19 February 2017

මලිත් ට ගහද්දි චංචලා ඇඩීම , පංතියට උණ ගන්න මොනිටර්ට ගැසීම සහ ජිජැක්



මුලින්ම click here

.

.
.
.
.
.
.
.
.
.
.
.
.

මලිත් ට ගහනකොට ඇඬුවේ චංචලා උනාට , මම ගිය පිරිමි ඉස්කෝලේ එහෙම උනේ නෑ . 

පංතියේ  වම හා දකුණ බෙදිලා ගීතයෙන් ගීතය ... වම් කොණේ ආර් ආර්ට ( R R ),  කියන කියන අකුරට සිංදුවක් තියෙනවා . එකපාරටම  ගුරු එන මග ඔත්තු බලන්න හිටි ජයේ  දුව ගෙන ආවේ "කුරේ එනෝ" කියා ගෙන. ආර් ආර් සිංදුව  මග බ්‍රේක්  ගහලා නවත්තගත්තා .

" කවුද සින්දු කිව්වේ " කුරේ සර් වේවැල වන වන ඇහුවේ පංතියට  ඇතුළු වෙන ගමන්ම . සභාව නිහඬයි .

" අන්තිම සැරේට අහන්නේ , කවුද මේක බයිලා මඩුවක් කර ගත්තේ " . සභාව තවම නිහඬයි .

" කවුද මොනිටර් ?  ". ජයේ නැගිට්ටේ හිමිහිට 

"හරි එනවා මොනිටර් මෙහාට , දැන් තමුසේ කියනවා , කවුද සින්දු කිව්වේ " . 

" දන්නේ නෑ  සර් ". .. ඔහු කිව්වේ ඇත්ත . මොකද ඔහු හිටියේ පන්තියෙන් එළියේ  , ඔත්තු බලමින්.

"එහෙනම්  , තමුසෙට තමයි මම අද ගහන්නේ... මුළු පන්තියටම උණ  ගැනෙන්න ."

ඊට පස්සේ.. චාටස්ය .. පටාස් ය .  ගුරුතුමා ගිය පසු පන්තියම මුලින්ම කලේ ජයේව බයිට් එකට ගැනීමය . ඉන්පසු කලේ කුරේට එරෙහිව පෙළ ගැසීමය . 

මෙය බොහෝ දින වල අපේ පන්තියේ සිදුවීමයි . නමුත් සින්දු කීම නැවතුනේ වත් , මොනිටර් විසින් පන්තිය පාවා දුන්නේ වත් නැත . සිදුවුයේ මොනිටර් ටිකක් ඝනකම කලිසමක් ඇඳීමට පුරුදු වීමයි .  මොනිටර් ගේ  ගුටි කෑමේ ශක්තිය වැඩිවීමයි . පන්තියේ උන් අතර ඔහුගේ නායකත්වය ගැන වැඩි වැඩියෙන් පැහැදීමක් ඇතිවීමයි . ජයේට  ඇති පිළිගැනීම  වැඩිවීමයි .බයිලා මඩුව දිගටම යාමයි . පහු වෙත්ම කුරේ සර් ගේ වේවැල් පහරත් එන්න එන්නම ලිහිල් වූ බවක් ද පෙනුනි . 

***

"යම් සංස්ථාපිතයකට පහර දීමේදී , එහි මුදුනට නොව පාදමට පහර දෙන්න . ඒ මක්ද යත් , මුදුනට පහර දීමේදී වන්නේ ඒ සංස්ථාපිතය වඩ වඩාත් ශක්තිමත් වීම " යැයි  , ජිජැක් කියා ඇත්තේ .....ඉංග්‍රීසියෙනි .

(මෙතැනින්  පොඩ්ඩක් කැලේ  පනින්නට මට අවසර .  මම,  ජිජැක් වේවා , ඕෂෝ වේවා අදහන්නෙක් නොවෙමි. නමුත් මට හරි යයි සිතෙන දේ ඔවුන් ගේ චින්තනයන් තුළ  තිබේ නම් එය පිලිගනිමි . තරමකට හෝ අදහන්නේ , "මා අදහන්න එපා " යයි කියූ බුදුන් පමණකි . එහි ඇති උත්ප්‍රාසයද දනිමි .

මා වැඩිපුර කියවන්නේ මා වැඩිපුර එකඟ නොවන අයගේ සටහන්ය, අසන්නේ මට සාමාන්‍යයෙන් අහනකොට ඇඟේ  මාළු නටන උන්ගේ දේශනයන් ය. එය මගේ අදහස් වර්ධනයට , පෝෂණයට මෙන්ම ඉවසීම වැඩිදියුණු වීමටද හේතුවේ යයි  මා සිතන බැවිනි . ජිජැක් එවැන්නෙකි ).

