30 May 2015

විත්‍යා නම් වූ ප්‍රශ්න තුන , වාසු නම් වූ පිළිතුර හා මහින්ද නම් වූ විහිලුව

ඊයේ,  මම මේ සතියේ විකාශනය වූ සටන වැඩසටහනක් නැරඹුවෙමි.  (සිරසේ න්‍යායපත්‍රය ගැන ද වෙන වෙන අදහස් මතු වුනත් ) එහිදී කියවූ යමක් ඔස්සේ මා සිතුවිලි  විවිධ දිශාවන් හි දුවන්නට විය . මේ ගැන සටහනක් ලිවීමට සිත බල කළේය . මම එය  සති  අන්තයට කල් තැබීමි . අද වනවිට මේ වැඩසටහනේ කියවූ බොහෝ දේ වයිරල් වී ඇත . නමුත් සිතා ගත් පරිදි සටහන තබමි .


විත්‍යා නම් වූ ප්‍රශ්න තුන 

කයිට්ස් හි විත්‍යා කවුදැයි නොදන්නෝ දැන් අල්පය. ජීවත් වෙද්දී සාමන්‍ය කෙල්ලක් වූ ඇය, ඉතාමත් අවාසනාවත් ලෙස මරා දැමු පසු , දේශපාලනමය වාසියක් , රාජ්‍යයේ අසමත් බවේ ප්‍රතිමුර්තියක් , ත්‍රස්තවාදය නැවත නැගිටීමට නිමිත්තක් වී ඇති බවක් කියවේ . මට හැඟෙන පරිදි නම් විත්‍යා යනුවෙන් ප්‍රශ්නයක් මතුවී ඇත . එකක් නොව පැණ ත්‍රිත්වයක්ම....

විත්‍යා  නිමිත්තක් වී, දැන් සැවොම අවධානය යොමු කරන්නේ ,   ලිංගික අපචාර වැලැක්වීම ගැනය...  අපචාරයක් සිදුවූ වොත්, චුදිතයන්ට දඬුවම් දීම ගැනය .      
එනමුදු දුෂණය හා ලිංගික අපචාරය යනු දෙකකි . දුෂණය තුළ අපචාරයේ ඇති ලිංගික, සාමාජීය ප්‍රශ්නයට , අසහනයට එහා ගිය සංස්කෘතික , සමාජීය ප්‍රශ්ණයක් ඇත . එය බලහත්කාරකමට වඩා භීෂණය  පිලිබඳ ප්‍රශ්නයකි . එය මෝල් කලන්තයට වඩා තග පිලිබඳ ප්‍රශ්නයකි . විත්‍යා  තුලින් පළමුව මතුවන්නේ මේ ගැන ප්‍රශ්නයකි .
දෙවැනි පැනය බලය පිලිබඳවය. ප්‍රභා තම ත්‍රස්ත හමුදාව යොදා ඒ පෙදෙස පාලනය කරද්දී . උතුරටම එක චණ්ඩියෙකි . (ජීවිතයේ  වැඩි කාලයක් යුද්දයක් සමගම ජිවත් වූ මට , අනුරාධපුරයෙන් ඔබ්බට සියල්ල උතුරය . ඒ අපි සිතු සැටිය). ඒ කාලයේ, එක්කෝ කෙල්ලන්ගේ අයිතිය කැමා සූට්  එකක් අන්දා ප්‍රභාට බාර දිය යුතුය, නැතිනම් විත්‍යාගේ අම්මා මෙන් පෙට්ටගමක දමා රැක ගත යුතුය .
(ඒ ද අපි සිතු හැටිය . ) 

මේ චන්ඩියා නැතිවූ කළ  රික්තකයක් මතුවේ . ඒ අඩුවට ,2009න් පසු කෙලින්ම ආදේශ වුයේ දකුණේ චන්ඩියා ය . නමුත් ඔහු තම පාලනය කලේ විවිධ පුංචි චණ්ඩි ඒජන්ට් ලා ඔස්සේය . ඔවුහු තම තග ස්ථාපිත කිරීමේ උපක්‍රමයක්  ලෙස හින්දු සමාජයේ මර්මස්ථාන වලටම දැනෙන නිලයක් ඇල්ලීමට ස්ත්‍රී දුෂණය පාවිච්චි කල බව පෙනේ .  හිටපු එකාගේ හැටියට මුන් හූනු  බෙටි සයිස් චන්ඩින්ය. කිඹුලා කනවා උහුලා සිටි උන් , කොහිල කටු ඇනෙන කල ,  "LTTE කාලේ මීට  වඩා හොඳයි" කියා කියන්නේ (අයෙකුට කියවෙන්නේ ) , මේ පීඩනය නිසා වෙන්නට හැකිය . (අනෙක් අතට ඒ මන්ත්‍රීවරිය දේශපාලනය කරන්නියකි , ඈ ජාතිවාදී ටිකට් එකෙන් තම චන්ද ගොඩ සදා ගන්නටද තනන්නී ය . ඒ බව කිසි විටෙක අමතක නොකළ යුතුය . ඈ ද්‍රවිඩ වූ පමණින් ඈගේ හඬ , ජන හද ගැස්ම 100% නියෝජනය කරතැයි සිතීම අමනෝඥ ය . මෙය ඇත්තක්ද , නැත්තක්ද  කියා මම නොදනිමි .නමුත් එකම බොරුව පුනා පුනා කියද්දී එය ඇත්තක්  වේ . මෙය භයානකය . බලයට ලොල් වුවෝ මෙය කිරීමට නොපැකිළෙති ) 

