05 February 2019
නිවිච්ච තේ // Lukewarm tea (A poem)
Piping hot
tea had to be
a must it was
'fore
the sun comes around
gently knocking on the window
'fore
the spent dreams
flutter away from their night's roost
abhor
anything but
and the people who devour
tea differently
But seasons do change the tree
As I sit at the edge
of the bed
and find my way through
the labyrinth of memories
the cup sits
patiently
holding the milky tea
lulling it to lukewarmth
just the way
I like nowadays
PS: Lukewarm tea is an acquired taste
______________________________
කට පිච්චෙන උණු තේ
විතරමයි
මට නම්
කාලයක්
ඉර ඇවිත් හිමින් සැරේ
ජනේලයට තට්ටු කරද්දී
දෑස නොඇරම දිවගාපු
දිගු රැයක රැඟු හීන
ලැගුමෙන්
නුබ කරා ඉගිල්ලී
පියාපත් හඬ
පමණක් ඇසුණු
කාලයා ඇවෑමෙන්
මිනිස්සුත් වෙනස් වේ
ඇඳපත්තේ හිඳ
මග සොයන මතක මංපෙත් දිගේ
මං
එනකං
අඬු ව කැඩුණු කෝප්පය සිටි
දරා
කිරි වැඩි තේ
ඇල් මැරී
තොළ ගාන
නිවිහැනහිල්ලේ
මා කැමතිම විදිහ
දැන් තේ බොන
පලි: නිවිච්ච තේ රහ දැනෙන්න ටිකක් කල් යනවා
Subscribe to:
Post Comments (Atom)
ඇල් මැරුණු තේ වලට උනොත් ආයි උණු තේ බොන්නෙම නෑ.. :))) මේක පට්ට! (මොන අතට හරොල කියෙව්වත්)
ReplyDeleteරහ දැනෙකොට කාලෙ ගිහින්
ReplyDeleteවිචාරක දියණිය