත්ති
නුඹ
සැතපෙන් සමාදානෙන්
දැන්
උන්න හැටියට
මලා මදැයි
සිතා
03 December 2015
සහෝදරී
සහෝදරී
මම මේක උඹට වගේ ලියෙව්වට , උඹට මේක කියවන්න නොලැබෙන බව දන්නවා . ඒත් එහෙම ලියන්නේ මගේ හිතේ ඇති කම්පනය පොඩ්ඩක් තුනී කර ගන්න හිතාගෙන .
හෙට දවල්ට ඔහේට ගල් වරුසාවක් වහින්න නියමිතයි ලු . ඒත් අහසින් නෙමෙයි. අන් ලඳක් දිහා හොරෙන්වත් නොබලපු , අන්සතු ලඳක් අතින් වත් නොඅල්ලපු , අන් සතු ලඳක් හා සිතින් වත් රමණය නොකළ , කොටින්ම රහසින් වත් පව් නොකළ ශුද්ධවන්තයන්ගේ අත් වලින් ගන්න ගල් අහුරු , ඉණට උසට වැල්ලෙන් හිර කල උඹ දෙසට යොමු වේවි . ඒ ගල් වැදී උඹේ හිස් කබල පුපුරාවී . ඉන් ගලන රුහුරු ගිනියම් කතර වැල්ල පොඟවාවී .
උන් නීතී පොතේ උඹ පව් කාරියක් . මිනිමරලා , හොරකම් කරලා , කුඩු විකුනනලා නෙමෙයි .... හිතේ හැඟීමට ඉඩ දුන් පවට .. එහෙත් මෙහෙ වගේම , නිතීය සැමට සමානයි , ඇතමෙකුට එය වඩාත් සමානයි . මොනවා කරන්නද .
මම නිකන් බොරුවට ලියන්නේ නෑ උඹේ ජීවිත කතාව මට තේරෙනවා කියා , උඹේ දුක මට තේරෙනවා කියලා . හැබැයි මට ටිකක් දුරට හිතා ගන්න පුළුවන්. උඹ අරාබියට ගියේ ජොලියට නොවන බව නම් මට හොඳටම විශ්වාසයි . උඹේ පවුලේ විස්තර මම දන්නෙත් නෑ . ඒත් උඹේ මේ ඉරණම ගැන දුක් වෙන කඳුළු බොන කවුරු හරි ඇති. උන්ගේ වේදනාව තරම් නොවුනත් මගේ හිතෙත් මොකක්දෝ ලොකු බරක් එල්ලිලා .
හයිවේ වල ඇරලා යන්න වාහන වලට තෙල් ගන්න , සුපර් මාර්කට් වල කාට් පිරෙන්න දා ගන්න පිටරටින් බඩු ගෙන්න , කොටින්ම කන්න බොන්න මේ ඔක්කොටම වියදම් කරන්නේ උඹලා වහල් සේවය කරලා එවන කඳුළු ඩොලර් තමයි වැඩි හරියක් . ගොඩක් නෝනලාට මහත්තයාලට ඒක අමතක වෙනවා සහෝදරී .(උඹේ ජීවිතේ මම ගෙවලා නැති උනත් , මම ඒ බව දන්නවා .) කොණ්ඩයා එල්ලන්න දහසක් මොර ගාපු , ප්‍රංශ කොඩිය මුහුණු පුරා එල්ල ගත්ත දේශයක , උඹ ගැන සිහින් කෙඳිරිල්ලක් වත් නැත්තේ ඒ නිසා වෙන්නැති .
උඹ ඕවා හිතට ගන්න එපා . දුක හිතෙනවා විතරයි . අම්මපා මට නම් ලැජ්ජයි මම ගැනම . විලි ලැජ්ජයි අපේ දුප්පත් කම ගැන , අපේ අසරණ කම ගැන . මොකටද බන් ආණ්ඩුවක් , සමාජයක් , ඩයස්පෝරාවක් , ජාතිකත්වයක් , රටක් අසාධාරණ අමනුෂ්‍ය නීතියක් නිසා මරන්න යන එක ගෑණියෙක් වත් බේර ගන්න බැරි
හෙට දවල් , උඹ දිගු සුසුමක් අරන් ඇස් දෙක වහගනින් තදට . ප්‍රාර්ථනා කරපන් ආයේ දුප්පත් වෙලා , ගෑනියෙක් වෙලා, ලංකාවේ නම් ඉපදෙන්න එපා කියලා .
සහෝදරී උඹට හෙටින් මතු දුක් නැති වේවායි පතමි .
පලි : සාමාන්‍යයෙන් මෙවැනි දේ ගැන සටහන් නොලියන මුත් , මේ සිද්ධිය මා සිත තදින්ම කම්පනය කරලා . ඉතින් මොනවා හරි ලියන්නම වුනා

02 December 2015
පොලිස් තේ සහ නොබෙල් සාම තෑග්ග
ඇස්වාට්ටුවට නුදුරු සුප්‍රකට මුස්ලිම් හෝටලයකි . පාන්දර යාමයේ මිරිස් හොදි සමග පරාටා ඩයට් එකකට හෝ ලයිම් ජූස් වීදුරුවකට මෙතන වාහන නවත්වන්නෝ බොහෝය . එනමුදු එය තරමක් අවදානම් සහිත වන්නේ මේ අවට ගැවසෙන පොලිස් නිලධාරීන්ට අසු වුව හොත් බැලුම් පිම්බීමට සිදුවන බැවිනි.
මීට අමතරව මේ ස්ථානය රෑ පාරේ හිටගෙන නිදි මරන ට්‍රැෆික් පොලිස් නිලධාරීන්ගේද , අර හතරයි තුනයි තුනයි ....... තුනයි කාර් වල රවුම් යන පොලිස් නිලධාරීන් ගේද මහන්සිය නිවාලන , තේ පවස නිවාලන සුප්‍රකට නැවතුම් පොළකි . පොලිස් ආඥා පනතේ ලියා ඇති අයුරින්ම දෝ , ඔවුන් ඒ සඳහා මුදල් නොගෙවීමට වග බලා ගනිති .
පොලිස් නිලධාරින් , තොප්පි අතට ගෙන "හෝටලේ දොරෙන් ඇතුල් වෙත්ම වේටර් වරයෙක් ඉතා ගරුසරු ඇතිව " ආ එන්න සර් වාඩිවෙන්න " කියා සුදුසු අසුනක් පනවයි . ඉන්පසු "සර් මොනවද බොන්නේ , තේ කක් ? " කියා අසයි . ඉන්පසු මුළුතැන්ගෙයට උස් හඬින් විධානය දෙන්නේ "පොලිස් ටී එකයි " කියාය . පාරිභෝගිකයා සිතන්නේ , ඒ ඇනවුම , තම වැදගත් කම දත් ආයතනය , තමන් වෙනුවෙන්ම සැදු , වැඩි සීනි , වැඩි කිරි , ඉස් ස්පෙසල් ටී එකක් උදෙසා කියාය.
එක් දිනක් , මේ හෝටලය කුඩු පට්ටම් කර තිබුණු . වටින් ගොඩින් කට කතා පැතිරුනේ , මෙය පොලිසියෙන් කළ බවකි . ඒ මේ පොලිස් ටී එකේ රහස ආරංචි වූ නිසාවෙන් යයි කියැවුනි
සාමාන්‍යයෙන් , ප්ලේන්ටී කෝප්පයක අඩියේ ඉතුරු වෙන අඟල් කාල , කිරි තේ කෝප්පයක අඩියේ ඉතුරු වෙන "මැනර්ස් " ටික , පරිස්සමෙන් ජෝග්ගුවකට දමා තබා ගෙන පොලිස් තේ හැටියට යළි පිලිගැන්නු බව, ඒ රහසයි .
පහුගිය දිනෙක මා ඇස ගැටුණු පුවතක තිබුනේ , ඇමති වරයෙක් පාර්ලිමේන්තුවේ දී "ජනාධිපති තුමාට , ප්‍රධාන පක්ෂ දෙක එකතු කිරීමේ වික්‍රමය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශයක් ලැබෙන්නට යන බව" පැවසු බවකි .
මට එක්වරම සිතට නැගුනේ "ව"යන්න "ද"යන්න හල්"ෆ"යන්න යන ඉංග්‍රීසි වදනය . වාසු පමණක් නොව , දැන් අනිත් උන් ද පාර්ලිමේන්තුවේ තිත්ත කුණුහරුප කියන්නට පටන් ගෙන ඇත . ඉන් පසු මට එක වරම ඉහත කී පොලිස් තේ කතාව සිහි විය .
පලි : කොහොමත් ඔය නොබෙල් සාම තෑග්ග , පොලිස් තේ එකක්ම තමා කියායි මගේ නම් අදහස . .. අර බැරැක් කාරයට , උදේ පාන්දරම ඕක දීමෙන් ඒ අදහස මට නම් ස්ථිර වුනා .

29 November 2015
සෙල්ලම් පොලීසිය සහ ඇත්ත හොරු
කෝප් කමිටුවේ සභාපතිත්වය හඳුන්නෙත්තිට ලැබී ඇත . පෞද්ගලිකව නොහඳුනන මුත් , ඔහුගේ දේශපාලන භාවිතය පිළිබඳව මාගේ ඇත්තේ පැහැදීමකි . ඔහු වැඩක් කරන , හොරකම් ගැන කතා කරන , මහන්සි වී වැඩ කරන , අඩුම ගනනේ ප්‍රශ්නයකට විකල්ප විසඳුම් ( එය ගැලපෙනම විසඳුම ද නැද්ද යන්න පැත්තකින් තැබුවත් ) එකක් දෙකක් වත් ඉදිරිපත් කරන්නට තරම් වත් මොලයක් ඇති අයෙක් යයි මම සිතමි . අනෙක් පැත්තෙන් ආර්ථික විද්‍යාව ගැන දැනුම තිබුනත් එය තර්කයකට හරවන්නට ටිකක් අසීරු හර්ෂට වඩා , ටියුෂන් සිලබස් එකේ වචන සෙට් එකෙන් එහාට නොදුවන ආර්ථික තර්ක දමන බන්දුලට වඩා , ආර්ථික තර්ක කරන්නට ගොස් හත් පොලේ අනා ගන්නා රවී ට වඩා හඳුන්ගේ පොළොවේ පිහිටන ආර්ථික තර්ක , පැහැදිලි කිරීම් මම අගය කරමි . ඒත් ඒවා ඇතැම් විටෙක සිල්ලර වැඩි ය . නමුත් හඳුන් වැඩක් කල හැකි අයෙකි .
පරණ දන්තාලේප දැන්වීමක් මා මතකයට එයි . එහි , විසිකළ පේර ගෙඩියක් අල්ලා ගත් අයෙකුගෙන් අසන්නේ "ඇල්ලුවට හපන්න පුලුවන්ද කියාය " . කෝප් කමිටුවද මා දන්නා පරිද්දෙන් එවැනිය . සෙල්ලම් පොලීසියකි . පරිචයෙන් බොහෝ රාජ්‍ය ආයතන මෙන්ම රටේ ජනතාවට සිඟිති ආතල් සපයන ආයතනයකි. (......මෙන්න දැන් ආ පුවතක්.... , රංජන් රාමනායක නියෝජ්‍ය ඇමති තුමාත් මේ කොමිටියට පත් කර ඇත . සිඟිති ආතල් ගැන ඉන් එහාට නොලියමි .)
ඒත් ලංකාවේ සිටින්නේ ඇත්ත හොරුය . උන් අල්ලන්නට ඇත්ත පොලිසියටත් අමාරුය . ඇල්ලුවත් උන් බේරෙති . ලංකාවේ මිනිස්සුන්ට රිමාන්ඩ් එක , හිරේ යාම දෙකේ වෙනසක් නැත . නඩු නිෂ්ප්‍රභා කිරීම හා නිවැරදි කරු වීම අතරද වෙනසක් නැත . විමර්ශනයකට කැඳවීම , සාක්ෂි සටහන් කර ගැනීමට කැඳවීම හා දඬුවම් විඳීම අතරද වෙනසක් නැත . ඒ අපේ නීතිය ගැන ඇති දැනුමයි . ලංකාවේ ඉන්න ඇත්ත හොරු ඇත්ත දඬුවම් නොලබති.
