19 March 2016

පස්චාත් විප්ලව වයලන්ස්, ජෝක්ස් සහ විප්ලවයේ ස්වභාවික පරිණාමය


                                 (හොඳින් දකින්න පින්තූරය උඩ  ක්ලික් කරන්න )

2014 සැප්තැම්බර් මාසේ කුඩ ඉහළගෙන පටන් ගත්ත විරෝධතාවය, කුඩ විප්ලවය (umbrella revolution ), හොං කොං නගරය මාස ගාණකට අඩපන කලේය.  අඩපණ  කිව්වට අඩපණම නෙවේ . මිනිස්සු උදේ වැඩට ගිහින් හවස විප්ලවයට සහය දුන්නා . විරෝධතාවයට විරුද්ධවත් මිනිස්සු විරෝධතා දැක්වුවා . තැනක දෙකක ගුටිත් ඇන ගත්තා.  පොලීසිය ඉතාම ඉවසීමෙන් එහෙත් තදින් නීතිය හා සාමය රැක ගන්න උත්සාහ කළා . ලෝකේ කොහෙත් වගේ විරෝධතා දක්වන්නන් පොලීසිය අවුස්සා ගන්න හැදුවා . පොලීසියට  ගල් ගැහුවා , හූ කිව්වා , කුණුහරුප කිව්වා . මේ විප්ලවය ගැන මට වෙනම කියවීමක් ඇතත් එය මේ ලිපියට අදාළ නොවන නිසා පැත්තකින් තබමු . කොහොම හරි විප්ලවය ඉවර වුනා .
ඒ මාර්ගය අස්  කරන්නේ නැතිව ටික කලක් තිබ්බා . විප්ලව වාදීන් නැතිව පාලුවට ගිය පාර , සංචාරකයන්ට තෝතැන්නක් උනා . මිනිස්සු ආවා . සෙල්ෆි ගත්තා . අයිස් කිරීම් කාරයෝ , අයිස් කිරිම් වික්කා . රාජ්‍යය, ඉවසීමෙන් මිනිස්සුන්ගේ ෆැන්ටසිය , නව්‍යතාවය යනකන් , විහිළුවක් වෙනකන් දිග ඇරෙන්න ඉඩ ඇරියා . පොලීසිය ඒ පාරේ ට්‍රැෆික් පාලනය කළා .

මේ පින්තුරය මම ගත්තේ එසේ විප්ලව වාදීන් ගේ නිර්මානයක් ඉස්සරහ හිටගෙන පින්තුරයක් ගන්න ආච්චි කෙනෙක් . 

සාර්ථක විප්ලව වල උප්පැන්නට අත්සන් කරන්න පෝලිමේ එන එක , විප්ලවයට ප්‍රාණය දීපු කලාකෘති පසුව බයිලා වෙන එක , විකිණෙන එක,  හැම තැනටම පොදු සංසිද්ධියක් .  

කියුබාවේ විප්ලවයෙන් පස්සේ , චේ ගේ මුහුණ ටී ෂර්ට් වල ප්‍රින්ට් වෙලා ඇමරිකාවේ විකිනෙනවාටත් වඩා  , හැතැප්ම දාස් ගණනක් එහා රටක තෙසක් රියක , පිටිපස්සේ ඉස්ටිකර් එකක් වෙනවාටත් වඩා උත්ප්‍රාසාත්මක වන්නේ , ධනවාදී ආර්ථිකය දිනු ආයතනයක , ධනවාදයේ ප්‍රාග්ධන හිමියෙක් ඒ තොප්පිය දමා ගෙන තම හිතේ ඇති ෆැන්ටසියක් සැබෑ කර ගැනීමට තැතනීමය . (මනුස්සයා හොඳ විය හැක , නමුත් සංසිද්ධිය මට පොඩ්ඩක් අවුල්ය )

මීට මාස කීපයකට පෙර සීතල දුරුත්තේ , ආයෙමත් හොංකොං වල,  වීදී අහර වෙළෙන්දන් පිරිසක් පොලීසියට පහර දුන්නා . හේතුව අනවසරයෙන් , නීති විරෝධී තැනක , මහජනයාට අවහිර වෙනසේ ඔවුන් තම තාවකාලික අලෙවි කුටි අටවා ගැනීමත් , පොලීසිය ඒවා ඉවත් කිරීමට තැනීමත් ය ..එහිදී ඔවුන් කෑ ගැහුවේද ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ සටන් පාඨ යි !

ලංකාවේ ජනවාරි අටවෙනිදා වූයේ දේශපාලන විප්ලවයක් යයි මම නොසිතමි . එහෙත් ජන විප්ලවයක් වූ බව සිතමි  . ඒ කියන්නේ කුමන හෝ හේතුවක් නිසා , වෙනස් වූ ( ඒකාධිපති වාදය බිඳ වැටීම හෝ වේවා , බොරු ෂෝ එක පුපුරා යාම හෝ වේවා ,  අන්තර්ජාතික නුල් සුත්තර හෝ වේවා , හැමදාම දකින කුකුලාගේ කරමලය සුදු වීම හෝ වේවා , කුමක් හෝ වේවා ) ජන විඥානය විසින් රටේ පාලකයා වෙනස් කළේය . ඇත්තටම සිතුවොත් මෙය මැජික් එකක් නොවේ . ඒ කිමද යත් අපේ රටේ සිස්ටම් එකේ හැටියට විය යුත්තේ එයම බැවිනි . නමුත් අපේ රටේ කිසිම දෙයක් සිස්ටම් එකේ හැටියට නොවෙන නිසාම අපි මෙයින් විශ්මිත වුනෙමු . 

