18 November 2012

මහා පිපිරිම // The Big Bang

















ශුන්‍යතාවය කැළඹී 
න්‍යෂ්ටිය පිපිරී 
දැහැන් රැහැන් බිඳ 
තරු ඉපිදී  රැයේ 
විශ්වය පුරා පැතිරී 
මහා අදෝනාව 
සවනත වැකෙනට 
කිසිවෙක් නොවී 

එනමුදු 
මේ අමාවක රැයේ 
අඳුරු අහස් කුස කොනෙක 
මියෙන තරුවක් 
නගනා සිහින් කෙඳිරිය 
කළුවර ඉරා පැතිරෙන 
දහසකට ඇසෙන 

පලි :
කිසිවෙක් නැති වනාන්තරයක ගසක් ඉදිරි වැටුනොත් , 
ඒ නද  ඇසෙන්නට කිසිවෙක් නොවේ නම් අහල පහලක , නැගේද ඉන් ශබ්දයක් ?  .  කිසිවෙකුවට නෑසෙන විලාපයක් , වේද එය විලාපයක් ? 

4 comments:

  1. හොදට හදවතට දැනෙණ අදහසක් ස්තුතියි!

    ReplyDelete
  2. දැන් මේ කාටද මෙහෙම දෙයක් වුනේ මේ වෙලාවෙ?

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. දන්නවා ඇතිනේ මෙහෙම පිපිරීම් වෙනවා ඉතින් ඉඳලා හිටලා .....අහන්නෙක් නැති උනාම ඒවානම් දෝංකාර දේ

      Delete

Have commented