15 February 2015

අපේ තාත්තා දැන් බොන්නේ නෑ

අපේ තාත්තා ඉස්සර වගේ දැන් බීලා ගෙදර කරදර කරන්නේ නෑනේ මිස් 

ආ ඒක හොඳයි පුතා . ඔය සුරාව කොහොමත් මිනිස්සුන්ගේ ජීවිත  වලට මහා හෙණයක් තමා . 

නෑ  මිස් සුරාව නෙමෙයි ...ඒ වගේ රට බීම බොන්න අපේ තාත්තට කොහොමත් සල්ලි නෑ  . කලුගුණේ  මාමාගේ  පොට්  එකෙන් කසිප්පු තමා බොන්නේ . අනික තාත්තා බොන එක නවත්තලා නෑ .

එහෙනම් ..පුතා කිව්වේ ?

නෑ  මිස් . අපේ තාත්තා වැඩ කරන්නේ නගර සභාවෙනේ . ඉතින් කුණු ටැට්ටරේ එල්ලිලා දවස පුරාම , හැමෝගෙන්ම බැනුම් අහගෙන දවස පුරාම .. ලොකු ගෙවල් වල කුණු ගොඩයිනෙ මිස් .... කුණු ගෙනියන්න පොඩ්ඩක් පරක්කු උනොත් බැනුම් කෝටියයි .... නෝනාට ජිම් යන්න පරක්කු වෙනවා කියලා ඩ්‍රයිවර් මහත්තයා බනිනවා .... බේබිලා මොන්ටිසෝරියෙන් ගන්න යන්න පරක්කු වෙනවා කියලා කුස්සි අම්මා බනිනවා ....

හ්ම් 

ඉතින් අපේ තාත්තා .. මොනවා උනත් පිරිමියෙක්නේ ... මුළු දවසම ඔලුව නමා ගෙන ඉඳලා ගෙදර ආපුවම තමයි මිස් , ලොක්කා වගේ හැසිරෙන්නේ . මුලින්ම දොරට පයින් ගහනවා . ඊට පස්සේ කුස්සියට ගිහින් ප්ලාස්ටික් පිගන් ටික පොලවේ ගහනවා .. ඊට පස්සේ අම්මට දෙකක් ගහනවා .. 

ඒක  පිරිමිකම නෙමෙයිනේ  පුතා 



ඔව් මිස්.. ඒ වුනාට , අම්මත් තාත්ත අත උස්සන කොටම හයියෙන් කෑ  ගහන්න දැන් පුරුදු වෙලා ... ඉතින් ගොඩක් වෙලාවට ගහන්නෙත් නෑ ...මුළු ජීවිතේම කුණු අදින අපේ තාත්තටත් , කාට හරි පාට්  එකක් දාන්න අහිංසක ආසාවක් ඇතිනේ ..පොඩි ත්‍රිල් එකක් ගන්න .

හ්ම්ම් ඉතින් පුතා දැන් මොකක්ද වෙනසක් වෙලා කිව්වේ 



ඔව් මිස් පහුගිය කාලේ , බීලා ඇවිත් මහා හයියෙන් දුසන වංචා ගැන කෑ  ගැහුවා  ..යහපාලනයක් ගෙනත් ඔක්කොටම පාඩමක් උගන්නවා කියලා බෙරිහන් දුන්නා  . චන්දෙන් පස්සේ ...ඇවිත් කියවන්න ගත්තා , එයාලාගේ වැඩ ගැන ...ඕනෑම බලයක් කම්කරුවන්ගේ බලේට යටයි කියලා ..  ඔන්න වැඩියට  ආවොත් ඕන රජෙක් පෙරලලා දානවා කියලා ... 
දවසක් මගේ ඔලුව අතගාලා කිව්වා "පුතේ උඹේ තාත්තා දැන් මහජනයෙක් , කුණු කාරයෙක් නෙමෙයි කියලා" . මට දුක හිතුනා මිස් .....

ඊට පස්සේ මේ ලඟකදී දවසක මහින්ද මහත්තයට කෝල් එකක් දීලා ..මහින්ද මහත්තයා කතා කරලා අපේ තාත්තට ...එදා හවස ඇවිත් ඔහේ බලාගෙන කල්පනා කර කර හිටියා ..මුණේ  හරි ආඩම්බර හිනාවක් ඇඳිලා තිබුනා .....දැන් , සතියට සැරයක් විතර , සිගරට් බොන එක අඩු කරලා හෑන් ෆෝන් එකට රීලෝඩ් එකක් දා ගෙන මහින්ද මහත්තයට කෝල් එකක් දෙනවා උදේට ..ඊට පස්සේ හවසට ඇවිත් මහින්ද මහත්තයාගේ ගාම්භීර කටහඬ ගැන , එයා අපිත් එක්ක හැමදාම ඉන්නවා කිවුව එක ගැන , ලඟදීම බලන්න එනවා කිවූ එක ගැන  මනස්ගාත කියවනවා .....  මගේ ඔලුව අතගාලා අද උදේත්  කිව්වා " පුතේ , උඹේ තාත්තා මෙහෙම හිටියට " කියලා 


