02 February 2015

මහ රජ ගැමුණු සහ මැක්කා // (Review of a film I did not watch)-

මේ දුරුත්තේ නැවතත් මහා රජ ගැමුණු මළවුන්ගෙන් පුබුදුවා , යළි  පණ දෙන්නට  සැලසුම් යෙදුනේ පහුගිය වසරේය  ....නමුත් එහි දළ  සැලසුම් ඇඳුනේ ඊට බොහෝ පෙර සිටයයි  මට සිතේ .... කලකට ඉහත රාවණා  පුබුදන්නට ද තැතනුවද , ජයසේකර අපොන්සු නමැති දේශද්‍රෝහීයා කළ  අසික්කිත විහිළුවක් නිසා ඒ වෑයම  අතරමග නවතන්නට විය .  නමුත් ගැමුණු මෙහෙයුම සීරුවට මාරුවට සුදානම් කෙරුණි . ... සිද්ධ වීමට පෙළ ගැස්සු සිදුවීම් සමග එය මනාව පෑහුනි . මුලින් ජනවරම දිනා , ඉන්පසු පාප් වහන්සේ ගෙන්වා , සුළු ජාතික ක්‍රිස්තියානි ජනයාගේ කම්මුල ටිකක් මිරිකා , බඩේ පැත්තෙන් ඇඟිල්ලෙන් ඇන කිතිකවා ... ඉන්පසු දුටු ගැමුණු කතාව මතක් කර , මහා ජාතියට ජාතිමාමක චුන් එකක් දී නැවතත් වරක් රජ නාඩගම රඟා  , රටේ ඉන්නේ රජෙක් බව  රටටම නැවත මතක් කර දෙන්නට ඒ සැලසුම් මනාව පෙළ ගැසී තිබුණි ...විකාර ! ඔබට සිතෙන්නට පුළුවනි ..ඇතැම් විට එසේ වන්නට පුළුවනි ...එහෙත් මම කොරහේ කිඹුලන් දකිමි . ඒ , ඇතැම්විට මේ කොරහේ කිඹුලන් ඇත්තටම  හිඳ  ඇති බැවිනි .  අනෙක එසේ හිස්ටෙරිකල් වූ කළ , සිදුවෙන දෙයින් හිත ගැස්සීම අඩුය .

මේ සටහන  මා නොබැලු මහා රජ ගැමුණු තිර සිතුවම ගැනය  ....පුර්ව  ප්‍රචාරක පටයෙන්ද  බොහෝ දේ සිතා ගත හැක ...නමුත් මෙය හුදෙක්ම චිත්‍රපටයක්ම නොව, එය හා බැඳුනු සිද්ධි , සමාජ ප්‍රවණතා හා සැඟවුණු ප්‍රොපගැන්ඩාවන්  හා තදින් බැඳුනු සංසිද්ධියක් බවත් , ඒවායෙන් තොරව මේ ගැමුණු ගැන කතා කළ  නොහැකි බවත් සිතමි . තිබු පරිසරය යටතේ කලාව නිදහසේ ගලා යන ගංගාවක් නොවු අතර , ඉතා සුක්ෂමව ඇල  වේලි , අමුණු බැඳ  අවැසි අතට නවා හරවා ගැලු  ගඟක් බව බොහෝ අය කිවුහ 

 මහාවංශයේ කතානායකයා දුටු ගැමුණුය .....ඔහු කරන්නේ එළාර මරා රට එක්සේසත් කිරීමය . මාගේ  දැනුමේ හැටියට , ඔහුගෙන් මැරුම් කන එළාර ගෙන් වූ  එහෙමට වරදක් , දුටු ගැමුණු වීර කාව්‍ය  ලියු මහානාම හිමියන්ටවත් නිච්චියටම කියන්නට  නොහැකි වී ඇත . ඇතැම් විට  එකම වරද රට එක්සේසත් කර මුළු රටම පාලනය කිරීමේ  රුහුණු රට රජුගේ අභිප්‍රායට බාධාවක් වීම වෙන්නට ඇත  ....ඇතැම් විට එහෙම නොවෙන්නට ඇත ...වැරදි තිබුනත් ඒවා නොලියවෙන්නට ඩීල් එකක් දා ගත්තා දැයි නොදනිමි . ... ඇතැම්විට මෙය මගේ ඉතිහාස දැනුමේ හිඩැසක් වන්නට ඇත .

