17 May 2013

ජීවිතය හරහා දිවීම || Very long distance running


හිමිදිරියේ නගරසභා පිට්ටනියට යන්නට ගත්තේ කොයි කාලේදී දැයි මට හරියටම මතකයක් නැත .
ගැටවර වියේ දිනෙක පටන් ගෙන
, වසර ගණනාවක් කිඳා  බැඳී පුරුද්දක් විය .
ඒ අනුව බලන කල මා  රංජි අයියා මුලින්ම අදුන ගත්තේ අවුරුදු විස්සකටත් එහා පැත්තේ දවසක විය යුතුය . ඒ  කාල වකවානු හරියට මතක නැතත් පිට්ටනියේ වට දෙකක් මා අමාරුවෙන් දුවන කල , ඔහු මා කිහිප විටක් පසුකර දිව ගියේ , කෙටි හුවක් තබමින් බව නම් හොඳට මතකය ... 

"මම  තව  timing  පොඩ්ඩක් දියුණු කර ගන්න ඕනේ දිස්ත්‍රික්ක level එකට යන්න "
අපේ හඳුනා ගැනීමේ සාමිචියේදී ඔහු ගේ බලාපොරොත්තු හෙළි කළේය
  .

හැම දාම නැතත් , බොහෝ දින වල උදේ පාන්දර පිට්ටනියට යෑම එකල මා දින චරියාවට එක්විය . ඒ යන හැම දිනම රංජි අයියා පිට්ටනියේ සිටියේය .

" ඊයේ මොකද ආවේ නැත්තේ "
" වැස්සනේ උදේ  අයියේ "
" පොඩ්ඩක් පොදයක් ගැහුවා තමයි , හැබැයි ප්‍රශ්නයක් නෑ දුවන්න . මම නම් practice කළා "
 _____________________________________________________________________

Commitment is absolutely necessary in long distance running. Commitment towards your dream l, commitment towards practice , commitment towards development will take you closer to your dream win.
 ____________________________________________________________________
පාට වියකුණු කොට කලිසම , ලා කහ පාට "ඇස්ට්‍රා මාගරින් මැරතන් " බැනියම , පදම්  වූ කැන්වස් සපත්තු කුට්ටමින් සැරසී  , වටේට වටේට කිසිදු නවතිමක නොදැක දුවන ඔරලෝසු මුනතේ තත්පර කට්ට මෙන් නගරසභා පිට්ටනියේ වාමාවර්තව , සෑම  උදේයකම ඔහු දිව්වේය  .

හැම දා පුහුණු වුවද , ඔහු තරඟයකට සහභාගි වුයේ ඉඳ හිටය . වරක්  දිස්ත්‍රික්ක මට්ටමේ තරඟයෙකින් දෙවෙනි තැන දිනා ගත්තේය .
" ක්‍රීඩා අමාත්‍යංශයේ මහත්තයෙක් කතා කළා . තව පොඩ්ඩක් timing  හදා ගත්තොත් , සමස්ත ලංකා සංචිතයට යන්න පුළුවන් කිව්වා "
"ශා ඊට පස්සේ රංජි අයියව කොහේ අල්ලන්නද " .
ඔහු අහිංසක හිනාවක් පෑ වේය .
 _____________________________________________________________________

Practice makes one perfect. Practice first becomes a necessary burden , then turns in to an involuntary habit .  Ultimately it becomes an addiction . Such level is required for success as a long distance runner.

_____________________________________________________________________

කාලය ගත වී , ජීවිතයේ බර වැඩිවෙත්ම උදැසන ව්‍යායාම පුරුද්ද මා ගෙන් දුරස් විය . එනමුදු , උදැසන පාන් ගෙඩියක් ගන්නට , ඉරිදා පත්තරේ ගන්නට හන්දියට යන මට දිනෙක  පිට්ටනියේ සිට ආපහු එන ඔහු හමු විය .
"ප්‍රැක්ටිස් ගියා මහත්තයෝ ..." ඔහු සුපුරුදු අහිංසක ලෙස කිවේය .

"ලඟදි රේස් එකක් එහෙම  දිව්වේ නැත්ද ?"
"බලන්නකෝ පත්තරේ ", ඔහු කිවේ මහත් ආඩම්බරයෙනි.
මම ක්‍රීඩා පිටුව පෙරලුවෙමි .
ඔහු පිටුවේ කොනකට වෙන්නට ඇති කුඩා ලිපියකට ඇඟිල්ල දිගු කලේය
"
මේ තියෙන්නේ මහත්තයෝ, ශ්‍රී ලංකා වෙටරන්ස්  ටීම් එකේ මගේ නම ලබන මාසේ දිල්ලි යනවා ...හැබැයි ටිකට් සල්ලි අපි හොයා ගන්න ඕනේ ." 

