23 February 2015

වල් ගැලවීම , මින් ඔබ්බට සහ පුරුදු කණපිට හෙවත් මහත්වරුනි please - part 2


වල් ගැලවීම ( අතිගරු සිරිසේන please)
සිරිසේන උන්නැහේ වත්ත ඉල්ලුවේ වල් ගලවා එලි පෙහෙළි කිරීමටය . සුදු සරම බැනියම ඇඳ  , බෙලෙක් පිඟානේ  බත්,  පොල් සම්බෝල සමග අනා කෑ හැටි ගැන මෙනෙහි කරමින් ඔහු වත්තේ කොනක ඇන තියා හිඳ ගත්තේය . 
"බය වෙන්න එපා සිරා , අපි ඕක ශ්‍රමදානයක් දාලා සුද්ද කරලා දාමු සුටුස් ගාලා . උඹ ඉල්ලහන් අයිතිකාරයගෙන් ..උඹ ඉල්ලුවොත් නම් ටකෙටම හම්බුවෙයි .." 

වටේ හුන් අය කියූ කතා ඔහුට සිහිවිය . අද උන් එකෙක්වත් නැත . 
ඔහු හිමින් සැරේ  නුදුරෙන් වූ කුඩා තුත්තිරි පැලයක්  පසෙන් උදුරා දැමීය .  එය දෑඟිල්ල අතර සුරුට්ටු කරමින් ඕසේට  වැවුණු වල් යාය දෙසට නෙත් යොමු කළේය . වල් ඉදිරීම  එතරම් ලේසි නොවන බව ඔහු දත්තේය . ලොකු වල්  පැල  මෙසේ ඇද්දොත් , වටේ තියන කොස් ගස් අඹ ගස්  පවා මුල් පිටින් ඉදිරි වැටීමට ඉඩ ඇති බව ඔහුට වැටහුණි ... ඔහු ඇන තියා ගෙනම කල්පනා කරමින් සිටි 



මින් ඔබ්බට ( අනුර සහෝ please)
කැරැක්ටර් සෙටිපිකේට් නම් ඉල්ලා අමනාප නොවන්න යයි , අනුර සහෝ  ගෙදර ඉස්සරහා දොරේ බෝඩ් ලෑල්ලක් එල්ලුවේ හැමෝටම කලින්ය . බෝඩ් එක එල්ලා පොඩ්ඩක් පස්සට ගිහින් එහි ඇද බැලූ  ඔහු , අහල පහල හැමෝටම ඇහෙන්නට බැරෑරුම්ව කීවේ  " ඔන්න හැමෝටම ඇහෙන්නයි කියන්නේ අපිත් එක්ක සෙල්ලම් නම් කරන්න හදන්න එපා . අපි කිවුවොත් කිව්වා " කියලාය .

පන්නන්න ඕනෑ  කියූ කෙනා ගියේය . දැන් එකසිය ගානට නඩේ  අල්ලස් දුෂණ චෝදනා ගොනු කරති . ඒවායේ අවසාන ප්‍රතිපලය ඔවුහුද දනිති , අපිද දනිමු ... එතනින් එහාට ?  ඇත්තටම කරන්න දෙයක් ඇත්තේම  නැද්ද ?


 පුරුදු කණපිට  (බයියනි , ටොයියනි , අනෙකුත් සියලුම  "යියනි " please)
දේශපාලකයා මහජනයා නියෝජනය කරනවා වෙනුවට , මහජනයා කල්ලි ගැහි එක එක දේශපාලකයන් නියෝජනය කරන තැනට සිස්ටම් එක කණපිට ගැහුනේ කවදාදැයි කියා සොයා බැලීමෙන් පලක් නැත . වටින්නේ එය සිදුවූ බව දැනීම පමණි  . නමුත් මෙදා ජනාධිපතිවරණයෙන් එය තරම දුරට හරිපොට පෙරලුනේ යයි මම සිතමි  . ව්‍යවස්ථාදායකයටත් විධායකයටත් , සිවිල් ව්‍යාපාරටවලටත් , ආණ්ඩුවටත් , විපක්ෂයටත් එකට වැඩ කරන්නට වෙන තැනට වැඩ කටයුතු (අහම්බෙන් හෝ ) සිදු විය . පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට රාජ්‍ය දේශපාලනයට සැමටම මැදිහත් වන්නට , දායක වන්නට  හැකි , දායක විය යුතු  තැනකට ඔවුහු තල්ලු වුහ.

