04 February 2015

නිදහස සහ Independence


කළු ටේල් කෝට්  හැඳි 
තලෙළු මිනිසුන් 
ටොප් හැට් ගලවා අතට ගෙන 
හිස නවා ආචාර කොට 
නියම ජැන්ටල්මෑන්ස්ලා සේ 
ඉල්ලුහ 
"මාස්ටර් සර් 
අනේ අපිටත් දෙන්න ඉන්ඩිපෙන්ඩන්ස් "

සුද්දා 
ඇසුවේය 
ෂුවර් දැයි 
පුලුවන්ද උහුලන්න 
එහි බර 
ඔල්ලුකු ස්වරයෙන්ම 
අධිරාජ්‍යවාදයේ සුපුරුදු 

"එහෙම නෙමෙයි කොල්ලෝ 
දැනට 
ගනින් මේ නිදහස 
හරිම සැහැල්ලුයි 
හිතේ විතරයි 
තියෙනවාද කියලා දැනෙන්නේ නෑ 
මේ බලන් 
මෙන්න මේ ධජයත් 
නග්ගන්න උජාරුවෙන් 
හුස්මක් ඇද , පපු කුහරේ පිරෙන්නට 
ඒ දිගට කියන්නට 
මේ ගීය "

තැන්ක්යූ වෙරි මච් ය සර් 
ඉන්ඩිපෙන්ඩස්ම  නොවුනත් 
ඒ වගේ වගේය  දැන් 
හුටා 
එතකොට මේ විලංගු 
වළලුකර බැඳ තබන 
බර යකඩ දම්වැලින් 
සුද්දාට  අමතක වෙලා 
එක ගලවලා යන්න 
කමක් නෑ පහුවෙලා 
ගලවන්නහැ ඔහේ 

හතලිස් අටේ නවසිය 
බිනර මහේ දිනෙක 
තලෙළු මහත්මයෙක් 
හිටගෙන සීරුවට 
ඔසවුයේය කොඩිය
කුඹ ගස මුදුනටම 
බෝ කොළ හතර මැද
සිංහයා   ඉන්න 
පොපිලින් 
ඉම්පොර්ටඩ් රෙද්දේ  
කළු කලිසමට යටින් 
කකුල් දෙකටම ඇන්ද 
දැනුනි ඔහුට බර 
දෙපා විලංගුවේ 
හුටා 
සුද්දාට  අමතක වෙලා 
එක ගලවලා යන්න 
කමක් නෑ 
පහුවෙලා 
ගලවන්නහැ ඔහේ 


හැට පැන්න නිදහසට 
හූමිටි  තියන්නට 
ලය පුරා  සිත් පුරා 
ඒ ගීය  ගයන්නට 
හිටගද්දී සීරුවට 
මටද  දැනේ  යමක් 
වළලුකර තදකරන  
සුදු සරම පරිස්සමට 
බැලු කළ උස්සා 
හුටා විලංගුව 
සුද්දාට අමතක වූ 
ගලවලා යන්න 
කමක් නෑ ඔන්නොහෙ 
තිබුනාවේ 
පහුවෙලා 
ගලවන්නහැ ඔහේ 



16 comments:

  1. ඔය දෙක දෙකක්ද? :P

    ReplyDelete
    Replies
    1. Independence යනු ස්වාධීන බවයි. නිදහස් යනු feedom ය. මට හිතන්නේ නිදහස සිතිවිල්ලක් .ස්වාධීනත්වයට සාදක අවශ්‍යයි. අපි free state එකක් උනත් කොච්චර dependant ද?

      Delete
  2. එතකොට හොංකොංවල නැද්්ද ඒ විදියට සුද්දා ඉතුරු කරළා ගිය විලංගු සුදු සරොං අස්සේ?

    ReplyDelete
    Replies
    1. මෙහෙන් සුද්දා ගිහින් ද?;)

      Delete
  3. සුද්දා අපිට දුන්න නිදහසක් නෑ මචෝ.. උන් මේ මළ වනේ දාලා ගියා.. අපි අනාත් උනා.. තව ටිකක් ඉඳලා ගියා නම්.. අඩු ගානේ හොං කොං දීපු කාළේ වෙනකන්වත්.. එහෙනම් මේ ගෝත්‍රිකයෝ සෑහෙන අඩු වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් උන් පාඩු වෙනකොට දාලාගියා

      Delete
  4. සුද්දට මේ මලවදේ දාලා යනකොට ත්‍රිකුණාමලේ හමුදා කඳවුර දාල යන්න අමතක වුනා

    ReplyDelete
  5. //හුටා විලංගුව

    සුද්දාට අමතක වූ

    ගලවලා යන්න //

    ඇත්ත විලංගු සුද්දන්ට කලින් ඉඳන් තිබුන වැඩවසම් මානසිකත්වය හා මිත්යාවිස්වාස.
    සුද්දන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය හා විද්යාව මගින් ඒවා නැති වුනේ නෑ.
    එහෙම නැත්නම් ඒවා අඩුකරගන්න කලින් නිදහස ලැබුනා,

    හොඳම උදා- ජනතා චන්දයෙන් පත්වූ "රජ" කෙනෙක් හඳහනට අනුව චන්දයක් තිබීම

    ReplyDelete
    Replies
    1. එය තමා මම විලන්ගුව කියා අදහස් කලේ

      Delete
  6. මාස්ටර් බයිලා අපෙ ගෙතු රස කරලා
    ඇහිද ගනිල්ලා මේව නිදස් බයිලා
    කතරට සහරා ගලන ලෙස රස දහරා
    එලිසම නොමරා ගයමු නිදහස සමරා

    නිදහස ලැබුනා මල්ලි නිදහස ලැබුනා
    තලුමරන්න මිහිරි අකුරු හතරක් ලැබුනා
    ගීයක් ලැබුනා ජාතික කොඩියක් ලැබුනා
    එලිවෙනකොට නිදහස අහසින් ගෙට වැටුනා

    කොඩිය සුද්දගේ මල්ලි සින්හයා අපේ
    ලණුව සුද්දගේ උනත් කොඩිගහ අපගේ
    නෑ බැට කෑවේ නේරු පාතෙල් වාගේ
    නෑ දි දුන්නේ මහත්ම ගාන්දි වාගේ

    ලේ හැලුවේ නෑ සුද්ද තරහ උනෙත් නෑ
    යන්ට ගියෙත් නෑ නොගිහින් හිටියෙත් නෑ
    අදත් බොමු ඒ නිදහස් පානෙ මිතුරනි
    තවත් සුමිහිරි අද ඒ පානෙ මිතුරනි

    හිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස
    බනින්ට නිදහස ඇති රට මේ සින්හල රට
    බයිල කියා පුදදෙමු අපි ස්වයිරී සිරිලක
    නිවන්දකිත්වා අපගේ ජන නායක කැල

    පද: සුනිල් ආරියරත්න
    ස්වර: ඔස්ටින් මුනසින්හ
    ගායනය: නන්දා මාලනී

    ඉස්සර නන්දා මාලිනි කියලා කෙනෙක් මේ වගේ සින්දුත් කිව්වලු

    ReplyDelete
    Replies
    1. නිදහස් බයිලා..

      අනේ ඒ නන්දත් නාකි වෙලා අපි වගේම. හීලෑ වෙලා

      Delete
  7. ඔව් ඉතින්. හ්ම්

    ReplyDelete
  8. http://sinhala.lankanewsweb.net/features/cyber-wall-lankanewsweb/15683-independence

    ReplyDelete

Have commented