28 December 2016

කැප්ටන් කූල් ගේ නත්තල් ගහ සහ හීතල උඳුවපේ විකාරී හීන

නත්තල් අසිරිය වැඩිවී  , හිස බමනය වන්නට වූ පහුගිය දිනෙක, මට මතක ඇඳට වැටෙනවා පමණි . එක් වරම මම සිටියේ ගාලු මුවදොර පිටියේය . අහසේ වළාවක සේයාවක් නැත . සරුංගල් දෙක තුනක් ඔහේ පාවේ . මුහුදු සුලඟ පුරුදු ලෙසම හමයි 

පාට පාට සරමක් හැඳි , කොන්ඩේ සුදුම සුදු  මහත්තයෙක් ඈත සිටම මට අත  වැනුවේ  ඒ දෙසට එන ලෙසය . මම සෙමින් සෙමින් ඒ දෙසට ඇවිදින්නට වුයෙමි . ලං ලං වත්ම මේ සුපුරුදු මුහුණ මට හඳුනා ගත හැකි විය .


"හව් ඊ ඊ ඊ ස්  දැට් ට් ට්  ට් " ???!!!!  

එක වරම ඔහු මහ හඬින් කෑ ගසන්නට වුයේය .  මම අන්දුන් කුන්දුන් වුයෙමි . ඒ සමගම ඔහුගේ ඇඟිල්ල දිගු වූ දෙසට මට බැලුනේ ඉබේටමය . මොකක්දෝ අහස උසට නැගුනු දැවැන්ත සැකිලි ඉදිකිරීමකි .

මොකක්ද කිව්වේ ?

නෑ  මම ඇහුවේ හව් ඊස් දැට් කියලා ?

ඇත්තටම ඒ මොකක්ද 

ඇයි ඔහේ දැක්කේ නැද්ද පත්තර වල , මේ අපේ ලෝකේ ලොකුම නත්තල් ගහ 

ආ මේ ඒකද  , මම ෆේස් බුක් එකේ නම් දැක්කා මේකට එක එක ඒවා කියලා තිබ්බා 

ඔය අවලම් කොල්ලෝ අල්ලලා කටවල් තලන් ... නෑ  මම කිව්වේ ඒ දරුවන්ට හොඳ නරක කියා දෙන්න ඕනේ 

හැබැයි කැප්ටන් , මේක නිකන් නත්තල් ගහක් කියලා පෙනෙන්නේ නෑ නේ ..නිකන් රොකට් එකක් වගේ , නිකන් කොපුවක් දාපු පුරුස ..

මේ ඕයි , තමුසෙට ඉමජිනේෂන් එකක් නැද්ද .. මේක නත්තල් ගහක් කියලා හිතාගෙන බලනවා , එතකොට ඒ වගේ පේනවා . අනික රෑට බලුබ් පත්තු කරපුවහම හරි 

සොරි කැප්ටන් , ඇත්තටම එහෙම බලපුවහම නම් , නිකන් ඒ වගේ වගේ පේනවා තමා .

අන්න ඒකනේ , දැන් ඔය ක්‍රමේ අනිත් දේවල් දිහා බලන්නත් පාවිච්චි කරනවා 

හැම දෙයක් දිහාම ඔහොම බලන්න පුලුවන්ද 

එහෙනං , ඔය වෙනස , නීතියේ ස්වාධීනත්වය , යහපාලනය , දුෂණය පිටුදැකීම ඔය ඕන එකකට ඔය ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන් 

කැප්ටන් ඒක නෙමෙයි ඔය වැඩේට කට්ටිය මුලින් විරුද්ධ වුනා නේද ?

කව්ද 

ඇයි අර කාදිනල් තුමා 

පිස්සුද ..මේ හැම දෙයක්ම වගේ,  මේකත් මේ මාධ්‍ය වරදවා පතුරවා හැරපු ප්‍රවෘත්තියක් නේ .. මේකනේ උනේ .
මේ වැඩේට ප්‍රචාරණයක් දෙන්න අපි සංගීතයක් ඕගනයිස් කළා .  නත්තලටත් හරියන්න අපි සංගීතය සපයන්න හයර් කලේ "කාඩිනල් ස් අවුට් බර්ස්ට් " බෑන්ඩ් ඒක  ... ඕක වැරදිලා රිපෝර්ට් කරලා තමයි මේ අලකලංචිය වුනේ 

නෑ  ....මුන්ව උල තියන්න එපා යෑ 


ඉවසලා ඉන්න .. ළඟදීම. ළඟදීම .

