17 April 2011

මේක සිංහලෙන්ම ලියන්න ඕනේ කියල හිතුනත් කරන විදිය මට ප්‍රශ්නයක් වෙලා තිබ්බේ . එත් Necessity is the father of invention කියනවනේ

පරණ (වුනු) අවුරුද්ද

මියැන හිරු
ලැටිස් අතරින් එබී
බිත්තියේ කුරුටු ගායි
කිරිබත් රටා
පාලු පෝටිකෝවේ
වියපත් හාන්සි පුටුවට උඩින්

වසත් සුළඟ ලයේ හොවා
ගෙනවිත් අත හරියි
කැවුම් පුසුඹ
හිස් කෑම මේසය ළඟ

රතු කහ කමිස, ගවුම් පොඩි
කොලු කෙල්ලන්ගේ ගලගොට්ටිය
ඇඳ යට ඉදෙන කෙසෙල් සුවඳ
බිඳෙන් බිඳ මතකයන් ගලාවිත්
පුරවයි
මා ආත්මය

පුතාලා අදවත් එයිද මන්දා?

No comments:

Post a Comment

Have commented