ශුන්‍යතාවය කැළඹී
න්‍යෂ්ටිය පිපිරී
දැහැන් රැහැන් බිඳ
තරු ඉපිදී රැයේ
විශ්වය පුරා පැතිරී
මහා අදෝනාව
සවනත වැකෙනට
කිසිවෙක් නොවී
එනමුදු
මේ අමාවක රැයේ
මේ අමාවක රැයේ
අඳුරු අහස් කුස කොනෙක
මියෙන තරුවක්
නගනා සිහින් කෙඳිරිය
කළුවර ඉරා පැතිරෙන
දහසකට ඇසෙන
පලි :
කිසිවෙක් නැති වනාන්තරයක ගසක් ඉදිරි වැටුනොත් , ඒ නද ඇසෙන්නට කිසිවෙක් නොවේ නම් අහල පහලක , නැගේද ඉන් ශබ්දයක් ? . කිසිවෙකුවට නෑසෙන විලාපයක් , වේද එය විලාපයක් ?
කිසිවෙක් නැති වනාන්තරයක ගසක් ඉදිරි වැටුනොත් , ඒ නද ඇසෙන්නට කිසිවෙක් නොවේ නම් අහල පහලක , නැගේද ඉන් ශබ්දයක් ? . කිසිවෙකුවට නෑසෙන විලාපයක් , වේද එය විලාපයක් ?
හොදට හදවතට දැනෙණ අදහසක් ස්තුතියි!
ReplyDeleteස්තුතියි
Deleteදැන් මේ කාටද මෙහෙම දෙයක් වුනේ මේ වෙලාවෙ?
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
දන්නවා ඇතිනේ මෙහෙම පිපිරීම් වෙනවා ඉතින් ඉඳලා හිටලා .....අහන්නෙක් නැති උනාම ඒවානම් දෝංකාර දේ
Delete