22 May 2015

ස්වාධීන වූ නීතිය සහ තොරතුරු දැන ගැනීමේ නිදහස // Be careful what you ask for

මේ දවස් වල ට්රෙන්ඩින් (trending) වදන් වැල් කීපයක් තමා , නීතියේ ස්වාධිපත්ය , ස්වාධීන  අධිකරණය සහ තොරතුරැ දැන ගැනීමේ නිදහස 

ස්වාධිපත්ය 

අහෝ මා හට වුනු 
වියෝවා 
රාජ උණුහුමට 
තුරුළු කරන් 
ඇකයේ හිඳුවා 
ඔවා දුන් 
තේජෝ බලැති
විධායකය 
නැති මෙකල් 
මට 
කොල්ලෝද 
බල්ලෝද 
අනෙක් උන්ද 
පාති 
කොචෝක් 
පෙන්නති 
කොකා 

***

ස්වාධීන 

නඩුත් බඩුත් 
තවමත් 
හාමුදුරුවන්ගේමය 
නඩු අහන බඩු දැන් 
අමාරුවේ 

***

තොරතුරු දැනගැනීමේ නිදහස #1

දුන් පසු  ඇයට 
තොරතුරු දැනගැනීමේ නිදහස
කණපිට හරවා කලිසම් සාක්කු 
කියවා ඇස් එම් ඇස් 
තුන්ඩු කෑලි පසුම්බියේ 
එකින් එක  
..... හේ 
මකයි 
කෙටි පණිවිඩ 
ඉවතලයි තුන්ඩු කෑලි 
ගෙදරට එන්නට 
කලියෙන් 

***

තොරතුරු දැනගැනීමේ නිදහස #2

බොහෝ අය 
බොහෝ දේ 
දන්නවා 
ඒත් 
නොදන්නවා සේ 
ඉන්නවා 

12 comments:

  1. මල් හතයි කයි පද ටික...

    ReplyDelete
  2. //තොරතුරු දැනගැනීමේ නිදහස #1// පට්ටම..
    කිසිවක්
    ඕනෙවට වඩා
    ඕනේම
    නැත...

    ReplyDelete
    Replies
    1. විවාහකයන් දත් දේසපාලනය!

      Delete
  3. අම්මපා අර තොරතුරු දැනගැනීමේ අයිතියේ 1 කවිය නම් නියමයි...... දැන් අපිට තියෙන අභියෝගය ඔ්කයි..... අැත්ත නම් මේකයි... හොරු කොහොමත් හොරකම් කරනවා... හැමදාම ඒකට ක්‍රම හදද්දි හොරු වෙන ක්‍රමයක් හොයා ගන්නවා... හැමදාම හොරා අපිට ඉස්සරහින් හිටියා... ඒකයි තාමත් ලෝකයේ හොරකම පවතින්නේ.....

    ReplyDelete
    Replies
    1. අනුන්ගේ දේ ගැනීම මුල ඉඳන්ම තිබුනා පස්සේ තමයි ඒක හොරකම උනේ

      Delete
  4. තොරතුරු දැන ගැනීමේ නිදහස- ලංකාවට බහින්න කලින් ගුවන් යානාවලදී නිතර දැක තියෙනවා. පංකාදු කවි ටික

    ReplyDelete
    Replies
    1. හාහාහා . ඔව් ඔව් මමත් දැක තියෙනවා .. ඉන් පස්සේ කටුනායකින් නාදුන්නන් වගේ වෙන් වෙලා යනවා :)

      Delete
  5. Last time we got it without even asking...

    ReplyDelete
    Replies
    1. the cost of free things are the highest

      Delete
  6. //තොරතුරු දැනගැනීමේ නිදහස #1// පට්ටම..*2

    ReplyDelete

Have commented