ඒ සාක්කියෙහි ඇති හිදැස් , නිතීයේ ඇති හිල් හා දේශපාලනික ඩීල් ආනුභාවයෙනි . නමුත් එයම තම නිර්දෝෂී බව ලෙස හුවා දැක්වීමට ඔවුන් සමත් වන්නේ ජනතාවගේ මැටි කම නිසාය .
නීතියේ දැලේ හිල්ය . පොඩි හොරු පොඩි හිල් අස්සෙන්ද , ලොකු හොරු ලොකු හිල් අස්සෙන්ද රිංගා යති . මෙය දකින, වෙන්ඩ හොරුන්ගේ හිතේ ඇති බය නැති වේ . මෙහි ඇති අතිශ්‍ය භයානකම තත්වය එයය.
අපි පිළිගන්න අකමැති වුවත් , විටෙක එවැනි කතා දෙස අවඥාවෙන් බැලුවත් , රටක සිස්ටම් එක ඉතා සුක්ෂම වට්ටා පස්චාත් අරාබි වසන්ත පරිසරයන් ඇති කිරීමේ ව්‍යාපෘති ලොව වටා ක්‍රියාත්මක නොවේ යයි සිතිය නොහැක. නීතීවතී ගේ ( අර ඇස් දෙක වහ ගෙන තරාදියක් අල්ලා ගෙන ඉන්නේ ) සළු උනා, දුෂණය කර දැමීම එහි ඉතා වැදගත් පියවරකි . මේ වෙන්නේ එයදෝ කියාත් සිතේ .
එසේ බලන කල හොරුන් අල්ලා , උන්ට සිස්ටම් එකේ හිල් අස්සෙන් යාමට ඉඩ සැලැස්වීමට වඩා , නොඅල්ලා සිටීම හොඳ දෝ කියා විටෙක සිතේ .

27 November 2015
නදී ගේ කතා
නදී ..
හ්ම්
මම කවියක් ලියුවා .
(අටට නැවු කොටුරූල් කොලයක් ඈ වෙත දිගු වෙන්නේය . කවිය හුළඟට ගහ ගෙන යා නියා , ඇය එය දිග අරින්නේ හිමිහිටය . )
සුසුමක්
පිටවී
පවනැල්ල හා වෙලී
නැගි රැළි අවකස
මාරුතයක්ව
විත්
ඇඟේ හැපෙන
බෙංගාල බොක්කේ අවපීඩන කලාපයක් හේතුවෙන් , සැන්දෑ කාලයේ අකුණු සහිත වැසි බලාපොරොත්තු වන්න
වළා හඬවා
කලතා
මතක සයුරු තෙම
පුපුරවා
ධවල අකුණු
සිත් කොනක
මට හුස්ම ගන්න බෑ වගේ . ඔය වීදුරුව පොඩ්ඩක් අරින්න ප්ලීස් .
***
අදත් අපි එතෙන්ටම ඇවිත් , දන්නෙම නැතිව
ඔව් එතෙන්ටම
පරණ පුරුදු හුළඟ , පරණ පුරුදු ඇහැළ ගහ කහ පාට ඇහැළ මල් පලස එලාගෙන ඉන්නවා
ශා අද හරි පොයෙටික් නේ
(මද සිනහවක් )
ඒක නෙමෙයි නදී අද ටිකක් එහාට යමුද
අනේ ඇයි? මම කැමතියි මේ හුරු පුරුද්දට
මෙතනින් එහා මීට වඩා ලස්සන වෙන්න පුළුවන්
දන්නවද අපිට පෙනේන්නේ තරංග ආයාමය නැනෝ මීටර 700ක් වෙනකන් විතරයි ලු , මම බ්ලොග් එකක කියෙව්වේ
කවුද ඕක කිව්ව මැට්ටා , පාර කෙලින් නම් කිලෝ මීටර් ගානක් පෙනෙනවා හලෝ .
මීට වඩා මට දරා ගන්න බැරි වේවි , අපි මෙතන නවතිමු
මේක මායාවක් නම් ...මහා පොලවේ සත්‍යය තියෙන්නේ මේ මල් පලසින් එහා නම්
ඒක තමයි , අපි මෙතන නවතිමු
පලි : මේ දවස් වල කැෆ්කා ගේ ලියවිල්ල මා සිත ආයෙත් කලත්තනවා . ඒ අතරේ පරණ "මතක පද " වැඩසටහනක් අහන්න ගත්තම පුරුදු කටහඬක් , නදී වාසලමුදලිආරච්චි .
මේ නදී ඒ නදී නෙමෙයි .
ඒත් විටෙක ඒ නදී අහනවා ලේඛකයෙක්ට තියෙන එකම අමුද්‍රව්‍යය වෙන වචන වලින් නැත්නම් වෙන මොනවයින් සෙල්ලම් දාන්නද කියලා . ඒත් කැෆ්කා?..... වචන අඩුවෙන් පාවිච්චි කරලා , සිත වැඩියෙන් කලත්තනවා . ඒ ඔක්කොම අස්සේ දයාබර මැට්ටා , මේ දවස් වල පිස්සි ගේ පලා මල්ලක් දිග ඇරගෙන දිගට දිගටම හිතන්න බල කරනවා
මේ කතා අස්සෙත් ඔබට වචන වලින් ඔබ්බට කතාවක් හමු වේදැයි බලන්න .
23 November 2015
කුණුහරුප කියන මැකෝ සහ අලි සෙල්ලම්
කාලෙන් කාලෙට නැගලා යන ජෝක්ස් එන්නෝය . ඒවා අතොරක් නැතිව නන් දනන් මුව කියවෙන්නේය . ඉන් පසු එය ගොන් ජෝක් බවට පත් වෙන්නෝය .මෙකළ " ...ළමයෙකුට දෙන්න .." කියනවා සේ කලක තිබු එසේ නැගලා ගිය විහිළුවකි .. "මල්වානේ රඹුටන් නම් දෙහිවල මොනවද තියෙන්නේ " කියා ඇසු කළ දෙහිවල තියෙන්නේ ඇඹුල් කියා කීම .
නමුත් ලාබාල මට නම් දෙහිවල ඉතා හොඳින් හුරු පුරුදු ස්ථාන දෙකක් විය . එකක් නම් විලියම් ගේ ඇඹරුම් හලයි . පැකට් කළ තුනපහ , මිරිස් , හාල් පිටි එතරම් සුලබ නොවූ එකල , අපේ අම්මා ගෙදරට අවශ්‍ය අඩුම කුඩුම සකසා ගන්නට අවුරුද්දකට දෙවරක් ගියේ මෙතැනට ය . මෙතැනට යාම මා එතරම් ප්‍රිය නොකළේ , මෝලේ දී ඇති වන මොළේ දැවිල්ල නිසාවෙන්ය . නමුත් එන ගමන් මිලදී ගැනෙන චොකලට් කිරි බෝතලය මේ වේදනාව දරා ගැනීමට රුකුලක් සැපයුවේය .
අනෙක් ස්ථානය නම් දෙහිවල සත්තු වත්තය .මම මේ කියන කාලේ දෙහිවල සත්තු වත්ත තරුණය . ළමා සිත් කුල්මත් කළ ස්ථානයකි . ඇතුලුවෙන තැනම ඇති පොකුණේ , මොටයි පාට ෆ්ලමින්ගෝ පක්ෂීන් රංචුවකි . එතනින් ඔබ්බට මුලින්ම හමු වන්නේ මින් මැදුරය . එතනින් හැදුනු මාළු ඇති කිරීමේ පිස්සුව තවම සුව වී නැත්තේය . අප්පච්චි සත්තු බලන්න ගෙන යන්නේ නොම්බර පිළිවෙලටය .. සිංහයෝ , කොටි , කළු කොටි, ජිරාෆ් ලා වගේ හොඳ සත්තු බලන්න නොම්බර පිළිවෙලට එනකොට අපේ හොඳ පණ ගිහින්ය . සත්තු වත්ත ගැන ඇති තවත් මතක දෙකකි . මේ සටහන ඒ ද්විත්වය ගැනය
පළමුවැන්න , කුරුළු උයනට පිටතින් සිටි කුණුහරුප කියන වල් මැකෝ කුරුල්ලාය ය. කලක් යන තුරු , බ්‍රසීලයෙන් ආ මැකෝ සිංහල කතා කරන්නේ කොහොමද ? කුණුහරුප ඉගන ගත්තේ කොහොමද කියා මට පැනයක් විය . නමුත් මැකෝ දොඩවන්නේ ඌට ඉගැන්වූ කුණුහරුප බවත්. ඌ එසේ කරන්නේ එසේ කලවිට කන්න ලැබෙන කෙසෙල් ගෙඩි , රටකජු වැනි දේ නිසා බවත් , උගත්තේ කලක් ගොසිනි . දැන් නම් සිතෙන්නේ මෙය මැකෝට පමණක් අදාළ කාරණයක් නොවන බවය .
සාමාන්‍යයෙන් සත්තු වත්තේ අපේ ගමන නිම වන්නේ අලි නැටුම් නැරඹීමෙන් පසුවය . මේ අලි නැටුම් , අලි සෙල්ලම් මා සිතේ ඇඳි දෙවන මතකයයි . තමන්ට ඉදිරියෙන් යන අලියාගේ නැට්ට (ඔව් ඔව් වලිගයම තමා ) තම හොඬේන් අල්ලා ගෙන , අලි වටේට වටේට යති. බංකු වල ඉඳ ගනිති ( සත්ව හිංසනයේ උපරිම අවස්ථාවකි ) . හැම අලියාම පාහේ හිතා ඉන්නේ ඌ ඉන්නේ පෝලිමේ මුළ කියාය . සමහර අලි හිතා ඉන්නේ උන් දිග ගමනක් යනවා කියාය . තවත් අලි අල්ලා ගත් නැට්ට අතහැරිය නොහී , ඒ ගැන සිහියට නොනැගී " මොනවා කරන්නද , දැන් මේක අත අරින්න බෑනේ" කියා රවුමට යති.
උන්ව එසේ දක්වන්නේ ඇත් ගොවුවන්ය . අලි හිතන්නේ ඇත් ගොවුවා මහා බලාධිපරාක්‍රමයෙන් සපිරි හෙන පොරක් කියාය . ඔහුගේ දුක්ඛිත ජීවිතය ගැන දන්නේ ඔහුය . රුපියල විස්සක ප්‍රවේශපත්‍රයක් මිලදී ගෙන එන අයගේ , රුපියල් විස්සට සරිලන්නට විනෝදය සපයන්න මේ කොරන අලි බැලිල්ල , අර නැටුම අවසන ලැබෙන අත්පොලසන් වලටම පමණි . ඊළඟ දිනයේත් මෙය නැවත රඟ දැක්විය යුතුය .
බජට් එක ගැන , අය වැය කතාව කියවීම ගැන , රටේ සංවර්ධන ඉදිරි ගමන ගැන කියවමින් සිටිද්දී , මට එක පාරටම මේවා මතක් වුයේ ඇයි දැයි කියා මට තවමත් හරියටම සිතා ගත නොහැක

21 November 2015
මතට තිතෙන් ඔබ්බට කුඩ්ඩන්ගේ ආණ්ඩුව හා නොකෙරෙන වෙදකම
පෙරවදන
පහුගිය සතියේ ඇහැ ගැටුණු පුවතක් නිසා මේ සටහන ලියවිණි . පුවතක් කීවාට මෙය වොයිස් කට් එකක්ය . මුළු කතාවම නො අසා , වොයිස් කට් වලින් නිගමන වලට පැමිණීම ගැන මගේ හිතේ මහත් සැකයක් ඇත . වොයිස් කට් වල , ලංකාවේ පුවත් වාර්තාකරනයේ , මාධ්‍යකරණයේ ප්‍රමිතිය, ඇතැම් විට , දයාවතී , එන්සිනා ගේ මාධ්‍යකරණයේ කොලිටියෙන් ඔබ්බට නොයන බවද දනිමි . ඒත් හිතේ නැගුනු දේ ලිවිය යුතු යයි හිත බල කරන්නේය . මා, වැරදීමට ඉඩක් ඇතැයි සිතා මේ ගැන යමක් නොකියා සිටීම හා වැරදුනොත් අවංකවම වැරැද්ද පිළිගැනීමට සැරසි මේ ගැන යමක් කීම, අතරින් මම දෙවැන්න තෝරා ගතිමි .