අනෙක් අතට  "යාපනේ නම් එහෙම වුනේ නෑ" ( කොටි ඉන්න කල්හි  කාන්තාවන්ට පාන්දර 2ට 3ටත් බියක් සැකක්  නැතිව මග සරන්නට හැකි වුනි යයි  ඈ  කියන්නීය )  කියන්නේ ඇත්තක් නම් , කයිට්ස් හි එහෙම වෙන්නත් යාපනේ එහෙම නොවෙන්නත් ඇතැයි අපට සිතා ගත හැකිය  . අපට අනුරාධපුරෙන් උඩ ඔක්කොම උතුර උනාට, යාපනේට කිරි දෙද්දී හැමදාම කැකිරි ලැබුණු පෙදෙස්ද (සැමදා ම ) ඇත . 


තෙවැනි ප්‍රශ්නය නීතිය පිලිබඳ වය . නීතියේ ආධිපත්‍ය පවතින්නේ , එය ගැන විශ්වාසය හෝ  එහි බලයට ඇති බය හෝ ඇති කල ය .  පළමුවැන්න ක්ෂය වීම කලෙක සිට ආරම්භ වී ඇත , දෙවැනි හේතුවද ක්ෂය වෙමින් පවතී . තග දමා මේ සිස්ටම් එක පවත්වා ගැනීම අසීරුය , අධික පිරිවැයක් දැරිය යුතුවේ ( හැම අතින්ම ). සමාජය , සංස්කෘතිය , රාජ්‍යය යන කොඩි ලෙල දිය හැක්කේ මේ රැහැන්  පට තදින් බැඳ තිබෙන තෙක් පමණි . එහි පොට එකින් එක ලිහෙමින් පවතී. මෙවර උසාවියට ගල් ගැසුහ. ගල් ගසා සැඟවුනහ . ඊළඟ වර මෙය යාපනේ පමණක් නොව සැම  තැනම වනු ඇත . එවර ඔවුන් සැඟ නොවෙනු ඇත.


වාසු නම් වූ පිළිතුර 

වාසු ගේ සුබස්, දැන් හෝටලයක මස් හොද්දේ රබර් බීෆ් කෑල්ලක් මෙන් , එපා වෙනකන් විකුණු මාතෘකාවකි  . නමුත් රනිල් යනු දස සිල් උපාසක මහතෙකු නොවේ . ප්‍රජාතන්ත්‍රවාදියෙකුට වඩා ඔහු එකාධිපතියෙකි . ඔහුගේ කතා හොඳින් අසන්නෙකුට , ඔහු කතාවල ඇති අවඥා සහගත බව , අනෙකුන් සියල්ල මෝඩයින් ලෙස සැලකීම මනාව නිරීක්ෂණය කර හැක . ඔහු ගේම් කාරයෙකි . හරි දෙයට පාවිච්චි කලොත් එහි වැරැද්දක්  නැතැයි  විටෙක අයෙක් කියන්නට හැක . නමුත් එයට ගැරන්ටියක් දිය හැක්කේ කෙසේද . පාර්ලිමේන්තුවේ විරුද්ධ මතයක් ප්‍රකාශ කරන්නට නැගී සිටින්නෙකුට මෙසේ කතා කරත් නම් ,  රතුපස්වලක් නැවත ඇති වුවහොත් කෙසේ හැසිරෙයිද ( ඒ ගැන ඉඟියක් , ඇතැම් නියෝජ්‍ය ඇමති වරුන් රූපවාහිනී සංවාදයක අමාරූ ප්‍රශ්නයක් අසන නිවේදකයෙකුට පිළිතුරු දෙන අයුරින්ම ලබා ගත හැක ) එවැන්නෙකු "කට වහ ගෙන ඉඳ ගන්නවා " කිව්වොත් .. දිය යුතු උචිතම පිළිතුර , "උඹ කව්ද ප# , මට ඉඳ ගන්න කියන්න " ම නොවන්නේද ? 



මහින්ද නම් වූ විහිලුව 

ජෝක්ස්  ඇත . ගොන් ජෝක්ස් ද ඇත. පට්ට ගැසූ පරණ ජෝක්ස් ද ඇත . මීට අමතරව භයානක විහිලුද  ඇත... 