ඒත් කැප්ටන් මේ වගේ වැඩ නිසා මිනිස්සු ආණ්ඩුවට බනින්න ගන්නවනේ 

ඉතින් හොඳයිනේ 

ඒ කිව්වේ ..මට තේරුනේ නෑ 

අපේ නායකතුමා හැම තිස්සෙම කියන්නේ , ගොඩක් අයට ඔලුවක් තියෙනවා කියලා මතක් වෙන්නේ හිසරදයක් හැදුනමයි කියලා .. ඉතින් මිනිස්සු බැන්නේ නැත්තනම් උන්ටයි අපිටයි ඔක්කොටම ආණ්ඩුවක් තියෙනවා කියලා අමතක වෙයි 

ඒකත් එහෙමද ... ඒක  නෙමෙයි කැප්ටන් ඇත්තටම ඇයි මේ නත්තල් ගහ හැදුවේ ?

අයිසේ ,  අපේ ගෙවල් ගාව ඉස්සර ලංසි පවුලක් හිටියා බොහොම අහිංසක විදියට ජීවත් වුනු.  මිනිහාට රස්සාවක් නෑ . නෝනා මැහුමක් කරලා, කේක්  ගෙඩියක් හදලා තමා ගාණක් හොයා ගත්තේ .   . ඉතින් නත්තලට සාලේ තීන්ත ටිකක් ගා ගන්න එහෙම වත්කමක් තිබ්බේ නෑ . .. ඉතින් ඒ ගෙදර නත්තලට කලේ බිත්ති වල කඩතොළු වැහෙන්න ක්රෝටන් පැල තියන එක ... 

නෑ  කැප්ටන් මම ඇහුවේ මේ නත්තල් ගහ ගැන 

ලොකුම කඩතොළු වැහෙන්න තමා නත්තල් ගහ සෙට් කලේ 

දැන් තේරුනා ..ඇත්ත නේන්නම් , ලෝකේ ලොකුම මගඩි  වහන්න , හිල්  වහන්න . ලෝකේ ලොකුම නත්තල් ගහම හදන්න වෙනවා 

මොකක්ද කිව්වේ ?

නෑ කැප්ටන්.. දැන් මේකෙන් පස්සේ මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ ?

අපි මේකෙන් අරින්නේ නෑ .. අලුත් අවුරුද්දට චීනෙන් හාල් ගෙනත් හදනවා ලෝකේ ලොකුම කිරිබත , වෙසක් එකට ලෝකේ ලොකුම බෝ ගහ ,  රාමසාන් එකට ලෝකේ ලොකුම වටලප්පම ....ඊට පස්සේ අපි ජනතාවගෙන් අහනවා ...... (රහසින් මෙන් ) ..ඔබට ශතුටුයිද දැන් ?

කැප්ටන්,  ඔයිට වඩා නරකද .....ලෝකේ ලොකුම එල්ලුම් ගහ හදාගෙන කට්ටියම එල්ලුනා නම් 


හැ හ් ..

කැප්ටන් .. හව් ඊඊඊ ස්  දෑ දෑ දෑ ට් !!!!???

එකෙනෙහිම කැප්ටන් සරම කැහැ පට ගසාගෙන , ගොටයිම්බරයා වෙතට වන්  ජයසේනයා මෙන්,  මා වෙතට කඩා පැන්නේය . මා උරහිසෙන් තදින් අල්ලා සොලවන්න ට විය 

"මේ මේ මේ නැගිටිනවා .. බොන්න බැරි ගානට බී ගන්නවා ඊට පස්සේ රෑ තිස්සේ කෑ ගහන්න ගන්නවා .... ළමයිනුත් බය වෙනවා "

මා බිරිඳ, ඈ  ආදරණීය වදනින්  , මා සිහින ලොවින්  මුදාගත්තායින් , යාන්තං ගුටි නොකා බේරුනෙමි .

23 comments:

  1. ඕක ලෝකේ උසම නත්තල් ගහ නම් නෙමෙයි..

    ඒත් ආගමික නායකයන්ට ඕන ඕන දේ කරන්නේ නැතිව ගහ නිම කරන්න ගත්ත තීරණය හොඳයි.. ඔය දළදාව වටේ රෙස් පැද්ද එකත් බොහොම හොඳයි.. මෙලෝ රහක් නැති ආගමික නායකයෝ පයිසෙකට මායිම් කරන්න නරකයි.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මේක ලෝකේ උසම ලංකාවේ එකලු.. :)

      අනිත් පොයින්ට් එක ගැන නම්..
      ඒකෙන් වුනේ වැඩේට ෆ්‍රී ඇඩ්වටයිසින් පාරක් ලැබෙන එක. ෆ්‍රී කිව්වට ...නේද?

