06 March 2016

දැන් පෙන්නනවා


(උදෑසන බනිසක් කා ප්ලේන්ටියක් බීමට හෝටලයකට ගොඩවුනු මට , මාගේ ඇනවුම ලැබෙන තෙක් හිඳින විට , එහා පැත්තේ මේසයෙන් , අපූරු දෙබසක් ඇසෙන්නට විය )

ඒ 

ඕ 

ඊයේ නිව්ස් බැලුවද ?

ඇයි ?

මම හිටියා 

උඹ නිව්ස් කියෙව්වද ?

(මා හිමිහිට හැරී බැලුවේ දන්නා කියන මුහුනක්දැයි කියාය ..)

නෑ නෑ . අර සන්ජන් මහත්තයාගේ අයිටම් එකේ මම හිටියා 

කොතැනද ?

ඇයි බං අර ඉස්සෙලම අර කුලියාපිටියේ ලමයයි අම්මයි ඇවිල්ලා වඳිනවා නේ .. ඊට පස්සේ අර ළමයා උකුලේ තියාගෙන චොකොලට් කවන කොට , වටේට ඉන්න කට්ටියගේ ඉස්සෙරහම හිටියේ මම 

ඇත්තද ? ඇත්තට කොහොමද මචන් ඔය සන්ජන් ?

හරිම අල්පෙච්චයි මචන් .. සුදු සරම ඇඳලා .. යටට ඇඳලත් නැද්ද කොහෙද  

එච්චරටම අල්පෙච්චද ?.. කොහොමත් ලැජ්ජා වෙලා ඔය වැඩේ කොරන්න බෑ  කියනවනේ... දැන් ඔය වැඩේ කොහොමැයි  වෙන්නේ ?

මෙහෙමයි ..ගොඩක් දේවල් ඈස් ඉට් ඊස් ගන්නවා ..සමහර කෑලි නම් ටේක් දෙකක් තුනක් ගන්නවා 

ඒත් ඔය වගේ ඒවාට සම්බන්ධ වෙන එක එච්චරම සදාචාරාත්මක නෑ නේද 

බම්බුව සදාචාරේ... එහෙනම් ඔය ලොකු ලොක්කොත් කෝල් කරන්නේ 

මේ මම අහන්නම කියලා උන්නේ .. ඔය ෆිල්ම් වල හඬ කවන්නේ පස්සෙලු නේද 

අනේ මන්දා  එක නම් 

හැබැයි මචං බලනකොටනම් අපිට පෙනෙන්නේ හරිම නැචුරල් වගේ 

උඹට කියන්න , මේ මටත් මාව දැක්කමත් අඳුනගන්න බැරි උනානේ .. එතැන් හිටපු තව එකෙක් කිව්වා ඌ එක සැරයක් උන්නලු අඬන සීන් එකකට .. ඒක  ෆේස් බුක් එකේ බලනකොට ඌට ඒ ඌ කියලා අමතක වෙලා ආයෙමත් ඇඩුනාලු 

එහෙම වෙනවා ...

( හ්ම්ම් එහෙම වෙනවා ..මම එය හෙමිහිට ප්‍රතිඋච්චාරණය කලෙමි )

17 comments:

  1. හත්තිලව්වයි...........

    ReplyDelete
  2. අර නස්රුදිනුත් එක පාරක් තමන්ම විකුනපු ලෙඩ බූරුවව ආපහු ගත්තයි කියනවනේ වෙන්දේසිකාරයගෙ sales talk එක අහලා

    ReplyDelete
    Replies

    1. නස්රුදීන්ටත් වුනා නම් ඉතින් අපි ගැන මොන කතාද

      Delete
  3. දේසපාලකයෝ කියන්නෙ කෙහොමත් නාට්ටි කාරයො වගේ රගපානවා.. රංජන් රගපාන්නෙ අහුවෙන්නම..ඒක මිනිහගේ මෝඩ කම..ඒ ඇර ඉතිං වෙන වැඩිමනක් වෙනසක් නෑ ඉතිං..

    ReplyDelete
    Replies
    1. 100% එකඟයි .. ඉස්සර නළුවෝ දේශපාලනේට ආවා .දැන් දේශපාලකයෝ රඟ පානවා

      Delete
  4. අයිසෙ මට මේක ටියුබ් ලයිට්නෙ.

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/search/top/?q=ranjan%20ramanayake

      Delete
  5. සනජන් ඔයිට වඩා අධි තාත්වික රංගනයක යෙදුනා ප්‍රින්ස් උදය ප්‍රියන්තට ගානක් දුන්න වෙලාවේ....

    අම්මපා මට ඇඬුනා බං

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මේක entertainment වල එක් අවධියක් කියලා . මුලින්ම උන් රඟ පෑවා, උන් රඟපාන බව දැන ගෙන අපි ගෙවලා බැලුවා . පස්සේ රියලැටි වැඩසටහන් ආවා , රඟ පාන බව නොදැන අපි ගෙවලා බැලුවා ... දැන් අපිවම දාලා කරලා අපිම බලනවා ... මට මේක ටිකක් ඉන්ටරෙස්ටින් සබ්ජෙක්ට් එකක්

      Delete
  6. මල කෙලිය මහ රජ කිව්වලු....

    ඇත්තටම බන් අපි ෆිල්ම් එකක් ද ඒ බලලා තියෙන්නේ....

    මාර නැචුරල් නේ බන්...

    ReplyDelete
    Replies
    1. රියැලටි ටිවී

      Delete
  7. All the world's a stage,
    And all the men and women merely players;

    (William Shakespeare)

    ReplyDelete
    Replies
    1. මතකයි වගේ මේක මට බ්ලොග් එකක තිබුණා...

      Delete
    2. An audience is also a role

      Delete
  8. රඟපාන්න හරි මහපොළොවට දේශපාලකොයෝ බහිනවනන් මිනිස්සුන්ට මොනවා හරි දෙයක් වෙයි, මමනම් කැමතියි රන්ජන වගේ රඟපානවට දේශපාලකයො. අඩුගානේ ටීවී එකට පේන්න හරි වැඩක් වෙනවනේ නැත්තං එකත් නෑ

    ReplyDelete
    Replies
    1. මම නම් ඉන්නේ වෙන තැනක
      වැඩක් කරන්න මැදිහත් වීම පිටුපස තියෙන්නේ රාජ්‍යයේ අසාර්ථක බව යයි මම සිතමි
      දැන් මේ සිද්ධිය ගත්තත් මේ ලමයට ඉස්කෝලේ ලැබුනත් සිස්ටම් එකේ වරද හැදුනද
      අඩුම ගනනේ අර අධ්‍යාපන ඇමතිගේ බූරු කතාවට සමාව වත් ගත්තද?
      ශිෂ්ට සම්පන්න රටක ඒ වගේ කතාවක් කියන්න පුලුවන්ද

      Delete

Have commented