01 December 2018

කළුම කළු ප්‍රභා , සුදුම සුදු අද්මිරාල් සහ අළුපාට ලෝකය

ලෝකයේ ඉන්නේ අළු පාට මිනිස්සු ගැහැණු . ඒත් අපේ සන්තානයේ , සංකල්ප වල , සංස්කෘතියේ ඉන්නේ කළු සුදු මිනිස්සු . ඒ අප ජාතක කතා වලින් පෝෂණය වෙච්ච , එතනින් එහාට පරිණාමය නොවුණු නිසාද මං දන්නේ නෑ . අළු පාට ජීවිත ගැන ලියවෙන සාහිත්‍ය , සෞන්දර්යය අපි එතරම් පරිශීලනය කරන්නේ නෑ , පරිශීලනය කරත් ඒ කොණ  අපි අල්ලා ගන්නේ නෑ . අපේ හිත්  ඇතුලට උරා ගන්නේ නෑ , අපේ ඔලුව වටේට බැඳිච්ච සංස්කෘතිකමය සිවියක් නිසා . ප්‍රතිවීරයෝ (Anti  heroes ) අපේ  කතා වල නෑ

ගිය සුමානේ දෙක ඇතුලත ළඟ ළඟ සිද්ධි දෙකක් සිදුවුණා . 

එකක් යාපනේ ප්‍රභාකරන්ව සැමරුවා .  ප්‍රභාකරන්ව විතරක නෙමෙයි මැරිච්ච දාස් ගානක් ගෑණු,  මිනිස්සු . ඒ මියගිය උන්  නිකරුනේ මියගිය බව වත් , ත්‍රස්තවාදී වැඩ කරන්න ගිහින් මිය ගිය බව වත් ඒ පවුල් වල අම්මලා අප්පලා , ගෑණු ,  ළමයි ඔළුවල ලියා ගන්න කතාව නෙවෙයි . ඒ මරණ වලට හේතුවක් හොයාවී . ඔවුන් ගේ හිත්වල ඔවුන් වීරයන් වේවි . ඒ හේතුව අරගලයක් වේවි . අරගලයේ සන්නාමය සංකේතයේ හැටියට තමයි ප්‍රභාකරන්ව සැමරෙන්නේ . අපි ඒක  තේරුම් ගත යුතුයි . ඒත් මේ වගේ වැඩ වලින් වෙන්නේ අපි අමතක කරන්න හදන යාපනේ දෙමළු අපිට මතක් වෙනවා . එතකොට අපිට සිහි වෙනවා යාපනේ තාම එහෙමමයි .  ප්‍රශ්නේ එහෙමමයි . මතක් වෙනවා කලුම කළු ප්‍රභා ව . අපිට බය හිතෙනවා   . 

අනෙක් සිද්ධිය අද්මිරාල් විජේගුනවර්ධන රිමාන්ඩ් කරනවා . අද්මිරාල් රණවිරුවෙක් . යකෙකුටවත් බය නැති මිනිහෙක් . එහෙමයි කට්ටිය කියන්නේ . ඒ කියන්නේ සුදුම සුදු . හැබැයි රිමාන්ඩ් කරන්නේ අපරාද කරුවෙක්ට උදව් කිරීම කියන චෝදනාවට දැන් අපේ ඔලුව අවුල් වෙනවා . උණු නිසා බොන්නත් බෑ , කිරි නිසා .... අනික ඔක්කොම කුණු අතාරින්න රනිල්ගේ ආණ්ඩු බේරුවල බොක්කත් නෑ . 

යුද්ධය අවසන් වී සාමය උදා වන්නේ  සතුරන් සියල්ල මරා දැමු පසුව නොව , විරුවන් සියල්ල මිය ගිය පසුවයි .  කොහේදෝ කියවපු දෙයක් එක පාරටම මගේ ඔලුවට එනවා 

8 comments:

  1. යුද්ධය අවසන් වී සාමය උදා වන්නේ සතුරන් සියල්ල මරා දැමු පසුව නොව , විරුවන් සියල්ල මිය ගිය පසුවයි.....ඒ මදි තව .යුද්දය තවමත් විකුනම් කන දේශපාලකයොයි යුද්දේ ගැන ලියන ලේඛකයොත් මියගිය පසුයි සාමය උදාවෙන්නේ

    ReplyDelete
    Replies
    1. හිතට පොඩ්ඩක් මෙව්වා එකක් දැනුනත් කතාව ඇත්ත

      Delete
  2. විරුවෙක් වෙන්නේ නරයෙක්, ඒ බොහොම කෙටි වෙලාවකට එතනින් පස්සෙත් ජිවත් වුනොත් නරුමයෙක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. යුද්දයෙන් පස්සේ ජීවත් වෙන විරැවෝ ඇතැම්විට සාමයට බාධාවක්

      Delete
  3. ඇමරිකන් කාරයෝ චේ ගුවේරාව වෙළඳ සංකේතයක් කරලා විකිනුවා වගේ දැන් කරන්න තියෙන්නේ ප්‍රභාකරන්ව වෙළඳ භාණ්ඩයක් කරලා දෙමෙල්ලුන්ටම විකිනීමයි.

    ReplyDelete
    Replies
    1. අන්න කරනවනම් වැඩ. ටී ශර්ට් එකේ ඉඳන් යට කලිසම දක්වා බ්‍රෑන්ඩ් කරලා

      ඊට පස්සේ හීන් සැරේ කාපුබීපු වෙලාවට කල කී දේ ගැන කතා ටිකක් හදලා පතුරලා.. පොඩි සමනල ලයින් එකකුත් ඇද්දා නම් ... වැඩේ ඇවිලිලාම යයි

      Delete
  4. I am 100% sure 'Pinch' did not lose anyone close to you fighting for our country? I think we Sinhala people like forget the past, its our weakness and others taking advantage. I live in Australia and they remember fallen hero's of WW1/WW2 every year in big way (all day), even small school kids join at 4am commemorations.

    I have no problems Tamils are remembering their fallen, but they should not include Prabhakaran or LTTE (no one commemorate Hitler)or glorify LTTE. We (all Sri Lankans) must understand LTTE/JVP taken arms against Sri Lankan state (and killed lot of people)had to put down by force, killing more people. It looks good for politicians to pretend like nothing happened from 1993 to 2009

    ReplyDelete
    Replies
    1. You are 100% sure?

      Percentages and assumptions should be shared very carefully.

      Please re read what is written. It does not give any opinion about remembering heroic acts and people who died in battle. Whether a soldier is a hero or not is an opinion. I reserve mine and you are entitled to yours. The point made here is about the difficulty of accepting the greyness of a hero and a villain.

      The black and the white of a war is not decided by the causes they championed. It is decided by who wins and looses. Not sure whether you agree or not

      Delete

Have commented