දුටුගැමුණු ,   පොඩි පොඩි ප්‍රාදේශීය චන්ඩි පාට්  වලින් ලොකු චන්ඩි පාට්  එකකට වර්ධනය විය  ... තම පියා සැදු  හමුදාව , මුලින්ම පුද්ගලික කෝන්තර පිරිමහන්නට යොදා ගත්තේය ..  ඉන්පසු , හමුදාවට පෙළ ගැසිය හැකි නායකයෙක් ලෙස ස්ථාපනය වූ පසු දකුණේ සමාජ බලවේග විසින් ඔහුව යුද්ධය සදහා තල්ලු කරන ලදී . යුධ සේනා සංවිධානයට එතරම්ම කල් ගිය බැවින් , කාවන් තිස්ස රජුට යුධ සේනා මෙහෙයවීමේ ශක්තියක් ඒ වනවිට නොතිබෙන්නට ඇත . 

ඔහු කෙසේ හෝ එළාර හා යුධ වදින්නේය . ඒ සටනේ ඉදිරියෙන්ම සිටින්නේය . (එය ඒ දවස රාජ සම්මතයයි , විශේෂ කරුණක් නොවේ . ) ඔහු සටන දිනන්නේය . නමුත් වැදගත් වන්නේ ඉන්පසු ඔහු කළේ කුමක්ද යන්නයි . ඔහු සෑදු වැව් අමුණක් ගැන සටහනක් නැත , රටේ කෘෂිකාර්මික සංවර්ධනය තම මලණුවන්ට  පැවරුවේ යයි කියා මහානාම හිමි ඇඟ බේරා ගන්නේය . ඔහු සැදුවේ නුබ කුස සිසාරා නැගෙන රුවන්වැලි සෑයයි  . . එය මහාවිහාරය මෙන් දැනුමේ කේන්ද්‍රයක් නොවේ ..  අශෝක ස්ථම්බයකි ... ශෝ  එකකි .ඒ මහානාම හිමිගේ දුටු ගැමුණුය .

දැන් අපි ජයන්ත චන්ද්‍රසිරිගේ ගැමුණු දිහාවට හැරෙමු .... වේදිකාවෙන් මෝරා , සිනමාවෙන් සාගරයක් මැද අග්නි දාහය   , රූපවාහිනියෙන් දඬුබස්නාමානය ඔස්සේ නංවා ගත් සන්නාමයේ , reputation එකේ රැල්ලෙන් ඔසවා තබන ...විදේශික රාජ තාන්ත්‍රික ත්‍රස්තවාදයෙන් පෙලෙන ජනයාගේ විමුක්තියට ඉදිරිපත් වෙන ...මුරණ්ඩු ගැමුණු .. ලංකා සිනමා ඉතිහාසයේ වැඩිම මුදලක් වියදම් කර ... රජ මාලිගා හදා , අලි ඇතුන් යොදා ගෙන සැදු  තිර සිතුවමේ ගැමුණු ...මහා තේජස් ඇති මුහුණ පුරා බුරුසු රැවුල ඇති අප්පාගේ පුතා ...
මෙන්න පිළිගන්න ...ගැ ගැ ගැ මු මු මු ණු  ණු  ණු .....

