14 December 2017

සීනි නැති සීනි වැඩි ප්ලේන් ටී සහ හකුරු නැතිව , හකුරුයි කහටයි

මෙය කිහිප විටක් අසා ඇති විහිළුවකි . අපිට ගැලපෙන ලෙස වෙනස් කරන්නම් . තේ කඩයකට පැමිණි මිනිසෙක් හා වේටර් අතර කතා බහකි 

අයිසේ සීනි වැඩි ප්ලන්ටි එකක් ගේනවා මට , සීනි නැතිව 

සීනි වැඩි ප්ලෙන් ටී නම් නැහැ....සර් දැක්කේ නැද්ද බෝඩ් එක , හකුරු එක්ක කහට බොමු කියලා තියෙන .. . හකුරු නැතිව ප්ලේන්ටී එකක් ගේන්නද  ?

දැන් මෙතන තියෙන ප්‍රශ්නය සීනි නැති සීනි වැඩි ප්ලේන් ටී එකයි , හකුරු නැති , හකුරු එක්ක කහට එකයි දෙකම එකද කියන එකයි .

සීනි වැඩි ප්ලේන් ටී සහ හකුරුයි කහටයි ටාගට් මාකට් එක වෙනස්ය . ඒ නිසාම ඒ දෙක සඳහා ගෙවිය යුතු මිලද වෙනස්ය .  අවසන කස්ටමයිස් කරන ලද තේ එකට ගෙවන මිලද ඒ නිසාම වෙනස් වේ .

ඒත් සමාජය දියවැඩියා  රෝගයෙන් පෙළෙයි නම් , හැමදා බොන්නට වෙන්නේ කහටය 

7 comments:

  1. මේක නම් තේරුණේ නැත!

    ReplyDelete
  2. හුඟක් ම කෙටි කරලා.. හුඟක් ලොකු කතාවක්..

    එතකොට අපිට හැමදාම 'කහට' බොන්න වෙලා තියෙන්නේ අපේම 'දියවැඩියාව' නිසාද? :/

    අනිච්චේ...

    ReplyDelete
  3. ආයි මුල ඉඳලා පැරමටාවල තියෙන සිංහල ඉස්කෝලේ පලයන්

    ReplyDelete
  4. ලාවට වගේ ෙත්රුනාද මන්ද?

    ReplyDelete
  5. කහට බොන්නෝ එහි රසය හඳුනති
    විචාරක දියණිය

    ReplyDelete

  6. මේකේ මුල් කතාව තියෙන්නේ කෝපි ගැන . Coffee without milk and coffee without cream . පටන් ගන්න මිළ වෙනස් වුනාම අන්තිමේදී දෙකටම ගෙවන මිල වෙනස් වෙනවා. කිරි නැති කිරි කෝපි එකක් හා ප්ලේන් කෝපි එකක වෙනස වගේ.

    හැම දේම දේශපාලිනකයි නේ ? ;)

    ReplyDelete

Have commented