09 March 2012

යසෝධරා, නුඹ

පස් පියුමින් සැදී සසරේ ඉරණම 
විඳ සුවහස් කප් පුරාවට 
භවයෙන් භවයට ගලා ගිය 
(මුවින් නොකියූ
නෙතින් නොපෙනෙන 
විටෙක යාන්තමට හිතේ කොනකට විතරක් දැනෙන )
සෙනෙහයක් නිසාවෙන් 
සරක් සක් ලක් වරක් ලසෝ දරා සිත 
ඉකි ගසා හැඬු
යසෝධරා, නුඹ

පලා යන කුර හඬක් 
රෑහී ගී රෑ ඉරා පැතිරෙන
ගත විඩා මැඩ
බුර බුරා  
සිත නැගෙන 
සසරක් පුරා හැඬු නොහී
ඉකියක් 
සිතේ ඉතිරි උන 
ඇසළ සඳකට නෙත් යොමා
නිදි නැති රැයේ 
නිසලව හිඳිනා
යසෝධරා, නුඹ

ප ලි .
මෙය ලියන්නට නිමිත්ත වුයේ , බ්ලොග් අවකාශයේ ලියවුනු යසෝදරාවත වල් කීපයකි. ඇත්තටම යසෝදරා පුදුම ගැහැනියකි. එතරම් දුක් කන්දරාවක් විඳ ඉවසා සිත මැඩ බවුන් වැඩිය හැක්කේ මවකටම , ගැහැනියකටම පමණක් නොවේද 


No comments:

Post a Comment

Have commented