_____________________________________________________________

Success of long distance running is not measured by a single win , but by considering all the triumphs. Every little win contributes towards keeping the runner going for longer .
A long distance race or  a marathon has not only one winner . Every runner could become a winner, if they achieve their dream . Therefore in a way each runner is running their own race .
___________________________________________________________________
 ජිවිතයේ බර සිරුරේ තැන්පත් වී  , දොස්තර මහතා රතු සීනු හැ ඬ වූ පසු මම දැන් නැවතත් උදේ පිට්ටනියට යමි.  බොහොම අමාරුවෙන් වටයක් දෙකක් ඇවිදින මා , සිරුරේ බර අඩුවීම කෙසේවෙතත් , සිත සනසා ගැනීමේ ව්‍යායාමයක  නිරතවෙමි .

රංජි අයියා තවමත් පිට්ටනිය වටේ දුවන්නේය . එහෙත් තනියම නොවේ .
"මේ මගේ පුතා මහත්තයෝ , මීටර අට සීය  සමස්ත ලංකා දෙවෙනි තැන  .  සාක් යන්න පුළුවන් මහත්තයෝ පොඩ්ඩක් timing හදා ගත්තොත් .  අපි ඉතින් ඉගනගත්ත දේ කවුරු හරි අපෙන් පස්සේ ගෙනියන්නත් එපායෑ . "
 "එතකොට රංජි අයියා දැන්  coach "

" ඔව් මම දැන් , මෙයාගේ සහයට, සයිඩ් එකෙන් දුවනවා "

 ____________________________________________________________________________

Although not apparent at first , long distance running is a team sport. There are packs of runners running together, supporting each other . Only one can win and they know it. Sometimes you can see senior runners running side by side with the talented young runners , supporting motivating and helping them . Therefore a long distance runner's role changes through time . from a potential race winner to supporting runner.

____________________________________________________________________

පලි 
අපි සැවොම මුලින් අපේ රේස් එක දුවන්නෙමු . ඉර හඳ අල්ලන්නට සිහින මවන්නෙමු .වාසනාවන්තයෝ දින්නනොය , බොහොමයක් අපි  මගදී හැලෙන්නෙමු . 
දිනෙක අපි ඒ යථාර්තය තේරුම් ගත යුතුය . 
ඉන් පසු අපේ දරුවන් ගේ රේස් එකට සහය දෙන්නෙමු . සහයට දුවන්නෙමු .ඔවුන් දිරි ගන්වන්නෙමු . දුර දිවීම මෙන්ම , ජීවිතයද කණ්ඩායම් ක්‍රීඩාවකි .
මේ මාගේ සිතේ මේ දිනවල රජයන අදහසකි ...බොහෝදෙනෙකුට වාගේම මා සිත තුලත්  ඉර හඳ ඇල්ලීමේ හීන තවමත් තෙරපෙයි . එකකට පස්සේ තවෙකක් මේ බලාපොරොතතු බිඳ වැටෙන විට , සිතද පුපුරා යනවා මෙන් දැනේ . ඇතැම් විට සහය දුවන්නා ගේ භූමිකාවට පිවිසීමට කාලයදෝ මට සිතේ 


12 comments:

  1. මේක නේද යථාර්තය. අපි හැමෝම දිවුවේ රේස් එකක තමා. දැන් ඉතින් මාත් දරුවන්ගේ රේස් එකට සහාය වෙනවා. දැන් පුංචි මුණුබුරා ටත් සහාය වෙන්ට වෙලා. ජීවිතේ මෙහෙම තමා. කොහොම නමුත් දැන් සෑහීමට කාලයයි කියල මාත් නිතරම හිතනවා. මේ ටික කාලයට ඉතින් කරන්න ඇති දේ කරගන්න ඕනෙ. ඒ කියන්නෙ අරන් යන දේ.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නේ බොහොම ගැඹුරු දෙයක් . එතෙන්නට මටනම් තව කල් තියෙනවා . එත් මම මේ කල්පනා කරන්නේ මගේ හීන පස්සේ දුවන එක නවත්තන්න කාලේද කියලා

      Delete
  2. //බොහෝදෙනෙකුට වාගේම මා සිත තුලත් ඉර හඳ ඇල්ලීමේ හීන තවමත් තෙරපෙයි//

    සිහිනය මිය යද්දී ආත්මයත් වලට පනිනවා නොවේද?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කියලා වැඩක් නෑ රූ

