17 January 2015

ජයග්‍රහණයේ තාත්තලා සහ වෙනත් කතා (ජනාධිපතිවරණයේ අතුරු කථා - අවසාන කොටස )

පරාජය අවජාතකව හිඳිද්දී . ජයග්‍රහණයේ දහසක් පියවරු ජාතකයට හිමිකම් කීමට ඉදිරියට එන සමයයි මේ . (නමුත් මා දන්නා ප්‍රජාතන්ත්‍රවාදයේ පරාජිතයන් නොමැත . බහුතර මතයට හිසනමා , ඉන් පසු ඒ තීරණය දිනවීමට සැවොම අප කැප විය යුතුය ). අපි එවැන්නන්  කිහිප දෙනෙක් සමග කතා කළෙමු .

ෆේස් බුකියේ මිතුරන් 867ක් සිටින සමිල සුදේශ් :  අයියේ මම අනුර කුමරගෙයි , සන්ජන් සාමනායකගෙයි කතා හිටු කියලා සෙයා  කළා . අපි මේ මයිතිරි යුගේට  ඉතින් ඒ දවස් වල බැහැල තමා වැඩ 

ෆේස් බුකියේ පෝස්ට්  ලයික් කිරීම තම විනෝදාංශය  කරගත් හක්මන ලැම්බට් මයා : අපිත් පෝස්ට්  එකක් නෑර ලයික් කළා . රජයේ සේවයේ කියලා බැලුවේ නෑ පොත අත්සන් කරපු වෙලාවේ ඉඳන් ඕප්  වෙනකන් , ඔන්න තේ බොන්නයි දවල්ට කන්නයි ඇරුනාම බුකියෙමයි හිටියේ . මේ දුසනේ නාස්තිය නැති කරන්න එපා යෑ ?  ඉතින් එක අතකට ඒකත් මහඟු සේවයක් නේ 

තුන්මං  හංදියේ ලංසි ගෙදර මිසිස් ඩොරීන් : ටු ටෙල්  යු ද ට්රුත් , වී ඔෆ්කෝස්  රුපවාහිනී  චැනල් එක බැලුවෙම නෑ  ..ඩයලොග් ටීවී තියෙනවනේ ...නැත්නම් ක්‍රිස්මස් දවස් වල ආපු අයට වුනත් මයින්දට වෝට් කරන්න හිතෙනවනේ ...  වී හැව්  ටූ  තින්ක් ඔෆ් ද කන්ට්‍රි නේ 

බඩා ගේ කඩේ,  බඩා  මුදලාලි මහතා . මහත්තයෝ ඔන්න ඉතින් අපි නම් අපේ යුතුකන්  ඉටු කළා . ආප්පමයි විකුණුවේ . පහක් ගත්තම එකක් නිකන් දුන්නා 


අපේ ආච්චි : පුතේ මම දෙයියන්ට පින් දෙන වෙලේ කිව්වා , මයිතිරි මහත්තයා පැරදුනොත් නම් ආයේ මගෙන් නම් පින් බලාපොරොත්තු වෙන්න එපාය කියලා . දෙයියෝ බය වුනා 
______________________________________________


මිස්ට පෙරේරා පත්තර ගොඩට ගිනිකුරක් ගසා , බිමට වැටුණු අඹ කොලද ඉදලෙන් අතුගා ඊට ලංකළේය . ඇවිලීමට පටන් ගන්නා ගිනි ගොඩ දෙස බලා ගෙන සරම ගැට ගසා ගත්තා පමණි , බරාස් ගාගෙන මිදුලේ බ්රේක් ගැසුවේ පොලිසියේ ජීප් එකය . එයින් බැස  ගත්තේ ග්‍රාමසේවක මහතාය  

"හා හා මොනවද කරන්නේ "

"මේ ඉරිදා පත්තර ටික පුච්චලා දාන්න කියලා "

" තමුසේ කොහෙද වැඩ කරන්නේ , මේ දුෂණ ගැන තියන පත්තර නේද .."

"නෑ  නෑ  වැඩි හරියක්ම ලහි පිට "

" පයිල්ස් තියෙනවද ?"

