21 June 2015

මල්ටි පල් චොයිස් හෙවත් MCQ // Some questions have many answers


පෙර කියවීම :
මට ඇති එක නරක පුරුද්දක් වන්නේ , අතට අහුවෙන හැම දෙයම කියවීමය . පහුගිය දවසක මට කරෝල කඩයෙන් කට්ට කරෝල ඔත දෙන ලද පත්තර කොලය  දිග හැර ගෙන කියවන්නට වූ කළ එය  ප්‍රශ්න පත්‍රයක් බව පසක් විය. ඒත් එහි ඇති ප්‍රශ්න ටිකක් අමුතු තාළේ විය   . මෙය එක්තරා අයෙදුම් කරුවෙකුගේ පිළිතුරු පත්‍රයක් බව පැහැදිලි වූ අතර  . තැනින් තැන ඔහු ගේ පිළිතුරුද අඩංගු විය .

ඇතැම් ප්‍රශ්න වලට පිළිතුරු එකකට වඩා ඇති බවද . ඉන් එකක් නිවැරදි වන බවද . සැම ප්‍රශ්නයකටම පිළිතුරක් ඇති මුත්, ප්‍රශ්ණ තවමත් මතු නොවුණු පිලිතුරද ඇති බැව්,  කාලයකට ඉහත දිනෙක කෙනෙක් මට කීවේය .... ඒ කීවාට පසු බොහෝ දේ සිදුවිය ... මුලින්ම  සෝඩා ඉවරවිය , අයිස් ද දිය වී තිබුණි . ඉන්පසු මුරුක්කුද ඉවරවී , ඩෙවල්  එකේ ළුණු පමණක් ඉතිරිවිය ... ඉන්පසු තවත් අතිශ්‍ය ශෝචනීය දේද සිදුවිය .

පහුගිය සතියේ GTF (Global Tamil Forum) එකේ ,  ඩයස් පොරක් සිව් වැදෑරුම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇත්තේ දෙමළ ජනයාට ඇති ප්‍රශ්නයට විසඳුම් සෙවීමටය .ඉන් කරුණු තුනක් ම බැලු බැල්මට ඉතා සාධනීය සේ පෙනෙන අතර , ඒ අස්සෙන් බලලෙකුද  මල්ලෙන් එබී කම් කරනවා දෝ යයි සිතුනි . ඊට ටික දිනකට කලින් සින්දුවක පදයක් අල්ලා ගෙන කට්ටියක්  නැවතත් යුද්ධ කරන්නට සැරසුණහ  .  කෙසේ වෙතත් මේ සටහන ඒ ගැන (ම) නොවේය . මෙය අර කරෝල ඔතා දුන් ප්‍රශ්න පත්‍රය ගැන ය  . 

***

විෂය : යත් කාලීන සමාජීය අධ්‍යනය හා නිරවුල්ව සිතීම 

සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න . නිවැරදි පිළිතුර යටින් පැහැදිලිව ඉරක් අඳින්න . ඇතැම් පිළිතුරු වැඩිදුර පැහැදිලි කිරීමට සිදුවෙනු ඇත 

මාතෘකාව : පස්චාත් යහපාලන සමාජ අධ්‍යනය 

ප්‍රශ්න  1
පහත සඳහන් පියවර  යහපාලන ක්‍රමය පිළිඹිබු වන සේ  අනුපිලිවෙලට පෙළ ගසන්න 
1. පොඩි හොරු ඇල්ලීම 
2. ඇපල්  නොබා රිමාන්ඩ් ගත කිරීම  
3.ලොකු හොරු ඇල්ලීම 
4 හොරෙන්ම ඇපල් බා දීම 

5 සියල්ල අමතක වීම

පිළිතුර : 1,3,2,4,5


ප්‍රශ්න  2

පහත ලැයිස්තුවෙන් නොගැලපෙන දේ තෝරන්න 

1. ගොපල්ලා 2. එඬේරා 3.මහින්ද රාජපක්ෂ 

පිළිතුර :3

ඔබේ පිළිතුරට හේතූ දක්වන්න : ගොපල්ලා හා එඬේරා කෙවිටක් ගෙන ගොන් රැල  හා එළු රැල  බලෙන්  දක්කා ගෙන යයි 


ප්‍රශ්න  3

රණ බිම මැරුණේ සිංහලයෙකු නම් ඉන්පසු සිදුවන්නේ කුමක්ද ?

