විත්‍යා නම් වූ ප්‍රශ්න තුන
කයිට්ස් හි විත්‍යා කවුදැයි නොදන්නෝ දැන් අල්පය. ජීවත් වෙද්දී සාමන්‍ය කෙල්ලක් වූ ඇය, ඉතාමත් අවාසනාවත් ලෙස මරා දැමු පසු , දේශපාලනමය වාසියක් , රාජ්‍යයේ අසමත් බවේ ප්‍රතිමුර්තියක් , ත්‍රස්තවාදය නැවත නැගිටීමට නිමිත්තක් වී ඇති බවක් කියවේ . මට හැඟෙන පරිදි නම් විත්‍යා යනුවෙන් ප්‍රශ්නයක් මතුවී ඇත . එකක් නොව පැණ ත්‍රිත්වයක්ම....
විත්‍යා නිමිත්තක් වී, දැන් සැවොම අවධානය යොමු කරන්නේ , ලිංගික අපචාර වැලැක්වීම ගැනය... අපචාරයක් සිදුවූ වොත්, චුදිතයන්ට දඬුවම් දීම ගැනය .
එනමුදු දුෂණය හා ලිංගික අපචාරය යනු දෙකකි . දුෂණය තුළ අපචාරයේ ඇති ලිංගික, සාමාජීය ප්‍රශ්නයට , අසහනයට එහා ගිය සංස්කෘතික , සමාජීය ප්‍රශ්ණයක් ඇත . එය බලහත්කාරකමට වඩා භීෂණය පිලිබඳ ප්‍රශ්නයකි . එය මෝල් කලන්තයට වඩා තග පිලිබඳ ප්‍රශ්නයකි . විත්‍යා තුලින් පළමුව මතුවන්නේ මේ ගැන ප්‍රශ්නයකි .
දෙවැනි පැනය බලය පිලිබඳවය. ප්‍රභා තම ත්‍රස්ත හමුදාව යොදා ඒ පෙදෙස පාලනය කරද්දී . උතුරටම එක චණ්ඩියෙකි . (ජීවිතයේ වැඩි කාලයක් යුද්දයක් සමගම ජිවත් වූ මට , අනුරාධපුරයෙන් ඔබ්බට සියල්ල උතුරය . ඒ අපි සිතු සැටිය). ඒ කාලයේ, එක්කෝ කෙල්ලන්ගේ අයිතිය කැමා සූට් එකක් අන්දා ප්‍රභාට බාර දිය යුතුය, නැතිනම් විත්‍යාගේ අම්මා මෙන් පෙට්ටගමක දමා රැක ගත යුතුය .
(ඒ ද අපි සිතු හැටිය . )
මේ චන්ඩියා නැතිවූ කළ රික්තකයක් මතුවේ . ඒ අඩුවට ,2009න් පසු කෙලින්ම ආදේශ වුයේ දකුණේ චන්ඩියා ය . නමුත් ඔහු තම පාලනය කලේ විවිධ පුංචි චණ්ඩි ඒජන්ට් ලා ඔස්සේය . ඔවුහු තම තග ස්ථාපිත කිරීමේ උපක්‍රමයක් ලෙස හින්දු සමාජයේ මර්මස්ථාන වලටම දැනෙන නිලයක් ඇල්ලීමට ස්ත්‍රී දුෂණය පාවිච්චි කල බව පෙනේ . හිටපු එකාගේ හැටියට මුන් හූනු බෙටි සයිස් චන්ඩින්ය. කිඹුලා කනවා උහුලා සිටි උන් , කොහිල කටු ඇනෙන කල , "LTTE කාලේ මීට වඩා හොඳයි" කියා කියන්නේ (අයෙකුට කියවෙන්නේ ) , මේ පීඩනය නිසා වෙන්නට හැකිය . (අනෙක් අතට ඒ මන්ත්‍රීවරිය දේශපාලනය කරන්නියකි , ඈ ජාතිවාදී ටිකට් එකෙන් තම චන්ද ගොඩ සදා ගන්නටද තනන්නී ය . ඒ බව කිසි විටෙක අමතක නොකළ යුතුය . ඈ ද්‍රවිඩ වූ පමණින් ඈගේ හඬ , ජන හද ගැස්ම 100% නියෝජනය කරතැයි සිතීම අමනෝඥ ය . මෙය ඇත්තක්ද , නැත්තක්ද කියා මම නොදනිමි .නමුත් එකම බොරුව පුනා පුනා කියද්දී එය ඇත්තක් වේ . මෙය භයානකය . බලයට ලොල් වුවෝ මෙය කිරීමට නොපැකිළෙති )
අනෙක් අතට "යාපනේ නම් එහෙම වුනේ නෑ" ( කොටි ඉන්න කල්හි කාන්තාවන්ට පාන්දර 2ට 3ටත් බියක් සැකක් නැතිව මග සරන්නට හැකි වුනි යයි ඈ කියන්නීය ) කියන්නේ ඇත්තක් නම් , කයිට්ස් හි එහෙම වෙන්නත් යාපනේ එහෙම නොවෙන්නත් ඇතැයි අපට සිතා ගත හැකිය . අපට අනුරාධපුරෙන් උඩ ඔක්කොම උතුර උනාට, යාපනේට කිරි දෙද්දී හැමදාම කැකිරි ලැබුණු පෙදෙස්ද (සැමදා ම ) ඇත .