අටවෙනිදායින් පසු,  පාලනයේ හිටි අය ගෙදර ගියේ , සුදු සරම් වලට යටින් ඇඳ සිටි කැමා ෂෝටවල් වැනු වැලවලම තබාය . (බලය නැතිව තග අමාරුය ). යහපාලන දරුවාගේ උප්පැන්නට අත්සන් කල තාත්තලා මෙන්ම , ඒ දරු උපතට වින්නඹු කම් කළ අය පමණක් නොව, සංසේචනයේ සිට (ඇතැම් විට ඊට පෙර සිට ) උදව් කළ අයද , අර දමා ගිය ෂෝටවල් ඇඳ ගත්තහ .
දේශපාලකයන් පැත්තකින් තබමු . එතනින් ඔබ්බට බැලුවොත් ....

ආසන්නම උදාහරණය ලෙස , පහු ගිය දිනෙක මහාචාර්ය සමරජීව , රඟ දැක්වූ ජවනිකාව පෙන්වන්නේ පස්චාත් විප්ලව ප්‍රචණ්ඩත්වය කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවයයි.  ලිප්ටන් වටරවුමට ආ සයිකල් පෙරේඩ් එකෙන් පෙන්වන්නේ ,  , ඒ පෙරලිය විහිළුවක් , වෙළඳ අගයක් පමණක් බවට පරිණාමය වීමේ ස්වභාවික සංසිද්ධියේ කලාන්තරය දිගු කර ගැනීමේ අවශ්‍යතාවයයි .

පලි . මේ ගැන ලියන්න සිතාගෙන සිටි නිසාත්. පෙර ලිපියෙන් පසු පින්තූර පළ කරන ලෙස ඉල්ලීම් තිබු නිසාත් , කුරුල්ලන් දෙදෙනෙකුට එක ගලක් ගැසීමි 

9 comments:

  1. මහාචාර්ය සමරජීව ලියන දේවල් වලින් නම් මම සිතා සිටියේ ඔහු නියම බහුශ්‍රුත පුද්ගලයෙකු ලෙසයි. එහෙත් බහුශ්‍රුත බවත් 'තග්' බවත් එකම පුද්ගලයා තුල පැවතිය හැකි බව මේ නිදසුනෙන් පැහැදිලියි. මේ ගැන දොස්තර රුවන් ගෙන් වැඩිදුර අසා දැනගන්නට වටිනවා. මේක 'split personality' ලක්ෂණයක් වත්ද මන්දා.

    ReplyDelete
    Replies
    1. මට එක අතකට හිතෙනවා මෙය පුද්ගලයෙක් ගේ වරදක් ලෙස ලඝු කිරීමෙන් සැබෑ ප්‍රශ්නය මග හැරෙනවද කියලා

      Delete
    2. මටත් මෙතන ප්‍රශ්නයක් තියනවා. ඔහුගේ හැසිරීම අනුමත කරන්නේ නෑ.. නමුත් නියමිත වේලාවක් ඇතුලත, කතා කලයුතු මාතෘකාවක් ඇති, ඒ පිළිබඳ සීමා ඇති අවස්ථාවකදී සමහර අය අහන ප්‍රශ්න වලින් අර සමස්ථ ක්‍රියාවලියම අපතේ යන්න පුළුවන්...

      Delete
  2. හිටංගේ විකාර වැඩ ගැන හිටු කියලා ට්වීට් කරන නාලක ගුණවර්ධන සමරජීවගේ අවකල්ක්‍රියාව ගැන සම්පූර්ණයෙන් නිශ්ෂබ්ධයි.

    ReplyDelete
    Replies
    1. තම තමන්ගේ සටන් තෝරා ගන්න යයි ඇති කියමන අනුවද දන්නේ නෑ

      Delete
  3. රොහාන් සමරජීව නියෝජනය කරන්නේ ලංකාවේ උගත් පුදගලයින්ගේ අති බහුතරය.... මෝට මෙකැනිසම් ඉන්ජිනියර්ස්ලා උන්නට වාහනේ ගොඩ දාන්නේ ගරාජ් බාස්ලා... ඕක ලංකාවේ හුඟක් උන්ට තේරෙන්නේ නෑ.. නැත්නම් මෙළෝ රහක් නැති කලා උපාධියක් කරේ එල්ලගෙන.. උපාධිදාරින්ට රැකියා දියව් කියලා තග දායිද...? උන් මොනවද දන්නේ.... උන් ඇත්තටම මෙළෝ දෙයක් දන්නෙ නෑ...

    ඔය මානසිකත්වය විතරක් නෙමෙයි තවත් මානසිකත්ව ප්‍රශ්ණ රාශියක් ලංකාව පවතින තෙක් තියේවී.... වාල්මීකි ආතල් එකට ලියපු පොත පන පිහුටුවන්න හදන බුද්ධිමතුන් ඉන්න රටක් නේ මේක...

    ReplyDelete
    Replies
    1. උගත් පමනින් බුද්ධිමතෙකු නොවේ???

      Delete
  4. කළු සුදු ෆොටෝ එකක වෛවර්ණ පාට බිඳක් වෙන්න ආස නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඊට වඩා හොඳ රාමුව වීම

      Delete

Have commented