1.   මිනිය වැළලීම 2. පිට පැත්තේ වෙඩි සලකුණු ඇත්දැයි බැලීම 3. "මේකද යහ පාලනේ ?" කියා ඇසීම 4. මහින්ද මහතා අගමැති අපේක්ෂක ලෙස නම්කරන්නට බල කිරීම  5. සිංහලයෝ රණ බිම මැරෙන්නේ නැත , මැරෙන්නේ රණ විරුවෝය .

පිළිතුර : 4


මාතෘකාව : ජාතිකත්ව ප්‍රශ්නය 


ප්‍රශ්න 1

සිංහලයන් යනු කවුද 


1. මහා ජාතියක් 2. ලංකාවේ ජීවත් වන සියලු දෙනා ට යෙදෙන පදයක් හෙවත් දේශිකත්වයක්  3. බෞද්ධ යන්නට සමාන පදයක් 4. සංස්කෘතියක් 

පිළිතුර : 2 & 4 


ප්‍රශ්න 2

සිංහලයන් ජීවත් වන්නේ කොහේද 

1. ලංකාවේ   2. දකුණේ 3. මැද මුලන 4. සිංහලයන්ගේ හිත් වල 5. සිංහල නොවන අයගේ හිත් වල 

පිළිතුර : 


ප්‍රශ්න  3

කෙනෙකු ගේ ජාතිය රඳා පවතින්නේ කුමක් මතද ?

1. උපන් පළාත  2.  පියාගේ ජන්මය  3 අදහන ආගම 4. ජීවත් වන පළාත 
5. 08ජන15 දින තමන් චන්දය දුන් අපේක්ෂකයා මත 

පිළිතුර :



ප්‍රශ්න  4


දෙමළුන් සිටින්නේ කොහේද 

1. එංගලන්තයේ 2. වැල්ලවත්තේ 3.සිංහලයින්ගේ හිතේ 4.යාපනේ 
5. දැන් දෙමළුන් නැත 

පිළිතුර : 5


ප්‍රශ්න  5

ද්‍රවිඩ ජනයාට ඇති ප්‍රශ්න මොනවාද 
1. සිංහල නොතේරීම 2. යාපනේ කුඩු 3. හරියටම නොදනී 4. යාපනේට හයි වේ එකක් නැති වීම 

පිළිතුර :


ප්‍රශ්න  6

පහත දැක්වෙන්නේ ක්‍රියාවන්ගෙන්  ජාතිකත්ව ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීමට යෝජිත සිව්වැදෑරුම් වැඩ පිළිවෙලට අනුචිත නොවන්නේ කුමක්ද  
1 ජාතික නියෝජිතයන් සමග විසඳුමක් එකඟ වීම 
2.සිවිල් සමාජය සමග එය සාකච්චා කිරීම 
3.දකුණේ සමාජයට එම විසඳුම ගැන අවබෝධ කරවීම 
4 GTF  සංවිධානයේ තහනම ඉවත් කිරීම 
5. අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කිරීම 

පිළිතුර :

මෙහි ඇතුලත් නොවන පියවර කුමක්ද 
දෙමල ජනයාගේ අදහස් ලබා ගැනීම 

***

පලි : මේක ලේසි පාසු විභාගයක් නෙමෙයි වගේ 

22 comments:

  1. ප්‍රශ්න #3 - විකල්ප පිළිතුර:

    ජනවාරි අටවෙනිදා ඡන්දය දුන්නේ කාටද යන්න අනුව උප්පැන්නේ පියා වෙනුවට අප්පච්චී කෙනෙක් ආදේශ විය හැක.

    ReplyDelete
  2. AnonymousJune 21, 2015

    අයිසෙ පින්ච්, ප්‍රශ්න අංක 7 : නලින් ද සිල්වා යනු කුමක්ද?