පලි : වත් පොතේ චාමි දැමු සටහනක් මා සිත තදින් කම්පනය කළේය . චාමි දැන් බ්ලොග් සටහන් ලියන්නේ නැත . අපරාදේ . ඒත් ඒ ඔස්සේ තව දුරටත් හිතන්න , ලියන්න මගේ හිත බල කළා . දේශපාලන චරිත ගැන නොව , දේශපාලන සමාජ ප්‍රතිරූප  ගැන , ඒ ප්‍රතිරූප අහිංසක මිනිසුන්ගේ සිත්වල,  ඒවායේ සාරය උරාබොමින් , පිළිලයන් සේ වැඩෙන අයුරු ගැන හිතන්න යයි මම ඔබට ආරාධනා කරමි 

23 comments:

  1. සංවේදී සටහනක් ... සැහෙන වෙලාවක් හිතුව ..

    ReplyDelete
    Replies
    1. ස්තුතිය ප්‍රතිචාරයට. මුල් අදහස චාමීගේ

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  2. මම ඒ චාමිගෙ සටහන දැක්ක. ඇත්තටම උන් මූණුපොතට හිරවීම දුකක්! අනෙක් පැත්තෙන් අපි මේ ක්‍රමේට හිරවීම ඊට දුකක්!

    ReplyDelete
    Replies
    1. දුක දුක යයි හඳුනාගත්තද, දුකට හේතුව, එය නැතිකිරීම, නැතිකිරීමේ මග නම් තව ආත්ම ගනනක් දුකයි වගේය

      Delete
  3. I will publish this in my webnewspaper. 2015 March edition
    This is the link www.lankaviththi.us
    Thank you

    ReplyDelete
  4. A thought provoking post! Thank you.

    ReplyDelete
  5. Glad you enjoyed it, thank you

    ReplyDelete
  6. අනේ....ඒඒඒඒඒඒඒඒඒඒ මංදාාාාාාාාාාාාාාාාාාාා
    හිහි

    ReplyDelete
    Replies
    1. ඇයි එහෙම කීවේ

      Delete
  7. පව්........ තාත්තා.................. අා නෑ............. පුතා

    ReplyDelete
    Replies
    1. තාත්තලා කොහොමත් පව්

      Delete
  8. බ්ලොග කරෝල කරන්න අව්වේ අතෑරලා දාපු චාමියම තමා මේ පැත්තට පාර කිව්වේ.

    විමල් කිව්වා කියලා ආයෙත් බෝම්බයක් පිපිරෙනකම් සමරන්න හිතාගෙන ඉන්න මිනිස්සුත් අපේ ගමේ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඌ කිව්වනම් බඩුම තමා

      Delete
  9. මම දන්න කුණු ගෙනියන උන් නම් ඔහොම නොන්ජල් උන් නම් නෙමෙයි.. සිරාට චන්දෙ දෙනවා කියලා ඉස්සෙල්ලම කියපු එකෙක් තමයි කුණු ගෙනියන පොර.. ඒ මදිවට මටත් කිව්වා සිරාට දෙන්න කියලා..

    ReplyDelete
    Replies
    1. කුණු බෑග් එක ගේට්ටුවෙන් එලියේ තියන එවුන් විවිධාකාර වූ කල කුණු කාරයෝ විවිධාකාර විය නොහැකිද. දැන් බලාගෙන යද්දි අහින්සක පොලිස් කාරයෝ අවන්ක දේශපාලකයෝ එහෙමත් ඉන්න එකේ

      Delete
    2. සමස්තයක් ලෙස ගත්තත් කුණු ගෙනියන උන් ඔහොම මානසික තත්වයක නැතෙයි කියන එක මගේ මතය. මොකෝ මම ළඟදි නිස් එකක දැක්කා උන්ගේ උන්ට අසාධාරනයක් වෙලා පොලීසියේ ඕ අයි සී ට කතා කරපු හැටි. ඔය පන්තියේ උන් එකෙක්වත් කෙයාර් කරන්නේ නෑ.. පොලිස්කාරයන්ට වඩා උන්ට කොන්දක් තියෙනවා. හේතුව උන් අනුන්ගේ කුනුත් ගෙනියන උන් නිසා.

      Delete
  10. ගෑස් කාරයින්ගෙන් ප්‍රවේශම් වෙන්ඩ ඕනෙ...රෑට රෑට බැල්මට් දානව උන් ....මේ ලගදි එකෙක් මාට්ටු...

    ReplyDelete
    Replies
    1. හරියටම තේරුනේ නෑ

      Delete
  11. අම්මපා.....................

    ReplyDelete

Have commented