05 November 2016

බයිස්cope 1 හෙවත් හොරා පොලිස් සහ හොර පොලිස් (චිත්‍රපට විචාරයක් )

මේ දිනවල අති සාර්ථක ලෙස, දියවන්නා ශ්‍රී ජයවර්ධන පුර, සිරිකොත පිටකෝට්ටේ , රත්තා පාගොඩ , එබවි මැදමුලන , මයිත්‍රී පොලොන්නරුව ඇතුළු දිවයින පුරා සිනමා හල රැසක  තිරගත වෙන විනෝදාත්මක චිත්‍රපටයකි  "බයිස්cope 1 - හොරා පොලිස් සහ හොර පොලිස් ". 
මේ ගැන අපි චිත්‍රපටය නැරඹු කිහිපදෙනෙක් ගේ අදහස් විමසුවෙමු .

කෝට්ටේ අලි ජේමිස් මහතා 

මේක විනෝදාත්මක කතාවක් කිව්වට වීර කතාවක් කියලයි මට හිතුනේ  . අපේ අජී  , මෙහෙම එන්නේ ..ඇවිල්ලා දෙනවා ඇට්ටි හැලෙන්න ටෝකක්.. මයිල් කෙලින් වෙනවා ..."අයුක්තිය අසාධාරණය පිරුණු ලෝකෙක ..යුක්තිය සාධාරණය වෙනුවෙන් සටන් කරන කොල්ලෙක් මං ....අවමන් කරන්න එපා හදවත වාවන්නේ නෑ .." කියද්දී  පාහ් ලොක්කා....ඇට්ටින් කියන්නේ මේවනේ ..

කිල්ලපනේ නන්දාවතී මහත්මිය 

අපි නම් පවුල පිටින්ම ගිහින් බැලුවේ . මොකද අර ට්‍රේලර් එකේ තිබ්බනේ , අධ්‍යාපනය ලබන සිසුන්ට , වෘත්තිකයන්ට එහෙම පරිස්සමෙන් පරිශීලනය කළ යුතු කෘතියක් කියලා 

ඇත්තටම හොඳ චිත්‍රපටියක් . හදවතටම දැනුනා . අපිට ජීවිතේ තියෙන ප්‍රශ්න පොඩ්ඩකට අමතක කරන්න මේ වගේ චිත්‍රපටි වටිනවා ... අර එක සීන් එකක හඳුන් , "අජී  ඔයා ඇයි  මේ තරම් බොරු කියන්නේ ...මගේ ඇස්  දෙක බලාගෙන කියන්න පුළුවන් නම් ..." කියනකොට ඇත්තටම මට ඇඬුනා ..


ගාල්ලේ සුමිත් මහතා 

රඟපෑම් නම් ඔක්කොම වගේ හොඳයි කියතැකි .  ඒත් මුලින් ලිස්ට් එකේ නම් තිබ්බට , සංජන් හිටියේ නෑ  කියන්නේ . එඩිටින් වලදී කපලද මන්දා ..මම නම් රස වින්දේ මේ චිත්‍රපටයේ ගීත . අර හඳුනුයි අජීයි  කියන " දෑසින් දෑස බලන් කියන්න රත්තරන් " සිංදුව  එතකොට අර කට්ටියම කියන " ඇල්ලුවට හපන්න පුලුවන්ද ?" සමුහ ගීතය හරිම ලස්සනයි කියන්නේ . හැබැයි ඉන්ටබල් එකේ කැන්ටිමට ගියාම , මෙන්න බොලේ අයිස්චොක් එකටයි කඩල පැකට් එකටයි වැට්  ගහලා කියන්නේ  


ප්‍රවීණ සිනමා විචාරක සිත්තර විස්තර මහතා 


මම මේ චිත්‍රපටිය දෙවරක් නැරඹුවා . මොකද මට ෂෝ දෙකකට නොමිලේ ටිකට් ලැබුන නිසා . 

මෙය ටිකක් අමුතු චිත්‍රපටියක් . කතාව හොරකමක් ගැන . හැබැයි අන්තිමේදී කවුද හොරා කියලා හිතා ගන්න බෑ  . 

අනික මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක අඥාතයි , එහෙම චිත්‍රපටි සාමන්‍යයෙන්  හැදෙන්නේ නෑ  . නිෂ්පාදනයත් , මහජන බදු මුදලින් නිෂ්පාදන පිරිවැය පියවන ලදී කියලා තමා තියෙන්නේ .

මුලින්ම චිත්‍රපටයේ වීරයා වෙන්නේ ඉන්ස්පෙක්ටර් හඳුන් . ඔහු මේ හොරකමේ සුළ මුළ  හොයන්න යනකොට , ඔහුත් එක්ක සටනට එනවා භයානක දාමරික කල්ලියක් . පුට් නෝට් කල්ලිය . අන්තිමේදී ඔහු "එම්බල සතුර ගනු සටන එනු කඩුවට " කියලා ගේමට බහිනවා ... ටිකකින්  පුට් නෝට්  කල්ලියේ අය "අඩෝ හොර ඉන්ස්පෙක්ටර් හොරු ආරක්ෂා කරන්න එපා " කියාගෙන එනකොට , ප්‍රේක්ෂකයාට හිතෙනවා , අම්මපා ඉන්ස්පෙක්ටර් නීතිය  නවලා ගහන්න හදන හොර පොලිස් කෙනෙක් ද කියලා  ... කතාවේ ට්විස්ට් ගොඩක් තියෙනවා .. 
පස්සේ හඳුන් සාක්කි ෆයිලුත් අරන් පැනලා දුවනවා . ඕඩියන්ස් එක චියර් කරනවා .
 පුට් නොට් කල්ලියත් ලණු  අරගෙන එල්ලන්න හොරු හොයනවා .... ගැලරියෙන් විසිල් වදිනවා ...පොලීසියේ ඉතුරු කට්ටියත් හොරු හොයන්න යනවා . .. මහා හොරා සිංගප්පුරු චාලිව , මාලඹත් හොයනවා කඩුවෙලත් හොයනවා .