      Delete
  3. හ්ම්ම්...දෙමව්පියන් හැමෝම ඔය වගේ නේද? තමන්ට යන්න බැරි උන තැනට දරුවන් අරන් යන්න හදනවා. ගොඩක් වෙලාවට අහිංසක ආසාවක්. දරුවන්ට ඇත්තටම අත්වැලක්. :)

    ඒත් ඉඳල හිටලා දරුවන්ටත් තමන්ගේම සිහින තියෙනව කියල අමතක කරන අයත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. දෙමාපියන්ගේ හීන නම් අහිංසක තමයි . අනිත් කතාවත් ඇත්ත. එක පිටුපස්සේ තියෙන කතාවත් හිතන්න . ගොඩක් දෙමාපියන් තමන්ගේ දරුවන් උදෙසා දකින හීන පිටිපස්සේ තියෙන්නේ ජිවිත කාලයක් දැකල ඉටු නොවිච්ච හීන

      Delete
  4. And every single one in the team is a winner.

    මට JP අදහස් කරන දේ තේරෙනවා.

    නමුත් උදාහරණය විතරක් ගත්තොත් ව්‍යායාම අතහල මට වඩා එක අරමුණක් ඇති රංජි අයියා ශ්‍රේශ්ඨයෙක් නොවේද?

    ReplyDelete
    Replies
    1. ඩුඩ් මම උඩින් දැම්ම දෙයින් මගේ අදහස තේරෙනු ඇත . එය ඔබට හොඳින්ම තේරෙනු ඇතෙයි මට හැඟේ . රංජි දිව්වේ තත්පර කට්ට වගේ වටේට වටේට . අන්තිමේදී විනාඩියෙන් විනාඩිය , අවුරුදු ගණන් ගත වෙලා. ඉටු නොවිච්ච හීන හිතේ පිරිල . ඉටු නොවෙන බව පසක් උනාම පරාජිත හැඟීමක් එනවා ....ඊට පස්සේ අපි ඒවා බාර දෙනවා වෙනකෙනෙකුට

      Delete
  5. "පාට වියකුණු කොට කලිසම , ලා කහ පාට "ඇස්ට්‍රා මාගරින් මැරතන් " බැනියම , පදම් වූ කැන්වස් සපත්තු කුට්ටමි"
    මේ හැඳින්වීම මම නොහඳුනන ඒත් මගේ මතකයේ ඉන්න පුද්ගලයෙක්ව මතක් කළා. ඒ තමා මම ඉස්සර ඉකෝලේ යන කාලේ බස් හෝල්ට් එකේ ඉන්නකොට අපිව පහු කරන් දුවන වයසක මනුස්සයා. කටුබැද්දෙන් බස් එකට නඟින මම තරමක් පරක්කු උනොත් ඒ මනුස්සයාව ආයේ දකින්නේ පිළියන්දලදී!

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා!
    තමන්ගේ හීන තමන්ගේ දරුවන් කරපිට පැටවීම කොතරම් දුරට සාධාරණ ද?

    ReplyDelete
    Replies
    1. එක නම් සාධාරණ නෑ තමයි . හැබැයි මම කියන්න හැදුවේ ඊටත් වඩා , මිනිස්සු තමන්ගේ සිහින පස්සේ දුවන එක නවත්තලා දරුවන්ගේ සිහින වලට 100% යොමු වෙන තැන ගැන

      Delete
  6. කොච්චර දිව්වත්
    දුවන්නේ රවුමක.
    ආපහු එතැනටම එනවා!

    (මේක Haiku කවියක්ද?)

    ReplyDelete
  7. පසුගිය දවස් වල බිසි බුන හින්දා සටහන් කිහිපයක්ම මග හැරිලා.

    "ජිවිතයේ බර , සිරුරේ තැන්පත් වී , දොස්තර මහතා රතු සීනු හැ ඬ වූ පසු මම දැන් නැවතත් උදේ පිට්ටනියට යමි. බොහොම අමාරුවෙන් වටයක් දෙකක් ඇවිදින මා , සිරුරේ බර අඩුවීම කෙසේවෙතත් , සිත සනසා ගැනීමේ ව්‍යායාමයක නිරතවෙමි" .

    මේ ටික නම් මටත් ආදාලයි. ඒ ඔක්කොමටත් වඩා සිරුරේ බර අඩු වීම කෙසේ වෙතත් හිත සනසා ගැනීමේ ව්‍යායාමයක යෙදිමි. බලාගෙන ගියාම අපි ඔක්කොම එකයි ජාලිය...

    ReplyDelete

Have commented