18 June 2016

දොට්ට ඩූ ලිට්ල් ගේ අලි ටෝක්

මා හඳුනන දොස්තර මහතෙකි . දොස්තර කෙනෙක් කීවාට මොහු කරන්නේ දත් බඳින , ගලවන එකය . හංදියේ කඩේ බඩා මුදලාලි නම් කියන්නේ " ඒ වුනාට මු  හැසිරෙන්නේ ෆුල් දොස්තර කෙනෙක් ටත්  වඩා දොස්තර කෙනෙක් හැටියට" කියලාය .  
නම ඩූ ලිට්ල් ය .  ඩිස්පෙන්සරියක් කරන කාලයේ දොර ලෑල්ලේ ගසා තිබුනේ "දොට්ට  ඒ .ටී .ඒ . ඩූ ලිට්ල්"  වරහන් ඇතුලේ "හොඳ හිත වයිද්යාචාර්ය තුමා" කියලා ය . ඒ ටී ඒ යනු අලි ටෝක් ආරච්චිගේ යන උප්පැන්නේ ඇති වාසගමය . 

මොහු , අර ටයි මාමාගේ කාටුන් වල සිටි දොස්තර හොඳහිත ගේ පරම්පරාවේය . කාටුන් එකේ දොස්තර හොඳහිත , සත්තුන්ට කතා කරන රහස දැන සිටියේය . කැප්ටන් දියරකුස් සහ පිරිවර හැම උත්සාහයක්ම දැරුවේ ඒ රහස දැන ගන්නය . 
අපේ ඩොට්ටර් කරන කථා ඇසුවාමත් හිතෙන්නේ ඒ පාරම්පරික රහස ඔහුත් දන්නවා කියාය . ඔහුගේ බොහෝ කථා , ඇත්තටම ඉල්ලක්ක වී ඇත්තේ බුද්ධිය මුහුකුරා ගිය මිනිස්සුන්ට නොව , පුත්තලම ප්රදේශයේ  බුරුවන්ටය, වෙලේ තණ බුදින මීහරක් බානටය . 

ඩොට්ට ඩූ ලිට්ල් සමාජ සේවකයාය. වටේ පිටේ මගුලට , අවමගුලට , කොටහළු මගුලට හැම එකටම යන්නේය . කථා පැවැත්වීමට , ප්රකාශ නිකුත් කිරීමට ඇති අධික ආසාව නිසාම මේ හැම තැනකදීම බලෙන්ම වාගේ කතා පවත්වන්නේය . බොහෝ විට මේ කතා නිසාම නාගන්නේය.  ඒ නිසාම එතුමාගේ හාමිනේ නම් කියන්නේ "කොහේ ගියත් කමක් නෑ , යන තැනක තුවායක් අරගෙන යන්න " කියාය. ගමේ එවුන් නම් කියන්නේ මූ නාන හැටියට මූ දොස්තර හොඳ හිත ගේ පරම්පරාවේ නොව චව් චව් ගේ පරම්පරාවේ කියලා ය (මේ විහිලුව තේරුම් යාමට ඔබ ටිකක් වියපත් විය යුතුය ) .

 කඩමණ්ඩියේ ඥාන කතා , ප්ලේන් ටී අතරේ කතාබහේදී මෙවැනි කථා එලියට එන්නේය .


****

"පහුගිය දවසක මිනිහා ගිහිල්ලා මගුල් ගෙදරක . යනකොට නැකත් වෙලාව පහු වෙලා , පෝරුවෙන් කපල් එක බැහැලා ලු.  
මෙන්න මූ  ලොකු සද්දයක් දැම්මලු අඩේ අපි නැතිව කොහොමද එහෙම කරන්නේ , ආයෙත්  පෝරුවේ චාරිත්ර කරන්න කියලා ".

"ඉතින් ?"

"කවුද එකෙක් කියලා එහෙනම් වැඩේ ඉවර වුනාම පෝරුව ගලවලා පැක්   කරලා දෙන්නම් ගෙදර ගෙනිහින් රෑට චාරිත්තර කරගන්න කියලා "

***

 "ඇයි අර කමලාවතී ගේ කෙල්ලගේ කොටහළු ගෙදරත් පරක්කු වෙලා  ගිහින්, මූ  ආයේ කෙල්ලව නාවන්න කිව්වා කියන්නේ ."

"ඉතින් මොකෝ වෙලා තියෙන්නේ ?"

