20 August 2017

පොලීසියේ භාවනා පංතිය , හෙළුවෙන් නැටීම සහ හෙළුවට හිනා යාම

මේසයක් ඉස්සරහ පුරුදු කට්ටියක් වාඩි වෙලා ඉන්නවා .  මැද  ඉන්නේ කැබිනට් ප්‍රකාශකයන් . දෙපැත්තේ නිකන් සැරියුත් මුගලන් වගේ ආමි එකෙනුයි පොලිසියෙනුයි . ඉස්සරහ ඉඳගෙන ප්‍රශ්න අහන්නෙත් පුරුදු කට්ටියම තමා . විහිලු ප්‍රශ්න අහනවා විහිලු පිළිතුරු දෙනවා ... උන්ගේ ජෝක්ස් වලට උන්ම හිනා වෙනවා .

පොලීසියේ භාවනා පංති .. කණ  පැලෙන්න දෙකක් දී , සිත ඒකාග්‍ර කිරීම .... නිවන් දැක්කීම ....මජ්ජ පමා දට්ඨානා වේරමණී ...පොලිස් මාජ්ජ ප්‍රකාශක ජෝක්ස්  එක උඩ එක ගොඩ ගහනවා ...කාගේදෝ හෙළුවක් පෙනෙනවා 
උත්තර දෙන අයත්  හිනා වෙනවා , ප්‍රශ්න අහන උනුත් හිනා වෙනවා ...අපි ???  ...අපිත් හිනාවෙනවා 



***
ස්ට්‍රීප් ක්ලබ් එකක ( ඔව් ඔව් අර ගෑනු වේදිකාවක් උඩට නැගලා ඇඳි වත  , සංගීත රිද්මයට ගලවලා හෙළුවෙන් නටන්නේ  ) , වේදිකාව මත  ගැහැනියක්  රෙදි ගලවන කොට , ඉස්සරහ ඉඳ ගෙන ඉන්න පිරිමි ..

පොඩ්ඩක් කතාවෙන් එලියට පනින්න අවසර .. අතුරු කතාවක්  මතක් උනා 

ඉස්සර යතාර්තවාදියෙකුගේ කතා කියලා කතා ලියාපු නිහාල් , මේ වගේ කතාවක් ලියලා තිබ්බා . මේ වගේ තැනකට ගිහිල්ලා ඇවිල්ලා ඇතිවුන පස්චාත්තාපය ගැන . නිහාල් දැන් ලියන්නේ නෑ .. ඒත්  වෙන අවතාරයකින් සැරිසරනවද  කියන්න මම දන්නේ නෑ ..

නැවැත්තුවේ වේදිකාව ඉස්සරහ ඉන්න පිරිමි ගැන කියලනේ .. ඉතින් පිරිමි , මනසින් අනේකවිද දේවල් කරන ගමන් , හිතන්නේ අර ගෑනි තමයි   හෙළුවෙන් කියලා ... ඒත්  ඒ වේදිකාව උඩ  රෙදි ගලවන ගැහැණිය දන්නවා , හෙළුවෙන් ඉන්නේ වේදිකාව යටට වෙලා බලන් ඉන්න එවුන් කියලා 

***

අනුන්ගේ හෙලුවට හිනා වෙන අපි, හිනාවෙන්නේ උගේ හෙලුවට නෙමෙයි , 
එක්කෝ අපි හෙළුවෙන් ඉන්න බව අමතක කරන්න,  නැත්නම් අපි හෙළුවෙන් ඉන්නවා මතක් කරලා ... අපි හෙළුවෙන් ඉන්නකොට කොච්චර විහිලු සහගතද කියලා හිතිලා 

15 comments:

  1. රටේ වගකිව යුතු නිලතල දරන ඈයෝ විසුළු සහගත හැසිරීම් පෙන්වනකොට ඒකට ඉදිරිපත් වෙන පැහැදිළි කිරීම් එන්නෙත් විසුළු සහගත විදියට නම් මේ මුලු සිස්ටම් එකම විසුළු සහගත සිස්ටම් එකක් මිසක වෙන මොකක්ද?

    පොලිස්පති කෙනෙක් අවෘතිමය විදියට හැසිරෙන එක සීරියස් ප්‍රශ්නයක් නොවන රටක ජීවත් වෙන්න ලැබීමත් එක අතකින් භාග්‍යයක්.

    කවුරු හරි ඇවිත් බෙල්ල කපාගෙන ගියත් හිනා වෙමු අපි

    හරිම ජොලි !

    ReplyDelete
    Replies
    1. විහිලු පවතින්නේ ඒවාට හිනාවෙන අය ඉන්නකං විතරක් නේද කියලා හිතුනා

      Delete
  2. උන් හෙළුවෙන් කියල පෙන්නන්න ඕන අයත් හෙළුවෙන් ඉන්න එකයි අවුල

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම දන්නෙම නැතිව උන් අපේ සරම කඩලා.. උන් හිනාවෙලා තියෙන්නේ ඒකට

      Delete
  3. අපි ඔක්කොම අන්දරේලා

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අන්දරේට නම් ගෙව්වා හිනා ගස්සනවට

      Delete
  4. දේශපාලනය වේදිකාවෙන් පිටුපස සිදුවිය යුතු දෙයක්. මහජනයා සිටිය යුත්තේ වේදිකාවේ. අද දේශපාලනය වේදිකාවේ, මහජනයා ප්‍රේක්ෂකාගාරයේ. ඔහොම යං

    ReplyDelete
    Replies
    1. එක එකා ස්ටෙජ් එකට නැගලා සරම කඩාදාගන්නවා අපිත් හෙලුවෙන්ඉඳන් ඒකටහිනා වෙනවා

      Delete
  5. හු.. හු... හු
    සම හරක් බ්ලොග් ලියන චන්ඩි ඇනෝ වහලා ඇයි ඇනොලට බයේද නැතිනම් මන් වැදගත් බ්ලොග්කරුවන්ගේ
    එකෙක් මට ලැජ්ජයි ඕවට කියලද මාතලන් කමියා ඉයන් ඊගාවට කවුද හු හූඌඋ ..

    මැන්ටල් ඩොකත් අන්තරේට බයේ අනොවහලා හු හූඌඌඋ කොහොමද අනොලගේ වැඩ .... ඔබට සතුටුයි දැන් රටහදන බ්ලොග් කරුවනි හි හු හා !!!!1

    පුළුවන් නම් ඇරපන් ඊටපස්සේ ඕනෙනම් මොඩරේට් කරපන් ....කාටද ආඩම්බර නැතිනම් මකාපන්

    ReplyDelete
  6. "It is better to laugh than cry." Maria Grazia Cucinotta

    ReplyDelete
    Replies
    1. a joke draws laughter in 3 stages

      Delete
  7. Nihal Gurusinghe is back. https://nihalw.wordpress.com

    ReplyDelete
  8. svdhina komisan polispathi nadagama

    ReplyDelete

Have commented