ඈ .... ඒත් .... මේ ..... මෙයා ...පොඩි කොල්ලෙක් නේ ...කොලුකමට චන්ඩිකම් කරන ....හිත හොඳ චන්ඩි ... ඒත් තව අවුරුදු දහයකින් විතර දවසක මුණ පුරා ගොරෝසු රැවුලක් වවා ලජ්ජා නැතුව මහා රජ කියා කියන්නට හැකියාවක් ලැබෙන  .... කොටින්ම  පොටෙන්ෂල් එක තියෙන ..අනාගතයේ රජ වීමට පුහුණු කෙරෙන නූතන  ගැමුණු කුමරාට , ප්‍රොපගැන්ඩාමය බකප් එකක්  සපයන .....

තේරුනාද මන්දා වැඩේ .... 

මුළින් ලියු දෙය නැවත ලියමි ...සිදුවීම් පෙළ මනාව අනුපිළිවෙළට  පෙළ ගස්වා තිබුණි . ...එහෙත් ......චිත්‍රපටයේ කාවන්තිස්ස රජු කියන පරිද්දෙන්ම ... සතුරා සුළඟක් සේ පැමිණිය හොත් ඔබ එයට කෙසේ නම් මුහුණ දෙන්නද  ? සතුරා සිහිනයක් ලෙස පැමිණිය හොත් ඔබ ඊට කෙසේ නම් මුහුණ දෙන්නද  ?




ප.ලි  : 
මෙය ඉතාම අසාධාරණ , හුදෙක්ම මනෝ විකාරයක්ම ලෙස නිෂ්ප්‍රභා කිරීමට අයිතියක් කියවන්නාට ඇත ...ඒත් එහෙමත් වෙන්න බැරිද ? 
දැන් වැදගත් දෙවෙනි ප්‍රශ්නය ..කෝ මැක්කා ? .. ඇයි දැක්කේ නැද්ද ?  

ප.ලි.ට ප.ලි : 
poly යනු බහු යන අර්ථය සපයන්නේය , ticks යනු මැක්කන්ය ...... 

15 comments:

  1. දුටුගැමුණු රජතුමාට වැව් හදන්න කාලයක් තියෙන්න නැතුවැති. රටතුල සිටින එලාරගෙ ටීම් එක(එලාර සහ ප්‍රතිශතාත්මකව තවත් අඩු පිරිසක් ඝාතනය වීම නිසා ඉතිරිවූ පිරිස වැඩි වෙන්න පුළුවන්) සහ රටෙන් පිටත සිටි එලාර ඩයස්පෝරාවෙ තර්ජනය ඒකට හේතු වෙන්න ඇති කියල හිතන්න පුළුවන්.

    මේ සාධක බැහැර කරන්න හොඳ නෑ ජේපී!

    ReplyDelete
  2. එක එකාට කඩේ යන්න ගියාම නිර්මාණකාරයත් විනාශ වෙනවා. උත්කෘෂ්ඨත්වයට නංවන්න යන එකත් විනාෂ වෙනවා. උඹ කියන එක බොහොම පැහැදිලියි.. මුන් බලුකායත් සමඟත් වැජබෙන්න ට්‍රයි කරපු නලාකරුවෝ. කාලකන්නි උනුත් නැටි උනා අරුනුත් නැති උනා. මට නම් මහරජ ගැමුණු ෂෝ එක, මහ රජ ගැමුණුම තමයි. යුද්ධයට එනකම් ග්‍රේට්. යුද්ධයත් ග්‍රේට්. ඒත් ඊට පස්සේ ගූ ගොඩක්. ෆිල්ම් එකට පූර්ව ප්‍රචාරය ග්‍රේට්. කොහොම හරි හදා ගත්ත එකත් ග්‍රේට්. නමුත් ෂෝ එක කක්කි..