මෙය ඔවුන්ට නුහුරු නුපුරුදු අපහසු (uncomfortable ) තත්වයකි , සංසිද්ධියකි  (paradigm එකකි) .  පැරදුන අයට , වැරදි කිය කියා සිටිය නොහැකිය , වැදගත් යෝජනා වලට අත එසවීමට සිදුවී ඇත . දිනු අයට යෝජනා සම්මත කර ගැනීමේ බාධාවක් නැති නිසා , මෝඩ හේතු දක්වා කර ඇරිය  නොහැකිය . පෙර කි පරිද්දෙන් ,  මෙය ඔවුන්ට බලවත් අපහසු තත්වයකි . සුවඳ සබන් කෑල්ලක්  උලා හොඳින් නාවා දම්වැල ලෙහු සැණෙකින්  , දිව ගොස් පස් ගොඩේ පෙරලෙන බලු නගුටෙකු මෙන් ඔවුන් පුරුදු තැනටම ආපහු යන්නට දඟලන්නෝය . නමුත් පරහකට හිටියේ ආණ්ඩුවේත් වෙන , ආණ්ඩුවේත් නොවෙන , විරුද්ධ පක්ෂයේත් වෙන එසේත් නොවෙන (අපේ) ශොඩිනගර් ගේ ජනාධිපතිතුමා ය  .


නමුත් සියලු දෙනා එක්වී මේ උගුලෙන් ගැලවීමට උප්පරවැට්ටියක් යෙදීය . එය ඔපරේෂන් "මැරුණු වීරයාට පණ දීම" නම්විය .. මේ ඔස්සේ කෙරෙන්නේ එකම එක දෙයකි.  එනම් , හරිපිට දේශපාලකයන්ට හුරු කණපිටට නැවත හැරවීමය . විසි ලක්ෂයක් වූ මිනිසුන් බෙදා වෙනකොට එක එක දේශපාලකයන් නියෝජනය කරන තැනට තල්ලු කිරීමය 

6 comments:

  1. අපි ලියන දේවල ප්‍රතිඵලයක් තියෙනවා ලොක්කා...

    දිගටම ලියන්න.. දැන් රනිල්ලට, සිරිසේනලාතේරිලා තියෙන්නේ මදාවිත් එක්ක මහත්මා කම් බෑ කියලා..

    ReplyDelete
    Replies
    1. එකගයි.. මේ යහපාලනය නිකන් ගෙදර ගියොත් ගෑනි මග හිටියොත් තෝ වගේ කේස් එකක්

      Delete
  2. ආතල්...

    ලොක්කා චන්ඩියා වෙලා.. පොඩිඩ ඇත්නම් විසුරවන්න මයි හදන්නේ..
    සුළුතරය තියාගෙන වැඩ දාන එකත් මොලේ නැත්තං කරන්න බැහැ මචං..

    ජය !

    ReplyDelete
  3. /දේශපාලකයා මහජනයා නියෝජනය කරනවා වෙනුවට, මහජනයා කල්ලි ගැහි එක එක දේශපාලකයන් නියෝජනය කරන තැනට /

    ලඟදි කියවපු හොඳම දේශපාලන විග්‍රහය.
    කවදා වුනාද කියල හෙවීමෙන් පලක් නැති බව ඇත්ත. ඒත් හේතුව ප්‍රජාතන්ත්‍රවාදයට හුරු නැති දේශපාලනමය වශයෙන් නොදියුණු සමාජයකට සර්ව ජන චන්ද බලය ලැබීම. ඉන්ගලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවුනේ සමාජයත් සමග දියුණුවෙලා, අපිට වුනේ ප්‍රජාතන්ත්‍රවාදය ලැබුනට පස්සෙ ඒකට හරියන සමාජයක් හැදෙයි කියල හිතපු එක

    ReplyDelete
    Replies
    1. අපි බොහෝ දෙනා එක්කෝ නොදන්න රෙද්දවල් කියවන්න යනවා හදාරන්නේ ඉන්පසු නිවී සැනසිල්ලේ හිතන්නේ නැතිව.නැත්නම් එක්කෝ මේවා අපිට ගැඹුරු වැඩියි කියලා පැත්තකට වෙනවා

      Delete

Have commented