27 August 2017

හර්ෂගේ දුක

පහුගිය සතියේ හර්ෂ, රූපවාහිනියේ තමන්ගේ දුක කියලාය . ආවේගයෙන්ම කියලාය . මේක මහ හොර රටක් ඕයි කියලාය . මේ රටේ ඔක්කොම , ( අහම් අහම්.. මම ඇරෙන්න ) අමු තක්කඩියෝ ඕයි කියලාය 

අනිත් එවුන් හතර දෙනාත් ,ඔව් ඕයි  අපි ඇරෙන්න ඔක්කොම එවුන් මහා හොරු කියන්නට මෙන්  , ඔලුව වනලාය . 

ඊට පස්සේ හතර දෙනාම සුදේව ගේ මුණ දිහා බලා " හොර ගෙඩියා ..ගෙනියනවා එෆ් සී අයි ඩී " කියලා හිනා වෙන්නත් ඇතිය .

මහින්ද ගේ සමයේ මහින්ද මුලින් කීවේ එක්කෝ යුද්දේ නැත්නම් නීතිය , දෙකම බෑ හාන්දුරුවනේ   කියාය . මම යුද්ධ කරලා නැති නිසා ඒක එහෙම වෙන්න ඇතැයි  සිතුවෙමි. ඊට පස්සේ කිව්වේ එක්කෝ සංවර්ධනේ නැත්තනම් නීතියේ ආධිපත්‍යය , දෙක එකට බෑ ඕයි හාන්දුරුවනේ  කීය . මම රටක් සංවර්ධනය කරලා නැති නිසා , සාපෙ සමාජ අධ්‍යනයත් යාන්තම් ජාමේ බේරා ගත්  නිසා ඒකත්  එහෙම වෙන්න ඇති ඕයි කියා සිතුවෙමි .

යහපාලනය ඇවිත් කීවේ , හොරු අල්ලන්නයි , ආණ්ඩුව ගෙනි යන්නයි දෙකම එකට නිකන් බෑ  වගේ හිටං  කියලාය . . ඊට පස්සේ කිව්වේ ණය  ගෙවන්නයි හිටං යහ පාලනෙයි හිටං දෙකම එකට බෑ  ඕයි  කියලාය . ආණ්ඩු කෙරිල්ල , යහපාලනේ ගැන මා දන්නා තරම ගැන සිතා, ඒවා එහෙම වෙන්න ඇතැයි  සිතුවෙමි . 

අරුන් ඔක්කොම හොරු ඕයි ,  ඒත්  දඬුවම් කරන්න සාක්කි නෑ ඕයි කියනකොටනම්  , එහෙනම් හොරා කියන්නේ කොහොමද මහත්තයෝ  කියන එක මට ප්‍රශ්නයක් විය .
 සාක්කි එළිවෙන කොට ජෙන්ටල් මෑන් කෙනෙක් වගේ විත් ප්‍රයිඩ් අස්වෙන කොට   , දැන් කේස්  ක්ලෝස්ද ආයිබෝං කියා පැනයක් සිත නැගුණි 

හැබැයි මේ හර්ෂ ගේ කතාව මාව අන්දුන් කුන්දුන් කළේය . හර්ෂ කියන්නේ මේ රට මහා හොර රටක් . ඒ නිසා දේශපාලකයන් ගේ හොර කම් වලට ඇඟිලි දික් කරන්න සදාචාරාත්මක අයිතියක් ජනතාවට නෑ  කියා ද ? ලෙඩුන් බලන වෙලාවට පස්සේ වාට්ටුවට යන්න සිකිරුටියාට  නෝට්ටුවක් අත  මිට මොළවන ජේමිස්ට , රවී ගේ පෙන්ට්  හවුස් එක ගැන අහන්න සදාචාරාත්මක අයිතියක් නෑ  කියලද ?

හොරුන්ගේ චන්දයෙන් , හොරුන්ගේ නියෝජිතයෙක් ලෙස පත්වෙන කොට හර්ෂගේ මේ ඩිස්ගස්ට් එක තිබුනේ කොහෙද ? මේ කියන්න හදන්නේ හොරුන්ගේ දේශයේ , හොරුන්ගේ නියෝජිතයන්ට , හොරකමට ලයිසොන් ඇති බවද 
නැතිනම්  ධනය , කුලය  , උගත්කම යන හරස්කඩ උඩ පන්ති ක්‍රමය පවත්වාගෙන යමින් ඒ මගින් බලය ගොඩ නගා ගන්නා සිස්ටම් එකේ , දැන් සදාචාරත්මක බව (moral value ) එක මත උඩත්  පන්ති ක්‍රමයක් ස්ථාපිත කරන්නද . අන්ධයන්ගේ ලෝකයේ එකැස් මිනිහා රජෙක් කියන්නද 
නැති නම් උනුත් හොරු , මුනුත් හොරු , අරුනුත් හොරු  තමයි ඕයි  , හැබැයි අල්ලන්න නම්  සුවඳ සබන් ගාලා , කැළණි ගඟෙන් නාලා පේවෙලා, (පොඩ්ඩක් රෑ වෙලා  ) එන්න කියා කියන්නද 

11 comments:

  1. අඩන එකා අහිංසකයා.. හොරෙක් නෙමෙය්... හැක්.. අන්න තියරි..

