03 September 2016

හැකර්ලා

අංකල් ,  මේ අල හැකර්ට  මොනවා වෙයිද 

දරුවා කරලා තියෙන්නේ අපරාධයක් නේ ඉතින් දඬුවම් අනිවාර්යයි 

ඒ වුනාට අංකල්  මේ යා පාලනේනේ ...අනික ඌ  වෙබ් සයිට් එකට ගිහින් තියෙන්නේ තමන්ගේ ප්‍රශ්න කියන්නලු නේ 


එහෙම කියලා බෑ  පුතා , එහෙම රාජ්‍ය වෙබ් සයිට් වලට එහෙම බලෙන් යන්න බෑ  ප්‍රශ්න කියන්න උනත් ... 

ඒ කිව්වේ අංකල් ..

මෙහෙමයි පුතා දැන් ඔය ගොල්ලන්ගේ ගෙදරට ප්‍රශ්නයක් කියන්න ගේට්ටුවෙන් කවුරු හරි ආවොත් එන්න පුළුවන් , තාප්පෙන් පැනලා ආවොත් හොරෙක් හැටියට නේ සලකන්නේ 

ඒ වුනාට අංකල්  අර කැටපත් පවුරේ නම ලියපු අක්කාව අවවාද කරලා නිදහස් කලේ ..

 ලංකාවේ කොපිරයිට් ලෝ එක එච්චර දියුණු නෑ  නේ ..පුතත් නිකං  මොන්ටිසෝරි තර්ක නේ දාන්නේ 

ඉතින් මං මොන්ටිසොරිනේ ...ඒ කියන්නේ කැටපත් පවුරේ වගේ බෑ  වෙබ් පේජ් වල ?

බෑ 

අංකල්  අර නිවුස් වලට පෙන්නපු,  එයාගේ ප්‍රශ්නේ කියන්න ජනාධිපති ගේ ඔපිස් එක ඉස්සරහ තාප්පේ ළඟ ඉන්න ඇන්ටිවත්  හිරේ දායි ද , යා පාලනේ ?

නෑ  නෑ  යහපාලනේ එහෙම වෙන්නේ නෑ  ,  තාප්පෙන් එළියේ ප්‍රජාතන්ත්‍ර වාදයට ඕනෑ තරම් ඉඩ තියෙනවා 

හ්ම්ම් ... මේ අංකල් මේ අපේ වත්තෙත් ඕකෙක්  හැංගිලා ඉඳලා මම අල්ල ගත්තා 

මොකෙක් ?

හැකර්ලා , ඌ මම එනකොටම රෝල් වෙලා මාරු වෙන්න හැදුවා . ඒවා කොහේද  ... කෙලින්ම අත්  අඩංගුවට ගත්තා ...නඩු අහනකන් දැම්මා ජෑම් බෝතලේක .... මේ 



7 comments:

  1. සිල්ලර කේස් සීරියල් කේස් වෙලා - සීරියල් කේස් සිල්ලර කේස් වෙලා
    අනේ මන්දා නාලිනී කීවලු!

    ReplyDelete
    Replies
    1. තිස්ස මේ කිව්වේ මොකක්ද කියලා මම බොහෝ වෙලා හිතුවා . ඒත් ක්ලික් උනේ නෑ . හවස අහම්බෙන් දැකපු පෝස්ට් එකක කොමෙන්ටුවකින් තමා වැඩේ ක්ලික් උනේ . නමුත් ෆෝ ද රෙකෝඩ් , මෙය ඒ සංසිද්ධියට කිසිම සම්බන්ධයක් නැත . ඒ කේස් එක මට අදාලම නැත . මෙය අර අත්අඩංගුවට ගත දා හත් හැවිරිදි සිසුවා ගැනය

      Delete
    2. අපොයි ජාලිය, මම කීවේ රටේ පැවත්මට ඒ හැටි බලනොපාන හැක් කිරීමක් ගැන සෙවීමට වඩා රාජ්‍ය තන්ත්‍රය සවිමත් කිරීම තම වගකීම ලෙස ගත යුතු අය ඒවාට නිසි ප්‍රමුඛතාව නොදීම ගැනය කීවේ.
      තවත් කේස් එකක් යැයි කි‍යු දෙයක් ගැනද නොදනිමි

      Delete
  2. හැකරැලා දවල්ට නීති විරෝධී,රෑට ලයිට් පත්තු කරගෙන යන නිසා ඕකේ.

    ReplyDelete
    Replies
    1. ඒ ලයිට් පත්තු කරන් යන එකාට කියන්නේ වෙන නමක් නේද ? රෑ බෝදිල්ලා ?

      Delete
  3. අම්මට සිරා කිව්වලු..

    මේ කතාවම මීට සුළු කලකට පෙරැ සිඳිවූයේ වී නම්..

    තවත් ත්‍රාසජනක කතාවක් වීමට බොහෝ සෙයින් ඉඩ තිබින..

    ReplyDelete
    Replies
    1. කලින් කී පරිදි මට මේ කොමෙන්ටුවත් හරියට තේරුනේ නැත . දැන් නම් වැටහේ . ඔව් කිරිමනල් කේස් එකක් වෙන්න ඉඩ තිබුණි .. හැබැයි මෙය ඒ ගැන නොවේය ...අනෙක් අතට මැලේරියා කාලේ වයසට ගිහින් මැරුණ එවුන්ටත් මැලේරියා ඩිස්කවුන්ට් එක හම්බුවෙන්න චාන්ස් එකක් තිබුනා .

      Delete

Have commented