    ReplyDelete
    Replies
    1. පිලිතුර
      1 විහිලුවක්
      2 පඪියෙක්
      3 අප්පච්චිගෙ බාප්පා
      4 නාත දේවාලේ මහ කපු මහතා

      Delete
  3. මාතෘකාව ජාතිකත්ව ප්‍රශ්ණ- ප්‍රශ්ණ අංක 2 නිවැරදි පිළිතුර 3 (වැඩිම දෙනෙක් ලබා දෙන උත්තරය නිවැරදි යැයි උපකල්පනය කිරීමෙන්)
    ප.ලි. ඔය කොලේ ඔතාගෙන ආපු කට්ට කරවල කාල දිරවයිද මංදා.. හැක්.

    ReplyDelete
    Replies
    1. කරෝලයි වට්ටක්කයි උයන්නේ මළ බතට නේ
      අර කුම්බලා කෑවා වගේ වෙයිද දන්නේ නෑ

      Delete
  4. ඔබේ පිළිතුරට හේතූ දක්වන්න :ගොපල්ලා හා එඬේරා කෙවිටක් ගෙන ගොන් රැල  හා එළු රැල  බලෙන්  දක්කා ගෙන යයි //

    මේක තමයි කතාව! :-)

    ReplyDelete
    Replies
    1. කෙවිට වෙන කෙනෙක් අතේ. රැල යන්නේ වෙන කෙනෙක් පස්සේ

      Delete
    2. රිලා නැටුමෙ කෑල්ලක් තියනව නේද "හරක් බැලීම" කියල.
      අහිකුන්ටිකය කිව්වහම රිලව හරක් දක්කනව

      Delete
  5. වෙන කියන්න දෙයක් නෑ වල්ලා පට්ට..

    මේක නම් ඔක්කොම ෆේල් වෙන ප්‍රශ්ණ පත්තරයක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔක්කොම ෆේල්

      Delete
  6. වෙන කියන්න දෙයක් නෑ වල්ලා පට්ට..

    මේක නම් ඔක්කොම ෆේල් වෙන ප්‍රශ්ණ පත්තරයක්...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම

      Delete
  7. //ගොපල්ලා හා එඬේරා කෙවිටක් ගෙන ගොන් රැල හා එළු රැල බලෙන් දක්කා ගෙන යයි //

    බූරු රැලක් දක්කාන යන (හෝ බූරුවන් විසින් දක්කාගෙන යනු ලබන) කෙනාට, ගොපල්ලා, එඬේරා, වගේ පොදු නමක් නැත්ද?

    ReplyDelete
    Replies
    1. ෂුවර් නෑ
      අර පුත්තලමේ වල් බූරැවෝ හිටපු ගමන් ඔහේ පස්සෙන් එනවලු

      Delete
    2. අප්පච්චි ?

      Delete
  8. කව්ද දන්නෑ මේ පුස්න පත්තරේ හැදුවෙ
    ඔව් මේක දේශද්‍රෝහී ආගම් ද්‍රෝහී පස්න පත්තරයක්
    ඔව් මේ ගැන හොයා බලන්න කමිටුවක් පත් කරන්ට ඕන
    විසේසයෙන්ම පස්න අංක දෙක සම්බන්ධව

    ReplyDelete
    Replies
    1. අන්න හරි
      අර . .FCID එකට . ගහන්න ගෙනාපු ගල් වලින් ඉතිරි උන ඒවා තියේද දන්නෑ

      Delete
  9. AnonymousJune 22, 2015

    මල්ටිපල් කියලා එකට ලිව්වනම් බහුවිධ කියන තේරුම නේ. ඒත් මල්ටි පල් කියලා වෙන් කරලා ලිව්වම විවිධාකාර සවුත්තු කියන එක නේද තේරුම?

    ReplyDelete
    Replies
    1. සවුත්තු ගොඩයි

      Delete
  10. මේක නම් නියමයි...... කියන්න වදන් නැහැ.

    ReplyDelete

Have commented