    ReplyDelete
    Replies
    1. මට හිතුන දේ තමා ලිව්වේ.. මම පොත කියවන්න ගත්තා

      Delete
  3. මං හිතන්නෙ ගැමුණු ගේ සිට කෝට්ටේ කාලය දක්වාම වගේ යුද්ධ අපි දැන් හිතන වර්ගයේ ජාතිය ඒතරම්ම පදනම් කර ගත් ඒවා නොව බලය හා දේශපාලනය මූලික කරගත් එක්කෝ රජ වංශ දෙකක් අතර, රජ වරු දෙදෙනෙක් හෝ කුමාරවරු දෙදෙනෙක් අතර, රජපවුලේ පාර්ශවයන් දෙකක් අතර හෝ දේශීය රජෙක්/කුමාරයෙක් හා විදේශීය ආක්‍රමණිකයෙක් අතර වූ බල අරගල.
    වර්ගවාදී යුද්ධනෙමෙයි. ආගමත් යොදාගත හැකි එක ආයුධයක් වුනා මිසක් ආගම මුල් කරගත් යුද්ධත් නෙමෙයි. කොහොමත් කෝට්ටෙ කාලයේ වුණත් ජාතිය කියන එක දැන් තරම් බෙදී වෙන්වීගිය දේශපාලන සාධකයක් වුන බව පේන්නෙ නෑ. ප්‍රාදේශීය යුද්ධ හා දේශීය එරෙහිව ආක්‍රමණික තමයි.

    @JP, මහරජ ගැමුණුත් මූණු දෙකේ ඔරලෝසු හා සාටක පිඟන්බඩු වගේ ඩිලිවරි ඩිලේ වුන එකක්ද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඩිලේ නෙමෙයි .. ඊට කලින් වෙන්න තිබ්බ දේ එලෙසට සිදු නොවීම නේද?

      Delete
  4. මේක තමයි මගේ මතය
    http://anthoniyo-bahijata.blogspot.com/2014/12/blog-post.html

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් .. හිතන්න යමක්

      Delete
  5. මහා වංශය රචනා කල මහානාම හාමුදුරැවෝ දමිල ඡාතිකයෙකි. උන්වහන්සේගේ වීරයා අසේල රජු නොව ඔබ විවෙිචනය කරන දුටුගැමුනු රඡුය.

    ReplyDelete
    Replies
    1. හැම කලකම, කඩේ යන්නවුන් සිටී?

      Delete
    2. ජයා,
      මේ පත්‍රිකාව මුලින්ම කියවන විට මට සිතුනේ ඔබ බුධිමතෙකු බවය.ඔබ ගණකාධිකරණය ක්ෂේත්‍රයේ නියැලෙන්නෙක් නිසා ශාක්‍ෂි නැතිව කිසිවක් නොපිලි ගනන්නා විගණනය ගැනද යමක් ඔබ දන්නවා ඇතයි මා සිතුවා. නමුත් මහානාම හාමුදුරුවෝ කඩේ යන්නෙක් හැටියට ඔබ හඳුන්වා දීමෙන්ම මා ඔබගැන සිතු අදහස වැරදි බව මට වැටහුනා. මහානාම හාමුදුරුවෝ මහාවංශය ලිව්වේ එකල තිබු චුල වංශය,බෝධි වංශය වැනි පොත් මෙන්ම සමාජයේ පැතිර තිබුන ජන කථා අධ්‍යන කිරීමෙන් කියා ඒ පොතේ කියා. තිබෙනවා.
      මහා වංශය වැරදි නම් ,මහානාම හාමුදුර්වෝ කඩේ යන්නෙක් නම් ඇයි ඔබට අන් මහා වංශයක් ලියන්න බැරි? අඩු තරමේ මහා නැතිවූ 40 පරිච්චේදය වත් නැවත ලියන්න පුලුවන්නෙ.
      මේක බලන ඔබ සිතනවා නම් මා ඉතිහාසය හැදිරිම තුලින් ජිවනෝපාය සොයා ගත් අයෙක් කියා එය වැරදියි. මාද ඔබ මෙන් දෙවෙනි හා තුන්වැනි අධ්‍යාපනය ගැනීමට හැදෑරුවේ ගනකාධිකරණයයි. ඉතිහාසය ඉගෙන ගත්තේ ඉස්කෝලේ 8 වන ප්‍රමාණයට පමණයි.

