26 November 2016

ඉන්ටපෝල් එකට ආ කෝල් එක

මෙය සමාන්තර විශ්වයේ කතාවකි .

වෙලාව මාධ්යන දොළහ පසුවී විනාඩි තිහක් වුවා පමණි . පොලිසියෙන් පුවත් අවසන් විය . 

ට්රීන්  ට්රීන් ගා දුරකථනය නාද වෙන විට සාජන්ට් ලන්තපෝල් සිටියේ , ඕ  අයි සී පුටුවේ වාඩිවී  මේසය මත කකුල් දෙක තබා ගෙන , ගීතයක් මුමුනමිනි .  ඕ  අයි සී දවල් කෑමට ගෙදර ගොසින්ය .

සිංදුව පිටින්ම ඔහු දුරකථනය එසවීය 
"..වතුර නාලා , තෙත කොන්ඩේ කඩාලා , ඉඟට මල් ....හෙලෝ , ඉන්ට පෝල් පොලිස් ඉස්ටේෂන් , සාජන්ට් ලන්ත පෝල්  ඉස්පීකින්ග් .. අමතන්න .."

හෙලෝ ඕ  අයි සී ඉන්නවද 

ඉන්නවනම් පෝන්  එක ගන්නවනේ , මම තමයි ලොක්කා අයිසේ කියනවා මොකද ප්රශ්නේ "

මම මේ සමාන්තර ලංකාවෙන් කතාකරන්නේ 

ඔව් කියන්න මොනවද කෙරෙන්න ඕනේ 

අපේ රටේ දරුණු අපරාධ කාරයෙක් පැනලා ඇවිල්ලා ඉන්නවා ඌව අල්ල ගන්න උදව්වක් ඕනේ 

හරි හරි අපි ඉන්නේ ඒවාට තමයි ...සාජන්ට් ජීප් එක ලැස්ති කරන්න ... අපි දැන් එනවා 

නෑ  නෑ  .. එහෙම නෙමෙයි .. ඌ මෙහෙන් පැනලා ඉන්නේ .. ඒක  නිසා එන්න අවශ්ය නෑ 

ඔව් ..කොහොමත් එන්න වෙන්නේ නෑ  .. මොකද මමනේ සාජන්ට් , මම මෙතන පෝන්  එකේ, ඉතින් ජීප් එක ලෑස්ති කරන්න එකෙක් නෑ  ..මූ භයානක අපරාධ කාරයෙක් කිව්වා නේද ?

ඔව් ඔව් .. ත්රස්තවාදියෙක් 

හරි හරි මම දැක්කා  නිව්ස් වල ...අර ඔහේලාගේ මහා බැංකුව හොරකම් කරපු එකාද 

නෑ  නෑ  .. ඌ මෙහෙ අපි ළඟ ඉන්නවා 

එහෙනම් අර කලින් පිටරට සේප්පුවල සල්ලි හංගපු එකෙක්ද 

නෑ  නෑ  උනුත් ඉන්නවා .. උන්ත් එක්ක අපි අල්ලන සෙල්ලම් කරනවා නේ .. මූ ද්වෙශමාන  අසත්ය ආරංචි පතුරන එකෙක් 

ආ ඔව් ඔව් ඉඳලා හිටලා ඔහේලාගේ පාර්ලිමන්ට් එකේ වොයිස් කට් , එතකොට කැබිනට් මාධ්ය ප්රකාශන බලන කොට මම දැකලා තියෙනවා එහෙම උන්ව 

නෑ  නෑ  සාජන්ට්  මූ  පචෝරිස් කෙනෙක් 

එහෙනම් උගේ පුතා වෙන්න ඇති ..ඕකා කිව්වේ ඇස් දෙකෙන් දැක්ක කියලා අරවා මෙව්වා ..

නෑ නෑ මූ  මාධ්යකාරයෙක් ...මූ අපිට අවාසි වෙන බොරු කියන්නේ 

ආ හරි හරි මට තේරුනා ... ඒත්  ඔහේ මාධ්ය නිදහසද මොකක්ද තියෙනවා නේද 

තියෙනවා ...ඒ වුනාට අධිකරණය ස්වාධීනයි නේ....අනෙක ඉස්සර ආණ්ඩුවේ සුදු වෑන් , සුදු වෑන් , සුදු වෑන්

මට එක හරියට තේරුනේ නෑ .. කමක් නෑ  .. හැබැයි ඉතින් මේ වගේ වැඩ වලට ඉතින් කල් යනවා 

එහෙම බෑ  .. අපිට පැරලල් පෙන්නන්න ඇඩ් ඕනේ නැත්නම් මිනිස්සු මේන් ප්රෝග්රෑම් එක  බලන්න ගන්නවා 

ඒකත්  එහෙමද ...මේ මහත්මයා ඇහුවට තරහ වෙන්න එපා .. සාමාන්යයෙන් අපිට කතාකරන්නේ රටවල්වල පොලිස්පතිලානේ , ඔහේ එහෙම කෙනෙක් නැද්ද ?

ඉන්නවා ඉන්නවා , හැබැයි මේ දවස් වල එයාට හරියට වැඩ ,  අයවැය ගැන එන ප්රශ්න වලට මුදල් ඇමතිතුමාට උපදෙස් දෙනවා 

හහ් ..මාර රටක් නේ ..එහෙනම් තියන්නම් ...මොකක් හරි හෝඩුවාවක් හම්බු උනොත් අපිට  අමතන්න... අපරාධ කාරයාව දැක්කොත් අල්ලලා ගහක බැඳලා  අපිට කතාකරන්න 

එතකොට අපිද අල්ලන්න ඕනේ 

ඉන්ටපොල් උනත් අපිත් පොලිසියක් නේ ...හරි එහෙනම් තිබ්බා ....අං ගනී කොහෙද යන්නේ නිතඹ සලලා ..ව්ව්ව් වතුර නාලා 

15 comments:

  1. කියලා වැඩක් නෑ අප්පා... තව කෑලි ටිකක් අඩුයි...

    ReplyDelete
    Replies
    1. එල්ලමුකෝ ඉතින් ඒ ටිකත් යටින්

      Delete
  2. එහෙනන් පුතෙක් වෙන්න ඇති !!

    හිනා කාල මැරෙනව ඕයි

    ReplyDelete
  3. රොබට් මුගාබේගේ මූනට සමාන මූණක් තියන නීති අඥයා රෙද්ද කඩාගෙන මූණ වසාගත් වගයි.

    ReplyDelete
    Replies
    1. මෑන් ව දනිමි , සිද්ධිය නොදනිමි

      Delete
  4. පට්ට ආතල් බං 😂

    ReplyDelete
  5. සුන්දර සිරි ලංකාවට ඒව මේව කියන්න එපා හරී

    ReplyDelete
  6. හෙහ් හෙහ් පට්ට.. :)

    ReplyDelete
  7. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  8. හොඳා හොඳා...
    පැරලල් පෙන්වන්න ඇඩ් ඕන තමයි... හැබැයි ඕවත් මේන් කතාවේ කොටස් හොඳේ

    ReplyDelete

Have commented