19 November 2016

ඩිංගියාට දෙන දඬුවම

නඩුකාරයා : යුෂ්මතාගේ නම මොකද්ද ?

චුදිතයා : ඩිංගියා හාන්දුරුවනේ 

 ඔබේ රැකියාව 

හාන්දුරුවනේ , කනත්තේ වලවල් කපන්නේ මම 

ඔබට විරුද්ධව තිබෙන පැමිණිල්ල ඔබට වැටහෙනවාද 

හාන්දුරුවනේ 
නිච්චියක් නෑ හරියටම 
 පොලිසියේ ජීප් එකේ දාං ගියේ 
උඹට හොඳ වැඩක් කොරන්නං 
කිය කියා 
රාළහාමිලා 

පොලිසියේදී 
කූඩුවේ එල්ලලා 
ගැහුවේ 
සාජන්ට් මහත්තයා 
කියාපිය ඇත්ත 
නැත්නම් බලා ගනිපිය 
කිය කියා 

පැමිණිල්ල වෙනුවෙන් පැමිණි පොලිස් නීතිඥ : පොලීසිය පාවිච්චි කලේ අවම බලය ස්වාමීනි 


(නඩු කරු පොලිස් නීතිඥ දෙස බලා )  හරි හරි , .. යුෂ්මතා ට විරුද්ධව තියෙන්නේ මිනීමැරුම් චෝදනාවක් 

අනේ හාන්දුරුවනේ මම කලේ මගේ රස්සාව 

ඔබට මතකද ඒ රෑ වෙච්ච සිදුවීම් 

අමාවක රෑ අහසේ 
තාරුකා නිදහසේ 
දෙගොඩහරි යාමේ 
මං හිටියේ  කාමරේ 

දොරට ගැහුවේ මහත්තෙක්  
පිස්තෝල මිටෙන් 
බෙල්ලෙන් ඇදගෙන මාව 
දා ගෙන ජීප් එකේ 
අරන් ගියේ   කනත්තට .

කපාපිය වලක් . 
මම කැපුවා වලක් 
 කරපිය ඉක්මන්  
 මම කළා ඉක්මන් 

වලට ගෙනත් දැම්මේ මිනියක් 
හතර ගාතයෙන් එල්ලන් 
යන්න කලින් මහත්තුරුන් 
වහපිය වළ දාලා පස්  

ඊට පස්සේ මහත්තුරු ගියා 

ඊට පස්සේ ?

මම පස් දාන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ලංවෙලා බැලුවා . තාම හුස්ම වැටෙනවා . අර මහත්තුරුන්ට මරලා යන්න අමතක වෙලා . මට පණපිටින් මිනිහෙක් වලලන්න බෑ නේ හාන්දුරුවනේ . ඉතින් මම දුන්නා උදලු මිට තදින් බදලා බෙල්ල හරහා .

ඔබ වරද පිලිගන්නවා ඒ කියන්නේ 


හාන්දුරුවනේ , වරද ?

වලේ හිටපු මිනිහා මැරිලා නෙමෙයි හිටියේ 

නෑ  හාන්දුරුවනේ 

ඔබ උදැල්ලෙන් ගැහුවා

ඔව් හාන්දුරුවනේ    .....

හාන්දුරුවනේ ..

ඔව් 

මම හිරේ යයිද ?

ඒක මම නෙමෙයි තීරණය කරන්නේ .. මොකෝ නීතිය  ස්වාධීනයි නේ ....මේ ජනතා ජූරිය  තමා තීරණය කරන්නේ 



පලි :මෙය පහුගිය කාලයක කතාවක් නොවේ . මෙය අපේ වත්මනයි , අනාගතයයි . බාගෙට මරණ ලද නීතිය , හර  පද්ධති , ආර්ථිකය මෙන්ම , අපේ රටේ අනාගතයද  මහත්තුරු වළ තුළට  ගෙනත් දමති . නමුත් වළලන්න වෙන්නේ බොහෝ විට ඩිංගි යන්ටය . ඩිංගි යන අල්ලා , දෙකක් ඇන ඇත්ත එළිකර ගන්නේ නීතියයි ... නමුත් දඬුවම් දීමේ වගකීම අත  ඇරෙන්නේ ජනතාව කර මතටය  

15 comments:

  1. විජේදාස රාජපක්ෂ...

    ReplyDelete
    Replies
    1. හඳුනාගත්තොත් ඔබ ඌ .......

      Delete
  2. රනිල් වික්‍රමසිංහ

    ReplyDelete
    Replies
    1. හඳුනාගත්තොත් ඔබ ඌ .......

      Delete
  3. 'පණපිටින් මිනියක්' ගෙනත් දාපු එකාවත් ඒ වලටම දාන්න, ඩිංගියාට මොලය පාදාගන්න උදව් කරමු.

    ReplyDelete
  4. ඉතින් ජනතාව දඬුවම් කරයි ද...

    ReplyDelete
    Replies
    1. තීන්දුව ඔබ අතේ

      Delete
  5. ලංකාවෙ ගොඩක් උන් තාමත් ඩිංගිලා.

    ReplyDelete
    Replies
    1. මද්දා , තරහ වෙන්න එපා ,, අපි (අපි කවුරුත්) හැම තිස්සෙම ලංකාවේ එවුන්ගෙන් අපිව වෙන්කරන්න හදනවා නේද කියලත් හිතෙනවා වෙලාවකට

      Delete
    2. කොමෙන්ට් එක කොටද්දිම මටත් ඕක හිතුන. හැබැයි දෙයියො කෙයා නොකරන. කඩවල් වගේ තියන පංසල් නොයන. ආගමක් නැති දේශපාලනයක් නැති (සිරාවටම කියනව නමි දන්නෙ නැති) මද්ද සමහර විට ලංකාවෙ උන්ට වඩා වෙනස් ඇති(සමහර විට ලංකාවෙ හැමෝම හිතන්නෙ එහෙම වෙන්න ඇති.) හැතැම්මට අගලක් බැස්ම තියෙන ඇල ගැන ආඩම්බර නොවී හරියට වතුර ටික බහින්නැති කානු ගැන ලැජ්ජා හිතෙන හින්ද අම්මට සිරි ලාංකිකයන්ට වඩා පොඩ්ඩක් වෙනස් ඇති.

      ඒත් මාත් ඔය අපි ගොවේ තවත් එක ඩිංගියෙක් විතරයි බං හරියට හිතල බලද්දි.

      Delete
  6. නීතිය හොදි හදනවට වඩා හොඳයි නීතියක් නැති එක. සත්තයි බං.

    ReplyDelete
    Replies
    1. විජේදාසගේ නීති කොත්තු ?

      Delete

Have commented