පහුගිය දවසක ජනාධිපති තුමා තමන්ම පත් කළ කාර්යසාධක බලකායක් විසින් සංවිධානය කරන්නට යෙදුනු මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකට සහභාගී වීම දුටිමි . එහි තේමාව "මතින් තොර රටක්" ය . පාසැල් දරුවෝ වේදිකාවට විත් මතේ ආදීනව ගැන ගී ගැයුහ . "මත එපා එපා " කියා කෑ ගැසුවෝය . ඉනික්බිති ප්‍රධාන ආරධිතයාගේ කතාවට අවස්ථාව උදා විනි .
ඔහු අත්දෙකම ඔසවා මතට එරෙහිව සටනට සහය දෙන්නට සුදානම් බව කීවේය . මත් කුඩු ව්‍යාපාරිකයන් නැති කළ යුතු බව කීවේය . අපට අර මැතිවරණ වේදිකාවේ දුන් " මම සියලු නම් ගම් හෙළිකරන්නෙමි " පොරොන්දුව මතක් වෙන්නට ගනී . ඉන්පසු දෙසන් දක්වා සිනහා වී කියන්නේ මෙවැන්නකි "අපේ හාමුදුරුවනේ (ඇහිලා පුරුදු ගතියක් ඔබටත් දැනේද ?) , ඔය කිව්වට ඕවා නවත්වන්න බෑ , නැවත්තුවොත් කුඩ් ඩෝ , කුඩු මුදලාලිලා ආණ්ඩුව පෙරලනවා "
මුලින්ම මට අර ළමයි ගැන දුකක් ඇතිවිය , අපේ ජනාධිපති තුමා ගැනද , අපි ගැනද දුක දැනුනි . ඉන්පසු දැනුනේ මේ ප්‍රකාශය ගැන කෝපයකි , පිළිකුලකි . ඉන්පසු මෙය මගේ අන්නත්ශ්‍රෝතය දිගේ ගොස් ජීරණය වෙන්නට ගත්ම මා මනසට වෙනත් අදහස් ශ්‍රාවය වෙන්නට විය .
කොහොමත් අපි නිවාරණයට වඩා දඬුවමට , ප්‍රතිකාරයට උනන්දු වෙන්නෙමු . කුඩ්ඩන්ට සිර දඬුවම් , කුඩු මුදලාලිලාට මරණ දඬුවම් දිය යුතු යයි තරයේ කියන්නෙමු . අර අන්තරාකාර ඖෂධ පාලක මණ්ඩලයේ දොස්තර මහතාගෙන් කුඩු විකුණන එවුන්ගේ නම් ලිස්ට් එක ඉල්ලන්නෙත් නිකමටවත් , මේ උවදුර නිවාරණයට අපි සහභාගී වන්නේ කෙසේදැයි නාසන්නෙත් එබැවිනි .
මා කියවා , අසා ඇති පරිදි මත් ද්‍රව්‍ය ව්‍යාපාරය බොහෝ විට අත්පිට මුදලටය . බැංකු ගිණුම් හරහා යන්නේ නැත , රිසිට් දෙන්නේ නැත . ව්‍යාපාරිකයන් තමන් අහුනොවීමට ඉතා සුක්ෂම මෙන්ම ඉතා සාර්ථක ක්‍රම භාවිත කරති . ඉතින් හාල් මැස්සන් , සාලයන් , ජීලාවන් ගෙන් ඔබ්බට , වැඩිම උනොත් පරා පැටවෙකුට එහායින් එකෙක් දැලට අහු වීම නම් සැක සහිතය .
කුඩු වලට විරුද්ධ වෙන අපට ලයිසන් අරක්කු , සිගරට් ගැන එවැනි ප්‍රශ්නයක් නැත . අනෙක් අතට ගෙදර කොන්ක්‍රීට් එක දමා ගැනීමට , කුඩ්ඩන් ටිකක් හොයා ගැනීමට පසුබට වෙන්නේ නැත .
කුඩු වලට බොහෝ අය විරුද්ධ වන්නේ එහි ආදීනාව ගැන සිතා නොව , එය නීති විරෝධී බැවින්දෝ කියා මට විටෙක සිතේ . නැතිනම් ඒ හා සබැඳී අනෙක් අපරාධ දාමය ගැන සිතාය . ඒ කියන්නේ ඇත්තේ කුඩු වලටත් වඩා අපට ඇත්තේ එහි බිස්නස් මොඩල් එක ගැන ප්‍රශ්නයකි .එසේනම් හෙට හෙරොයින් නීතිගත කලොත් තත්වය කුමක් වේද ?
මගේ අදහස් නම් මුලින්ම මත්ද්‍රව්‍ය ගැන අපේ සමාජ මතය පැහැදිලිව ස්ථාපිත කර ගත යුතු බවය. ඉඳ හිට , කෝපි කෝප්පයක් බොන (කැෆීන් ද ඇබ්බැහි ශීලිය , එයද මොලයට සිරුරට අස්වාභාවික උත්තේජයන් සපයයි ) මීවිත තොල ගාන , එනමුදු දුම්වැටි මෙන්ම අන් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන මා එසේ කරන්නේ , යමකට ඇබ්බැහි වීම මා සිතට වදයක් බැවිනි . නමුත් නිදහස් තේරීම (free choice ) යයි අප සිතන බොහෝ දේ තුල ඉතා සුක්ෂම බලපෑම් කිරීමක් (manupilation ) ඇති බවද මම දනිමි . අනෙක් අතට තම දිවි පුරුදු වලට (habits ) , සන්නාම වලට ඇති කැමැත්ත තුල ඇති ඇබ්බැහි වීම ද නොසලකා සිටිය නොහැක . ඒත් මේ මා කියූ සමතුලිත ලක්ෂය මගේ ඉවසීමේ සීමාවයි (Tolerance level ). එමෙන්ම සමාජයක් හැටියටද අපි අපේ ඉවසීමේ සීමාව අපි තීරණය කල යුත්තෙමු . එය (අර සිරිසේන ගේ කතාවේ කියවෙන පරිදි) කළ හැක්කේ කුමක්ද යන්න මත නොව කළ යුත්තේ කුමක්ද යන්න මත තීරණය විය යුතුය .
නමුත් මම මෙ සටහන මෙතනින් නොනවත්වමි .අතිගරු ජනාධිපති තුමාටත් මෙසේ ලියමි.
යමෙක් රටේ නායකයා හැටියට පත්වෙන්නේ කුඩු මුදලාලිලාගේ ගේ ප්‍රජාතන්තරවාදී අයිතීන් රකින්නට නොවේය . කුඩ්ඩන් ආණ්ඩුව පෙරලාවී යයි බයේ ආණ්ඩු කරන්නට නොවේය . වැටුනත් හරි දේ කරන්නය . වැටි වැටී හරිදේ කරන්නය . ඔබ කන්නේ මොනවද , ඉංග්‍රීසි කතා කරන්න පුලුවන්ද , මුණේ රැවුල තියෙනවද . උදේට ඩිප්ස් කීයක් ගහන්න පුලුවන්ද කියන එකට වඩා රටේ නායකයා , ජනතාවගේ නායකයා, හැම විට ජනතාව වෙනුවෙන් හරි තීරණයම ගත යුතුය. ඔබ හරි දේ කළ යුතුය . ඔබ අසාර්ථක විය හැක . ඒ උපකල්පනය , ඔබට නිවැරදි දේ කිරීමට බාධාවක් , නොකිරීමට නිදහසට කරුණක් නොවේය. ඔබ හරි දේ කර ආණ්ඩුව පෙරලුනොත් , ඔබ දිවි නැසුනොත් ඒ ලේ සමාජය අතේය (shame on us ය ). නමුත් ඔබ ගැන සිතා , ආණ්ඩුව ගැන සිතා නිවැරදිම තීරණයට අඩුවෙන් යමක් ගත්තොත් , කීවොත් , මහතුනි ඒ ලේ ඔබ අතේමය ( shame on you ය )

නමුත් මම මෙ සටහන මෙතනින් නොනවත්වමි .

15 November 2015
යහපාලන ෆිල්ම්ස් , නොසන්ඩාල විහිලුව සහ පීස් ෆෝ පැරිස්
යහපාලන ෆිල්ම්ස් සාඩම්බරයෙන් ඉදිරිපත් කරයි .....
මුලින් ගියේ
ට්‍රේලරේ ලු
පිචැර් එක
පටන් අරන් තියෙන්නේ
දැන් ලු
වාඩිවෙන්
සීට් එකක්
අල්ලන්
ඉස්සරහින්ම
ඉල ඇදෙන කොමිට්
කිලි පොලා යන පයිට්
අති විසිස්ට රඟ පෑම්
හද මෝදුවෙන ලව්
ඇස් නිලංකාර වෙන මැජික්
කේතුමතී නුවර
පුල් ඩිජිටල්
අතිශ්‍ය දුලබ දෙපත් නයි
දැක ගන්
පියවි දෑසින්
සිනා සාගරයක්
රස ආකාරයක්
ගුටි කෙප්පරක්
බොරු කෝටියක්
ආතල් ගොඩයි .
එක අවුලයි .
කටවුට් එකේ
බැබලි බැබලි
උන්නත්
නැත ප්‍රධාන නළුවට
ඩයලොග්
***
නොසන්ඩාල විහිලුව
ආන් බලන්
කියා
ගගන දෙස ඇඟිලි දිගුවා
ආකාස වස්තුව
පෙන්නන නියා
ඔලු ගෙඩි
උඩට හරවා
හිඳින අතරේ
සියල්ලෝ
උන්
කණ කර අතගාන්
ටොක්කකුත් ඇනං
සරමත් කඩන්
ගිහින්
කවුද නොසන්ඩාලයෙක්
***
පීස් ෆෝ පැරිස්
ඕවා මොන බෝම්බද
බ්‍රෝ
ලංකාවේ නේ
තිබ්බේ
බෝම්බ
බ්‍රෝ
උන් මොන ටෙරාලද
බ්‍රෝ
ලංකාවේ නේ හිටියේ ටෙරාලා
බ්‍රෝ
තව කොහේ කිව්වා ?
බීරුට් ?
ඒ උනාට
අල වගේද ගෝවා
බ්‍රෝ
ඔන්න අපි නම්
ඉටු කරා යුතුකම්
(අපි යුතුකම් දන්න මිනිස්සු බ්‍රෝ )
මාරු කලා ප්‍රොපයිලය
පීස් ෆෝ පැරිස් ..බ්‍රෝ
දැන් හරි .
මුලින් ගියේ
ට්‍රේලරේ ලු
පිචැර් එක
පටන් අරන් තියෙන්නේ
දැන් ලු
වාඩිවෙන්
සීට් එකක්
අල්ලන්
ඉස්සරහින්ම
ඉල ඇදෙන කොමිට්
කිලි පොලා යන පයිට්
අති විසිස්ට රඟ පෑම්
හද මෝදුවෙන ලව්
ඇස් නිලංකාර වෙන මැජික්
කේතුමතී නුවර
පුල් ඩිජිටල්
අතිශ්‍ය දුලබ දෙපත් නයි
දැක ගන්
පියවි දෑසින්
සිනා සාගරයක්
රස ආකාරයක්
ගුටි කෙප්පරක්
බොරු කෝටියක්
ආතල් ගොඩයි .
එක අවුලයි .
කටවුට් එකේ
බැබලි බැබලි
උන්නත්
නැත ප්‍රධාන නළුවට
ඩයලොග්
***
නොසන්ඩාල විහිලුව
ආන් බලන්
කියා
ගගන දෙස ඇඟිලි දිගුවා
ආකාස වස්තුව
පෙන්නන නියා
ඔලු ගෙඩි
උඩට හරවා
හිඳින අතරේ
සියල්ලෝ
උන්
කණ කර අතගාන්
ටොක්කකුත් ඇනං
සරමත් කඩන්
ගිහින්
කවුද නොසන්ඩාලයෙක්
***
පීස් ෆෝ පැරිස්
ඕවා මොන බෝම්බද
බ්‍රෝ
ලංකාවේ නේ
තිබ්බේ
බෝම්බ
බ්‍රෝ
උන් මොන ටෙරාලද
බ්‍රෝ
ලංකාවේ නේ හිටියේ ටෙරාලා
බ්‍රෝ
තව කොහේ කිව්වා ?
