22 July 2017

කුනු

කුනු උනත් විවිධාකාරය
නිකං ( උපමේයක්) වගේ

[දිගට ලියා ගෙනම යම්
හිස්තැනම 
වරහන් තුල ඉතිරි කොට
සුදුසු වචනය
පය ගැටේවී
ඔහොම යද්දී]

පොලීතීන්
මහ පන්තියේ
නොදිරයි
වැලලුවත්
කාලාන්තරයකට
මෘත සරීරත්
ප්රතිචක්රීකරනය වී
පරම්පරාවම අලුත්වෙන

කඩදාසි
අහිංසක
මැද පන්තියේ
වැඩක් නැති
අකුරැවැල්
සිරස්තල හංවඩු
දරා තම දිවි පුරා
බලාපොරොත්තු වේයෝ කා
දිරායන
නොදැනීම

ඉතුරැ කුනු නම්
ඔක්කොම 
එකම බක්කියට
හීන කුනුවී ඉස්ම
හීතල පොලොවටම උරන
ජිවීතත් එහෙමම
පනුවන් ගසා
කොම්පෝස්ට්ම වෙන

*අර වරහන ඇතුලට "මිනිස්සු" ගැලපේද මන්දා



2 comments:

  1. AnonymousJuly 26, 2017

    සිතුවිලි සටහන් බ්ලොග් කියවනය - http://sithuwilisatahan.com/

    පොඩි ස්පෑම් පාරක්

    ReplyDelete

Have commented