තෙවැනි ප්‍රශ්නය නීතිය පිලිබඳ වය . නීතියේ ආධිපත්‍ය පවතින්නේ , එය ගැන විශ්වාසය හෝ එහි බලයට ඇති බය හෝ ඇති කල ය . පළමුවැන්න ක්ෂය වීම කලෙක සිට ආරම්භ වී ඇත , දෙවැනි හේතුවද ක්ෂය වෙමින් පවතී . තග දමා මේ සිස්ටම් එක පවත්වා ගැනීම අසීරුය , අධික පිරිවැයක් දැරිය යුතුවේ ( හැම අතින්ම ). සමාජය , සංස්කෘතිය , රාජ්‍යය යන කොඩි ලෙල දිය හැක්කේ මේ රැහැන් පට තදින් බැඳ තිබෙන තෙක් පමණි . එහි පොට එකින් එක ලිහෙමින් පවතී. මෙවර උසාවියට ගල් ගැසුහ. ගල් ගසා සැඟවුනහ . ඊළඟ වර මෙය යාපනේ පමණක් නොව සැම තැනම වනු ඇත . එවර ඔවුන් සැඟ නොවෙනු ඇත.
වාසු නම් වූ පිළිතුර
වාසු ගේ සුබස්, දැන් හෝටලයක මස් හොද්දේ රබර් බීෆ් කෑල්ලක් මෙන් , එපා වෙනකන් විකුණු මාතෘකාවකි . නමුත් රනිල් යනු දස සිල් උපාසක මහතෙකු නොවේ . ප්‍රජාතන්ත්‍රවාදියෙකුට වඩා ඔහු එකාධිපතියෙකි . ඔහුගේ කතා හොඳින් අසන්නෙකුට , ඔහු කතාවල ඇති අවඥා සහගත බව , අනෙකුන් සියල්ල මෝඩයින් ලෙස සැලකීම මනාව නිරීක්ෂණය කර හැක . ඔහු ගේම් කාරයෙකි . හරි දෙයට පාවිච්චි කලොත් එහි වැරැද්දක් නැතැයි විටෙක අයෙක් කියන්නට හැක . නමුත් එයට ගැරන්ටියක් දිය හැක්කේ කෙසේද . පාර්ලිමේන්තුවේ විරුද්ධ මතයක් ප්‍රකාශ කරන්නට නැගී සිටින්නෙකුට මෙසේ කතා කරත් නම් , රතුපස්වලක් නැවත ඇති වුවහොත් කෙසේ හැසිරෙයිද ( ඒ ගැන ඉඟියක් , ඇතැම් නියෝජ්‍ය ඇමති වරුන් රූපවාහිනී සංවාදයක අමාරූ ප්‍රශ්නයක් අසන නිවේදකයෙකුට පිළිතුරු දෙන අයුරින්ම ලබා ගත හැක ) එවැන්නෙකු "කට වහ ගෙන ඉඳ ගන්නවා " කිව්වොත් .. දිය යුතු උචිතම පිළිතුර , "උඹ කව්ද ප# , මට ඉඳ ගන්න කියන්න " ම නොවන්නේද ?
මහින්ද නම් වූ විහිලුව
ජෝක්ස් ඇත . ගොන් ජෝක්ස් ද ඇත. පට්ට ගැසූ පරණ ජෝක්ස් ද ඇත . මීට අමතරව භයානක විහිලුද ඇත...