17 June 2015

සිටියා නම් මට දියණියක්....


පෙර කියවීම : කවි රසවිඳින කිහිප විදියක් තියෙනවා . මෙය අහන් ඉන්න කවියක් ... හරියට අපේ ජනකවි වගේ . .. ඒ අනුසාරයෙන් , මමත් කළා අනුවර්තනයක් .















සිටියා නම් මට 
දියණියක්
සිත්තම් කරමි 
හිරු 
සඳු 
තරු
ඈ පිටි අල්ලේ
එවිට කියන්නට පෙර 

දනී යයි 
අතැඹුලක් සේ 

උගත මනා වේ 
මුළු විශ්වයම

මද නළ දුන් 
ඔත්තුවක් දිගේ 
ඉව අල්ලා 
හැන්දෑවක 
සරත් සමයේ
ඈ  සොයන 
...ගිනිගන්නා ගෙයක 
ගිනි දළු මැද  හිඳින,
එමැද දැවෙන ,
..ඔහු 
(සුවපත් කිරීමට 
ඈ  සිත සොයන )
හඳුනමි හොඳින් 
...නැතිනම් 
ඒ ගිනි ඇවිලූ ඔහුම ...
(වරදින් මුදන්නැහේ 
   ඈ  සොයන )
ඔහුත් හඳුනමි.
කියම් 
ඇයට 
දෙදෙනාම නොවටී යයි 
විඳිනට ඈ 
සැදී පැහැදෙන 
දුක් 
කන්දරාවට 

ඒත් ....
උගනීවී ඈ 
ඇද වැටෙන්නට
දැමු විට ජීවිතය  
කකුල් මාට්ටු
පස් රස රුහිරු 
රස 
දැනෙද්දී දෙතොළට 
උගනීවී ඈ 
නැවත නැගිටින්න
නැවත
වැටෙන්නට
උගනීවී විඳින්නට 
රසය  
ප්‍රාණ වායුවේ
පිරෙද්දී 
වෙහෙසැති පෙනහලු 
ලොකු හුස්මකින් 

චොකලට් වලට 
විසඳිය නොහේ 
ප්‍රශ්න නැතැයි 
කිසිත් 
මිහිපිට 
කීවේ ඇයමය 
දිනක් 
....ඒත් 
දොර මෙපිට තබමි 
වැහි බුට් පාවහන් යුගලක් 
කෝකටත් 
(මෝසම් වැස්සට 
සෝදා හැරිය  නොහැකි 
වේදනාවන් කිසිත් නැති )

බිඳුණු පැතුම් 
පිරෙද්දී 
වැහි බුට් වල 
දණිස්  උසට 
කියාදෙම් 
ස්තුතියි කියන්නට 
ජීවිතයට 

ඔවුන් 
ඇය සොයාවිත් 
වීදි කොනේ සැඟව සිට 
අඳුර වැටෙන තෙක් 
තබද්දී ඈ අත 
හද බිඳුම් හි 
සිතාසි 
..සිනාසේවි 
ඈ 
කියාවී 
"පරිස්සමෙන් ....
අහුවෙන්න එපා 
අප්පච්චිට නම්  ...."



6 comments:

  1. Replies
    1. hope my interpretation is not that bad

      Delete
  2. ඒක නං පට්ට
    ඇත්තටම අපූරුයි
    ජයවෙවා

    ReplyDelete
  3. මාරම ලස්සනයි..

    ReplyDelete

Have commented