      සමරසේකර

      Delete
    3. ජීවීකාව කරන්නට යම් විශයන්ද ආශාව නිසා වෙනත් විශයන්ද හදාරා ඇත්තෙමි. ඒ හැරුණුකොට මම බුද්ධිමතෙක් යයි නොසිතමි. නමුත් යමෙකුගේ එක් මතයකින් එ අයගේ බුද්ධිය මැනීම එතරම් බුද්ධිගෝචර නැතයි සිතමි. මහාවන්ශය ගැන මගේ මතයට හේතු සාධක ඇත. මම දැනට ඒවා නිවැරදියයි සිතමි.ඔබේ මතයටත් එසේ ඇතයි සිතමි. නමුත් දිනෙක මගේ මතය වෙනස් වේවි. ඒ මිනිසුන්ගේ හැටියි.

      මහා වන්සය හා මාගේ බුද්ධිය ගැන ඔබේ මතයන් ඔබේය. ඊට ඔබට අයිතියක් ඇත. ඒත් ඒවායේ බර මගේ කරට නොගනිමි. මගේ ලියවිල්ලට සම්බන්ධ කරුනු කීපයක් දක්වමි.

      ඉතිහාසය අළු පැහැතියි, බොදවූ චායාවකි. එතරම් ඈතට නොගොස් මෑත අතීතයේ එක් කලේක රටේ වීරයා වූ මහින්ද ගැන වුව අපි දැන් නැවත සිතන්නෙමු

      ඉතිහාසය ලියවෙන කතාවක් බව විශ්වාස කරමි. ඊට අදාල සාක්ශි උලුප්පා දැක්වේ. නොඅදාල ඒවා වැලලේ.. මහාවංසයේ පමනක් නොව බයිබලය ලියද්දිද සිදුවුයේ එය නොවෙද?

      හැම කතෘ කෙනෙකුටම ඇජෙන්ඩාවක් ඇත. අපි ඔවුන්ගේ කතාවන් කියවිය යුත්තේ ඒ ඔස්සේ යයි මම සිතමි.

      Delete
  6. //මාගේ දැනුමේ හැටියට , ඔහුගෙන් මැරුම් කන එළාර ගෙන් වූ එහෙමට වරදක් , දුටු ගැමුණු වීර කාව්ය ලියු මහානාම හිමියන්ටවත් නිච්චියටම කියන්නට නොහැකි වී ඇත .//

    එකඟයි. මේ කතාවම ලඟදි කෙනෙකුට කීවා. ඉතිහාසේ බලන්ට ඕනි කවුරු හරි වර්ණනා කරපු තැන් නෙමෙයි නොපෙනෙනෙන, කතා නොකෙරෙන දේවල් ගැන. :)

    ReplyDelete
    Replies
    1. මේ චිත්‍රපටයේ තිරරචනයේ තියෙන්නේ වෙන කතාවක්.. පොඩ්ඩි පුලුවන් නම් බාගෙන කියවන්න https://my.pcloud.com/publink/show?code=XZzlQkZK43k7J7f9pXV95NvqY3f45LE6LGk

      Interesting

      Delete
  7. Sagarayak mada Adyakshanaya kale Gamini fonseka neda? Jayanthage Mul nirmana Ithama hondai Ewunata ieta passe nirmana hema ekakma eyage sambanda kam matha Damdya walin onawata wada pimbuwa/Pumbawa gaththa ewai.

    ReplyDelete
    Replies
    1. ඔහු තුල ඉන්නා ඇඩ් මෑන් ඇතැම් විට ඔහු තුළ ඉන්න කලා කරුවා ඉක්මවා යනවා . ... ස්තුතියි නිවැරදි කලෙමි

      Delete

Have commented