"සුමනේ දෙකක් දා ගෙන ඉඳලා තියෙන්නේ. ඌ කියලා ගිහින් තොගේ අම්මව නාව ගනින් කියලා "


***
"ඇයි බං අර සියාතු මාමා ගේ මළගම වෙලාවේ කනත්තට ඇවිත් ,  පෙට්ටිය වැලලුවටත් පස්සේ කරපු සීන් එක ?"

"ඔව් ඔව් මට මතකයි , ලොකු සද්දයක් දැම්මේ , පෙට්ටියට මුල් පස් පිඩ  දාන්න හිටියේ මෑන්ස් ය . ආයේ ගොඩ අරං  ගොඩ අරගෙන ආයේ වලලමුය කියලා ."

"තව පොඩ්ඩෙන් එහා පැත්තෙන් වළක් කපලා ඌව  වලලනවා "

*** 

"ඇයි මාමේ අර ක්රිසාන්තිට නිවුන්නු දෙන්නෙක් හම්බු වුනේ "

"නිවුන්නු දෙන්නෙක් .. හරි හරි ඉතින් "

"ඩොට්ටයා ගිහින් කිව්වාලු , ඊළඟ සැරේ තුන් දෙනෙක් හම්බු වෙන්න අපි උදව් කරන්නම් කියලා ."

***

 "මම ගියානේ දවසක් ඕකා ගෙන් ආධාරයක් ඉල්ලන්න අර  ඇසිලින් ආච්චිට රෝද පුටුවක් අරන් දෙන වැඩේට  ."

"ඉතින් "

"මේ දවස් වල වාහනයක් ගන්න ඇඩ්වාන්ස් එකක් ගෙවලා ඉන්නේ අතේ සල්ලි නෑ අරවා මෙව්වා කියලා ඕකා මග ඇරියා "

"නොදකින් ලෝබයා "

"අපි රෝද පුටුව පරිත්යාග කරන වෙලාවේ , ඕකා ඇවිත් ඇසිලින් ආච්චිගේ මුණ අතගාලා මෙන්න කියනවා . උගේ  පෞද්ගලික ධන පරිත්යාගයෙන් ඌත් තව රෝද පුටු තුනක් ඇසිලින් ආච්චිට අරන් දෙනවලු "

"ඉතින් "

" ආච්චි ඇහුවා " මොකෝ පුතේ රෝද පුටු රේස් තියන්නද ? " කියලා "

"හා හා හා . ... මචං  ඒ වැඩේට ලිස්ට් එකක් ගහලා ඌ වටේට සල්ලි එකතු කරනවා , උගේ පෞද්ගලික වියදමෙන් , රෝද පුටු පරිත්යාග  කරන්න "

***
ලඟදි මහරගම පිළිකා ඉස්පිරිතාලේට ස්කෑන් එකක් ගන්න ආණ්ඩුවෙන් සල්ලි දෙන්න බෑ  කිව්වා . මිනිස්සු එකතු කරලා ... 
මෙය හුදු මනඃකල්පිත කතාවකි . සත්ය සිදුවීම්, චරිත  වලට සමපාත වේ නම් එය හුදු අහම්බයක්මය 

18 comments:

  1. වෛද්‍ය වරයකු වේවා වෙනත් වෘත්තිකයකු වේවා ඔහුගේ රැකියාවේ උසස් පහත් කම අපිට අවශ්‍ය නැහැ නේද? සාමාන්‍ය වෛද්‍ය වරයකු ෆුල් දොස්තරවීමටත්, දන්ත වෛද්‍ය වරයකු හාෆ් දොස්තර වීමටත් හැකියාවක් නැහැ නේද? දන්ත වෛද්‍ය වරයකු කියන්නෙත්, අනෙකුත් වෛද්‍යවරුන් මෙන්, එම විෂයයට අයත් උපාධි පාඨමාලාවක්, නියමිත් විශ්ව විද්‍යාලයත් තුළ සම්පූර්ණ කර, අවශ්‍ය විභාග වලින් සමත්වූ අයෙක්. අනතුරකින් දත් කැඩී ගිය පුද්ගලයකුට, රෝහලේදී ප්‍රතිකාර කරන්නේ, එම රෝහලේ සිටින අනෙක් වෛද්‍යවරුන්ට වඩා පහත් මට්ටමේ කෙනෙකු නොවෙයි. ඔහුත් නීත්‍යානුකූලව පිළිගන්නා වෛද්‍ය වරයෙක්.

    හැබැයි, ඕනෑම පුද්ගලයකුගේ චර්යාව, මිනිස්කමට නිගා දෙන්නේ නම්, ඔහුගේ රැකියාව, තත්වය, ආදිය නොසලකා, විවේචනය කළයුතුයි.