" අනේ ඔව් මහත්තයෝ , මේ කරුමෙට ... සිංහල වෙදකම් කරන්නේ දැන් "

ඔහුට කියන්නට ලැබුනේ එපමණකි .....

____________________________________________________

මේ සැරේ  බලෙන් කිරිබත් කවන්නට බැරිය . ආප්ප දන්සල් අමාරු වැඩය . ඉතින් මේ දවස් වල කට්ටියගේ අලුත්ම විනෝදාංශය අල්ලස් හා දුෂණ කොමිසමට පැමිණිලි කිරීම වේ ගෙන එනවා වාගෙය . ඒ ගැන මට මෙහෙම සිතුනි . ඔය පැමිණිලි විභාග කරනවා ඇත්තේ එකින් එකය . අනු පිළිවෙලටය . ඉතින් උඩින් තියෙන ෆයිල් බලන අතරේ , යට ෆයිල් වල එවුන් පැනලා යන්න , හැංගෙන්න පුළුවන්ය . 

හැබැවට නිකන්වත් මේ පැමිණිලි දාන්නේ ලොකුම හොරු වද්ද?  එතකොට උන්ට උන්ගේ පැමිණිල්ලට එන්න කලියෙන් පැනලා යන්න පුළුවන් වෙනවා නේද ?



පලි :
.
මහින්දට වැරදුනේ කොතැනද  කියා පෝස්ට්  මොටම් හෙවත් මරණ පරීක්ෂණ හැම තැනම පැවැත්වේ . එවැන්නක් නොවුනට මෙයද ඊට සම්බන්ධ  දෙයකි . මට පෙනුනේ රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරය 2005, 2010 ව්‍යාපාරවල නැවත ප්‍රචාරයක්ම වූ බවකි  . කොටින්ම ලංකාවේ , ලෝකයේ මේ කාලය තුල සිදුවූ ප්‍රධාන විපර්යාස වත් ඔවුන් සැලකුවේ නැති සෙයකි  . ඒ මෝඩ කමද , මුරණ්ඩු කමද කියා නොදනිමි . කොටින්ම  , මැතිවරණ වේදිකාවට එක ලෙවල් එකකිනුත් . රුපවාහිනි සංවාද වල තවත් ලෙවල් එකකිනුත් , සිංහල පත්තර වලට තවත් ලෙවල් එකකිනුත් , ඉංග්‍රීසි පත්තරවලට  බිබීසියට තවත් ලෙවල් එකකිනුත් ඇමතීමේ න්‍යාය තවමත් වලංගු යයි ඔවුන් විශ්වාස කළ  බවක් පෙනුනි . එය අවලංගු වී බොහෝ කල් බව ඔවුහු නොදැන සිටියහ . නාමල් බේබිගේ චන්ඩි කතා , වීරවංස ගේ මෝඩ ජෝක් , රුපවාහිනි සංවාද වල හැසිරීමෙන් මෙන්ම, පරාජයෙන්  පසු ලොක්කා රඟ පෑ මෙගා ෆෝන් නාඩගමෙන් ද නිරුපණය  වන්නේ එයයි .මෙකළ , පොඩි පොකැට්  මීටිමක  විහිලුවට කියන දෙයක් පවා සමාජ වෙබ් අඩවි හරහා ලෝක ප්‍රවුර්ති බවට පත්වේ .මා හිතන්නේ මිනිස්සුන්ගේ බුද්ධියට නිගා කිරීම මිනිසුන්ට ඉවසා ගත නොහැකි තැනට ගිය නිසා මේ පෙරලිය වූ බවය . ඒ බව කවුරු කවුරුත් සිහියට ගත යුතු බවද මම සිතමි  . ඇහුන් නෑ  වගේ හිටියට , රාජිතගේ බැසිල් @ගම්පහ ජි මේල් ඩොට් කොම් තර්කය පවා ඒ ලඟින් යන්නේය .
යහ පාලන මාවතේ ගමන ආරම්භ වී ඇත . හැබැයි ඩ්‍රයිවර් ට පාර හරියටම නිච්චි නැති බව අප අමතක නොකළ යුතුය . "හරි සිරිසේන දැන් යමු , නුවර ගිහින් මාව ඇහැරවන්න " කියා කැළණි පාළම උඩදී  නින්දට වැටුනොත් වෙන දේ ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැත 

13 comments:

  1. මේක නම් පෙන්නුවා වාගෙම කැඳ හැලියකි. ඒත් කැඳ පරිප්පුවලට වඩා ගුණදායකය.