බීරුට් ?
ඒ උනාට
අල වගේද ගෝවා
බ්‍රෝ
ඔන්න අපි නම්
ඉටු කරා යුතුකම්
(අපි යුතුකම් දන්න මිනිස්සු බ්‍රෝ )
මාරු කලා ප්‍රොපයිලය
පීස් ෆෝ පැරිස් ..බ්‍රෝ
දැන් හරි .
09 November 2015
සුජ්ජාගේ හැඳින්වීමේ කතාව, සිරාගේ කතාව , අගමැති තුමාගේ අයවැය හඳුන්වා දීමේ කතාව සහ මාරෆන් ගේ ඇවන්ගාඩ් කතාව
"අයිසේ, අපිත් පටන් ගන්න ඕනේ පන්තියේ සමිතියක් "
ඔන්න ඔහොමයි වැඩේට මුලින්ම අණ ලැබුනේ.
පිරිසක් ඉදිරියේ කතා කිරීම පුරුදු කරන්න, සබකෝලය නැති කරන්න , අපේ පන්ති භාර ගුරුතුමා ගත් එක් උත්සාහයක් විය මෙය .
නමුත් අටවෙනි ශ්‍රේණියේ සිටි ගැටවර අපිට නම් මෙය පෙනුනේ හෙනම ඇනයක් ලෙසටමය.
"කවුද කැමති සමිතියේ සභාපති වෙන්න ? " ආයෙත් ප්‍රශ්නයක් .. ඉහළට එසවී ඇත්තේ එකම එක අතකි . ඒ සුජ්ජාගේය . සුජ්ජා ද පහේ ශිෂ්‍යත්වයෙන් සමත් වී , ආ අපේ පන්තියේ ම, පන්ති සගයෙකි . බොහෝ අතින් අන් අයට සමාන වුවද , ඔහුගේ ඇති එක් දුර්වලතාවයක් වන්නේ කතා පැවැත්වීමට ඇති අධික ආසාවයි .
"මූට ගෙදර කතා කරන්න දෙන්නේ නැතිව ඇති " ඒ අපේ නිගමනයයි .
දැන් කාලේ නම් මේ දරුවා දේශපාලඥයෙක් වෙයි යයි කියනු ඇත . ඒත් මේ අසූවේ දශකයේ මැද යි . ළඟ ළඟ මැතිවරණ නැත , රූපවාහිනියේ වොයිස් කට් නැත .
මේ ගති ලක්ෂණය ගැන , සිසුන් මෙන්ම ගුරුවරුද දැන සිටියහ. විටෙක මෙය ඉතා ප්‍රයෝජනවත් වුවද ( ස්තුති කතාවකට , පිලි ගැනීමේ කතාවකට හදිසියේ සිසුවෙක් සොයා ගැනීමට ඇති විටක වැනි අවස්ථාවන්හිදී ) බැලන්ස් නොකලොත් ඉතා අනර්ථකාරී බව අප ගුරුතුමා හොඳින් දැන සිටියේය .
"වෙන කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැද්ද ? " කියා ඔහු කිහිප විටක් ඇසුවේ එහෙයිනි . වෙන කවුරුත් ඉදිරිපත් නොවුනෙන් සුජ්ජා නිතරඟයෙන් සභාපති විය .
සභාපති ගේ කාර්යභාරය වුයේ සමිතියේ කතා කරන්නට සිසුන් සොයා ගැනීම හා ඔවුන් හඳුන්වා දීමය . පිරිමි ඉස්කෝලයක, ගැටවර වියේ සිසුන් අතර මෙවැනි දෙයකට ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන්නන් අල්පය. පළමු සභා වාරයේ ඔහු කෙසේ හෝ ගුත්තිලයෙන් කවි කිහිපයක් කීමට එක් අයෙක් සොයා ගත්තේය . ඉතිරි විනාඩි 55 ම සුජ්ජා කතාවක් පැවැත්තුවේය . දෙවැනි සභා වාරයේ ගුරුතුමා විසින් විනාඩි 5හේ කතා දෙකක් පැවැත්වීම සිසුන් දෙදෙනෙක් ට පවරන ලදී . එදාත් ඉතුරු විනාඩි හතලිස් පහම ආවරණය වන පරිදි , සුජ්ජා න්‍යාය පත්‍රයට, තමාගේ කතාවක් ඇතුලත් කර තිබුණි .
තුන්වන සභා වාරයේදී , ගුරුතුමා කලින්ම සුජ්ජා ගෙන් න්‍යාය පත්‍රය ගෙන පරික්ෂා කර සිටියේය . කතා කිහිපයක් ළමුන් කිහිප දෙනෙකුට බලෙන්ම පැවරුවේය . සුජ්ජා ගෙන් මේ වාරයේ කතාවක් නොකරන ලෙසද ඉල්ලා සිටියේය .
ඒ දිනය උදා විය . කතා දෙකක් අවසන් විය . දැන් ඇත්තේ "කොට සිරා " ගේ අවස්ථාවයි . සුජ්ජා ඔහුව හඳුන්වා දෙන්නට පටන් ගත්තේය
(ඇත්තටම මට ඒ කතාවේ මාතෘකාව මතක නැත . නමුත් ඉන් පසු වූ සිද්ධිය විස්තර කිරීමට කතාවේ මාතෘකාව " මගේ රට " යයි සලකන්න )
" මීලගට තියෙන්නේ සිරා ගේ කතාව . ඔහු ගේ මාතෘකාව අපේ රට . . ඔහු ගේ කතාවෙන් ඔබට , ඉන්දීය සාගරයේ පිහිටි මුතුඇටය යයි විරුදාවලිය ලත් අපේ රට ගැන බොහෝ කරුණු ඉගෙන ගන්න පුළුවන්. අපේ රටේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65610ක් බවත් .... ප්‍රධාන ගංගාව මහවැලි බවත් මීට අමතරව කැලණි කළු වලවේ ආදී ගංගා ද සමනොළ කන්දෙන් පටන් ගෙන සිව් අතින් මහා මුහුදට වැටෙන බවත් ඔබට දැන ගන්න පුළුවන් .. අපේ රටේ ප්‍රධාන ආර්ථික භෝග තේ රබර් පොල් ......" මෙලෙස සුජ්ජා විනාඩි 15ක් විතර ඔහුගේ හැඳින්වීමට වැය කළේය . ඇත්තටම සිරාගේ මුළු කතාවම සුජ්ජා කළේය .
සිරා ඉස්සරහට ආවේ මුළු සභාවේම සිනහ හඬ මැද ය . සුජ්ජා ගේ හඳුන්වාදීමෙන් පසුව , කරන්න කතාවක් සිරාට ඉදිරිපත් වෙලා තිබ්බේ නැත .
"පුතා,දැන් සුජිත් කියපු නැති කරුණු ත් ඇතුලත් කරලා හොඳ කතාවක් කරන්න " අපේ සර්, ඔහුගේ මොරාල් එකට පොඩි තල්ලුවක් දුන්නේය .
සිරා පටන් ගත්තේය
"සභාවෙන් අවසරයි .......මා මෙතනට පැමිණියේ අපේ රට ගැන කතාවක් කිරීමටයි . ......අපේ රට ශ්‍රී ලංකාවයි .......අසා සිටි ඔබ සැමට ස්තුතියි" ඔහු කතාව අවසන් කර ගොස් ඉඳ ගත්තේය .
මීළඟට ලියන්නට සිතා සිටියේ අගමැති තුමා පහුගිය සතියේ , මුදල් ඇමති තුමා ඉදිරිපත් කරන්න නියමිත අයවැය ගැන කළ "පොඩි" හැඳින්වීම ගැනය . තවද මාරෆන් ගේ ෆන් ම ෆන් ඇවන්ගාඩ් කතාව ගැන ය. නමුත් සුජ්ජාගේ කතාව ගැන පෙර කතාව පොඩ්ඩක් වැඩියෙන් දික් විය . අනෙක් අතට ඉතුරු කතා ලිවීමද දැන් අනැවැසියි යයි සිතමි .
ඉහත කී කතා පමණක් නොව , බොහෝ කතා ගැන හඳුන්වාදීමෙන් පස්සේ ඇහෙන්නේ "අසා සිටි ඔබ සැමට ස්තුතියි " යන්න පමණක් නේදෝ යයි ද මට සිතුනි.
මතකනේ , කියන්නා කෙසේ කීවත් .......

07 November 2015
සනී සහ සනී ( සමාන්තර විශ්වයේ කතා දෙකක් )
ඔන්න මුලින්ම කිව්වා මේවා සමාන්තර විශ්වයේ කතා . සත්‍ය සිදුවීම් වලට සමාන්තර වීම purely coincidential ය . සිංහලෙන් කියනවානම් "වරදක් කලත් හිතකින් නොවේ " (සභාවෙන් සිනා )
පෙරේරා අංකල් සුපුරුදු පරිදි , සුදු කොට කලිසම හැඳ , ටී ෂර්ට් එක යට කර ගත්තේය . සුපුරුදු පරිදි ස්පෝර්ට්ස් ශුස් යුගලද පැළඳ ගත්තේය . අද ඉරිදාය . මේ ඔහු ලෑස්ති වෙන්නේ සුපුරුදු පරිදි කඩේට යාමටය . පෙරේරා විශ්‍රාමිකයෙකි . හැබැයි ඔහුගේ වදන් වලින් කියනවානම් ඒ කාලේ මහා ස්පෝර්ට්ස් මන් කෙනෙකි . ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලන් කරන්නට අවස්තාව ඔන්න මෙන්න මග හැරී ගිය අයෙකි . ක්‍රිකට් හැරුණු කොට පුට්බෝල් ,රගර් , හොකී මෙකි නොකී බොහෝ ක්‍රීඩාවන්හි කෙළ පැමිණියෙකි . නමුත් කොල්ලන් නම් කීවේ ඔහු කෙළ පැමිණි එකම ක්‍රීඩා නම් විට හැපීම හා බේගල් අතහැරීම කියාය .
"ආ අංකල් මොකෝ පරක්කු වෙලා අද ? " . කඩේ මුදලාලි කොලුවා කතාවට මුල පිරුවේය
ආ කොහොමද පුතා..... ඊයේ රෑ වර්ල්ඩ් කප් බැලුවානේ , නැගිටින්න පරක්කු උනා
අම්මට සිරි අංකල් රගරුත් බලනවද ?
එහෙනම් ....මම රගර් ගහලත් තියෙනවා . කොහොමද අපේ ඕල් බැලක්ස් ලාගේ වැඩ ?
හෑ හ් ? අපේ ඕල් බැලක්ස් ?
ඇයි බැලුවේ නැද්ද ?
නෑ අංකල් බලන්න කියලා සෙට් වුනා ... ඒත් ඕල් බැලක්ස් එන්න කලින් ඕල් රිසව් ආවා .. ටිකක් වැඩි වුනා
අපරාදේ ..
අන්කල් ඒක නෙමේ , මැච් එකෙන් පස්සේ අර කව්ද හාදයෙක් මැඩ්ල් එක පොඩි එකෙකුට දුන්නලු නේද ?
ආ ඔව් ඔව් ..ඒ අපේ මේ සනී බිලින් විලියොන් නේ ...
ආ එයාද ? .... මම හරියටම දන්නේ නම් නෑ ... ඒත් ඇයි ඒ අංකල් ?
ඉස්පෝට් මන් සිප් එකනේ පුතා ... ඒකට අපේ කට්ටිය ... අර අනුහයේ කප් එක දිනපු වෙලාවේ අර විකට් පොල්ලකට රණ්ඩු වුන හැටි ..
ඒ වුනාට .. ඒ සිද්ධි දෙක සමාන නෑ නේ අංකල් ?