      Delete
  2. හිනෙනුත් පෙනෙන දේවල්..
    හැබැයි ළෝකෙ ළොකුම කිරිබත කලින් ලංකාවෙම හදලා තියෙනවා වගේ මට මතකයි.

    ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ලෝකෙ ලොකුම කැවුම හරි කට්ට සම්බෝලෙ හරි හදන්නත් පුලුවන් වෙන කොහේහරි රටකත් හදනවනම් තමයි අමාරු

      Delete
    2. බිබික්කම?

      Delete
  3. මේක කියවල මට හිතුන ඕයි කවදා......හරි., දව............සක..,

    දළදා මාලිගාව ඇතුලට ගිහිං.,

    එකසැ.....රේටම...,
    මහා..... හයියෙන්...,

    අල්ලාහ් හු අක්බර් ....!!! කියල දුවන්ට.

    මට මොකක් වෙයිද දන්නෑ නේ..??

    🙈

    ReplyDelete
    Replies
    1. පුක නැතිවෙයි

      Delete
    2. අල්ලාහ් හු අක්බර් ....!!!

      කියල ලස්සනට ඇදල පැදල කියන්න පුලුවන් උනොත් ඒකත් මදැයි බන්.....හිකිස්

      Delete
    3. මේක කියවන්න කියවන්න හිනා යනවා. මැවිලා පේනවා . ඇතුලේ නිසා වෙඩි තියන්න බෑ. උඹ වටේට දුවනවා කොස්සෝ පන්නනවා... කාටුන් එකක් වගේ

      Delete
  4. හීනෙන් වුනත් කැප්ටන් කූල්ට කියන්න ඕන දේ කියලා නම් තියෙනවා. දැන් නම් හැබැයි මිනිහගේ කූල් බැහැලා හොට් එකේ ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. හව්ස් දැට් නේ

      Delete
  5. ලෝකේ ලොකුම එල්ලුම් ගහ හදාගෙන මටත් එල්ලෙන්න හිතෙනවා

    ReplyDelete
    Replies
    1. මං නම් ලොකු වහ බෝතලයක් අරන් සෝඩා එක්ක පොඩ්ඩ බොනවා

      Delete
  6. අපි මහමු ලෝකෙ ලොකුම ලෝගුව. එහෙම එකක් තියෙනවානෙ දැනටත්. ඒ ලෝගුව අස්සේ ඔක්කොම හැංගිලා අපේ හෙලුව දිහා බලන් ඉන්නවා. අපි දැන් වෙසක් එකට ලොකුම සිවුර මහමු. එතකොට අපි "බෞද්ධ සිංහල" වෙස් මූණුත් එක්ක සිවුර අස්සට රිංගුවහැකි. ඒ වගේම තමයි අනිත් ලෝගු කාරයෝත්. ආගම කියන්නේ මාර පිස්තෝලයක් බං. කෙනෙක්ව මරන්නත් පුලුවන්. තමන්ට වෙඩිතියා ගන්නත් පුලුවන්.

    ReplyDelete
  7. උඹ මගේ කමෙන්ට් එකේ බොටම්ලයින් එක අල්ලගනියි කියලා මට හිතෙනවා. මොකද....ජේපී උඹ සිංහල බ්ලොග් ලෝකේ ඉන්න හොඳ උපහාසාත්මක රචකයෙක් කියලා කියවන බොහෝ අය දන්නවා. මම සමහරවිට ජේපීව දකින්නේ මේක ඇතුලේ ඉන්න හොඳම ගැඹුරු උපහාසාත්මක රචකයා විදිහට. මම ඒක කියන්න බය වෙන්නෙත් නැහැ. ඔය හැකියාව ප්‍රාටත් තියෙනවා. ඒක කවුරුත් අල්ල ගත්තද මන්දා. අල්ල ගන්න ඌ ලියන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. කියන දේ තේරැනා ...

      ආගම් ගැන නම් මෙහෙමයි ..මිනිහෙක් රොට් වයිලර් බලු පැටියෙක් හැදුවා විනෝදෙට පස්සේ ඌ ලොකු වුනාම මිනිහව කෑවා. මිනිහට පිස්සු හැදුනා. දැන් බල්ලවයි මිනිහවයි දෙන්නම බැඳලා තියන්න වෙලා

      Delete
  8. මම සමහරවිට ජේපීව දකින්නේ මේක ඇතුලේ ඉන්න හොඳම ගැඹුරු උපහාසාත්මක රචකයා විදිහට +++++++
    Absolutely.

    ReplyDelete
  9. අරෑ ඇනෝ - ස්තුතියි

    ReplyDelete
  10. හොදම ලිවීමක්.. සුබ පතම් ඔබට

    ReplyDelete

Have commented