ලංකාදාස වැඩ කරේ සුද්දෙක් ගාව..
සුද්දා ආපහු ගමේ යන කොට ගෙදර බඩු එක එක අයට බෙදලා දුන්නා . ගෙදර තිබ්බ රූප පෙට්ටිය හෙවත් ටී වී එක දුන්නේ ලංකාදාසට .
ලංකා දාසත් චන්ඩියා වගේ මෙව්වා එක කරේ තියාගෙන ගමේ අරන් ගියා . සාලේ ඉස්සරහම පේන්න තිබ්බා . හාමිනේ ඇවිත් ආසාවෙන් අත ගෑවා . ගමේම උන් ආවා මෙව්වා එක එක බලල යන්නම . හැබැයි ගමේ ගෙදරට විදුලිය නෑ . සිග්නල් අහුවෙන්නෙත් නෑ . "නිකන් හම්බුවෙච්ච එකනේ , ඔන්න ඔහේ පරෙස්සමට තිබිච්චාවේ , කවදා හරි ගම දියුණු වෙයි , එදාට පාවිච්චි කරනවා ".. ලංකාදාස හිතුවේ එහෙම
ටික කාලෙකට පස්සේ ලංකාදාස ගේ හාමිනේ මෙව්වා එක වැහෙන්න ලස්සනට මල් මල් කවර එකක් මහලා දූවිලි නොවැදෙන්න , උඩින් මල් පෝච්චියක් තිබ්බා පාලුවට .
පහු පහු වෙනකොට , මෙව්වා එක උඩ , පොඩි එකාගේ සෙල්ලම් බඩු , ගෙදර යතුරු කැරලි , උදේ පත්තර වගේ නා නා ප්‍රකාර දේවල් තියන්න පාවිච්චි කරන්න ගත්තා .
පිටි පස්සේ කවරේ ඇන ටික ගලවලා , ලංකාදාස පඩි දවසට ගන්න කාල බෝතලේ ආරක්ෂා සහගතව තියා ගන්න පාවිච්චි කළා . පොඩ්ඩක් අනුමත වෙන කොට බයිට් එකට ගන්න උම්බලකඩ කෑල්ල තිබ්බෙත් මෙව්වා එක උඩ .
මුලින් බදාගෙන බාරගත්ත ලංකා දාසගේ හාමිනේ , පහු පහු වෙනකොට ආඬි පාලි කියන්න ගත්තේ " මහා ලොකුවට සුද්දා විසිකරලා ගිය හුචක්කුව උස්සාගෙන ආවා " කියලා .
ප්‍රජාතන්ත්‍රවාදයත් ....
එළ !
ReplyDeleteලංකාදාසලට විදුලිය නැති එක තමයි ප්‍රශ්නෙ, විදුලිය තිබුනනං මෙහෙම වෙන්නෙ නැහැ.යංතං ඔලුව උස්සගෙන ඉන්නෙ සුද්ද හින්ද තමයි නැත්තං බත් මුකේ පාද ගන්නත් මහරජ තුමාගෙන් අවසර ගන්න වෙනව.
ReplyDeleteසුද්දත් මාර පොර , ඌ මෙව්වා එක දීලා ගියාට විදුලිය ඕනේ කියලා ගිහින් නෑ
Delete:-)
ReplyDeleteදැන් වෙලා තියෙන්නේ ලයිට් ආවට පස්සේ ගෙදර පොඩි උන් ආසාවට TV එකේ ප්ලග් එක ගහලා, එකේ ඇතුලේ ෂෝට් වෙලා වෙච්ච වින්නැහිය, ඇතුලේ තියන අරක්කු කාලට පත්තු වෙයිද?
ReplyDeleteහරියට හරි . හරි වොටේජ් එක ඇම්පියර් ගාන ආපුවහම අරක්කු ඇවිලෙන්න ගන්නවා , ඊට පස්සේ ගේම ගිනි ගන්නවා
Deleteඅමු උම්බලකඩ වලට වඩා රොස්ට් වෙච්ච එව්වා ටෙස්ට්.
ReplyDeleteමෙච්ච එක මෙච්ච කරන්න දන්නව ලංකා දාසලෙ ලමයි. ඒත් ලංකාදාස ඒක කාල.දාල..
ReplyDelete