10 comments:

  1. අතිශය භයානක විහිලුවක් නිසා ඇතිවූ ප්‍රශ්ණ තුනක්.. සහ අවස්ථානෝචිත (එහෙත් බලාපොරොත්තු විය නොහැකි) පිළිතුරක්

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න තුනට හේතුව , විහිලුව මයි මම නොසිතමි .. විහිලුවට මෙවැනි දේත් ඇඳා ගැනීමයි භයානක

      Delete
  2. ප්‍රධානම හේතුව වෙන දෙයක්. උතුරේ ඔයිටත් වඩා අමනුෂික සිඳුවීම් සිඳු උනා. නමුත් ප්‍රභාගෙන් පස්සේ යාපනය පාළණය කරපු මහින්දගේ මැර හමුදාවලට (දේවානන්ද, පොලීසිය, හමුදාව, ආන්ඩුකරවරයා) ඇති බිය නිසා කිසිවක් එලියට ආවේ නෑ. තවත් හේතුවක් උනේ අදටත් මහින්දගේ සට්ටැඹි රස්සාව කරන ජන මාද්දිය වේදියෝ කියලා ටැග් එකක් කරේ එල්ලගෙන යන අමනයෝ.

    ඒත් අද තත්වය වෙනස්. ජනාධිපති තුමාම කියන විදියට මේක යහ පාලනයක් නොවුනත්. මේ ඊට ආරම්බයක්...

    ReplyDelete
    Replies
    1. මාතලන් , මම මීට යටින් ප්‍රතිචාරයේ දක්වා ඇති පරිදි, ප්‍රභා මළ පසුත් පාවිච්චි උනේ , ඒ පාලන න්‍යායමයි. උතුරුට අවැසි හයිවේ එකක් නොව , ශක්තිමත් සමාජීය සැකිල්ලක් යයි සිතමි . එය එම සංස්කෘතිය තුලින්ම සැදිය යුතුයි . සමහර විට (බොහෝවිට ) ඒ මොඩල් එක අපිට අනිත් පළාත් අටේම පාවිච්චි කරන්න පුළුවන් වේවි . මිනිස්සු බය කරලා පාලනය කිරීම කෙතරම් ගෝත්‍රික ද ... එතනින් උඩ පඩියේ තියෙන්නේ මිනිස්සු රවට්ටා පාලනය කිරීම ... එයත් කල් ඉකුත් වූ සංකල්පයක්

      Delete
  3. AnonymousMay 30, 2015

    You don't seem to pinpoint dictatorial attitude of Ranil W! When the Arjuna Mahendran case was raised Ranil acted the Hitlers role in the parliament! He said: you don't know these things, sit down " this is the biggest joke in the country but you want to satisfy your selfish attitude of attacking Mahibda for everything!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Thank you for your comment. Firstly I respect and appreciate your opinion, but would like to respond to your allegations.

      I think what you accuse me of, is not my selfishness (as you can not possibly prove or disprove my selfishness or unselfishness from this post) but me preaching my political opinion and presenting facts only to support it and ignoring all the other facts.

      You are correct to an extent. My expressions may be based on by political biases ( as in anyone’s case). But you can not be more wrong in thinking, that my allegiance is towards Ranil W.
      My political alignments are definitely neither towards “Mr” Ranil W nor King Mahinda.
      However, I am puzzled how you, ignored the three questions that as a member of the civil society bothers me the most, ignored mention of the dictatorial democracy of Ranil W and focussed only on the blow to MR. May be that is what is dearest to your heart and touched you the most .

      I can not see how you would disagree with me when I state that, during war there was terrorism ( governing with terror) and even after the war ended (for me, opposite of war is the war ending, not peace … hope you get it ) there was/ is terrorism… and Mahinda’s modus operandi was exactly that ( the word “thaga” is used in that context.) … As per the ideology I believe in (it is a mixture of things) that can not be justified.
      To pre answer to a counter argument that it was the necessity of the times.. even it was …there was no effort made to reduce it gradually.. nor was it done in the benefit of the common good. (selfishness ???, only known way ????, we get what we ask for ????)

      For me, the needs of the hour are not the western packaged, pre cooked imported conceptual products such as democracy and good governance, but an action plan to move beyond the caracas of terrorism and violence. (during this 100 + days there is a screen saver of that, yet the programs running in the background are the same old operating systems. But most importantly at least some programs are force paused .)

      I do not believe peace, patriotism , democracy, good governance and a lawful and moral society are mutually exclusive concepts. I believe all can be had together and complements each other if there’s a proper policy, systems and governance. What is needed is a solid plan. Leaders who carve out portions and say that you can’t have all are not up to the needs of the times.

      Back to the post, the problems Vidya’s case raises are real to me. And I believe they are questions the civil society needs to find answers to . Fast. I also think to any body who tries to bully us in to doing things should be responded the way Vaasu answered. And finally I think, what MR is playing on the society at present is a deadly prank.

      Delete
  4. නියම ලිපිය​. Bookmark කරගත්තා යාලුවන්ටත් පෙන්නන්න​

    ReplyDelete
  5. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17148-2015-05-30-22-04-15

    ReplyDelete

Have commented