ගුවන් තොටුපොළේ පෝලිම විනාඩි හතලිස් පහක් දිගට ඇදුනි .
ටැක්සියක සොයා ගැනීම එතරම් අපහසු නොවුවත් , එය ඉරිදා දිනයක් වූ බැවින් වාහන තදබදය මැදින් ගාට ගාට නගරයට ඒමට පැය 2ක් පමණ ගත විය .
හෝටලේට ආ මට අවැසි වුයේ හැකි ඉක්මනට කාමරයට ගොස් ඇඟ පත සෝදා විඩා හැරීමටය. එතනත් check in කිරීමට පෝලිමකි . ටික වෙලාවකින් මගේ වාරය පැමිණිනි .
කවුන්ටරයේ ඉන්න තරුණයාගේ නම ......නාතන් බව මා ඇස ගැටුණි . මේ නගරයේ ශ්‍රී ලාංකිකයන් බොහෝ ජීවත් වන බව මා දන්නා නිසා මෙය මට අරුමයක් වුයේ නැත . .
මම : I have a reservation (මගේ නමට කාමරයක් ඇති )
ඔහු :What is your name sir (ඔබේ නම කුමක්ද )
මම It’s ...................
ඔහු :Oh Are you Sri Lankan (ලංකාවෙන්ද )
මම :Yes , my name is a dead give away isn’t it? (ඔව් , මගේ නම නිසා හංගන්න අමාරුයි නේද )
ඔහු :Could n't recognize with your name . It is not Sri Lankan like Perera or Fernando .
But I thought as much with your accent , it sounds Sri Lankan .
Are you a
Sinhalese or Tamil
(මට නමින් නම් එක පාරටම හදුනන්න බැරි උනා. එය පෙරේරා , ප්‍රනාන්දු වගේ ලංකික නමක් නෙමෙයි නේ
හැබැයි ඔබ කතා කරන විදිය ලංකාවේ වගේ . ඔබ සිංහලද දමිලද .)
[මේ මොකාටද එන්න හදන්නේ ....මගේ සිතේ සියුම් කෝපයක් නැගෙනු දැනේ ....මම මොහුට පිළිතුරු දීමට පඩි වදනක් සිහි කරමි . ශික් හදිස්සියට මොකුත් ඔලුවට එන්නේ නැත .]
මම : I am Sri Lankan (මම ශ්‍රී ලාංකික )
But are you Sinhalese or Tamil (ඒක හරි , හැබැයි ඔබ සිංහලද දෙමළද )
[රස දිය කඳ රතු කට්ට පසු කර ඇදී යයි ....දිගු හුස්මක් ගන්න..හෙමින් ගණන් කරන්න. දහය, නවය, අට ....]
මම : I am Sri Lankan (මම ශ්‍රී ලාංකික)
ඔහු :My parents are from Sri Lanka . I was born here ..I am of course a Tamil
(මගේ දෙමාපියන් ශ්‍රී ලංකාවෙන් , මම ඉපදුනේ මෙහෙ... මම නම් දමිල)
මම :Well my friend good for you.. (ජයවේවා මිත්‍රයා )
එතනින් එහාට කියන්නට මට බොහෝ දේ තිබුණි . . එනමුදු ඔහු ගේ මුහුණේ ඇදුනු , ඔහු සිතේ නැගුන විපක්ෂිත බව ඔහුට ඉතුරු කර, යතුර ගෙන කාමරයට පිය නැගීමි.
මෙහි එතරම් බර සංවාදයක් නැත , මා මුහුණ පෑ සිද්ධියක් පමණි . ඔහු ගේ කතාව කුමක් දැයි මම නොදනිමි . ඒ බැවින් නිගමන වලට පැමිණීම අසාධාරණය .මින් මට හෝ මගේ ආකල්ප වලට අත්වූ ජයක් නැත . සතියකින් පසු මම නැවත ආමි. ඉංග්‍රීසියෙන් හිතන ඔහු තවමත් දෙමල වෙන්නට ඇති (මෙහි සිටින බොහෝ අයට, මෙහි දිගටම සිටීමට, ඔවුන් ශ්‍රී ලාංකිකයන් නොව දමිළයන් වීම වැදගත්ය) ...
සිංහලෙන් හිතන මම ශ්‍රී ලාංකිකය..
**************************************************************************************************
සයුරින් එතෙර ජීවත් වන බොහෝ දෙන ලංකාවේ සුවඳට ආදරේය,කෑදරය.
ලංකාවේ කඩේකට කන්න යන්නේ. එකම සින්දු පොත් පෙරලා පෙරලා , එකම සින්දු කියන්නේ . සිංහලෙන් බ්ලොග් ලියන්නේ :) එබැවිනි .
මේ සාදය සංවිධානය වුයේද එබැවිනි.
පරිප්පු, පොල් සම්බෝල , කුකුල් මස් කරි සමග පාන් ...කොහොමද ආහාර වට්ටෝරුව ..
ශ්‍රී ලන්කන් ක්‍රිකට් ටී ෂර්ට් ඇඳ අපි දේශ ආලයෙන් මත් වී සිටියෙමු .
කතා බහනම් සුපුරුදු මාතෘකාමය .
ක්‍රිකට් ( කොල්ලෝ හොඳට ගහනවා ...හැබැයි තිසරව උඩින් එවන්න ඕනේ ) , ලංකාවේ බඩු මිල ( පාන් එකකුයි බටර් කාලකුයි කීයක්ද කියල දන්නවද ) , දේශපාලනය ( සිල්වාගේ පුතා ..) , රටේ දියුණුව ( පාරවල් ටික නම් හැදෙනවා )..
ඒ අස්සෙන් සංවිධායක මඩුල්ලට බරපතල චෝදනාවකි
" මචන් මේක ශ්‍රී ලන්කන් තීම් කියන්නේ කොහොමද ප්ලේන් ටී එකක් නැතුව "
කතාව ඇත්තය . පරිප්පු පොල් සම්බෝල තිබුනට , ශ්‍රී ලාංකික වීමට ප්ලේන් ටී එකක් අත්‍යාවශ්‍යය