අතට පලා නෙලා ගෙනේ
දරුත් බරත් දරා ගෙනේ
වතට සිනාත් නගා ගෙනේ
මේ අම්මා....
තේ වතු අතරින් දිග ඇරුණු තාර පාරක් අයිනේ ...කොහෙන්දෝ නෙලා ගත් ගොටුකොල මිටියක් විකුණා ගන්න අදුර වැටෙන්නට කලියෙන්...රෑ බත සරි කරන්නට ...
බඩගින්න , වේදනාව , තෙහෙට්ටුව කෙතරම් වුවද , සිනහව අවැසිය වෙළදාමට ....
අම්මා ගැන කෙසේ ලියන්නද? මට නම් කෙදිනකවත් ඇය ගැන අකුරු කරනට බැරිය.
ReplyDeleteඇත්තෙන්ම!
ReplyDeleteමට නම් තාත්තා ගැනත් තියෙන්නෙ ඔය වගෙම හැඟීමක්. JP ඒක හොඳින්ම දන්න බවත් මම දන්නවා.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මේක ටික කාලයකට කලින් නුවර එළියේ යන මගදී ගත්ත චායාරූපයක්
ReplyDelete. දැකල ඇතිනේ ගොටුකොල මිටියක් , ගෝවා ගෙඩියක් විකුණගන්න පාර අයිනේ ඉන්න මිනිස්සු . දරුවා ගෙදර තියලා එන්නත් බෑ. ගෙදර ඉඳලත් බෑ. විකුණගන්න නම් හිනා නොවීත් බෑ
ඩූඩ් , වෙදනා. .ඔබලාගේ කොමෙන්ටු මට අපේ අම්මව මතක් කලා. ...හැම අම්මා කෙනෙක් ගේම කතාවල කොච්චර නම් සමානකම් තියෙනෙවද කියල හිතුනා.