ඒ වුනාට ... මේ පොර නියම ඉස්පෝට්ස් මන් පුතා
අංකල් ඔය සනී බිල් .. මුස්ලිම් ලු නේද
ආ එහෙමද ? එක අතකට පුතා කියන එකත් ඇත්ත ... ඔය සනී බින් හාදයා , කපටි කමට ඕකෙන් ප්‍රසිද්ධියක් ගන්නම හිතලා ඕක කරන්න ඇති ...මොකෝ ඔය තම්බියෝ ඉන්නවා නේද.....
***
විමලේට ඊයේ රාත්‍රියේ හරි හමන් නින්දක් ලැබුනේ නැත . ඒ අදට යෙදී ඇති විරෝධතාවය ගැන සිතේ ඇති විචිකිච්චාව නිසාය . එහෙත් ඔහු ගේ හිත උද්යෝගීමත් ව තිබුණි . හදවත ගැස්මද ටිකක් වේගවත් බව ඔහුට දැනුනි .
සිරුරු කිස නිමවා , ඉනට ඇඳි තුවාය පිටින්ම අල්මාරිය වෙත ගියේ ඇඳුමක් තෝරා ගැනීමටය . මුලින්ම සුදුසු කමිසයක් ඇඟලා ගත් ඔහු කැඩපතින් හැඩ බැලුවේය. පාට වියැකුණු තුවායේ , "ම" යන්නක් තට්ටම මතටම සමපාත වී තිබුණි .ඊට පසුව තිබු "හි" යන්න දිස් වන්නේ යන්තමටය . එතනින් එහාට අකුරු මැකී ගොසිනි .
ඔහු ගේ අල්මාරිය හරිම පිළිවෙලය . එක එක පාට කමිස එල්ලා ඇත . ලාච්චුවේ සීරුවට ගොඩ ගැසූ පාස්පෝට් මිටියකි . ඔහු පාවහන් යුවලක් තෝරා ගත්තේය . පාස්පෝට් වැරදුනා මෙන් නොව , විරෝධතාවයකට යාමේදී ඊට ගැලපෙන පාවහන් යුවලක් පැළඳීම ඉතා වැදගත් බව ඔහු අත්දැකීමෙන් දත්තේය . පෙළපාලියේ යන්නට රනින් ශුස් පැළඳ , විරෝධතාවයේදී අඳින්න සෙරෙප්පු කුට්ටමක් මල්ලක දමා ගත්තේය .
විමලේ කොල්ලුපිටියට යන විට , කට්ටිය පැමිණ සිටියහ . සියල්ලෝ කැසිනෝ ශාලාවක් ඉදිරිපිට රැස්වී සිටියහ .
"සර් මේ කට්ටිය , දේශීය ලිංගික ශ්‍රමික පර්ෂදයෙන් . අපේ දේශීය රැකියා වෙළඳ පොළ , ඉන්දියානුවන්ට විවෘත වීම නිසා ඇතිවන දුෂ්කරතා නිසා ප්‍රතිපත්තිමය තීරණයක් අරන් අපිට සහය දෙන්න " මුසා , මුහුණ ටිකක් වැඩියෙන් පාට කළ,
තද රතු තොල් සායම් උලාගත් මැදි වයසේ කාන්තාවක් හඳුන්වා දුන්නේය .
"මම ටාආ ආ ආ නියා, අපි බෝඩ් ඇඳ ගෙනම ආවා " ඈ වයසට නොගැලපෙන කෝල බවක් පෑය . "හෙළ ජාතික අභිමානේ " බෝඩ් ලෑල්ලේ ලියා තිබුණි . විමලේට තම මුහුණ රතුවෙනවා මෙන් දැනින . ඔහු හිමින් සැරේ බැලුවේ, තමාගේ දේශප්‍රේමය අවදි වුවාදැයි සැක සිතුනු බැවිනි .
විරෝධතාවය නැගලා ම ගියේය .
"එපා එපා එන්න එපා ...සනී මෙහෙ එන්න එපෝ "
" සීපා දිගේ සනී එනෝ ... අපේ රස්සා කොල්ල කනෝ .... පළල් කරන් සනී එනෝ .... සංසාරේ දික් වෙනවෝ "
" බෙලාජියෝ , රනිල් , සනී හවුල භංග වේවා " //
" බෙලාජියෝ ගෙනියනවා ..සනීගේ (ඉතිරිය හරි හැටි ඇහුනේ නැත ) .. මේවා දැකලා අපි කොහොමද නිවන් දකින්නේ ...."
සටන් පාඨ මොර දුන්නෝය .
අයෙක් පැමිණ පිරිත් පැන් ඉස්සේ, මේ කැසිනෝ ශාලාව ඇතුළේ ඇති සුරාවෙන් සූදුවෙන් සහ මරඟනන් ගෙන් දේශප්‍රේමීන් ගේ සිත් ආරක්ෂා කර ගැනීමටය
නැවතත් මුසා පැමිණියේය . "සර් ඉස්සරහට ඇවිත් කතාවක් කරන්න , ටී වී චැනල් වල කට්ටියට පරක්කු වෙනවා ලු ...වොයිස් කට් ගන්න "
විමලේ කතාව පටන් ගත්තේය . අත්පොලසන් , ඔල්වරසන් හඬ මැද වචන ගලා එන්නට විය . ගිරිය පිප්පි , හඬ සැර විය
" ... මේ වගේ විදේශීය අත පෙවීම් ඉදිරියේ දේශප්‍රේමී ජනතාව නිකන් බලන් ඉන්නේ නෑ ... මේ ඩීල් කාරයින් , හොරු , එන් ජී ඕ කාරයින්ට කියන්න කැමතියි ..මතක තියා ගනින් බෙලාජියෝ ..මහත්තයෝ ...ඔය සනී ගේ කෙරුම් , මමත් හොඳට දැකලා ...නෑ නෑ සමා වන්න මමත් ඒ ගැන අහලා තියෙනවා ....අද සනී ආවොත් ... අපේ සදාචාරය රැක ගන්න ඉස්සරහට ආපු මේ ජන බලවේගය විසින් සනීව ...."
විමලේ කැසිනෝ හලේ වසා ඇති දොර දෙසට හැරුණි
"සනීව ගෝල්පේස් එකට ගෙනිහින් ... රෙදි ගලවලා... "
ඔහු ආපසු හැරුනු විට දුටුවේ පිරිස වේගයෙන් ගාලු පාර දෙසට දිව යන අයුරුය . මුසාද දිවයන බැව් දුටු ඔහු වට පිට බැලුවේ ශ්‍රී ලංකා (ස්වාධීන වූ) පොලිසියෙන් බිස්කට් බෙදන්න වත් ඇවිත්ද කියා ය . එහෙම සේයාවක් වත් පෙනෙන්නට නැත .
"මුසා මුසා මොකෝ බන් දුවන්නේ ..කොහේද යන්නේ ?"
" නෑ සර් කට්ටිය ගෝල්පේස් යනවා ... අර සනී ගේ රෙදි ගලවනවා බලන්න ...ලයිව් දැකලා නෑ නේ .. ඒකයි මාත් ..." මුසා අහිංසක හිනාවක් පෑවේය

30 October 2015
අවම බලය සහ උපරිම සුදුසුකම (හෙවත් සෝමා ඇන්ටිගේ කෑම කැවීම )
දේශපාල තාත්තාගේ
චන්ඩි බන්ඩි පොලිස් පුතා
හදනු නියා බාර කලා
ස්වාධීන කොමිසමකට
ඒ වුනාට
අනේ තාම
ගාලු පාරේ
බිම පෙරළන්
බැටන් පොල්ලේ
අවම බලය
තැලුම් පාර
නිල් වෙනකන්
***
සෝමා ඇන්ටි , පුරුදු පරිදි කෑම පිඟානක් බෙදා ගෙන තම මුණුපුරා පස්සෙන් දුවන්නේ කෑම ටික කවා ගැනීමටය . පුරුදු පරිදි ආතම්මලා මෙවැනි විටෙක බිල්ලෝ එන කතා , කරෝල වාඩී වලට ගෙන යන කතා කියා පොඩි එවුන් බය කරන්නෝය . නමුත් සෝමා ඇන්ටි ටිකක් නිර්මාණ ශීලිය . ඇය කියන්නේ වෙනස්ම කතාය .
" පුතේ , මේ කට කෑවේ නැත්නම් මයේ පුතා ව අල්ලාගෙන ගිහින් කොට දෙනියාවේ ඕ අයි සී කරයි ". පොඩි එකා කට ඇර බත් පිඬක් කන්නේය .
" මේකත් කන්න පුතේ , නැත්නම් අල්ලාගෙන ගිහින් ජනාධිපති විමර්ශන කොමිසමට ගෙනියයි ". නැවතත් සිඟිති මුව ඇරෙන්නේය .
" පුතේ මේ අන්තිම කට, මේකත් කන්න , නැත්නම් අල්ලා ගෙන ගිහින් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කෙනෙක් කරයි .."
"මට බෑ .."
"ඔන්න මම නොකීවා කියන්න එපා , ඊට පස්සේ පුතාට එකේ ඉන්න නොසන්ඩාල කොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙයි "
පොඩි එකා ගේ දිවීම නැවතුණි
"මොනාද පස්න ?"
"උන් අහයි , උඩ යන්නේ නැතිව හරහට අහස් ගුණ්ඩු යවන්නේ කොහොමද කියලා . අහයි අහසේ තරු කීයක් තියෙනවද කියලා . අහයි සිංහ කොඩිය ගහලා ඇරපු චන්ද්‍රිකාව කෝ කියලා "
"ඉතින් මන් දල් ලෑ ලේ ."
"ඒක තමයි , එතකොට උන් පුතාට හූ කියයි .... කොළ බෝල වලින් ගහයි ..... "
"ආතම්මේ විච්ච විද්දාලේ කියන්නේ මොකක්ද "
"ඒක ලොකු ඉස්කෝලයක් "
"මොන්ටිසෝලිය වගේ ?"
"නෑ නෑ , මොන්ටිසෝරි ගිහින් , ඉස්කෝලේ ගිහින් , ඕලේවල් , ඒ ලෙවල් විභාග පාස් කරලා ඊට පස්සේ තමා විස්ස විද්‍යාලේ යන්නේ "
"හූ හු ආතම්මාට අමතක උනා , මම විභාග පාස් කලලා නෑ නේ "
ඒ වුනාට දැන් ඒවා බලන්නේ නෑත් ලු පුතේ .....දැන් ගොඩක් දේවල් කරන්න ළමයින්ට දීලා නේ තියෙන්නේ ... රටේ දේවල් දෙන්න ළමයි හොය හොයා ඉන්නේ
29 October 2015
තනි රූල් ඉරි අතර , ජීවිතය ලිවීම
සුදු
හිස් පිටු පුරා
ඇඳි තහංචි රේඛා
තනී රූල්
ලංවී බලන්
නොවේද දිස්
දෙඉවුරක් ගං
අනන්තයකට විහිදුනු
නෙක් රහස් සැඟවුණු
බෙණ යැති අඳුරු
කුඹුක් ගහත්
දියටම නැමුනු
මතකයක
පිලිහිඩු නීල සළු ද
පෙරී ආ අව් රැසේ
වේලෙන්නට වැනු
වාක්‍ය
බැමි බිඳ
වචන
ගලා යයි ඔහේ
විටෙක දොළ පාරක්ව
විටෙක සැඩ රළ නගා
දෙගොඩ තලා
නොගලා
ඒත්
පරිස්සමෙන්
මග හරිමින්
ප්‍රශ්නාර්ථ , කොමා
නැවතීමේ තිත්
මේ රූල් ඉරි
අතරය එල්ලුවේ
මා
තීන්ත වේලෙන්න නියා
එක එකම වදනක්
ජීවිතය .
හිස් පිටු පුරා
ඇඳි තහංචි රේඛා
තනී රූල්
ලංවී බලන්
නොවේද දිස්
දෙඉවුරක් ගං
අනන්තයකට විහිදුනු
නෙක් රහස් සැඟවුණු
බෙණ යැති අඳුරු
කුඹුක් ගහත්
දියටම නැමුනු
මතකයක
පිලිහිඩු නීල සළු ද
පෙරී ආ අව් රැසේ
වේලෙන්නට වැනු
වාක්‍ය
බැමි බිඳ
වචන
ගලා යයි ඔහේ
විටෙක දොළ පාරක්ව
විටෙක සැඩ රළ නගා
දෙගොඩ තලා
නොගලා
ඒත්
පරිස්සමෙන්
මග හරිමින්
ප්‍රශ්නාර්ථ , කොමා
නැවතීමේ තිත්
මේ රූල් ඉරි
අතරය එල්ලුවේ
මා
තීන්ත වේලෙන්න නියා
එක එකම වදනක්
ජීවිතය .
