18 February 2015

පීච් මල් පිපේවි , අද නෙවෙයි හෙට





කෝටු  කෑලී අතු අග 
දළු ලා පිපෙන්න 
තෙරපෙන ආසාව 
හිතේ බිත්ති වලට 
හිර කරගෙන 
ලජ්ජාවෙන් ගල් ගැහුණු 
චෙරි පීච්  මල් පොහොට්ටු 
පෙති දිග හැර පිපෙන්න 
ඒත් අද නොව 
හෙට





කවරයක දමා 
වැසූ වාසනාව 
ඇරලා බලන්නට නොව 
ඔබලා බලන්නට විතරක් 
ඔට්ටු 



පලි : හෙට චීන දින දර්ශකයට අනුව අලුත් අවුරුද්ද . 
පුලු පුළුවන් විදියට මේ මිනිස්සු , චෙරි පීච් මල් අත්තක් ගෙනෙනවා ගෙදර තියන්න . මුලින් වේලිලා වගේ තියෙන අත්ත , ටික දවසක් තියනකොට පුංචි පුංචි පත්‍ර ඇවිත් , මල් පොහොට්ටු මතු වෙනවා . හෙට වෙනකොට  මල් පිපේවි අතු පිරෙන්න . ඒවායේ එල්ලාවී "වාසනාව"  චීන අකුරෙන් ලියාපු පුංචි කවර , හරියට නත්තල් ගහක වගේ 

පපලි 

ප්‍රතිචාර වල මිතුරෙක් හරි ගස්සා  තිබුනා මේ පීච්  මල් බව . ඇත්තටම අවුරුදු ගණනක් තිස්සේ ස්වදේශිකයන් කියන විදියට මේවා චෙරි මල් යයි සිත සිටියට මේ ගැන සොයා බැලීමක් නොකලෙමි . සමහර විට මෙය  a case of lost in translation වෙන්න ඇති . කොහොම හරි ඔන්න නිවැරදි කළා 

15 comments:

  1. ඔහ්....
    ඒක එහෙමකතාවක්ද ජේ.......
    ඇත්තටම ඒ ගැන ඇහුවෙම අදමයි...
    චීන්නු අලුත් අවුරුද්ද දවස් 15ක් තිස්සෙ සමරනව නේද....

    ReplyDelete
    Replies

    1. ඔව් දින ගණනාවක් . හැබැයි මෙහෙ නම් චීනේ වගේ නෙමෙයි , වානිජකරණය වෙලා දවස් දෙකයි තුනයි . මෙය වසන්ත සමයේ ඇරඹුම නේ සටහන් කරන්නේ . ඒ වගේම උත්සව තියෙනවා සරත් හා සිසිර සමයන් හි දීත් . මට අපේ අලුත් අවුරුද්ද මතක් වෙනවා . අලුත් ඇඳුම් , නෑ ගමන් , ගණු දෙනු සිරිත් තියෙනවා හැබැයි නැකත් නෑ

      Delete
  2. ජයවේවා............ චීනයටත්.........

    ReplyDelete
    Replies
    1. පෝට් සිටි එකෙත් පීච් මල් පිපේවිද ?

      Delete
  3. චෙරි මල් කියනකොටම හිතට පොඩි චමත්කාරයක් දැනෙනවා . චීනයේ චෙරි මල් කතා අදමයි ඇහුවේ

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාර වල මිතුරෙක් හරි ගස්සා තිබුනා මේ පීච් මල් බව . ඇත්තටම අවුරුදු ගණනක් තිස්සේ ස්වදේශිකයන් කියන විදියට මේවා චෙරි මල් යයි සිත සිටියට මේ ගැන සොයා බැලීමක් නොකලෙමි . සමහර විට මෙය a case of lost in translation වෙන්න ඇති . කොහොම හරි ඔන්න නිවැරදි කළා

      Delete
  4. ලස්සන කවක්
    ජය පතමි!

    ReplyDelete
  5. මේ පීච් මල් නේද ? චෙරි පිපෙන්නේ අතව පහුවෙලා!

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම හරි .ඇත්තටම අවුරුදු ගණනක් තිස්සේ ස්වදේශිකයන් කියන විදියට මේවා චෙරි මල් යයි සිත සිටියට මේ ගැන සොයා බැලීමක් නොකලෙමි . සමහර විට මෙය a case of lost in translation වෙන්න ඇති . කොහොම හරි ඔන්න නිවැරදි කළා

      Delete
    2. ඔබ ඒ නිවැරදි කිරීම කල නිසා වැඩිපුර විස්තර චුට්ටක් ලියන එක යුතුකක් කියල හිතුන. ඇත්තටම ඒ "ප්ලම්" කියන චුට්ටක් ඇඹුල් පීච් වර්ගේක මල් මම දැක්ක විදියට නම්. පීච් ගහක ගෙඩි ඉදුනම ඒ හරියම සුවඳයි. පීච් වල පොත්ත චුට්ටක් විතර විල්ලුද ගතියල් තියෙනවා. ප්ලම් වල පොත්ත ඇපල් වගේ පොලිෂ් ගතියක් තිබෙන්නේ. චෙරි මල් වගේම මේ පීච් මල් වුනත් කොච්චර ලස්සන වුනත් සුවඳක් නම් නැහැ. මම නම් කැමති චෙරි මල් කියනවට වඩා "සකුරා" කියල කියන්න. පරිසරය තව උණුසුම් වේගෙන එනකොට ගස් අවදි වෙලා සකුරා මල් පිපෙන්න ගන්නකොට හැමෝම සතුටුවෙනවා. සකුරා ගස්යට සකුරා බලන ගමන් කමින් බීර බොමින් ඔවුන් ජීවිතේ විඳිනවා, ජීවිතයත් හරියට සකුරා වගේ කියල හිතන ගමන්. සකුරා කොයිතරම් ලස්සන වුනත් පවතින්නේ පොඩි කාලයයි. එත් නැවත ඊලග අවුරුද්දේ පිපෙන බව අපි නියත වශයෙන්ම දන්නවා. හැබැයි ඒ අතරේ කටුක ශීත කාලයක් ඇවිත් සකුරා ගහෙ කොළ පවා හැලිලා හැමදේම නැතිවෙලා යනවා. නමුත් ඊලග අවුරුද්දේ මල් පිපෙන බව දන්නා නිසා හැමෝම ඒ කටුක කාලය විදගෙන මල් වල සුන්දරත්වය දකින බලාපොරොත්තුවෙන්. මිනිස්සු වගේම සකුරා ගසුත් කම්කටොලු මැදින් ජීවත් කරවන්නේ බලාපොරොත්තුව විසින්. ඒ නිසා තමයි අපිට සකුරා ගොඩක් සමීප. ලංකාවේ රොබරෝසිය පිපෙනකොට ජපානයේ සකුර පිපෙනවා වගේ සමාන කමක් තිබෙනවා.බැටළුවාගෙන් ඔබටත් සුබ අලුත් අවුරුද්දක් ලැබේවා.

      Delete
  6. නොදන්න අපිට අලුත් කතාවක්.තෑන්ක්ස්

    ReplyDelete
    Replies
    1. :) පෝට් සිටි එකෙත් පීච් මල් පිපේවිද ?

      Delete
  7. Happy Chinese New Year JP...
    we needs a treat....

    ReplyDelete
    Replies
    1. Same to you . As the locals say Kung hei fat Choi.....
      As for the treat , here you go , a virtual one
      http://www.chow.com/food-news/54874/10-good-luck-foods-for-chinese-new-year

      Delete

Have commented