    ReplyDelete
    Replies
    1. ඒක තියරියක් නෙමෙයි සංස්කෘතියක් වෙලා

      Delete
  2. //අල්ලන්න නම් සුවඳ සබන් ගාලා , කැළණි ගඟෙන් නාලා පේවෙලා, (පොඩ්ඩක් රෑ වෙලා ) එන්න කියා කියන්නද //
    හා.......... ඒත් අල්ලන් නෑ

    ReplyDelete
    Replies
    1. අල්ලනවා අතඅරිනවා...

      Delete
  3. "අද මේ රට පත් වෙලා තියෙන තත්වයට වගකියන්න ඕන අරුන්.. අරුන් සෙට් එක.. අරුන් හැමෝම.. මම හැර අනිත් ඔක්කෝම.. "

    - මේ රටේ ජීවත් වෙන මම, උඹ ඇතුළු සියලු ජනතාව කියන කතාව.

    ReplyDelete
    Replies
    1. මම ජීවිතේ හොරකම් දෙකයි කරලා තියෙන්නේ , 2කේ පන්තියේ එකෙකුගේ සුවඳ මකනය ගෙදර ගෙනිච්චා . හංගගෙන ඉඹ ඉඹ ඉන්න කොට අම්මට අහු උනා... පේර කෝටුවක් කැඩෙනකං ගුටි කෑවා.
      8 වසරේදි අඹ අච්චාරැ අයිස් ක්‍රීම් කන්න අත්තම්මාගේ හැඹිලියෙන් රැපියල් පහක් ගත්තා .. ඒකත් අහු වුනා.. මම අපායේ යයි කියලා අත්තම්මා ඇඬුවා..
      ලමයි ඉස්කෝලේ දැම්මේ නැති නිසා ඒ හොරකම් කර නැත.. ගෙයක් හැදුවේ නැති නිසා ඒ අදාල හොරකම්ද නැත.

      ඔබ කියනදේ මට වැටහේ... මමයි එකයි දෙකයි කතාවයි.. නමුත් පාලකයන් පත් කරන්නේ සිස්ටම් එක වෙනස්කරන්නයි.. ඒ වැඩේ කරන්න බැරිනම් උන් ෆේල් ය..

      Delete
  4. චන්දෙ දෙන්නෙ ජනතාවනෙ

    ReplyDelete
    Replies
    1. හොරැන්ගෙන් චන්දේ ඉල්ලන එවුන් සහ හොරැන් චන්දේ දෙන එවුන්

      Delete
  5. //සුවඳ සබන් ගාලා , කැළණි ගඟෙන් නාලා පේවෙලා, (පොඩ්ඩක් රෑ වෙලා )//ගිහින් ඇවිත් අපටත් කියන්න.

    ReplyDelete
  6. මේ පිළිබඳ මගේ කියවීම මා ලියූ පොතක විචාරයකින් උපුටා දක්වන්නේ නම් මෙසේ ය.

    "ජගත් ජේ. එදිරිසිංහ ගේ 'ගිම්හාන සුළඟ' නිර්මාණය පිළිබඳව මා පාඨක අවධානය යොමු කිරීමට කැමති තෙවන කරුණ නම් දශක කීපයක් ඔස්සේ ශී‍්‍ර ලංකාව වෙලාගෙන පිළිලයක් ලෙසින් ඔඩු දුවමින් රටත්, එහි ආර්ථිකයත්, සාරධර්මත්, සංස්කෘතියත් විනාශ කරන දුෂිත පක්‍ෂ දේශපාලන කසල ගොඩ පිළිබඳව එයින් කෙරෙන හෙලිදරව්වයි. සම්පත් සුරා කෑම, ඤාති මිත‍්‍ර සේවනය සහ කොමිස් පගා ගැසීම අද ශී‍්‍ර ලංකා දේශපාලනයේ අනිවාර්ය කොටසක් බවට පත් වී තිබේ. මෙයින් පරිබාහිරව දේශපාලකයෙකුට පැවැත්මක් නැත. එවැන්නන් ඇත්නම් එක්කෝ ඔවුන් අන් අය හා එක්විය යුතුය; නැතහොත් ඒ යාන්ත‍්‍රණය මගින් නිරායාසයෙන් ම ඔවුන් ඉවත් කෙරෙනු ලැබේ. මේ කටුක සත්‍යය ගිම්හාන සුළඟ නවකතාවෙන් පාඨකයා ට ඉදිරිපත් කිරීම විශේෂයෙන් ම පැසසිය යුතු කරුණකි."

    ReplyDelete
    Replies
    1. ඒ දේශපාලනය සංස්කෘතියක්වී ඇත

      Delete

Have commented