26 October 2015
හිට්ලර් යාම , චැප්ලින් ඒම සහ Back to the future
2015 ඔක්තෝබර් 21 ගැන කතාබහක් ඇතිවුයේ , Back to the future (බැක් ටු ද ෆියුචර්) චිත්‍රපට මාලාවේ මාර්ටි අනාගතයට යන දවස එය වූ බැවිනි .
කොටින්ම මේ චිත්‍රපටය ඇත්තක් නම් , එදා කොහේ හෝ තැනක මොඩිෆයි කල ඩිලෝරියන් රථ කාල යන්ත්‍රය, කාලතරණය කර මතුවෙන්නට ඇත . සංවාදයක් ඇතිවී තිබුනේ එදා 1985 දී මේ චිත්‍රපටයෙන් , 2015 දී පවතී යයි අනාවැකි කී කෙතරම් දේ අද සැබෑවී ඇත්දැයි කියාය . වීඩියෝ සම්මන්ත්‍රණ , පාවෙන හුවර් බෝඩ් , ටැබ්ලට් පරිගණක, ෆ්ලැට් ස්ක්‍රීන් රුපවාහිනී ආදී බොහෝ දේ ඒ අතර වෙති .
දැන් මේ දවස් වල ලංකාවේ කතාවෙන චිත්‍රපටය දෙසට හැරෙමු . චිත්‍රපටය "ඇඩ්රස් නෑ" ය . එයට කියවීම් බොහොමයක් ඇත . අබා සිට මේ දක්වා, ජැකා ආ ගමන යයි අයෙක් කියුවේය . හිතේ ඇතුවූ කනස්සල්ල නිසා කෙරූ නිර්මාණයක් යයි තවත් අයෙක් කියූහ . ඒත් මාස අටක් ඇතුලත චිත්‍රපටයක් නිර්මාණය කළ හැකිද යන්න සැක සහිතය . නමුත් සංස්කරණයෙන් , ලබාගත් දර්ශන ඇමිණීම වෙනස් කොට කතාව උඩු යටි කලද හැක . කෙසේ වුවත් සැකයේ වාසිය අධ්‍යක්ෂකට දෙමු . නමුත් ජැකා අබා විකුණු ලෙසින්ම , ඇඩ්රස් නැති කතාවත් විකුනන්නේය . එය නම් වෙනම කතාවකි .
චිත්‍රපටය තවම තිරගත වී නැත . මා මේ සැරසෙන්නේ පුර්ව ප්‍රචාරක පට කිහිපයක් පමණක් නරඹා යම් කියවීමක් කිරීමටය . මුළු චිත්‍රපටයම නොබලා , ඒ ගැන ගැඹුරින් නොසිතා, විචාරය , කිසිම චිත්‍රපට විචාරකයෙකුට නොහොබි . එහෙත් මම චිත්‍රපට විචාරකයෙක් නොවෙමි. ඇතැම් විට දැන දැනම නොහොබී දේ ද කරමි .
මුලින්ම මෙහි කියවෙන පරිදිම නාසි වත්තේ හිට්ලර් , ඒ අයිඩෙන්ටිය විසික්කා කොට වෙනස් වන්නේය . එකෝමත් එක රටක වූ මේ වැනි කතාවක් යන්තමට මෙන් මතකය .
"හිට්ලර් ගියා චැප්ලින් ආවා යයි" , ගැඹුරු හඬින් පළමු ප්‍රොමෝ එකේද , දෙවැනි එකේ විහිලු හඬකින්ද කවුදෝ කියන්නේය.. ( අනේ මන්දා )
මෙහි සිටින චැප්ලින් ගොළුය . මිනිසුන් වට කරගෙන චැප්ලින් , හිට්ලර් උපහාසයට ලක් කරන්නේය . මිනිස්සු ඉන් ප්‍රීතී ප්‍රමෝදයට පත්වී සල්ලි විසි කරති.
හිට්ලර් විකුණා චැප්ලින් ජීවත් වෙයි . එහෙත් හිට්ලර් ගේ දරුවා හදා වඩා ගන්නේ චැප්ලින්ය . (?)
තව දර්ශනයක පරණ සුදු වෑන් එකක් , තල්ලු ස්ටාට් කර දුම් දමා ගෙන ඉදිරියට ඇදේ . එහි පැත්තක බාගේට ඉරා දැමු පෝස්ටරයක් ඇත එහි " මන්ත්‍ර , මැජික් , කඩු සටන් ......අලුත් පිටපත" කියා සටහන් වී ඇත . (!)
මේවා ගැන මොකක්දෝ හරියටම ඝනීභවනය නොවූ කියවීමක් මා සිතේ ලියවේ .
එක් කට් එකක , "මට බඩගිනියි " කියා ගෙන තම දොර පාමුලට එන හිට්ලර් ගේ මුහුණට, දොර, පින්සාර වහන්නේ "විශ්වාසා පරමා ඥාති " කියමිනි ..... (හ්ම්ම්ම්)
පුර්ව ප්‍රචාරණ පටය අවසානයේ හිට්ලර් පොලිස් ජීප් එකකට නංවා ගන්නා දර්ශනයක් ඇත . නමුත් හිට්ලර් නගින්නේ ඉස්සරහ සීට් එකටය . එවිට පොලීසියේ OIC ඉබේම ඩ්‍රයිවර් කෙනෙක් මෙන් දිස්වේ. එහි කවුළුවෙන් අපි දෙස බලන හිට්ලර් "ඇඩ්රස් නෑ " කියා කියන්නේය . ඔහු එය කියා (ඔලොක්කුවට මෙන් ) සිනාසුනු බවක් මට දැන් සිහිවේ .
මේ චිත්‍රපටය රූ ගත කර තිබෙන්නේ 2013, 2014 කාලයේය . ඒ කියන්නේ මේ වසරේ සිදුවූ අලකලංචි ගැන කිසි පෙර නිමිත්තක් නැතුවය . එසේ නම් back to the future මෙන්ම , "ඇඩ්රස් නෑ" ත් අනාගතය පෙර දැක්කාද ?
මෙය මනෝවිකාරයකි . නමුත් අර back to the future හි doc කියන්නාක් මෙන් " if you do not consider time , it makes perfect sense" (කාලය මේ සමීකරණයෙන් ඉවත් කළ හොත් එය තේරුම් ගත හැක .)
පලි :මෙය කලාකෘතියක් , කලාකාරයෙක් , චිත්‍රපටයක් , සමාජ සංසිද්ධියක් ගැන කියවීමක් නොවේය . මේ ගැන විවිධ අය විවිධ දේ ලියා ඇත . මේ චිත්‍රපටය , පුර්ව පට වලින් ඔබ්බට ලෙලි ගසා බැලුවිට , ගත යුත්තක් නැති නිර්මාණයක් වීමටද ඉඩ ඇත . ඒත් මගේ ඔලුවේ විසිරුණු යම් සිතිවිලි කීපයක් සටහන් කර තැබීමට සිත් විය

24 October 2015
ආච්චි මළ බව පමණක් කීම හෙවත් What to say when you don't have anything to say
" මේ උ*තෝ , නානපාල ..... මේ ආපන් ...."
නල්ලතම්බි මහතා තමන් දන්නා සිංහලෙන් නානපාල ඇමතුවේය (නල්ලතම්බි මහතාට "හ" යන්න කියවෙන්නේ නැත . එක්කෝ ඔහු ඊට අ යන්න හෝ උ යන්න ආදේශ කරන්නේය නැතිනම් අමතකම කර දමන්නේය ).
මේ සිද්ධිය මා සේවය කළ මුල්ම ආයතනයේ , ඊට ගිය අලුත සිදූවූ වකි .
ඥානපාල නොහොත් නානපාල එහි සේවයට අලුතින් එක්වූ තරුණ ගැටයෙකි . ඔහු පුහුණු ලිපිකරුවෙකි . ආයතනයේ කොල්ලන්ගේ බසින්ම කියතොත් , උනන්දුවෙකි . (යාන්තමට මුහුණ කට හෝදා ගන්නට කිව්වොත් , බාල්දියක් ගෙන නාන තරමටම උනන්දුවෙකි .)
නල්ලතම්බි මහතා මානව සම්පත් අංශයේ පලමු ශ්‍රේණියේ නිලධාරියෙකි . වසර දහයක පමණ සේවා අත්දැකීම් ඇති ඔහු , නිවුනු ගති ඇත්තෙකි . කිසිවෙකින් කලබල නොවන්නෙකි . ඔහු අපේ බොස්ය . දරුවන් නොසිටි ඔහු , තම බිරිඳ සමග පදිංචි වී සිටියේ වැල්ලවත්ත පැත්තේ කුලී ගෙයකය. ඔහු රාජකාරිය දේව කාරිය සේ සැලකුවේය . උදේ සිට සවස් වෙන තෙක් තම යටතේ සිටින සේවකයන්ට පරාල ඇනයක් වෙන ඔහු , හවසට ඔවුන්ව කැඳවා ගෙන වයිට් හෝස් එකට ගොස්
කිහිපයක් ළඟ නවා ගෙන , ඉන් පසු සරස්වතී එකෙන් තොසේද අරන් දෙන්නේ තමන්ට ලැබෙන සොච්චමිනි . ඕනෑම දුකකදී ඔහු මුල් තැන ගත්තේය . ඔහුගේ බොක්ක රත්තරන් බව සියල්ලෝම දත්තෙමු. එහෙයින් , කෙතෙක් කටුක වුවද , පෙරලා හොම්බට එකක් අනින්නට සිතිවිලි ජනනය වුවද , ඔහු ඇනුම් බැනුම් ඉවසා සිටියෙමු .
මේ සිද්ධිය සිදු වෙන දිනයට සතියකට පමණ පෙර , head office එකෙන් (ප්‍රධාන කාර්යාලයෙන් ) විගනණාධිකාරීන් හෙවත් ඔඩිටරයෝ අප ශාඛාවට පැමිණියහ . දැන් ලෙජර් , ෆයිල් දිග හැර ගෙන මහා audit එකකි. අප ආයතනය අන්තර්ජාතික ආයතනයකි , එහි විගණනය කරන කාණ්ඩයම පැමිණෙන්නේ විදේශයකිනි .ඔවුන්ට සිංහල නොතේරේ . ඔවුන් ඉන්නා විට පොතේ හැටියටම වැඩ කරන ලෙසත් , සුපුරුදු නීති අස්සෙන් රිංගීම, කෙටි වෙට්ටු දැමීම ආදිය නොකරන ලෙසත් මොනවා හරි හොරෙන් කියන්න ඕනේ නම් සිංහලෙන් කතා කරන ලෙසත් අපේ බොසා අපට මුලින්ම උපදෙස් දී තිබුණි .
දිනක්, එක ඔඩිටරයෙක් , අපේ නානාව අල්ලා ගෙන වවුචර් පෝස්ටින් හෙවත් බැරවීම්, ලෙජරයේ සටහන් කිරීමේ ක්‍රියා පටිපාටිය විස්තර කරන ලෙස ඉල්ලා සිටියේය .
අපිට නල්ලතම්බි කට පාඩම් කෙරවූ පරිද්දෙම්ම, නානා , කට පාඩමින් ඒ ටු ඉසෙඩ් කීවේ, කිසිදු අපහසුවක් නැතුවය .
"Very good , anything else ? " (බොහොම හොඳයි , වෙන මොකුත් කියන්න තියෙනවද ....) ඔහු ඇසුවේ කට්ට කමටද , මනුස්ස කමටද කියා මම නොදනිමි
"Yes sir , although the process is like that , practically ...." (ඔව් සර් ... ඔය ප්‍රොසෙස් එක ඔහොම තිබ්බට , ප්‍රැක්ටිකලි කරන්න ගියාම .....)
