12 May 2013

දුක වැඩියෙන් ඇති එක බඹ ලෝකෙකි ....A mother's world

රැල්ලේ අතට ඔරුව පදිනවා නෙමෙයි . ඒත් මේ වගේ දවස් වල හිත් පිරෙන්න ගන්නවා . එක මට්ටමකින් පස්සේ වාන්  අරින්න වෙනවා , නැත්නම් පිටාර  ගලන්නේ වෙන ඉසව් වලින්.
ඉතින්  කෙටි සටහන් කීපයක්....


දිනේ පටන් මා උපන්න ...
ඔබ විඳි දුක් බෑ කියන්න ...
එහෙම හඬ නගා කියලා කකුල් දෙක අල්ලලා හවසට වඳිනකොට , හැම දාම ඇගේ ඇහේ කොනින් හීනියට කඳුලක් මතු වුනා . ඒ දවස් වල මට තිබ්බ ලොකුම ගැටලුව , ආතම්මාට වදින්න ගාථාවක් නැති වීම .

__________________________________________________________________
දවල්ට , අනා , පත්තරකොලෙකට පිළිකන්නේ තැබූ , ආතම්මාගේ කරුණාවේ ඉඳුල් පිඩේ සුවඳ දිගේ විත් . අපේ ගෙදර පදිංචි වූ කිටී පැටැව් දැම්මේ දවස් තුනකට කලින් , පැටැව් තුනයි . එකෙක් මලා . ඉතුරු දෙකයි . එකෙක්ට කකුල් තුනයි .
කිටී  ආදරෙන් උගේ මුළු ඇඟම ලෙවකා , ඌව ලං කර ගන්නවා කිරි පිරිච්ච බුරුලට . 

ඌගේ හිතෙත් ඇවිලෙවී ගිනි , ජීවිත කාලෙකට , හැම අම්මා කෙනෙක්ගේ වාගේම.
 අත්තම්මා දිගු සුසුමක් හෙලුවාය

(පරණ දින පොතක සටහනක් ඇසුරෙන්)
___________________________________________________________________
මුහුදු ගානක් දුරින් හින්දා , කතා බහ අපේ දැන් සතියකට සැරයයි , දෙකයි .  හැම දාම එකම වෙලාවට කතා කලත් .."අම්මේ" කියලා කිව්ව ගමන් ඇය පුරුද්දට වගේ කියන්නේ "මම ඒත් බැලුවේ ඇයි  අද පරක්කු කියලා .." කියලා.
  වට පිට අලුත් ආරංචි කියලා , දුව ගැන,  ගෙදර විස්තර අහලා ..හෙමින් සැරේ අහනවා ඇය "පුතාලා  දවල්ට කාලද ?"

__________________________________________________________________
අපි අවුරුදු හයකට කලින් මේ ගෙදරට ආපු දවස් වල , මුලින්ම අපිත් එක්ක හිනා වුනේ ඇය . නම දන්නේ නැති හින්දා අපි ඇයට නමක් තිබ්බා Mrs Lily white.

වයස හරියටම දන්නේ නැති උනත් , හැත්තාවට එහා පැත්තේ ඇති, අපි දෙන්න කතා උනා දවසක්.
විදුලි සෝපානයේදී හම්බු උනාම පොඩි එකී ගේ ඔලුව ආදරෙන් අත ගාලා මොනවදෝ කියනවා ඇගේ බාසාවෙන් . තේරුනේ නැති උනාට අපි හිතා ගන්නවා එහි තේරුම .

 දැන් දැන් ඇයට සනීප නෑ ( වගේ ). ඇදිලා ගිහිල්ලා , ඇවිදින්නෙත් අමාරුවෙන් කකුල ඇද  ඇද . 
"How are you ?" කියලා පහුගිය දවසක ඇහුවමත් ඇය ඔහේ හිනා වුනා ...තේරිලද , නැත්ද , අනේ මන්දා 

අද උදේ මට ඇය හමු උනේ , මහල් නිවාසයේ ලොබියේ ඉඳ ගෙන ඉන්නවා ..ලස්සනට ඇඳලා .
හිනාවෙලා මෙහෙම කිව්වා
"Mother day ...my daughter coming "
________________________________________________________________

....Siberian tigers usually have one or two cubs . and normal success rate to adulthood is about 30% . ...Cyra had been fortunate and has had two . But now one has died . And she has to do one of the most difficult things . But that is the way nature has intended . She can not drag the body  further from her den . the smell of it would attract predators and put her remaining cub in danger . 

Cyra should consume the body of her flesh and blood . This is a very solemn act .  She would do that almost in contemplation , in reflection , blurring our concept of animals and conscious.

She would first lick the body as if it was alive, lovingly . And then she would consume the dead cub , as it is part of her duty . One could almost see the tears in her eyes . One could almost feel the weight in her heart .

And for days after that she would not eat . She would have spasms and seem to suffer of pain   She would grow weak....

(Nat Geo wild - Land of the tigers )  


8 comments:

  1. පොඩි පොඩි කතා ඇතුලෙ ලොකු ලොකු කතා ගොඩක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් හොඳ කතා ලියවෙන්නේ වචන ඔබ්බෙන් ම අපේ හිත් වල නේ . අර ලියන්නා කියලා කෙනෙක් ලියන ඒවා වගේ :)

      Delete
  2. ඇත්තටම දුව අදවත් එයිද ?

    ReplyDelete
    Replies
    1. අද නම් එයි මල් පොකුරකුත් අරන්. අපි මේවා දිහා විහිලු වගේ බැලුවට අපේ ජිවිතත් මේ වගේ වෙලා නේද කියලත් හිතෙනවා වෙලාවකට

      Delete
  3. බොක්කටම වැදුනා JP. අද උදේ ‍රැස්වීමේදි මටයි කතාව පවත්වන්න තිබ්බේ. මගේ කතාවත් මව ගැනයි. ඒකයි මේක වැඩියත් වැදුනේ මට.

    ඔය අන්තිමට කිව්ව කතාව ඇත්ත වෙන්න පුලුවන්ද? නැතිනම් නැට්ජියෝ කාරයින්ගේ හිතලුවක්ද? මම කිව්වේ දුක් වෙන එක.

    ReplyDelete
    Replies
    1. මාර කොන්ත්‍රාත්නේ ඩුඩ් ටත් වැටෙන්නේ . සතුන්ට මනසක් නෑ කියන එකට විරුද්ධාර්ථ සිද්ධී කීපයක් දැක ඇත්තෙමි. හැබැයි ඒවා මගේ මනසේ නිර්මාණද විය හැක . නැ ට් ජියෝ නම් ඉතින් හැඟීම් තමයි විකුනන්නේ ගොඩක් වෙලාවට

      Delete
  4. මගේ හිත සසල කලේ අර කොටි දෙනගේ කතාව.

    අම්මලා හැමෝටම සුබ මව්වරුන්ගේ දිනයක් වේවා!!!

    ReplyDelete
    Replies

    1. පොකු
      මගෙත් හැඟීම අපි හිතන්නේ නැති යථාර්තයක් එතන තියෙනවා කියලා , මිනිස් අපිට උනත් පොදු උන

      Delete

Have commented