09 December 2018

බංකුවේ ඉඩ තියන් හිඳිමි මම තවමත්



අතු අග 
වසත් කළ පිපි 
චෙරි මල් 
පෙන්නන්න 
මම උනිමි බලා 

ගිම්හානයේ අග 
ගොම්මන කාන්දුවට පෙර 
රතු වළා සිතුවම් 
 පෙන්නන්න 
මම උනිමි බලා 

පත් හැලි වියැකෙන 
සරත් සෘතුවත් 
ඇවිදින් 
නොදැනීම 

උයන් කොණ 
බංකුවේ  
ඉඩ තියන් 
හිඳිමි මම 
තවමත් 

පලි :
මේ ඡායාරූපය ගත්තේ සියාන් හි  ටෙරාකොටා සොල්දාදුවන් බලන්න යන මග . මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන කැමරාවේ තතු දාන්නේ නෑ.   නොමිලේ මොකටද ඇඩ්වටයිස් කරන්නේ.  ඒත්  මේක ගත්තේ දුරකතනයක කැමරාවෙන් කියලා විතරක් කියන්නම්. ඡායාරූපයකට කැමරාව අදාළ නෑ. අනෙක් අතට මම post prodcution  ගැන බලන්නේ ඉතාම සුභවාදීව. මට එය නිර්මාණශීලිත්වයේම කොටසක්  


1 comment:

  1. අපි හැමෝටම ඔහොම බලන් හිටපු දවස් හෝ බලන් ඉන්න වෙන දවස් තියෙයි නේද?
    post production නැති නම් අපි දකින ගොඩක් පින්තුර වල ඔය පේන ලස්සන නෑ.. ඡයා රූප තරඟ වලදීත් යම් ප්‍රමාණයකට එඩිට් කරන්න අවසර තියෙනවා.

    ReplyDelete

Have commented