හැබැයි මුළු චිත්‍රපටය පුරාවටම හොරා නෑ . දුෂ්ටයෝ නෑ  .. ඔක්කොම වීරයෝ විතරයි . වීරයෝ වීරයෝ ගහන ගන්නවා ... කොමික් කෑලි  දානවා ...සින්දු කියනවා ...අන්තිමටම ක්ලෝස් අප්  ෂොට් කීපයක් තියෙනවා .

හඳුන්  ඇවිත් කියනවා , කවුරු මොනවා කිව්වත් මම තනියම හොරා අල්ලලා ගස් බැන්දා , දැන් ඇවිත් දඬුවම් දෙන එකයි තියෙන්නේ කියලා ..... එතකොට පුට් නෝට්  කට්ටිය කියනවා  "ලාවට ගහපු ගැටේ තද කලේ අපි කියලා "

මෙන්න බොලේ සිංගප්පුරු චාලි එනවා , ඇවිත් කියනවා " මම හොරෙක් නෙමෙයි , මෙන්න මම ආවා , හොරෙක් නම් එයිද කියලා " 

ප්‍රේක්ෂකයා මඥ්ඥන්  වෙනවා ...ඔලුව පැටලිලා තමයි ගෙදර යන්නේ . හැබැයි  මේ කතාව ඉවර වෙච්ච් විදියටනම් අනිවාර්යයෙන්ම දෙවෙනි කොටස ළඟ එනවාය 



පලි: මෙය මට නම් බයිස්cope  එකක්ම විය . අර ඉගන ගන්න අයට මේක පරිශීලනය කරන්න කීවාම , COPE  එකේ පරමාර්ථය , ඉස්කෝල වල පෙළ පොත් සැදීමද කියා මට පැටලුණි . දැන්ම ඔක්කොම එවුන් කියන්නේ . මෙන්න හොරු , දැන් පුළුවන් දෙයක් කරපන් කියා අපටය . ඇඟට හොඳයි කියා , පෘට් සැලඩ් එකට සුදුලුනු දැමුවා සේ පුට් නෝට්  දමා ඇත . ගුණය වැඩි වෙන බවට තර්ක කලද , නීතී විශාරදයෙක් නොවන මට නම් හිතෙන්නේ , ඉන් පෘට් සැලඩ් එක අහෝසි වන බව දැන දැනම  දැම්මාදෝ කියාය . අනෙක් අතට පෘට් සලාදය බාරව සිටි එවුන් , පලතුරැ කපා දමා , දැන් ඕන දෙයක් දා ගනින් යා කියා යාමද මට නොතේරේ . 

කෙසේ හෝ හොරකමක් වී ඇත . හොරු නැත . හොරෙකුගේ චායාවක් පෙනුනද , එහෙනම් තොපි කලින් කට වහන් හිටියේ ඇයි කියා අහන්නේ අපෙන්මය  


9 comments:

  1. ඒ ඉඩම මගේ නෙමෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. අග්ගලාව ගැන හොයල ඉමු වෙහෙරට කලින්

      පව් අෆ්ෆා

      Delete
    2. අම්මප වෙන රටකනම් පාර්ලිමේන්තුව වට කරලා ගල් ගහලා

      Delete
  2. අර එක සීන් එකක හඳුන් , "අජී ඔයා ඇයි මේ තරම් බොරු කියන්නේ ...මගේ ඇස් දෙක බලාගෙන කියන්න පුළුවන් නම් ..." කියනකොට ඇත්තටම මට ඇඬුනා .. */

    සමරිසි දර්ශනයක් නේද?
    ඇයි කිල්ලපනේ නන්දාවතීට ඇඬෙන්නේ?

    ReplyDelete
    Replies
    1. එවැනි සීන් වලට වැඩියෙන්ම අඬන්නේ ගැහැණු ම තමා

      Delete
  3. කාල වරෙන්කෝ

    ReplyDelete
  4. ෆුට් නෝට්ස් නෙමේ පුක් නෝට්ස් කියලා ඉංග්‍රීසි ෆිලුම් එකක් යනවා. අමු හෙලුවෙන් රඟපාන්නේ. ඇඩම්ස් ඔන්ලි මගේ හිතේ.

    ReplyDelete
    Replies
    1. මටත් දැනගන්න ලැබුනා , මහා ජනයා ව සහ නීතියේ නෝනා ව කට්ටිය සමුහ දූෂණය කරන සීන් තියෙනවා කියලයි ඇහුනේ

      Delete

Have commented