බොහෝ තැන්  වල වෙන්නේ ජිජැක් කියා ඇති දේ ම යයි මට සිතේ . උදාහරණයක් ලෙස එජාපයේ ලිබරල් ක්‍රමයට , ඊනියා බටහිර ගැති  බවට විරුද්ධව ගහන්නේ රනිල්ගේ ශාරීරික අභිනයනටය . ශ්‍රීලනීපයේ අවස්ථාවාදී , වැනෙන සුළු දේශපාලනයට  විරුද්ධව ගහන්නේ මයිත්‍රී සිටගන්නා විදියටය  . ජෙප්පන්ට ගහන කොට ගහන්නේ අනුරගේ අයර්ලන්ත කනෙක්ෂන් එකටය  .  ආශ්චර්යයට  ගහන කොට ගැහුවෙත් මහින්දටය . නමුත් ජිජැක්  කියන්නේ පාදමට නැත්නම් පදනමට ගහන්න කියලා ය . ඒ කියන්නේ ගහන්න ඕනේ  නායකයන්ව පවත්වා ගෙන යන , පැවැත්ම ස්ථිර කරන සිස්ටම් එකටය , උන්  කර උඩ තියාගෙන යන උන්ටය . නමුත් ඒක  කරන්න ගියාම වැඩේ එය පොඩ්ඩක් කිරිමිනෙල් වෙන්නේය  . ඒ,  ගැහීම ටිකක් ගැඹුරට ගහන්න වෙන බැවිනි . ඒ කියන්නේ අපේ මෝඩකම් ගැන කතා කරන්න වෙන නිසාය .  අපටත් වගකීම බාර ගන්න වෙන නිසාය . අපි වෙනස් නොවී , සිස්ටම් වෙනස් නොවෙන බවේ යථාර්තය අපට බාර ගන්න වෙන නිසාය . ( මට මතක් වෙන්නේ , අර වසා ඇති කවුළුවේ එකම තැන හැපි හැපී එලියට යාමට මගක් සොයන මැස්සා ගේ කතාවයි )

දැන් තියෙන සිස්ටම් එක, අපිට පහසුය , convinientය . කප්පරක්  වැරදි තිබුනත්  වැරදි කාරයෝ නැත. 

අපේ පැත්තෙන් , වැරැද්ද,  නිවැරදි  තීරණ නොගන්නා ආණ්ඩුවේ යයි සිතා සැනහෙමු . ආණ්ඩුව කාලයක් තිස්සේ කියන්නේ , උන්ව පත්කළේ අපි නිසා වැරැද්ද අපේ කියාය.  දැන් වැඩේ දෙපැත්තටම එකඟ විය හැකි තැනකට ගෙන විත් , ඔක්කොම කුණු ගං  මෝයට දමා ඇත ....වැරැද්ද තීරණ ක්‍රියා නොකරන නිලධාරීන්ගේය . උන්ව ඒ තැන්  වල තියාගෙන ඉන්න එවුන්ගේවත් . ඒ සිස්ටම් එකම පෝෂණය කරන උන්ගේවත් නොවේය .

ඉතින් බල්ලෝ ඉඳ හිට බිරුවද , ගැල  ඉදිරියටමය .

***
යලිත් සිතා බලන කළ  , අපේ පන්තියේ මොනිටර් ලෙස අප පත් කර ගත්තේ , ගුටිකනම මුණක් ඇති අයව බවද , මොනිටර්  ගහන කොටම  , ඒ මගින් බයිලා මඩුවේ පැවැත්මට කිසිම බලපෑමක් නොවන බව , එදා කුරේ සරුත් දැන  සිටි  , මට අද සිතේ 

12 comments:

  1. ඕක නොවෙයි ප්‍රශ්නය.

    ජිජැක් ද, ෂිෂැක් ද?

    ReplyDelete
    Replies
    1. :) විටෙක මේක ප්‍රශ්නය නොවී , ඕක ප්‍රශ්නය වීමම තමා ප්‍රශ්නය

      Delete
  2. අපේ ආච්චි නම් කියලා තියෙන්නේ නයාට ගහනවා නම් ඔළුවටම ගහන්නෙයි කියලා එක පාරම මක බෑ වෙන්න..

    මම හිතනවා මේක අම්මට සිරි ලංකාව නිසා ජිජැක් උන්නැහේට වඩා අපේ ආච්චි හරිය කියලා..

    මොකෝ මෙහේ ඉන්නේ අනුගාමිකයින්ට වඩා භක්තිමතුන් නිසා...

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නේ මුං නයි නෙමේ එඬරැ ගස්

      Delete
  3. මම හැමදාම කුරේ සර්ගෙන් ගුටිකෑව. ඒත් අඬන්න චන්චලා කෙනෙක් හිටියෙ නෑ අප්ප.

    ReplyDelete
    Replies
    1. සම-හරක් කපුවොන්ට කෙන්දරකාරයන්ට බැන බැන තමුන් කේන්දර බලන්නේ පදනමට ගහන්න වෙන්න ඇති!

      Delete
    2. මම නම් අදත් ගරැ කරන කෙනෙක් කුරේ සර්... ඒ සිද්ධි දෙක තුන පස්සේ ලියන්නම්

      Delete
    3. කේන්දර කතාව නම් තේරැනේ නැත

      Delete
  4. මොනිටර් මොනිටර් වූ නිසාම ඉල්ලන් කයි. කවුද ඕකව මොනිටර් කරේ......මොනිටර්ස්ලා හෙන කබරයෝ. ..ලීඩර්ස්ලා වගේ. උන්ට වඩා හපන් කබර පැටවු...

    ReplyDelete
    Replies
    1. අපි නම් ගුටිකනම මූනක් තිබ්බ එකාව මොනිටර් කලා

      Delete
  5. මේකට ගැහුවට නං වැඩක් නෑ.. ඒත් නොගහ හිටියොත් මගේ සර් කමෙනුත් වැඩක් නෑ.. අවසානයට "පන්තියේ සිංදු කියපු උන්ට කුරේ සර් දඬුවම් කරා" කියන ලේබල් එක ඉතුරු වනවනං එච්චරයී..

    චන්චලා ඕනී නෑ.. ඇඬෙනවා තනි ඇහැට..

    ReplyDelete
  6. අර දේශපාලන කතා ටික නම් තේරුනේ නැහැ ..
    සර්ගේ කතාව නම් හිතට වැදුනා

    ReplyDelete

Have commented