    මනඃකල්පිතයකදී වුව, වෘත්තීය මට්ටම්, උසස් පහත් ලෙස වර්ගකිරීම නුසුදුසු යයි සිතමි.

    ReplyDelete
    Replies
    1. විචාරක
      ඔබේ මතයට ගරැ කරමි. මගේ පැත්ත පැහැදිලි කිරිම යුතුයැයි සිතමි
      දොස්තරලා බොහෝ විට ගහන කාඩ් එක නම් ඔවුන් කරන්නේ රස්සාවකට වැඩිය සේවයක් ය යන්නය. ඔවුන් විසින් මා ජිවිතය බේරෑවත් ඒ තර්කයට මම එකඟ නැත. දත් දොස්තරලාත් ඒ කාඩ් එක ගැසිමද අවලංගු තර්කයකි. දොස්තර වැඩේ නොකරන්නෙකු දොස්තර යයි හඳුන්වා ගැනිමද නුසුදුය.

      Delete
  2. මට පේන්නෙත් ඔතන තියෙන්නේ වෛද්‍යවරයකු වීමට වඩා දේශපාලුවකු වීම... බුදු හාන්දුරුවෝ ඔතනට වැඩ්ඩත් දෙන්න ඔය වගේම බ්‍රහ්ම ටෝක්ස් තමයි...

    හැබයි ඉස්කෑන් එකට සල්ලි එකතු කරාට වැඩියේ වනයක් දෙරණ බලන උන්ට් උන් දෙන්නේ...

    ReplyDelete
    Replies
    1. දෙරන නම් අනුන්ගේ මගුල් ගෙදර තමන්ගේ කරැනාව පානවා නේ

      Delete
  3. //ගේ පෞද්ගලික ධන පරිත්යාගයෙන් ඌත් තව රෝද පුටු තුනක් ඇසිලින් ආච්චිට අරන් දෙනවලු "

    "ඉතින් "

    " ආච්චි ඇහුවා " මොකෝ පුතේ රෝද පුටු රේස් තියන්නද ?//

    මේක මරු. ඕනෙම ගමක ඉන්නව ඕම ඩෑල් එකක්. අපෙත්. මඟුලක් මරණයක් දානෙ ගෙයක් වුණොත් මයික් එක බිම තියන්න දෙන්නෑ.

    ReplyDelete
    Replies
    1. මයික් ටයිසන් ලා

      Delete
  4. මේ කතා කලේ දේශපානය ගැනද

    ReplyDelete
    Replies
    1. ඇත්තට එහෙමද?

      Delete
  5. අර අන්තිමේට ඉරකින් කපලා දාල තියෙන වචන ඇතික නම් අපි දැක්කෙම නැහැ ඔන්...ඔකේ.,

    ReplyDelete
    Replies
    1. නොදැකීම සහ නොදැක්කා සේ සිටීම

      Delete
  6. මම වියපත් වෙලා කියලා හිතුනේ අදද කොහෙද මුලින්ම.. හැක්.. ලිට්ල් ඩු ලිට්ල් කෙනෙකුත් පහල වෙලා ඉන්නවා අම්මගෙන් තමයි අහන්න වෙන්නේ හරියටම තාත්තා ඩොක්ටර් ද චව් චව් ද කියල.. හැක්.. කට ඇරියොත් නානවනේ..

    ReplyDelete
    Replies
    1. ඕවා ගණන් ගන්න එපා මලේ

      Delete
  7. Mala ge yanu bodiya paththaka thiyala anik evun arthal ganna thanaki

    ReplyDelete
    Replies
    1. මුළු ජීවිතේ පුරාම බයිට් වෙලා අපි , මැරිලත් බයිට් වෙනවා

      Delete
  8. මේ අර හොංකොනේ මහත්තැංගෙ බ්ලොග් එක වෙන්ටැ. ඔය දොස්තර හොඳ හිතගෙ ලෙඩේට කියන්නේ මයික්‍රෆෝනියාව. ඒකට බෙහෙත තියෙන්නේ ඇම්ප්ලිෆයර් එකේ. අපිනං ඔය Gරත කියන දොස්තරවත්, ඔය කියන කොම්බුවාහිනියවත් දන්නෙ නෑ නෑ නෑමයි.

    ReplyDelete
    Replies
    1. සිංහල තාලේට අත් දෙක එකට තියලා වෙල් කං කියලා පිලිගන්නවා

      Delete

Have commented