නානා සැරසෙන්නේ වැඩේ කන්න ය . මූ දැන් පොතේ තියෙන විදිය කියා අවසන් කර, ඇත්තටම අපි වැඩේ කරන විදියත් කියන්න සැරසෙන්නේය .
නල්ලතම්බි ඉස්සර වූයේ මෙවිටය
දන්නා සිංහලෙන්, අර උක්ත කී අයුරෙන්, නානා ඇමතු ඔහු..
"...උඹේ ආච්චි මැරුණා කිව්වම ඇති . මැරිච්ච විදිය කියන්න ඕනේ නෑ, ...." කියා තම ප්‍රකාශය අවසන් කළේය
එදා හවස තෝසේ අඹරන වෙලාවේ මේ කතාව නැවතත් ඇදී ආවේය .
"නෑ බොස් මම , අපේ මුළු ප්‍රොසෙස් එකම කියන්න හැදුවේ ..." නානා උත්තර බඳින්න තතනත්ම , නල්ලතම්බි ඔහුව නැවත්තුවේය
"අයිශේ නානපාල , මේක ඔඳට ඉතට ගන්න ... මේක ගෝල්ඩන් ඇඩ්වයිස් එකක් පුතා , ඔයා කැරියර් එකේ උඩට යනකොටත් මේක අමතක කරන්න එපා ...උඹට නිකන් කට තියන් ඉන්න බැරිනම් , බුල්ටෝ එකක් කටේ දා ගන්න .... කියන්න ඉම්පෝටන් දෙයක් නැත්තන් මොකුත් කියන්නේ නැතුව කට වාන් ඉටපන් ...."
නල්ලතම්බි , පසු කලෙක විශ්‍රාම ගත්තේය . එවිට ඔහු නිලධාරී 2වෙනි ශ්‍රේණියට උසස් වීමක් ලබා තිබුණි .
නානා , අද එතෙරය . ලොකු තැනකය . නානා විතරක් නොව එදා ඒ මේසයේ තෝසේ හා සාම්බාරු එකට ඇඹරු බොහෝ දෙනෙක් අද වෘත්තීමය ලෙස බොහෝ දුර ගොස් ඇත .
නල්ලතම්බි ගේ ඒ උපදෙස බොහෝ දෙනෙකුට තවම මතක ඇත. එහි වටිනාකම මගේ වෘත්තිමය දිවියේ බොහෝ තැන් වලදී අත්දැක ඇත්තෙමි, පිළිපැද ඇත්තෙමි . නිසි තැනදී කිව යුත්ත කීමෙන් මෙන්ම , කට වසා ගෙන සිටීමෙන්ද බොහෝ ප්‍රථිපල ලබා ගෙන ඇත්තෙමි .
මෙය අපි වැන්නවුන්ට පමණක් නොව , රජෙකුට, ජනාධිපති කෙනෙකුට වුව මනා උවදෙසක් යයි සිතුනේ, පහුගිය දාක දුටු පුවත් සිරස්තලයකිනි .
" රණ විරුවන් අධිකරණයට කැඳවීම වැරදියි , ඒ ගැන මම කනගාටු වෙනවා , මේ ගැන මම දන්නෙවත් නෑ: සේනාධිනායක" කියා එහි සටහන් වී තිබුණි.
නල්ලතම්බි මහතා තමන් දන්නා සිංහලෙන් නානපාල ඇමතුවේය (නල්ලතම්බි මහතාට "හ" යන්න කියවෙන්නේ නැත . එක්කෝ ඔහු ඊට අ යන්න හෝ උ යන්න ආදේශ කරන්නේය නැතිනම් අමතකම කර දමන්නේය ).
මේ සිද්ධිය මා සේවය කළ මුල්ම ආයතනයේ , ඊට ගිය අලුත සිදූවූ වකි .
ඥානපාල නොහොත් නානපාල එහි සේවයට අලුතින් එක්වූ තරුණ ගැටයෙකි . ඔහු පුහුණු ලිපිකරුවෙකි . ආයතනයේ කොල්ලන්ගේ බසින්ම කියතොත් , උනන්දුවෙකි . (යාන්තමට මුහුණ කට හෝදා ගන්නට කිව්වොත් , බාල්දියක් ගෙන නාන තරමටම උනන්දුවෙකි .)
නල්ලතම්බි මහතා මානව සම්පත් අංශයේ පලමු ශ්‍රේණියේ නිලධාරියෙකි . වසර දහයක පමණ සේවා අත්දැකීම් ඇති ඔහු , නිවුනු ගති ඇත්තෙකි . කිසිවෙකින් කලබල නොවන්නෙකි . ඔහු අපේ බොස්ය . දරුවන් නොසිටි ඔහු , තම බිරිඳ සමග පදිංචි වී සිටියේ වැල්ලවත්ත පැත්තේ කුලී ගෙයකය. ඔහු රාජකාරිය දේව කාරිය සේ සැලකුවේය . උදේ සිට සවස් වෙන තෙක් තම යටතේ සිටින සේවකයන්ට පරාල ඇනයක් වෙන ඔහු , හවසට ඔවුන්ව කැඳවා ගෙන වයිට් හෝස් එකට ගොස්
කිහිපයක් ළඟ නවා ගෙන , ඉන් පසු සරස්වතී එකෙන් තොසේද අරන් දෙන්නේ තමන්ට ලැබෙන සොච්චමිනි . ඕනෑම දුකකදී ඔහු මුල් තැන ගත්තේය . ඔහුගේ බොක්ක රත්තරන් බව සියල්ලෝම දත්තෙමු. එහෙයින් , කෙතෙක් කටුක වුවද , පෙරලා හොම්බට එකක් අනින්නට සිතිවිලි ජනනය වුවද , ඔහු ඇනුම් බැනුම් ඉවසා සිටියෙමු .
දිනක්, එක ඔඩිටරයෙක් , අපේ නානාව අල්ලා ගෙන වවුචර් පෝස්ටින් හෙවත් බැරවීම්, ලෙජරයේ සටහන් කිරීමේ ක්‍රියා පටිපාටිය විස්තර කරන ලෙස ඉල්ලා සිටියේය .
අපිට නල්ලතම්බි කට පාඩම් කෙරවූ පරිද්දෙම්ම, නානා , කට පාඩමින් ඒ ටු ඉසෙඩ් කීවේ, කිසිදු අපහසුවක් නැතුවය .
"Very good , anything else ? " (බොහොම හොඳයි , වෙන මොකුත් කියන්න තියෙනවද ....) ඔහු ඇසුවේ කට්ට කමටද , මනුස්ස කමටද කියා මම නොදනිමි
"Yes sir , although the process is like that , practically ...." (ඔව් සර් ... ඔය ප්‍රොසෙස් එක ඔහොම තිබ්බට , ප්‍රැක්ටිකලි කරන්න ගියාම .....)
නානා සැරසෙන්නේ වැඩේ කන්න ය . මූ දැන් පොතේ තියෙන විදිය කියා අවසන් කර, ඇත්තටම අපි වැඩේ කරන විදියත් කියන්න සැරසෙන්නේය .
නල්ලතම්බි ඉස්සර වූයේ මෙවිටය
දන්නා සිංහලෙන්, අර උක්ත කී අයුරෙන්, නානා ඇමතු ඔහු..
"...උඹේ ආච්චි මැරුණා කිව්වම ඇති . මැරිච්ච විදිය කියන්න ඕනේ නෑ, ...." කියා තම ප්‍රකාශය අවසන් කළේය
එදා හවස තෝසේ අඹරන වෙලාවේ මේ කතාව නැවතත් ඇදී ආවේය .
"නෑ බොස් මම , අපේ මුළු ප්‍රොසෙස් එකම කියන්න හැදුවේ ..." නානා උත්තර බඳින්න තතනත්ම , නල්ලතම්බි ඔහුව නැවත්තුවේය
"අයිශේ නානපාල , මේක ඔඳට ඉතට ගන්න ... මේක ගෝල්ඩන් ඇඩ්වයිස් එකක් පුතා , ඔයා කැරියර් එකේ උඩට යනකොටත් මේක අමතක කරන්න එපා ...උඹට නිකන් කට තියන් ඉන්න බැරිනම් , බුල්ටෝ එකක් කටේ දා ගන්න .... කියන්න ඉම්පෝටන් දෙයක් නැත්තන් මොකුත් කියන්නේ නැතුව කට වාන් ඉටපන් ...."
නල්ලතම්බි , පසු කලෙක විශ්‍රාම ගත්තේය . එවිට ඔහු නිලධාරී 2වෙනි ශ්‍රේණියට උසස් වීමක් ලබා තිබුණි .
නානා , අද එතෙරය . ලොකු තැනකය . නානා විතරක් නොව එදා ඒ මේසයේ තෝසේ හා සාම්බාරු එකට ඇඹරු බොහෝ දෙනෙක් අද වෘත්තීමය ලෙස බොහෝ දුර ගොස් ඇත .
නල්ලතම්බි ගේ ඒ උපදෙස බොහෝ දෙනෙකුට තවම මතක ඇත. එහි වටිනාකම මගේ වෘත්තිමය දිවියේ බොහෝ තැන් වලදී අත්දැක ඇත්තෙමි, පිළිපැද ඇත්තෙමි . නිසි තැනදී කිව යුත්ත කීමෙන් මෙන්ම , කට වසා ගෙන සිටීමෙන්ද බොහෝ ප්‍රථිපල ලබා ගෙන ඇත්තෙමි .
මෙය අපි වැන්නවුන්ට පමණක් නොව , රජෙකුට, ජනාධිපති කෙනෙකුට වුව මනා උවදෙසක් යයි සිතුනේ, පහුගිය දාක දුටු පුවත් සිරස්තලයකිනි .
" රණ විරුවන් අධිකරණයට කැඳවීම වැරදියි , ඒ ගැන මම කනගාටු වෙනවා , මේ ගැන මම දන්නෙවත් නෑ: සේනාධිනායක" කියා එහි සටහන් වී තිබුණි.
22 October 2015
අවුරුදු අටයි මාස අටයි දවස් කීපයක් // Looking in to the rear view mirror
2007 මුල දවසක, ඊ මේල් කරපු කවියක් කියවපු අයෙක් මට "ඇයි ඔබ බ්ලොග් එකක් පටන් ගන්නේ නැත්තේ කියලා" කිව්වේ , මේ ඊ මේල් කරදරෙන් බේරෙන්නද කියලා මම අදටත් දන්නේ නෑ .
ඒ වෙනකොට බ්ලොග් කියන්නේ මොනවද කියලා මම දැන ගෙන හිටියා . උපන් රටෙන් ඇවිත් , පිටරටක පවුලත් එක්ක තනිවෙච්ච මම, ඒ සාංකාව නැති කර ගන්න ලංකාව ගැන කියවන්න පටන් ගත්තම , අහම්බෙන් කොත්තු සින්ඩිය හමු උනා . ඒ වෙනකොට සිංහලෙන් ලියවෙච්ච බ්ලොග් තිබ්බද කියලා මම දන්නේ නෑ . එදා ඉඳන් කියවපු සමහර බ්ලොග් (london lanka and drums , indi .ca ) තාමත් ලියවෙනවා ........ හැබැයි මේ බ්ලොග් සමග පොඩි දුරස් බවක් නම් මට දැනුනා කියලා දැන් හිතෙනවා .
ඔන්න ඉතින් මමත් (වැඩිය හිතන්න යන්නේ නැතිව ) බ්ලොග් එකක් පටන් ගත්තා . මුලින්ම පළ කලේ චායාරූප සහ ඒවාටම ගැලපෙන්න වාක්‍යයක් හෝ දෙකක් . පොඩියට පටන් ගත්ත පුරුද්දට මා ඇබ්බැහි උනා . වැඩේ හීනියට ඇදිලා ගියා. මුළු 2007 අවුරුද්දටම කොමෙන්ට්ස් 30යි . සමහර පෝස්ට්ස් බලල තියෙන්නෙත් 5 දෙනයි .
