07 December 2017

බය නැති අගමැති සහ ගෝතා බය (ඔබට මතක නැති උනාට ..)

සති කිහිපයකට පෙර කොළඹ තාප්ප පුරා ඇලවුණේ බය නැති අගමැති පෝස්ටරයයි .  නවතම පෝස්ටර ව්‍යාපාරයෙන් මිනිස්සුන්ගෙන් අහන්නේ ගෝතා බය මතකද කියාය . මේ දෙකම ඩිසයින්  වෙන්නේ , මුද්‍රණය වෙන්නේ එකම තැනකින් යයි නොකියමි . එසේ නොවේ යයි ද නොකියමි .

ගෝතා  බය මිනිස්සුන්ට මතක තිබුන නිසාවෙනි , ආණ්ඩු මාරුවක් වෙන්නේ . ඒ බව කෙනෙකුට අමතක වී ඇත . ගෝතා  බය නැවත කිසිම දිනයක ඇති නොවෙන ලෙස සිස්ටම් එක මාරු කිරීමටය කෙනෙක් බලය ඉල්ලුවේ . එයද කෙනෙකුට අමතක වී ඇත . ඇමති වරුන්ගේ වාහන පරිපුරකය මෙන්ම පාස් කර ගන්න මෙන්ම, මේ සිස්ටම් එක මාරු කිරීමට අවශ්‍ය පාර්ලිමේන්තු බලයද ආණ්ඩුවට  ඇති බවද කෙනෙකුට අමතක වී ඇත . ටුකුස් ගාලා අහෝසි කරනවා කියා ස්ටේජ් උඩ මොර  ගැහුවද , තවම විධායක ජනති තමන් බවද තවත් අයෙකුට අමතක වී ඇත .  බැඳුම්කර හෙළුව , පුට් නෝට්  ආදී විවිධ උපක්‍රම වලින් වහ ගන්නට ගොස් බැරි වී සරම ඔසවා මුහුණ වහගෙන ඉන්නා අයටද උන් හෙළුවෙන් බව අමතක වී ඇත . ඔහුගේ හෙලුවට හිනා වෙන අනේකාට  අමතක වී ඇත්තේ අරූ රෙද්ද උස්සා ඇත්තේ තමන්ට බවය 

ගෝටා සාර්ථක වුයේ , එක්තරා සිස්ටම් එකක  පසුබිමේය . ඒ කාලේ කොළඹ මල් පෝච්චි , වොකින් පාත් ලස්සනයි සුදු වෑන්  කැතයි කියන්නට පෙර , මල් පෝච්චි හා සුදු වෑන් අතර සම්බන්ධයක් තිබුනේ දැයි සිතා බැලීමට සිදුවේ . අනෙක්  අතට ඒ තිබුන සිස්ටම් එකේ ආණ්ඩුවක් තව කාලෙකට ලංකාවේ බිහි නොවෙනු ඇත . එවන් තත්වයක් යටතේ , අදේශපාලිනික ගෝටා ආවත් කොච්චර දෙයක් කරන්නට හැකිදැයි සිතේ .

 මිනික්බිති ලියන්නේ  ඕපපාතිකව ඇතිවී නැතිවෙන සිතුවිලි කිහිපයක් ඔස්සේ ලියවුනු එකිනෙකට සම්බන්ධයක් නැති වාක්‍ය කිහිපයකි .

මහින්ද , රනිල් අඹ යාළුකම ගොයින් ස්ට්‍රොන්ග් වගේය . සිරිකොත ඉස්සරහ පාරේ තාර දමා , ගල්රෝලක් නවත්තා රනිල් ගේ අනාගතය රැක ගත්තාද මතකය . රනිල් කියන්නේ මොනවා උනත් කළගුණ දන්නා මනුස්සයෙකි .

නෝන්ඩි  වෙන්න ඉස්සරහට එන අය  අතර  බය නැති එවුන් විතරක් නොව ලජ්ජා නැති එවුන්ද සිටිති.  
සෝඩා විතරක් නොව , දෙකන් රත්වෙන ජින්ජර් බියර් පවා  කල් ගිය විට රැස් යයි . රැස් ගිය විට ඉතිරි වන්නේ , ලාවට රසය දැනෙන , පැණි බීමකි 

මිනිසුන් වර්ග දෙකකි . දෙවියන් විසින් මිනිසා මැවුවා යයි විශ්වාස්කරනවුන් හා මිනිසා විසින් දෙවියන් මැවුවා යයි විශ්වාස කරන උන් සිටින්නාක් මෙන්ම වෙනස් දේශපාලකයන් තෝරා ගැනීමෙන් සිස්ටම් එක වෙනස් වේ යයි සිතන්නොද    , සිස්ටම් එක වෙනස් කිරීමෙන් වෙනස් දේශපාලකයන් බිහිවෙයි යයි සිතන්නොද  වෙති .

පෝස්ටර් දෙක නැවත මතක් වේ . කියන්නට බොහෝ සිතට නැගේ . ඒත් සමහර වෙලාවට කට පරිස්සම් කරගෙන " කිව්වා කියලා හිතා ගනින් " කීම අදහස මනාව සන්නිවේදනය කරන්නේය 

7 comments:

  1. //මහින්ද , රනිල් අඹ යාළුකම ගොයින් ස්ට්‍රොන්ග් වගේය . සිරිකොත ඉස්සරහ පාරේ තාර දමා , ගල්රෝලක් නවත්තා රනිල් ගේ අනාගතය රැක ගත්තාද මතකය . රනිල් කියන්නේ මොනවා උනත් කළගුණ දන්නා මනුස්සයෙකි .//mayithri mahind adennath ara vivaha magulakata gihin inne. dan hari okkoma. :)

    ReplyDelete
  2. /* මල් පෝච්චි හා සුදු වෑන් අතර සම්බන්ධයක් තිබුනේ දැයි සිතා බැලීමට සිදුවේ. */

    මට මතක්වුනේ ගෝටා බය එන්න කලින් ආපු භීෂණයක් ගැන ලියවුණු කතාවක්
    http://thilakasitha.blogspot.com/2013/09/blog-post_29.html




    ReplyDelete
    Replies
    1. ඔව් මට මතකයි.බලන්න ඒසම්බන්ධය රටාවක්ලෙස.මතුවෙන හැටි

      Delete
  3. කිව්වා කියලා හිතා ගනින්

    ReplyDelete
    Replies
    1. හිතාගත්තා කියලා කියමි 🙂

      Delete
  4. කියන්න ගිහින් නොකිව්ව ටික කිව්වා නම් තමයි වටින්නේ

    ReplyDelete

Have commented