01 October 2018

බුද්... (සමාවෙන්න , එහෙම මොකුත් නැති , නිකම්ම ) වෙට්ටුව

සිල්ලර 
ටුකු  ටුකු
සුන්දරී 
ඇති වැඩකුත් - හෙමින් ගමනකුත් 
නැති 
නලා පිඹගෙන 
වෙට්ටු දාගෙන 
එන්නී 

පස්සෙන් විත් 
හෙමි හිට එබී 
දකුණෙන් හෙට්ටු 
වමෙන් වෙට්ටු 
යන ගමන් කියාගෙන 
මියුරු ස්වරයෙන් 
මව් ගුණත්

පුළුල් රියබඳ 
යටට වෙන්නට 
කෙටු 
ටැටූ 

මේ අපේ බුදුන්ගේ දේශයයි , යකෝ 



3 comments:

  1. ඒ විතරක් නොවෙයි යකෝ මේ සිංහලේ

    ReplyDelete
  2. තෝත් යකෙක් වුනාද බෝල, බුදු බණට හීලෑ වුනු..???

    ReplyDelete
  3. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete

Have commented