ඔහොම කාලේ ගතවෙනකොට , මා , හිතන බාසාව ගැන ටිකක් දුරට හිතන්න ගත්තා . මම නිගමනයකට ආවා මිනිස්සු හිතන බාසාවක් තියෙන බව ට හා මම ඉංග්‍රීසියෙන් ලිව්වත් හිතන්නේ සිංහලෙන් බවට . ටිකෙන් ටික කවි , කතා බ්ලොග් එකේ පිරවුනා . මේ වෙනකොට මම අන්තිම පේලියත් කියවන්න අරන් . අන්තිම පේලියේ ප්‍රතිචාර රැහැන් දිගේ ගිහින් ඒ හා සබැඳුනු බ්ලොග් කියවන්න පටන් ගත්තා. සමහර බ්ලොග් කියවලා කොමෙන්ට් කළා , සමහර බ්ලොග් කියෙව්වා විතරයි .
යුද්දේ ඉවර වෙලා රටක් කිරිබත් කාපු සතියේ , මගේ හිතේ කතාවක් හිරවෙලා බරවෙන්න ගත්තා . මේක කියා ගන්න විදියක් මම හෙව්වා , සිංහලෙන් ෆොන්ට් එකක් බා ගෙන මම මේක ලිවුවා . පලවෙනි සිංහල සටහන .
කාලයාගේ ඇවෑමෙන් අලුත් අලුත් බ්ලොග් මම හොයාගත්තා. බ්ලොග් කියෙව්වා , බ්ලොග් චරිත අඳුනා ගත්තා , ඒ පිටි පස්සේ ඉන්න මිනිස්සුත් කියවන්න ගත්තා .
අවුරුදු අටක් තිස්සේ මම කියවන (පුළුල් අර්ථයෙන්ම ) පරාසය පළල් වෙලා , ඒ දවස් වල කියවපු ටැබූ , වෙදනා , මාරයා , චාමි වගේම ඔබා ගේ ලියවිල්ල හිත තවම ඉල්ලුවත් , මේ අවකාශයත් මුහුකුරා ගිහින් කියලා මම හිතනවා . වෙන් වෙන්ව නම් වශයෙන් සඳහන් නොකළත් බොහෝ ලියවුනු, ලියවෙන බ්ලොග් මම කියවනවා. දිගටම ලියා ගෙන ආපු අය අලුතෙන් එකතු වෙච්ච අය කියවලා මම රස විඳිනවා . කළ , නොකළ යුතු දේ පිලිබඳ ඉගෙනගන්නවා . අලුත් කොල්ලෝ කෙල්ලෝ හිතන විදිය ඉගෙන ගන්නවා . කොච්චර වෙනස් වුනත් , අපේ ජීවිත අඩි 20000ක් උඩට ගිහින් බලපුවහම කොච්චර සමානද කියලා තහවුරු කර ගන්නවා.
කොටින්ම දවසකට විනාඩි 15ක් විස්සක් ලංකාවට ගිහින් "සෙට් " වෙනවා (සෙට් වෙනවා කියන එකට වඩා ශාස්ත්‍රීය වචනයක් මට හිතට එන්නේ නෑ. එතන සියලු රස කැලතුන බව , හර්දයාංගම බව තියෙනවා කියලා හිතෙනවා )
බොරු කියන්න ඕනේ නෑ , බොහෝ ලේඛකයන් වගේම , ප්‍රතිචාර , මා වත් උනන්දු කරවනවා . ඒත් බොහෝ විට කිසිම ප්‍රතිචාර නැතිවත් දිගටම ලියුවේ ඇයි කියලා
කියන ප්‍රශ්නෙත් හිතට නැගෙනවා. (පහුගිය දවසක මම හෝටලයක ලොබියක , ගයන ගායකයෙක් දිහා බලා ගෙන උන්නා . ලොබියේ තුන් දෙනයි . උනුත් සින්දු අහන්නේ නෑ . ඒත් රස්සාව නිසා අර මනුස්සයා සින්දු කියනවා ...මමත් ඒ වගේද (රස්සාව වෙනුවට පුරුද්ද ) කියලා එවෙලේ මට හිතුනා )
අර ඉස්සර කකා ගේ බ්ලොග් එකේ තිබ්බා වගේ " කියන්න කතාන්දර ගොඩක් තියෙන කතන්දර කාරයෙක් " ද මං , කියලත් හිතෙනවා ...
හැබැයි මේ pinchpoints ... ඒ කියන්නේ නාභි ලක්ෂය , නැත්නම් කෙනෙත්තුම් පාර ,.. හිටපු ගමන් පොල්ලෙන් ගැහුවා වගේ ඔලුවට එන දේ පාක් කරන තැනක් ... ඒකයි විහිදුනු යථාර්තය මදකට පෑදී පෙනෙන කියලා ටැග් ලයින් එක දැමුවේත්.
මගේ පරණ දින පොතක මම ලියලා තියෙනවා , "මම මතක තියාගන්න චායාරූප ගනිමි, අමතක කරන්න ලියමි" කියලා . ඇත්ත. ලියලා මම හිත සැහැල්ලු කර ගන්නවා .
මම මේ සටහන කිහිප විටක් මේ අවුරුද්දේ පෙබරවාරියේ සිට ලිය ලිය , පැත්තකින් තැබුවේ ... අවුරුදු අටක ලියවිල්ල ගැන උදම් ඇනීම නොහොබි යයි හිතුනු නිසා . දැනුදු මට එලෙසම සිතුනත් මෙය අද පලකරන්නේ එක හේතුවකට .
ඔබේ සුභ පැතුම් නොව , මගේ සටහන් ගැන වෙනස් විය යුතු, වැඩි දියුණු කර ගත යුතු ( කොටින්ම feedback ) යයි ඔබ හිතන දේ ගැන ප්‍රතිචාර දක්වන්නේ නම් මම ඉතා කැමැත්තෙමි ....
අර කවුදෝ කෙනෙක් කිව්වා වගේම ගල් නම් වඩා හොඳය, සෝඩා එපාය.
19 October 2015
ෆෘට් සැලඩ් මතක සහ විවිධත්වය හා අනුගත වීම පිලිබඳ ෆෘට් සැලඩ් න්‍යාය// fruit salad memories and fruit salad theory of diversity and inclusion
ඒ දවස් වල බොහෝ විට ෆෘට් සැලඩ් එකක් අපේ ගෙදර හැදුනේ දානේකටය. බොහෝ විට මේ පලතුරු ගෙනාවේ නුගේගොඩ පොලෙන්ය . "ෆෘට් සැලඩ් එකකට " කියා කිව්වහම අඹ විකුනපු මුදලාලි , ගොඩේ යටින් හොඳ ගෙඩි තෝරා දුන් හැටිද මතක් වේ . මෙහි කිසි තාර්කික පදනමක් නැතත් , ඒ දවස් වල ෆ්රුට් සැලඩ් හා දානේ ගෙවල් අතර තිබු සම්බන්ධය නිසාම එය කළා යයි දැන් හැඟේ . ෆෘට් සැලඩ් එකක හැදීම මහා ව්‍යාපෘතියකි . පලතුරු හේදීම , ලෙලි ගැසීම , කෑලි කැපීමෙන් පසු එය බේසමක මිශ්‍ර වන්නේය . එය දුටු විට නම් මට දැනුනේ මහා අප්පිරියාවක්මය . නමුත් එය ඉවසා ගෙන ඒ අසල ගැවසුණේ , ඉතුරු අඹ ඇට ටික ලැබෙන නිසාය . නමුත් පසුව බෙලෙක් හෝ ප්ලාස්ටික් කෝප්පයකට , අයිස් ක්‍රීම් හැන්දක් යට හංගා දුන් විට කිසිම සිඟිත්තෙක් එය එපා කියන්නේ නම් නැත .
***
"ගෑණු ප්‍රතිශතය හරි ... දැන් අබ්බගාත පොරකුයි , අන්දයෙකුයි , සමලිංගිකයෙකුයි දෙපාර්තුමේන්තුවට ගත්තා නම් මගේ විවිධත්ව (diversity ) ටාගට් එක හරි "
ඒ අපේ ආයතනයේ සංස්කෘතික විවිධත්වය , සැමට සම තැන ගැන ලියවුනු මහා සිද්ධාන්ත, ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවෙන හැටිය . මෙය අපේ ආයතනයේ පමණක් නොව ලොව වටා බොහෝ ආයතන වල තත්වය යයි මම විශ්වාස කරමි .
විවිධත්වය මුලින්ම පිළිගත යුතුය (accept) , ඉන්පසු එය වැළඳ ගත යුතුය (embrace). නමුත් බොහෝ විට Diversity කතාන්දරය එතනින් නවතී
මෙය පලතුරු වට්ටියක ඇති විවිධ පලතුරු , අතගා , සුවඳ බැලීමට සමාන කර සිතන්න . අඹ ගෙඩි අඹ ගෙඩි ලෙසද , අන්නාසි අන්නාසි ලෙසද , කෙසෙල් ගෙඩි කෙසෙල් ගෙඩි ලෙසද හඳුනා ගනිමු . නමුත් වැදගත්ම පියවර එන්නේ මින් පසුව ය. එනම් අනුගත කර ගැනීමය (inclusion).
මෙය, එක විදියකට පලතුරු ලෙලි ගසා , ඉඩ ඇති බඳුනකට දමා පලතුරු සලාදයක් සැදීම වැන්න . ෆෘට් සැලඩ් එකක දැනෙන්නේ මිශ්‍ර පලතුරු රසය මිස , වෙන් වෙන් පලතුරු රසය නොවේය . වෙන් වෙන් පළතුරැ සියල්ල වෙන් වෙන්ව කෑවත් (බඩේ දී ෆෘට් සැලඩ් වෙන්න ) , ෆෘට් සැලඩ් අත්දැකීම හා සම නොවන්නේය . පලතුරු සලාදයකට පලතුරු සම සම ගන්නේ නැත . වැඩි ඇඹුල් දේ මද වශයෙන්ද , බහුල දේ වැඩි වශයෙන්ද ගනිමු . එහෙත් ඇඹුලේ ඇඹුල , අන් සියල්ල අභිබවා මතුවෙන අවස්ථාද . සංස්කෘතියන් ද මෙසේමය . සැර සංස්කෘතික ලක්ෂණ අනුගත වීම තුලද මතුවේ . රහස තියෙන්නේ හරි මාත්‍රාව සොයා ගැනීමෙහි මය . කෙසෙල් ගෙඩි ඇවරියක් පෙති ගසා , අන්නාසි පෙත්තක් දමා පලතුරු සලාදයක් වෙන්නේ නැත . එමෙන්ම එය අන්නාසි දැමු පමණින් අන්නාසි සලාදයක් වෙන්නේද නැත
විවිධත්වය හා අනුගත කර ගැනීමද මෙසේමය . නිවැරදි අමුද්‍රව්‍ය තෝරා ගත යුතුය (ඇඹුල් කෙහෙල් වෙනුවට රත් කෙහෙල් ගෙඩියක් කපා දැමීමෙන් වැඩේ ගොඩ දා ගන්න බැරිය . කාන්තාවන් නියෝජනයට රෝසි සැලකීමේදී වේවා , දෙමළුන් නියෝජනයට සම්බන්ධන් සැලකීමෙදී වේවා මෙය පොදුය .). සියලු අමුද්‍රව්‍ය නියමිත මාත්‍රාවට බඳුනට දැමීය යුතුය ( අඹ පැත්තකින් තියා සැලඩ් එක ඇනීමෙන් වැඩේ ජෝන් බාස් වේ) . හොඳට ඇනිය යුතුය (හොඳින් ම ඇනිය යුතුය . නමුත් වැඩියෙන් ඇනුවොත් වැඩේ චොර වේ ) .
විවිධත්වයන් හඳුනා ගැනීමේ අවසාන ඉලක්කය අනුගතවීමම විය යුතු යැයි. අනුගත වීමේ අවසාන ඉලක්කය , ලේබල් හැලීම දක්වාම විය යුතු යැයි , සිතමි . ආයතනයක විවිධත්ව ඉලක්ක , සමතැන දීම වේවා , රටක ජාතික ඒකාග්‍ර තාවය වේවා, මෙය පොදු යයි සිතමි .
මතක තබා ගන්න "අන්නාසිත් තියෙන නිසා සැලඩ් ඒක ජාති" කියා මිස , "අන්නාසි තිබුනත් සැලඩ් එක රසයි " කියා අපි කිසිදින නොකියමු.
එසේ නම් ....?
Subscribe to:
Posts (Atom)