20 January 2017

සුවාදීන සුවාරිස්

ඔබේ නම 

සුවාදීන සුවාරිස් 


ඔබ කුඩා අවධියේ සිටම සුවාදීනද 

ඔන්න මම පොඩි කාලේ අපේ තාත්තා මාව කඩේ යවනවා බීඩී  ගේන්න . මම ආසයි , මොකද ඉතුරු සල්ලි වලින් මට බුල්ටෝ කන්න පුළුවන් . අම්මා බනිනවා බීඩී ගේන්න ගියොත් බලාගෙනයි කියලා .
මට තාත්තාගේ වැඩේට විරුද්ධ වෙන්නත් බෑ , අම්මට විරුද්ධ වුනොත් බැටේ හම්බුවෙනවා .  මම කල්පනා කරලා සුවාදීන තීරණයක් අරගන්නවා සුවාදීන වෙන්න . තාත්තාගෙන්  සල්ලි අරගන්නවා , කඩේ යනවා . බීඩී  ගේන්නේ නෑ  සල්ලි ටික සාක්කුවේ දා ගන්නවා .

කොහොමද ඔබේ පාසැල්  ජීවීතය 

ඒ දවස් වල ඉන්ටවල් එකට අපි ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහනවා . අපි මුලින් බැට්  කලොත් , ෆීල්ඩ් කරන්න එනකොට , මම සුවාදීන වෙනවා , එතකොට බෝල අහුලන්න ඕනේ නෑ .

ආයේ අපේ කණ්ඩායම පැරදුනොත් , මම සුවාදීන වෙනවා . එහෙම වෙලා දිනපු එවුන් එක්ක පැරදිච්ච එවුන්ට නක්කලේ දානවා 


 ඔය සුවාදීන කියන තැන් වල තියෙන්නේ  කිව්වා වගේ සුවාදීන වීමක් ම තමයි කියලයි රට්ටු කියන්නේ 

අනේ උන්ගේ අම් ... නෑ  මං කියන්නේ මෙතන තියෙන්නේ යථාර්ථය  නොතේරීම නේ . දැන් බලන්න සුවාදීන රූපවාහිනිය . කාලෙකට අරහෙම සුවාදීනයි , කාලෙකට මෙහෙම සුවාදීනයි . සමස්ථයක්  හැටියට බලන්න ඕනේ 


දැන් මේ සුවාදීන වෙන එක පොඩ්ඩක් ට්‍රෙන්ඩ් එකක් වෙලා නේද ? අපි දැක්කා ටික දවසකට කලින් රතන හාමුදුරුවොත් සුවාදීන වෙනවා 

 මම හාමුදුරුවන්ට කෝල් කළා . පෝන්  එක එන්ගේජ් . පස්සේ ආයේ කෝල් කළා . ඔන්න "රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ " කියලා රිංගින් ටෝන් එක ඉවර වෙන්නත් ඉස්සෙලා උන්නාන්සේ ආන්සර් කළා  .  කිව්වා " මම මේ වෙලේ ඉඳන් ගොඩට ආවා විතරය , සිවුරෙත් මඩ ගෑවිලා , හෝදා  ගන්න හදන කොටම  රාජිත ඇමතිතුමා කෝල් කළාය  ඒකයි එන්ගේජ් වෙලා තිබ්බේ කියලා 

සුවාදීන වෙන එක ගැන මොකුත් කිව්වේ නැද්ද ?

මේ විය වස්සා එක්ක  බෑ පිංවත කිව්වා , මම හිතුවා අර කුඹුරේ ඉඳන් ආපු නිසා මොකක් හරි හරක් ප්‍රශ්නයක් කියලා , බැලින්නම් වියවස්තාව 


 මොකක්ද ප්‍රශ්නේ කියලා ඇහුවේ නැද්ද 

ඇහුවා . ගොනා නෙමෙයි හරකයි බර අදින්නේ ....කිව්වේ . මට හරියට තේරුනේ නෑ 

දැන් ඔය උන්නාන්සේ සුවාදීන වුනාම , උන්වහන්සේව පත් කරපු යු ඇන් පී කාරයන්ට , එතකොට උන්නාන්සේ විශ්වාස කරපු බහු ජනයාට මොකද වෙන්නේ කියලා ඇහුවේ නැද්ද 

ඇහුවා . උන්නාන්සේ කිව්වේ... බහු ජන සුකාය , බහු ජන සිකේය කියලා 

නෑ  මම හිතන්නේ කියන්න ඇත්තේ බහු ජන හිතාය , බහු ජන සුඛාය කියලා 

එහෙමද ?

14 comments:

  1. ගොඩාක් සිංහළ පද වලට ඉතරක් නෙමෙයි ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමි ලියපු කවි වලට පවා අළුත් අර්තකථනයන් දිය යුතු කාළය පැමිනිලා..

    රණවිරුවෝ, රටවිරුවෝ, වල් අලි, ස්වාධීන, ප්‍රජාත්නෙවාදය, මාක්ස්වාදය, වම, චින්තනය, විකිණීම, බදු දීම, හොරකම, ඔය ආදී වශයෙන්.. ඉස්මනටම සංස්කරණයකට යනවා නම් හොඳයි.. නැත්නම් භාෂාව අනතුරේ...

    ReplyDelete
    Replies
    1. මේ අවුරුදු හයට හතට වචන කීයක් කුණුහරුප කලාද

      Delete
  2. විශ්වාස කරපු බහු ජනයා වෙනුවෙන්මලු නේ ඔය ..සුවාදින වෙන කට්ටියයි පිල් මාරු කරන කට්ටියයි එහෙම කරන්නේ....අනේ මන්දා ...කොහොමද එහෙම වෙන්නේ කියල ...උන්ට බැනර් බදින්ඩ ගස් බඩගාපු උන්ට තමා ගංවල ඉන්ඩ නැතිවෙන්නේ

    ReplyDelete
    Replies
    1. බහුජන සුකාය

      Delete
  3. ඔලුව ඉදිමීම අඩු කරන්න විදිහක් හෙව්වා ඔකෝටම වඩා හොඳයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරය හරියටම තේරුනේ නෑ

      Delete
  4. බහුජන සුඛාය.. බහු ජන සිඛේය.. තමයි.. හැක්.

    ReplyDelete
  5. මෙතෙක් පරාධීන
    දැන් ස්වාධීන
    පස්සේ ආපහු පරාධීන වෙයි.

    ReplyDelete
    Replies
    1. රසික ස්වාධීන නෙමෙයි මේක සුවාදීන

      Delete
  6. බලපෑමකට යටත් වෙලා “දීන“ වෙන ජාතියක් නොවේ අපි, අපි ඇවිල්ලා “ස්වා දීන“යි.

    ReplyDelete
  7. සුවා දීන ට්‍රෙන්ඩ් එකත් නැගලා යයි වගේ. ජනතාව නම් හැමදාම සුවා සහ දීන තමයි මේ යන සිස්ටම් එකට.

    ReplyDelete
  8. //බහු ජන සුකාය , බහු ජන සිකේය කියලා //
    +++++++++++

    ReplyDelete

Have commented