    ReplyDelete
    Replies
    1. දන්න පාරක නෙමෙයිනේ. පාර පොඩ්ඩක් වැරදෙයි. හැබැයි ඒ බව දැන්ගෙන නවත්තලා රිවස් කරලා යන්නයි තියෙන්නේ. හැබයි අර පරන කුනුබක්කි තියා ගෙන නම් බැරි වෙයි

      Delete
  2. බඩා මුදලාලි පට්ට ආතල් බුවෙක්නේ..

    ඔය රාජිතගේ බැසිල්ගම්පහ@ජීමේල්.කොම් කියනෙකට 'තර්කය' කියන්නැතුව 'ගොන්පාට් එක' වගේ කියල කිව්වනම් හැඩයි වගේ.

    ReplyDelete
    Replies
    1. අපේ බඩා මුදලාලිත් අනෙත් හැම මුදලාලි කෙනෙක් වගේම තමා. ගිය සැරේ දේශප්රේමි කිරිබත් හැදුවා, ලුනුමිරිස් පැකට් වික්කා

      Delete
  3. ගොඩක් ඩයිවර්ලා පාර නිච්චි නෑය කියන්නේ..කැලේ පනින්න බලාගෙනය...

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත උන් හයර් එක ගන්නකොට ඔය කතා නෑ

      Delete
  4. අල්ලස් හා දූෂණ පැමිණිලි විකාරයක් වෙමින් තිබේ. කොමිසම නිසි ආකාරයෙන් සකස් නොකර කරන මේ සංදර්ශන වලින් වෙන්නේ..ඔබ කියන්වා සේම..වැදගත් පැමිණිලි යට ගොස් වැලලී යාම පමණි...නැතහොත් කර ගැනීමට බැරි තරම් වැඩ වැඩිවී මීට පෙරසිදු වූවාක් මෙන් කොමිසම අකර්මණ්‍ය වීමයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමා මටත් බය , මේක විහිලුවක් වෙයි කියලා

      Delete
  5. බුිකිය ගැන කතා කිරීමට අකමැත්තෙමි..............

    ReplyDelete
    Replies
    1. අයියෝ, කට්ටියක් නම් කියන්නේ මින් පස්සේ ආන්ඩු හදන්නේ බුකියෙන් කියලා ;)

      Delete
  6. මැතිවරන ව්යාපාරයේදි ආන්ඩුව සමත් වුනේ නෑ.ඒක හරියට මේ වගේ. චිත්‍රපටි බිහිවෙච්ච කාලෙ ජෝකර් පය ලිස්සල වැටුනම මිනිස්සු හිනාවුනා. කාලයක් යද්දි මිනිස්සු හිනස්සන්න ඒක ප්‍රමානවත් වුනේ නෑ.
    ආන්ඩුවටත් වුනේ ඒක. 2009යි 2015යි හරියට හඳුනාගත්තෙ නෑ

    ReplyDelete
    Replies
    1. පස්සේ පස්සෙ උන් සරම කඩලා දාලා අපිට හිනා උනා.. මේ අලුත් වැටලීමේ විහිලු කාරයෝ කරන්නෙත් ඒකමද කියලා හිතෙනවා. අර රෝඩියෝ ගව පොර වල ගවයාගේ අවධානය වෙනතකට හරවන විහිලු කාරයෝ ඔබ දැක ඇතිද?

      Delete
  7. බුකියෙන් යමක් වුනා. හැබැයි අලුත් තරුණ ඡන්ද බහුතරයකට. ඒ ප්‍රමාණය 450000 ට වැඩි වෙන්න පුලුවන්. ලයික් දැම්මා කියන්නෙ ඉන් වැඩි දෙනා කියවන්නත් ඇතිනෙ. ජාලෙන් කළහැකි දෑ ගැන ආණ්ඩුව හිටියෙ අවතක්සේරුවක.

    ReplyDelete

Have commented