19 August 2012

The Suggestion Box / යෝජනා පෙට්ටිය


"ප්‍රින්සි , ගේන්න ඔය  suggestion box එක ."  මම ඇය දෙස මද සිනහවක් පා පවසන්නෙමි ...ටයි පටිය සකසා ගන්නෙමි 

කෝ මට මාව අදුන්වල දෙන්නවත් බැරි උනානේ .
 " යසේ ඔයාට මැනර්ස් කියලා නාමයක් නෑ"  මා බිරිඳ  ලලිනි සැම  විටම කියන්නීය . මා ගිය මැද  මහා විදුහලේ මැනර්ස් ඉගැන්න්වුවේ නැත .   ඇය ගිය කොළඹ කොලිජියේ අපි දෙදෙනාටම සෑහෙන්නට ඒවා උගන්වා ඇත .


"මගේ නම ....යසරත්න සමරසේන  කියලා කියමු"  
(රහසින් ..සැබෑ නම නොවේ )
 [   ලවන් දක්වා  පා මදහස් ]

"..රැකියාව ..අතිරේක ලේකම් ,....
අප්පට සිරි ..තව පොඩ්ඩෙන් කියවෙනවා . ඇමතිතුමා කියන එක ඇත්ත,  මගේ කටට බ්රේක් නෑ කියලා වෙලාවකට.....
අපි මෙහෙම කියමු .  
මම ආයතන ප්‍රධානියෙක් ....අපේ ආයතනය සාමාන්‍ය රජයේ ආයතනයක් . ඔබ දන්නවනේ , චන්දයෙන් චන්දයට මාරු කරන බිත්තියේ එල්ලූ  රාජ්‍ය නායක පින්තුර,   උදේට ජාතික ගීය වාදනය වන . ....
අන්න හරි ඔබට තේරුණා "

"දඩිස්"   
ප්‍රින්සි රතු පැහැති පෙට්ටිය යෝජනා මංජුසාව ගෙනවිත් මේසය මත තබා ඇත ..
[ නැවත ටයි පටිය සකසා ගනිමින් ] අපි අයෙත් ට්‍රැක් එකට එමු .

[සභාව අමතමින් ]
"ඔබලා  දන්නවා ගිය මාසයේ අපේ ගරු නිරීක්ෂක තරුණ ඇමතිතුමාගේ යෝජනාවක් අනුව මේ යෝජනා පෙට්ටිය ආරම්භ කලේ , ඔබට තමන්ගේ අනන්‍යතාවය හෙළි නොකර තමන්ගේ ගැටළු , යෝජනා,   චෝදනා [ මදක් දැඩි ස්වරයෙන් ] කළමනාකාරිත්වයට ඉදිරිපත් කරන්නට අවස්ථාවක් ලබා දීමටයි. 
බලමු මොනවද ඔබට තියෙන ගැටළු කියලා  "...

" යසේ අපි පොඩි පොඩි ඉනිශේටිවස් ගන්න ඕනේ මේ මිනිස්සුන්ව අන්දලා තියා ගන්න "...අපේ මොනිටරින් මිනිස්ටර් ගේ  වදන් , ඔහු ගේ ජෙල්  ගෑ  කොණ්ඩය , හොඳින් පොලිෂ් කල කළු සපත්තු ..මට මැවී පෙනේ . [සිත යටින් මද සිනා ]. 
මම හොරින් සභාව දෙස බලන්නෙමි . ..
ඩයනා ඉදිරිපස පේලියේ අසුන් ගෙන සිටින්නිය  . ඈ ඇඳි කළු කොට සාය ඇගේ  පැහැපත්  නිරාවරන කලවා  වඩාත් උත්දීපනය කරයි. චන්ද්‍රසිරි බිත්තියට හේත්තුවී එය දෙස හොරැහින් බලා සිටි . 
[ වයසට නෙමෙයි මුන්ගේ වල් කම ...]

මා පෙට්ටිය තුල ඇති කඩදාසි කැබලි,  මේසය මතට හලන්නෙමි . අති සාර්ථක ප්‍රතිචාර ....සූ ගා කොළ කැබලි දෙකකි ...[ මුහුණේ තරමක් අප්‍රසාදය ]..ඉදිරිපස පේළිවල අයට එය දැනුනු බව ඩයනා ගේ දෙනෙතේ මම දකිමි .
....පලවෙනි සැරේ නේ [ සුසුමක් ] ....

මම පිළිවෙලකට හතරට නමා ඇති  කඩදාසිය දිග හරින්නෙමි ...
වැටුප් සංශෝධනය ක්‍රියාත්මක වෙන්නේ කවදාද ?.... ,
 රුසිරිපාල ගේ කපටි ඇස්වල ඇති උල්ලුක්කු සිනහව මා මනසේ ඇඳේ .....
." කැබිනට් පත්‍රිකාවක් දාල තියෙන්නේ ...වැඩිදුර විස්තර පසුව දන්වන්නම් "  කෙටියෙන් පිළිතුරු දෙමි . ....

නියෙන් කපන්න පුළුවන් දෙය ....

"දෙවෙනි යෝජනාව ...." මම නැවතත් කොළ කැබැල්ලක්  දිග හරිමි ..
." canteen food dirty ..too expensive .when new tender called?"
[ මුන්ගේ ඉංග්‍රීසි නම් හොඳයි මහා රැජිනිගේ නැන්දට ]
"මේකේ තියන ගැටලුව මම සේවක සුබසාධක  සංගමයට යොමු කරන්නම් "

පෙට්ටිය තුල සිරවී ඇති ලියුම් කවරය , එවිට මා නෙත ගැටේ .....මම එය අතට ගන්නෙමි ... .  
එය මැදින්, සිව්මස් ගැබ් බර ලියක ගේ සේ  බන්ඩි ගැසී ඇත .....
මගේ දෙනෙත් ඉබේම ඩයනා දෙසට යොමු වේ .... ඇය  දකුණතින් තම කුස පිරිමදින්නිය ..

කුම්බලාවෝ කෑවා නම් ...

මම හිමින් සැරේ , ලියුම් කවරය විවෘත කරන්නෙමි . අකුරු පිටට සිටින සේ නැවු කොළයකි ...

මුලින් වටකුරු අකුරින් ලියු කවියකි ...
ජනැතා මුදලින් හොර රහසේ
ලොක්කන් සැතපෙ සිරි යහනේ 
උන්ගේ පිහිටින් නිති  ලෙසිනේ  
 අප හට කෙලාවේ අවසානේ .....
.[ තිගැස්මක්   ]
ලොක්කෝ **ති , අපිට බබා හම්බු වෙයි .. 
..නොසන්ඩාල හැත්ත... [සිතේ කෝපය ]

මගේ ගෙල දිගේ හිසට අකුණු පහරක් ගමන් කරනවා සේ මට දැනේ ...දෙපා යට පොලොව කිඳා බහින සෙයකි ..
සභා තොමෝ තුල නැගුනු පොද වැස්ස දැන් මහා සිනා වරුසාවක් බවට පත් වී ඇත
මට හඬ නගා මෙය කියවුණාවත් ද ?  මුන් හිනා වෙන්නේ මොකටද ?  සංවිධානාත්මක  ප්‍රහාරයක් .  මම පැනයාමට මගක් පිරික්සමි.

අපේ  යෝජනා සඳහා පසු පිට බලන්න ....
මම අනෙක් පිට හරවමි .....[ නැත ඉබේම හැරවේ ] 

ඒඩ්ස් මාරාන්තිකයි ..ආරක්‍ෂිත ක්‍රම භාවිතා කරන්න ...ලොකු අකුරින් ....
සුදු කොලයේ මැදට වන්නට දම් පැහැ  කොන්ඩම් ආවරණයක් අලවා ඇත ......
මා පළමු පිට කියවත්දී , මෙතෙක් වෙලා මුළු සභාවටම මෙය දර්ශනය වී ඇති බව  , මට පසක් වේ  .

ඩයනා දෑතින් මුහුණ වසා ගෙන සිටින්නීය .....
ටයි පටියකින් පමණක් නිරුවත වහගන්නට තතනන මිනිසෙක් ..[.ටයි පටිය ගෙලේ එන්ට එන්ටම තදවෙනු දැනේ ]....

6 comments:

  1. මේක නම් සුපිරියි JP. අනික මුල ඉඳලම ටයි පටිය ලස්සනට යොදාගෙන තියෙනවා කතාව කියන්න. එක කතාව ඇතුලෙ නොකී (කී) කතා ගොඩාක් මම දැක්කා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  2. තැනක් යු කිව්වා ...(ටයි පටිය ...අපි ටයි අඳින්නේ නෑ නේ ...කොලරය ඔසවමින්)... අපේ කන්තෝරුවෙත් මේ වගේ පෙට්ටියක් පටන් ගත්තා..අපි අහුවෙයි ඕවට ...මේ "යෝජනාව " අපි බොහෝ විට " කළා නම් කොහොමදැයි " කතා වුන එකකි

    ReplyDelete
  3. හින්ට් පප්පෙක්නේ

    ReplyDelete
    Replies
    1. මේක නිකම් කතාවක් විතරයි :)

      Delete
  4. ලංකාවේ අපේ ලංකාවේ :D

    ReplyDelete
    Replies
    1. ලංකාවේ විතරක් නෙමෙයි .."පෙට්ටි විජ්ජා" ලොව හැම තැනම තියේ

      Delete

Have commented